• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කට නිසා මැරෙන මිනිසුන් අතරේ කට බේරාගත් ජපනුන්ගෙ වාර්තාව…

August 1, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
කට නිසා මැරෙන මිනිසුන් අතරේ කට බේරාගත් ජපනුන්ගෙ වාර්තාව…
Share on WhatsAppShare on Facebook

අප සොයාගත් තොරතුරු නිවැරදි නම් වයස අවුරුදු සියයක් හෝ ඊට වැඩි කාලයක් ජීවත් වූ මිනිසුන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ ජපානයෙනි. එය අනුපාතයක් ලෙස කිවහොත් සෑම ජපාන වැසියන් ලක්‍ෂයකින් හතළිස් අටදෙනකුම වයස අවුරුදු සියයක් හෝ ඊට වැඩි කාලයක් ජීවත් වෙයි. සැබෑවටම එය පුදුමයකි. එය කොතරම් නම් පුදුම කරුණක්ද කිවහොත් මෙම අනුපාතයට ළං වන්නට ලෝකයේ වෙනත් කිසිදු රටක් හෝ නැත. එම නිසාම ලෝකයේ වෙනත් රටවල මිනිසුන් ජපානය දෙස බලන්නේ පුදුමයෙනි. දැන් ප්‍රශ්නය වන්නේ ජපන් ජාතිකයන් වැඩි ප්‍රමාණයකට මෙසේ අවුරුදු සියයක් හෝ ඊට වැඩි කාලයක් ජීවත්වන්නට හැකියාව ලැබෙන්නේ කෙසේද යන්නයි. ඔව්, එය සොයාබැලිය යුතු රහසකි.

මෙසේ ජපන් ජාතියකයන්ට මෙතරම් ආයු වැඩීමට හේතුව ඔවුන්ගේ ආහාර රටාව බව යම් යම් සමීක්ෂණ හරහා හෙළිවෙමින් පවතියි. ඇමෙරිකානු පෝෂණවේදියකු වූ ඇන්සෙල් කීස් හැත්තෑව දශකයේදී මේ ගැන සොයාබැලූ බව සඳහන්ය. එසේම තවත් පෝෂණවේදියකු වන වෝල්ටර් විලට් අනූව දශකයේදී ලියන ලද පර්යේෂණ ලිපියක ජපානයේ අසාමාන්‍ය ලෙස දීර්ඝායුෂ ලබන්නන් ගැන සඳහන් කර තිබේ. එහි සඳහන් වන්නේ හෘදයාබාධ හේතුවෙන් මියයන මිනිසුන් ප්‍රමාණය ජපානයේ ඉතා අඩු බවයි. කෙසේ හෝ එහි වැඩිදුරටත් සඳහන් වී ඇත්තේ ජපන් වැසියන් අසාමාන්‍ය ලෙස දීර්ඝායුෂ ලැබීමට ඔවුන් ගන්නා ආහාර මූලිකවම බලපාන බවයි.

