• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

පියංගලින් හමුවූ අබිතිස්සා දුටුගැමුණු රජුගෙ සියලු රහස් හෙළිකරයි

July 17, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
පියංගලින් හමුවූ අබිතිස්සා දුටුගැමුණු රජුගෙ සියලු රහස් හෙළිකරයි
Share on WhatsAppShare on Facebook

මීට වසර සිය ගණනකට පෙර රාජ වංශික පවුලක කුමාරයෙක් බිහිවෙනවා. මේ කුමාරයා ලක් පොළොවට පය තියපු දා ඉඳලම ලක්බිම ගැන තිබුණේ ළෙන්ගතු හැඟීමක්. හය, හතර තේරෙන සංධියේ ඉඳලම මේ කුමාරයට ලක් පොළොව මත එවකට සිද්ධ වුණු ඇතැම් දේ ගැන පැහැදීමක් තිබුණේම නැහැ. පරදේශක්කාරයන් ලක්බිමට කරන විනාශය, ජනතාවට කරන හිරිහැර ගැනත් මේ කුමාරයා හිටියේ කේන්තියෙන්. ඒ විතරක් නෙවේ තමන්ගේ පිය රජතුමා මේ පරදේශක්කාර පාලකයන් ගැන අනුගමනය කළ ක්‍රියාකලාපයන් ගැනත් මේ කුමාරයට එතරම් සුන්දර හැඟීමක් නෙවෙයි තිබුණේ. මෙන්න මේ හේතු නිසාම, නිතර නිතර පිය රජුන් සමග ගැටුණු මේ නිර්භීත කුමාරයා ඉන් කලකට පසු පිය රජුගේ ඇවෑමෙන් පස්සේ ලංකා භූමියේ රජු බවට පත්වෙනවා. හැබැයි කැඩිලා, බිඳිලා, බෙදිලා විවිධාකාරයෙන් වෙන්වෙලා මේ ලංකා භූමිය පිටදේශක්කාර පාලකයන්ගේ අඩම්තේට්ටම්වලට නතුවෙලා ජනතාව දුක්විඳිනවා බලන්න මේ අලුත් රජු කැමැති වුණේ නැහැ. අන්තිමට තීන්දුවක් ගන්නවා ඒ තමයි පරදේශක්කාර පාලකයන්ගෙන් මේ මවුබිම බේරාගෙන එක්සේසත් කරනවාය කියන තීන්දුව.

ඒ අභීත තීන්දුව අරගෙන වැඩි කාලයක් නොගොස්ම මේ රජු එවකට සිටි ද්‍රවිඩ පාලකයකු වූ එළාර රජු පරදා මේ ලක්පොළොව එක්සේසත් කරනවා. එදා ලංකා භූමිය ඒ විදියට එක්සේසත් කරපු රජු තමයි දුටුගැමුණු කියන්නේ. මේ නිසාම ලංකා වංශ කතාවල ගැමුණු කුමාරයාට විශේෂ තැනක් හිමිවෙනවා. ඒ අනුව මහා වංශයේ පමණක් පරිච්ඡේද 11ම ගැමුණු රජුට වෙන් වෙනවා. හැබැයි එතරම් ඉඩක් වෙන් කෙරුණත් මේ සියලු වංශ කතාවල නොලියවුණු බොහෝමයක් රහස් සැඟවුණු කතා අද වෙද්දි ජනප්‍රවාද ඇසුරින් වගේම පුරාවිද්‍යාත්මක සාධක ඇසුරින් හෙළිවෙමින් තිබෙනවා.

දුටුගැමුණු රජුට බිසෝවරු 16,000ක් සිටි බවටද ජනප්‍රවාද ඇසුරේ කතාබහක් පවතිනවා. මේ තොරතුරු සිතාමතාම සැඟවූවාද යන්නත් එම බිසෝවරු රාජකීය කාන්තාවන් නොවන හෙයින් එම තොරතුරු සඟවා තබා ගැනීමට කටයුතු කළාද යන්නත් අනුමාන කරන්න පුළුවන්. එහෙත් ඊට හාත්පසින්ම වෙනස් අතිශය වැදගත් කරුණුත් සඟවා තිබීම යම් විමතියක් දනවන කරුණක්. ඒ අතර රජුගේ මරණය සහ දූදරුවන් ගැනත් විශේෂයි. බොහෝ වංශකතාවලට අනුව දුටුගැමුණු රජුගේ පුත්‍රයකු ගැන පමණක් කතාබහ කෙරෙනවා. ඒ සාලිය කුමරු. ඔහු රජකම පසෙකලා චණ්ඩාල කුලයේ අශෝක මාලාට පෙම්බැඳි හෙයින් දුටුගැමුණු රජුගේ මළණුවන් වුණු සද්ධාතිස්ස රජකමට උරුමක්කාරයෙක් බවට පත්වෙලා තිබෙනවා.

මේ සාලිය කුමරුගේ මව රජකමට පෙර ගැමුණු කුමරු සැඟව සිටි කොත්මලේ ප්‍රදේශයේදී ඔහු හා පෙමින් බැඳුණු සිරිමල් එතනා බවටත් ජනප්‍රවාදයේ මතයක් පවතිනවා. මේ බව සාහිත්‍යයේද සඳහන් වෙනවා.

