ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බැංකුකරුවන්ගේ වගකීම් රක්ෂණය වෙනුවෙන් රු. 157,484,139ක වටිනාකමින් යුත් හිමිකම් මුදලක් ලංකා බැංකුවේ තලාව ශාඛාව වෙනුවෙන් ගෙවන ලද අතර මෙම හිමිකම් ගෙවීම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය රක්ෂණ ඉතිහාසයේ බැංකුකරුවන්ගේ වගකීම් රක්ෂණයට අදාළව ගෙවීම් සිදුකරන ලද විශාලතම හිමිකම් ගෙවීම වේ.
මෙම වන්දි මුදල සඳහා අදාළ චෙක්පත ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලුත්ගම මහතා විසින් ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී ඩී.පී.කේ. ගුණසේකර මහතා වෙත ප්‍රධානය කරන ලද අතර මෙම අවස්ථාව සඳහා ලංකා බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි – පරිපාලන සේවා ඒ.ආර්. මල්ලිකාරච්චි මහතා, ප්‍රධාන කළමනාකරු – සැපයුම්/සීබෑන්ක් බැංකු රක්ෂණ සේවා, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධානි – සාමාන්‍ය රක්ෂණ බෙදාහැරීම් ලලිත් ද සිල්වා මහතා, ජ්‍යෙෂ්ඨ කළමනාකරු – ආයතනික ව්‍යාපාර ප්‍රවර්ධන අංශය, මිලංග චන්දිරම් මහතා සහකාර කළමනාකාරිනී – රාජ්‍ය ව්‍යාපාර අචින්තා ජයවර්ධන මිය යන අය සහභාගී වූහ.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බැංකුකරුවන්ගේ වගකීම් රක්ෂණය බැංකු ක්ෂේත්‍රයේ දෛනික මෙහෙයුම කටයුතුවලට අදාළව ගිනිගැනීම්, වැඩවර්ජන සහ කැරලි කෝලාහල, සොරකම් සහ මංකොල්ලකෑම් ආදී අවදානම් රැසක් සඳහා රැකවරණය සලසයි.