මේ අතර වෘද්ධ චිකිත්සාව (Geriatrics) සහ වෘද්ධ විද්‍යාව (Gerontology) සඳහා වන ජපානයේ පර්යේෂණ මධ්‍යස්ථානයේ වසංගත රෝග පිළිබඳ පර්යේෂක ෂූ ෂැන්ග් පෙන්වා දෙන්නේ ජපන් ආහාරය යනු ඉතා පුළුල් සංකල්පයක් බවයි. නමුත් එය අප කාටත් ආහාරයට ගත හැකි සුෂී බන්දේසියක් නොවන බව ඔහු අවධාරණය කරයි. කෙසේ නමුත් ජපන් ආහාර සහ ඔවුන්ගේ සෞඛ්‍ය පිළිබඳ සිදුකර ඇති අධ්‍යයන තිස්නවයක වාර්තා මෑතකදී සමාලෝචනයට ලක්කර ඇති අතර එම වාර්තාවලින් වැඩි ගණනක පොදුවේ සඳහන් කර තිබුණේ ජපන් ජාතියකයන්ට මෙතරම් ආයු වැඩීමට හේතුව ඔවුන් ගන්නා කරදිය මාළු ඇතුළු සාගරයෙන් ලබාගන්නා ආහාරත් එළවළු, සෝයා බෝංචි සහ එමගින් නිෂ්පාදිත සෝයා සෝස් වැනි ආහාර වර්ග මෙන්ම බත් සහ මිසෝ සූපය (Miso Soup) මුලිකවම බලපාන බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වසංගත රෝග පිළිබඳ පර්යේෂක ෂූ ෂැන්ග් පෙන්වා දෙන්නේ ඉහත කී ආහාර ලබාගැනීම මගින් හෘදයාබාධ ඇතිවීමේ අවදානම ඉතා අඩු බවයි. එසේම පිළිකා වැනි දරුණු ලෙඩ රෝගද එම ආහාර ලබාගැනීමෙන් නොසෑදෙන බව ඔහුගේ අදහසයි. සැබෑවටම ඔහුගේ අදහස් අනුව පෙනීයන්නේ එකී ආහාර වර්ග නිසා ජපානයේ සමස්ත මරණ අනුපාතිකය අඩුවී යන බවයි. මේ අතර වරක් ජපානයේ ටොහෝකු විශ්වවිද්‍යාලයේ ආහාර සහ අනුක ජීවවිද්‍යා අංශයේ සහකාර මහාචාර්ය ටිසුයෝෂි ටිසුඩුකි ජපන් ජාතිකයන්ට දීර්ඝායුෂ ලැබීමට ඔවුන්ගේ ආහාරවලින් කුමන වර්ගය නිශ්චිතවම හේතු වන්නේදැයි අධ්‍යයනයක නිරත වී තිබේ. එම අධ්‍යයනය ඔහු සිදුකර ඇත්තේ මීයන් යොදාගනිමින් අපූර්ව අන්දමකටය.

ඒ මෙසේය.
මහාචාර්ය ටිසුයෝෂි ටිසුඩුකි තම පිරිස සමඟ මුලින්ම කර තිබෙන්නේ ජාතික සමීක්ෂණ දත්ත උපයෝගී කරගනිමින් අනූව දශකයේදී ජපන් ආහාර වේල් කීපයක අඩංගු වූ ද්‍රව්‍ය සහ එම දශකයේදීම ඇමෙරිකානුවකුගේ ආහාර වේල් කීපයක අඩංගු වූ ද්‍රව්‍ය ලැයිස්තුගත කරගැනීමයි. පසුව ඔහු මෙම කෑම වර්ග සති තුනක් පුරා මීයන්ට කෑමට සලස්වා ඇත. අනතුරුව සමීක්ෂකයෝ මෙම මීයන් පිළිබඳ විමසිල්ලෙන් සිට තිබේ. එහිදී මීයන් කණ්ඩායම් දෙකකට වෙන වෙනම ආහාරයට දුන් මෙම ඇමෙරිකානු සහ ජපන් ආහාර නියැදිවල එකම ප්‍රමාණයට මේදය, ප්‍රෝටීන සහ කාබෝහයිඩ්‍රේට සමන්විත වූ බව සඳහන්ය. නමුත් අවසානයේ පැහැදිලි වූයේ ජපන් ආහාර ලබාදුන් මීයන්ගේ රුධිරයේ තිබුණු මේද ප්‍රමාණය අඩු මට්ටමක පැවතුණු බවයි. ඔවුන් එහිදී යෝජනා කර තිබුණේ එකම පෝෂ්‍ය පදාර්ථය සැපයෙන නමුත් ආහාර වර්ගය ඊට බලපා ඇති බවයි. එනම් මස් වෙනුවට මාළුත්, තිරිඟු‍ වෙනුවට හාලු‍ත් යනාදී වශයෙනි.