දුටුගැමුණු රජුගේ බිසෝවරු සහ දරුවන් ගැන ප්‍රචලිත කරුණු එසේ වෙද්දී මේ සියලු තතු නව මඟකට යොමු කරමින් පියංගල ආරණ්‍ය සේනාසනයෙන් හමුවූ සෙල්ලිපි තවත් සුවිශේෂී තොරතුරු රැසක් හෙළිකර තිබෙනවා.

පියංගල ආරණ්‍යයට ලෙන් පූජා කළ දායක දායිකාවන් පිළිබඳව දිර්ඝ විස්තර සහිත එම සෙල්ලිපිවල දුටුගැමුණු රජුගේ දූදරුවන් ගැන තොරතුරු හමුවී ඇති අතර, ගැමුණු රජුගේ රාජිකා නම් බිසවක පියංගල ආරණ්‍යයේ ලෙන් පූජාව ආරම්භ කළ බවත් පසුව ඇයගේ දියණියක වන අබිතිස්සා නම් අයකු ලෙන් පූජා කළ බවක්ද සඳහන් වෙයි. එම සෙල්ලිපියට අනුව දෙවියන්ට ප්‍රිය වූ ගාමිණී අබය මහරජු එනම් දුටුගැමුණු රජුගේ දියණියක වූ පරුමක දූත ශුමනගේ භාර්යාව වුණු අබිතිස්සා සංඝයාට ලෙන් පූජා කළ බව සඳහන් වෙයි. ඒ අනුව රජුට දියණියක සිටි බවට මනාව ඔප්පු වෙයි.

මෙහිදී අබිතිස්සාගේ සැමියා පරුමක දූත ශුමන ලෙස සඳහන් වේ. දූත යන්නෙහි තේරුම් වර්තමානයේ තානාපති තනතුර හා සමාන තනතුරක් විය හැකි යැයි විද්වත් මතය වන අතර, ඒ අනුව රජුගේ දියණිය එවැනි රාජකීය තනතුරක් දැරුවකු සමගින් විවාහ වී සිටි අයකු ලෙස අනුමාන කළ හැකිය. පරුමක ශුමනගේ පියා පරුමක මිත්‍ර නැමැත්තෙකු බවත්, ඒ අනුව ඔහු දුටුගැමුණු රජුගේ දසමහ යෝධයකු වූ නන්දිමිත්‍ර විය හැකි බවත් ඒ අනුව ඔහුගේ පුත්‍රයා වන පරුමක දූත ශුමන රජුගේ සේවයට එක්ව සිටින්නට ඇති බවටත් විද්වතුන්ගේ අනුමානය වී ඇත.

එසේම අබිතිස්සාට පුතකු සිටි බවත් ඔහු පරුමක අභය නම් වන බවත් පරුමක අභය විසින්ද ලෙනක් පූජා කළ බවත් සෙල්ලිපියේ සඳහන් වෙයි. ඒ අනුව පරුමක අභය යනු දුටුගැමුණු රජුගේ මුණුපුරකු බව පැහැදිලි කර ගැනීම අපහසු නොවේ.

මේ අතර අයශිව නම් පුතෙකු ගැනත් යම් සඳහනක් වන අතර, අයශිව කුමරුගේ මවද රජුගේ බිසවක් ලෙස සිටි වගද සඳහන් වෙයි. එහෙයි ගැමුණු රජුට පුතුන් දෙදෙනෙකු සහ දියණියක සිට බව අනුමාන කළ හැකිය.

බොහෝ වංශකතාවලට අනුව සාලිය කුමරුට රජකම නොලැබීමට හේතුව අශෝක මාලා බව සඳහන් වුවද ඊට යටින් තවත් ප්‍රබල හේතුවක් තිබූ බවටද යම් මතයක් වෙයි. එනම් සාලිය කුමරු කොත්මලේ තරුණියක වූ එතනාගේ පුත්‍රයා නිසාත්, එවකට රජකමේ උරුමය හිමි වූයේ සහෝදරයාගෙන් සහෝදරයාට නිසාත් විය හැකි බවට ජනප්‍රවාදය මතයක් පවතී. ඒ අනුව ගැමුණු රජුගේ අගබිසව සිරිමල් එතනා නොව රාජිතා වන්නට ඇතැයි අනුමාන කළ හැකිය. වංශකතාකරුවන් කෙසේ ලිව්වද තුන්හෙළය එක්සේසත් කළ ‘මව්බිමට, ජාතියට ණයගැති අභීත පාලකයකු ලෙස දුටුගැමුණු මහ රජු කළ වටිනා සේවය කිසිවකු කිසිදා අමතක නොකළ යුතුය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

පොහොට්ටුව ගම්මන්පිල වීරයෙක් කරයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

මහජන බැංකුවේ 60 වන සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගාවේ බෞද්ධ සුබසාධක ශිෂ්‍යත්ව අරමුදලට දායකත්වය

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.