• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

1818 නොඇසූ කතා

October 23, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
1818 නොඇසූ කතා
Share on WhatsAppShare on Facebook

1818 වෙල්ලස්සේ කැරැල්ලට නායකත්වය දුන්නේ කොහුකුඹුරේ රටේ රාළ නමින් ප්‍රසිද්ධ වූ ඇතුන්ලත් හේරත් මුදියන්සේලාගේ හේරත් බණ්ඩාය. මොහු වෙල්ලස්සට පැමිණියේ කන්ද උඩරට සිටය. මොහුට මෙම නම ලැබුණේ සිංහලේ මහරජුගෙනි. රජ්ජුරුවන්ගේ ඇතුන් බලාගත් ප්‍රධාන ඇත්ගොව්වා ඔහු නිසා ඇතුන්ලත් හේරත් මුදියන්සේලාගේ යන පෙළපත් නාමය ලැබිණි. වෙල්ලස්සේ සිට කන්ද උඩරටට ගොස් වසර ගණනාවක් රජ්ජුරුවන්ගේ ඇතුන් බලාගෙන පසුව ගමරටට පැමිණ රජ්ජුරුවන්ගෙන් පෙළපත් නාමය ගැනීමට පෙර කිනම් නමකින් හැඳින්වූවාදැයි දැනගන්නට නැත.

හේරත් බණ්ඩා ගමරටට නැත්නම් වෙල්ලස්සට යෑමට රජුගෙන් අවසර ඉල්ලා අවසර ලැබීමෙන් පසු මොහුට රජු ඇතෙක් දුන් ආකාරයද ඉතා රසවත් පුවතකි. එනම් කෙසෙල් ඇවරියක් රැගෙන ඇත්ගාලට ගොස් එය ගන්නා ඇතාව රැගෙන යන ලෙස රජු පවසා ඇත. පසුව ඔහු රජුගේ අමාත්‍යවරයකු සමඟ කෙසෙල් ඇවරියක් රැගෙන ඇත්ගාලට ගොස් ඇත්තේ ගමරට යෑමට ඇතකු ලබා ගැනීමටය. කෙසෙල් ඇවරිය ගෙන ඇත්තේ රජුගේ මහ හස්තිරාජයාය. ඒනිසාවෙන් ඇතකු පිටේ ගමරට යෑම ප්‍රතික්‍ෂේප කළ හේරත් බණ්ඩා පයින්ම දුර ගෙවා උඩුදුම්බර, මීමුරේ වේරගංතොට, මහියංගන ඔස්සේ වෙල්ලස්සට පැමිණ වාගොල්ලේ නතර වී කවුඩැල්ලේ වෙල්යාය අස්වද්දන්නට පටන්ගෙන ඇත. හේරත් බණ්ඩා බිරිය රං එතනා ගැබ්ගෙන සිටියදී ඇය මව සමඟ තනිකර දමා වෙල්ලස්සට පැමිණ ඇත. හේරත් බණ්ඩා වෙල්ලස්සට පැමිණ කුරහන් කුරුනි 140ක් අස්වැද්දූ බවට සඳහන් වෙයි. ඔහු වෙල්ලස්සට එන විට ගැබ්ගෙන සිටි රං එතනාට ලැබුණු පිරිමි දරුවාට නම් තැබුවේද ඇතුන්ලත් හේරත් මුදියන්සේලාගේ හේරත් බණ්ඩා යනුවෙන්. මෙම දරුවා 21 වැනි විය වන විට අප්පච්චි සොයා වෙල්ලස්සට පැමිණියේය. වෙල්ලස්සට පැමිණි පුත් හේරත් බණ්ඩා අප්පච්චිගෙන් දෑවැද්ද ඉල්ලා සිටියේය. පළමු වතාවේ කිසිවක් නොලැබිණි. නැවත ඔහු කන්ද උඩරටට ගියේය. ටික කලකින් නැවතත් වෙල්ලස්සට ආවේය. මේ අන්දමට තුන්වාරයක් පැමිණියත් දෑවැද්දක් නොලැබිණි. පුතා අප්පච්චිට අයත් ඉඩම්වල හතර මායිම් බලා ආපසු ගමට යෑමට පිටත් වූයේ නැවත නොඑන්නටය. පුත් හේරත් බණ්ඩා අප්පච්චි සතු ඉඩම් මහියංගනයේ සමන් දේවාලයට පුස්කොළ පොතක් ලියා පවරා කන්දඋඩරට ගමරට ගියේය. පියාත් – පුතාත් එකම නමින් හැඳින්වීම නිසාත් එකල දෙදෙනා වෙන්වෙන්ව හඳුනා ගැනීමට ක්‍රමයක් නොවීම නිසාත් අප්පච්චිගේ ඉඩම්වරයක් සමන් දේවාලයට ලියා ගියේ අප්පච්චි සමඟ හටගත් අමනාපයටය. ඉන්පසු ටික කලක් ගතවිය. සමන් දේවාලයේ භාරකරුවන් කවුඩැල්ලට ගියේ දේවාලයට පූජා කළ ඉඩම් සොයා බලන්නටය. අප්පච්චි හේරත් බණ්ඩාට කාරණය වැටහුණේ ඊට පසුවය.