එයින් නොනැවතුණු ඔවුන් මෙම අධ්‍යයනය තවත් ගැඹුරට ගෙන ගොස් තිබේ. එහිදී පසුගිය අඩසියවස පුරා කාලයත් සමග ජපන් ආහාර වට්ටෝරුවල ඇතිවී තිබෙන වෙනස්කම් පිළිබඳ සොයා බලා ඇති අතර එහිදී පෙනී ගොස් තිබෙන්නේ විවිධ ජාතීන් වාසය කරන නාගරික ප්‍රදේශවල ආහාර රටාව ක්‍රමයෙන් බටහිර පන්නයට නැඹුරු වී ඇති බවයි. ඔවුන් යළිත් ජාතික දත්ත භාවිත කරමින් ජපානයේ ජාතික ආහාර වේල 1960, 1975, 1990 සහ 2005 යන වසර කාණ්ඩවලට වෙන්කර එම ආහාර වේල් මීයන්ට ලබාදී මෙම පර්යේෂණය ඉදිරියටම කරගෙන ගොස් තිබේ. එහි ප්‍රතිඵලය වූයේ සෑම ජපන් ආහාරයකින්ම එකම ප්‍රතිඵලය ලබා නොදෙන බවයි. ඒ අනුව 1975 වසර කාණ්ඩයේ ආහාර ලබාදුන් මීයන්ට දියවැඩියාව ඇතිවීමේ සහ අක්මාවේ මේදය ඇතිවීමේ අවදානම අවම වී තිබේ.

මෙම පර්යේෂණය දිගින් දිගටම සිදුකරද්දී අක්මාවේ මේදය නිපදවීම සඳහා සහාය වන ජාන අනෙකුත් නියැදිවල මීයන්ගේ සිරුරේ ක්‍රියාකාරී වී ඇති බව දැකගන්නට ලැබී ඇති අතර එසේ නොවූ මීයන්ට ලබාදුන් ආහාර මුහුදු පැළෑටි, මුහුදු මාළු, පලා වර්ග මෙන්ම පලතුරු සහ සම්ප්‍රදායික කුළුබඩුවලින් පොහොසත් වූ බව පැවසෙයි. තවද අධික සීනි ප්‍රමාණයක් ශරීරගත නොවන පරිදි විවිධ වූ ආහාර වර්ගවලින් මෙම මී නියැදිය පෝෂණය කළ බව සඳහන්ය. 1975 වසර කාණ්ඩයේ ආහාර ලබාදුන් මෙම මී නියැදිය පිළිබඳ දිගටම අධ්‍යයනය කරමින් සිටි අතර පසු කාලීනව මෙම මීයන් අනෙකුත් මීයන්ට වඩා වැඩි කාලයක් ජීවත් වූ බව සනාථ විය. ඔවුන් වයස්ගත වුවද නිරෝගී වූ බවත් ශාරීරික දුබලතා පෙන්වූයේ අඩුවෙන් බවත් සඳහන්ය.

අවසානයේ මෙම අධ්‍යයන වාර්තාවේ සඳහන් කර ඇත්තේ ජපන් ජාතිකයන්ගේ නිරෝගීව දීර්ඝායුෂ ලැබීමේ රහස ඔවුන්ගේ ආහාර රටාව බවයි. එම ආහාර රටා මගින් මානව ශරීරයට යහපත් බලපෑමක් ඇති කරන බව පැවසෙයි. එපමණක් නොව ජපන් ආහාරවල පවතින පෝෂ්‍ය පදාර්ථ මෙන්ම එම ආහාර පිළියෙල කරන ආකාරයද ඊට වැදගත් වී ඇති බව සඳහන් වෙයි. සරලවම කිවහොත් ජපන් ජාතිකයන් දීර්ඝායුෂ ලැබීමේ රහස එයයි.

ඔබටද ජපනාගේ රහසින් දීර්ඝායුෂ ලැබිය හැකි බව අපේ විශ්වාසයයි. ඊට කළ යුතු එකම දේ වන්නේ යහපත් මෙන්ම පෝෂ්‍යදායී ආහාර රටාවක් පවත්වාගෙන යෑමයි. එසේ කළහොත් ජීවිත ගමනේ ශතකය පසුකිරීම අමාරු නැත. ජපනා කොයිදේ අතිනුත් හපනා යැයි පැවසීමට මෙයද එක් හේතුවකි.

රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

සඳුදා ඉඳන් ආණ්ඩුව හදන්නේ කොරෝනා වැඩිකරන්න! මරණ ගාණත් වැඩි කරන්න! (VIDEO)

Next Post

යෝග අතර හොඳම යෝගය ඔබටත් තිබේද?

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.