• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

යෝග අතර හොඳම යෝගය ඔබටත් තිබේද?

August 1, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
යෝග අතර හොඳම යෝගය ඔබටත් තිබේද?
Share on WhatsAppShare on Facebook

යෝග අතරින් ජන්ම පත්‍රයක ඉතා කලාතුරකින් යෙදෙන සිංහාසන යෝගයට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. සිංහාසන යෝගය නිර්මලව පිහිටි කල නිසැකවම ඉහළ ප්‍රතිඵල දෙනවා සේම යම් දුර්වලතාවකින් පිහිටියද යම් පමණ හෝ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ගෙනදෙන බැවිනි.

දුර ඈත අතීතයේ නම් සිංහාසන යෝගය පිහිටි කල එම ජන්මීන්ට හිමිවූයේ රටේ රජකමය. එහෙත් වර්තමානයට එකී තත්ත්වය යාවත්කාලීන කර ගළපාගැනීමේදී සිංහාසන යෝගයෙන් උපත ලද්දෝ කොතරම් දිළිඳු අසරණ පවුල් පසුබිමක ජනිත වුවද ඉදිරි අනාගතයේ එකී ජන්මියා සමාජයේ කවර හෝ ඉහළ නිලයක, තානාන්තරයක වැජඹීම නම් ස්ථිරය. සිංහාසන යෝගයෙන් මෙලොව ජනිත වීම ඉතා අපහසු සේම එසේ උපන්නවුන් අනුන් යටතේ සේවය කිරීමට බොහෝ විට අකැමැතිය. ඒ, ඔවුන් නායකත්වය, මූලිකත්වය, ප්‍රමුඛත්වය අපේක්ෂා කරන බැවිනි. මෙම යෝගය හිමිවූවන්ට උක්ත තත්ත්ව හිමිවනුයේ නිරායාසයෙනි. මෙවැන්නන් ස්ත්‍රී වේවා පුරුෂ වේවා බොහෝ විට සමාජයේ කැපීපෙනෙන ව්‍යාපාරිකයන්ය. සාමාන්‍යයෙන් සිංහාසන යෝගයෙන් උපන් ජන්මීන්ගේ ජීවිතය තරුණ විය දක්වා රක්ෂා කරගැනීම තරමක් අපහසුය. එනමුත් යම් ලෙසකින් මෙම යෝග හිමියෝ තරුණ වියට පාතැබුවහොත් යෝගයේ බල දුබලතාව මත ප්‍රතිඵල ලැබෙනු ස්ථිරය. විශේෂයෙන් යෝගයට දායක බලවත් ග්‍රහයකුගේ හෝ ඡායා ග්‍රහයකුගේ මහ දශා අතුරු දශා ලැබීමේදී හා ඒ සමග යෝගයට අදාළ ග්‍රහයන් ශුභ ගෝචරයක යෙදීමෙන් උසස් ප්‍රතිඵල හිමිවේ.

සිංහාසන යෝගය ජන්ම පත්‍රයක 2,6,8,12 යන දුෂ්ට ස්ථාන හෙවත් ත්‍රික ස්ථානවල ග්‍රහයන්ද, ඡායා ග්‍රහයන්ද තැන්පත් වීමෙන් නිර්මාණය වේ. මෙහිදී අවම වශයෙන් එක් ස්ථානයක ග්‍රහයකු හෝ ඡායා ග්‍රහයකු සිටිය යුතුය. සාමාන්‍යයෙන් කේන්දරයක දෙවැන්න ද්විතීක මාරක ස්ථානය ලෙසද, හයවැන්න රෝග ස්ථානය ලෙසද, අටවැන්න මරණ හෙවත් ආයුෂ ස්ථානය ලෙසද, දොළොස්වැන්න වැය ස්ථානය ලෙසද හැඳින්වේ. පොදුවේ ගත් කල උක්ත 2,6,8,12 යන සිවු ස්ථානයම අශුභ ස්ථානයන්ය.

