ඉංජිනේරු හා තාක්ෂණික ආධ්‍යාපනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනය වන SriLanka Technological Campus (SLTC) මෑතකදී කොළඹ SLTC Trace Expert City හිදී Virtual ක්‍රමයට පවත්වන ලද විශේෂ උත්සවයකදී ඕස්ටේ්‍රලියාවේ Deakin University සමග ඇතිකරගෙන ඇති හවුල්කාරීත්වය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා වන ගිවිසුමට අත්සන් තැබීය. Deakin විශ්ව විද්‍යාලය යනු උසස් තත්ත්වයේ හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් තෘප්තිමත් වන ආකාරයේ අධ්‍යාපනයක් ලබාදීම සම්බන්ධයෙන් ඕස්ටේරලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් ලෙස සැලකේ.
මෙම අවස්ථාවට සමගාමීව, Centre forGlobal Education ආයතනය නිල වශයෙන් ආරම්භ කිරීමද සිදුකරන ලදී. මෙම ආයතනය, දේශීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජාත්‍යන්තර තලයේ අධ්‍යාපනයක් සහ ඒ සඳහා අවශ්‍ය සම්පත් පිරිනමන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වනු ඇත.
හවුල්කාරීත්වය අලුත් කිරීමේ ගිවිසුම සඳහා Deakin University වෙනුවෙන් එහි නියෝජ්‍ය උපකුලපති (ජාත්‍යන්තර සම්බන්ධතා) මහාචාර්ය ගැරී ස්මිත් විසින්ද, SLTC ආයතනය වෙනුවෙන් එහි නිර්මාතෘ-සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු රංජිත් ජී. රූබසිංහ මහතා විසින්ද අත්සන් තබන ලදී.