දිගු කාලයක් මුළුල්ලේ යටත්විජිතයක් ලෙසින් පීඩිතව හෙම්බත්ව සිය අනන්‍යතා යටපත් කරගනිමින් දිවි ගෙවූ මෙරට වැසියන්ට නිදහසේ තමන්ගේ රටේ තමන්ට අවැසි ලෙස යළිත් ජීවත් වීමට හැකියාව ලැබෙන බවට සනාථ කරමින් නීත්‍යානුකූල ලිඛිත ලියවිල්ලට VI වන ජෝර්ජ් මහරජතුමා සිය නිල මුද්‍රාව තබා අස්සන් කරන ලද්දේ 1947 දෙසැම්බර් 10 වැනිදාය. ඒ 1948 පෙබරවාරි 03දා සිට අභිනව ස්වාධීන පනත බලපැවැත්වෙන බවට සනාථ කරමිනි. එයින් පසු පරම්පරා ගණනක් දැරූ මහා උත්සාහයක ප්‍රතිඵල අත්විඳින්නට මෙරට මහජනයාට වාසනාව හිමිවූහ.