සිංහාසන යෝග හිමියන් කරා ධනය, බලය, කීර්තිය, ගෞරවය යනාදිය ගලා එන්නේ නිරායාසයෙනි. විශේෂයෙන් ත්‍රික ස්ථානවල සියලුම ග්‍රහයන් ඒකරාශී වීමත්, එසේ නොමැති කල එම ස්ථානවල පාපීන්ම සිවුදෙනෙක් ස්ථානගත වීමත් තුළින් යෙදෙන සිංහාසන යෝගය ඉතා ප්‍රබලය. මොවුන් තම ආත්මගරුත්වය උපරිමයෙන් රැකගන්නා, ආත්ම අභිමානයෙන් යුතු පුද්ගලයන්ය. යම් ලෙසකින් සිංහාසන යෝගය ලග්නයේ තැන්පත් වූ චන්ද්‍රයා කෙරෙන් යෙදෙන විට වඩාත් බලවත්ය. කරුණු කාරණා එසේ නමුත් ඇතැම් ජ්‍යොතිෂ පොතපතට අනුව රාහු හා කේතු යන ඡායා ග්‍රහයන් මෙකී යෝගයට දායක නොවන බවද සඳහන් වේ. කෙසේ නමුත් සිංහාසන යෝගයේ බලය යම් යම් හේතු මත අඩුවන කල යෙදෙනුයේ අර්ධ සිංහාසන යෝගය වේ. අර්ධ සිංහාසන යෝගය බොහෝ විට යෙදෙනුයේ ග්‍රහ දෘෂ්ටිවලිනි. එවැනි අර්ධ සිංහාසන යෝග උසස්ම ප්‍රතිඵල නොව මධ්‍යම ප්‍රතිඵල ගෙනදේ.

සාමාන්‍යයෙන් ජන්ම පත්‍රයක පාපී ග්‍රහයන් ලෙස හඳුන්වනුයේ කුජ, ශනි, අවසඳු හා රවි යන ග්‍රහයන්ය. මේ හැර රාහු හා කේතු යන ඡායා ග්‍රහයන්ද පාපීන්ම සේ සැලකේ. තවද මෙකී පාපීන්ට පරිබාහිර ඒ ඒ ලග්නයට පාපීන් වන ග්‍රහයන්ද ජ්‍යොතිෂයේ සඳහන්ය. එසේම ජන්ම පත්‍රයක දුෂ්ට ස්ථාන අධිපතීන්ද 3,7,11 අධිපතීන්ද පාපීන්ම සේ සැලකේ. යම් ජන්ම පත්‍රයක සිංහාසන යෝග පිහිටීම දුටු කල එම යෝගය තුළ තැන්පත් ග්‍රහයන්ගේ රාශිගත බලය සේම භාවගත බලය මැනැවින් තුලනාත්මකව තක්සේරු කර පලාපල පැවැසිය යුතුය. එසේම එම ග්‍රහයන් තැන්පත් නැකැතද අදාළ භාවාධිපතියාට ඇති සතුරු මිතුරුකමද සැලකීමට බඳුන් කළ යුතුය. මීට අතිරේක යෝගයට දායක ග්‍රහයන් අස්ථද ග්‍රහ යුද්ධ ආදියෙන් පරාජිතද ශුභ අශුභ ග්‍රහ දෘෂ්ටි ලබයිද, භාව සන්ධිගතද, නොඑසේ නම් භාව ආරෝහණ හෝ අවරෝහණද, භාව මධ්‍යස්ඵුට ආසන්නයේද යන මග විමසා බැලිය යුතුය. තවද ලග්න කේන්දරයේ පමණක් නොව නවාංශක කේන්දරයේද යෝගයට අදාළ ග්‍රහයන් බලවත් නම් නිසැකවම සිංහාසන යෝගයේ ප්‍රතිඵල ජන්මියාට ලබාදේ. එනමුත් යම් ලෙසකින් මෙකී යෝගය ඉතා දුබලව දුර්වලව පිහිටි කල යෝගය යම් පමණ පලදීම සැක සහිත බව කිව යුතුය. ඔබට මේ ලිපිය අධ්‍යයනය තුළින් ඔබේ ජන්ම පත්‍රයේ සිංහාසන යෝගය පිහිටා ඇද්ද, එය පලදෙන මට්ටමක පවතීද යන්න අවබෝධ කරගත හැකිය.

ජ්‍යොතිෂවේදී දේශබන්දු ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද

SendShareShare
Previous Post

කට නිසා මැරෙන මිනිසුන් අතරේ කට බේරාගත් ජපනුන්ගෙ වාර්තාව…

Next Post

සිංගර් ශ‍්‍රී ලංකා, සන්නාම තානාපතිනිය ෆැලන් ඇන්ඩ්‍රියා

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.