පුතා සමන් දේවාලයට පූජා කළ ඉඩම්වලින් ඉවත් වූ අප්පච්චි හේරත් බණ්ඩා එතැනින් ගියේ කොහුකුඹුරටය. එහි ගිය ඔහු කුරහන් කුරින් 180ක් වගා කළේය. මේ අතරතුර සුද්දන්ට එරෙහි වෙල්ලස්සේ කැරැල්ල ආරම්භ විය. කැරැල්ලත් සමඟ හේරත් බණ්ඩා කොහුකුඹුරේ රටේ රාළ නමින් ප්‍රසිද්ධ විය.

වෙල්ලස්සේ සිංහලයන්ගේ කැරැල්ල මැඩපැවැත්වීමට ඌවෙ ඉංග්‍රීසි ආණ්ඩුකාර ඩග්ලස් විල්සන් 1817 සැප්තැම්බර් මස 24 වැනිදා වෙල්ලස්සට හේවා බළඇණියක් සමඟ අසුන් පිටින් එන බවට ලැබුණු තොරතුරක් මත උණගොල්ල පන්සල අසල රැකවල්ලා සිට අසු පිටින් එන ඩග්ලස් විල්සන්ට දුනු ඊතලවලින් විද මරා හිස ඊතණවත්ත පත්තිනි දේවාලය අසල ලඳු කැලයක සඟවා කඳ හබ්බුන්නාඔයේ පාකර හැරියේය.

මෙම වීර ක්‍රියාව කළේ දුනු ශිල්පයට ඉතා දක්‍ෂ මීගහපිටියේ හිටිහාමි හා දානිගල මහකයිරාය. මෙම සිද්ධියෙන් පසු කන්ද උඩරට සිට වීර කැප්පෙටිපොළ වෙල්ලස්සට පිටත් කර එවන ලද්දේ වෙල්ලස්සේ කැරැල්ල මර්දනය කිරීමටය. එහෙත් වීර කැප්පෙටිපොළද, වෙල්ලස්සේ සිංහලයන්ට එකතු විය. පසුව කන්ද උඩරට සිට ඩොනල්ඞ් සෙනවියා ඇතුළු 500ක හේවා බළඇණියක් වෙල්ලස්සට පිටත් කර එවන ලද්දේ වීරකැප්පෙටිපොළ හා වීර කොහුකුඹුරේ රටේරාළ අල්ලා කැරැල්ල මර්දනය කිරීමටය. මෙම සටනේදී ඊතණවත්ත පත්තිනි දේවාලය සුනුවිසුණු කර බුටාවේ රටේරාළගේ දියණිය පැහැරගෙන ගොස් දූෂණය කොට මරාදමා වෙල්ලස්සේ සිංහලයන් සමූල ඝාතනය කළ ඉංග්‍රීසීන් ගවයන් මරා මසට කෑවේය. ගේ-දොර, වතුපිටි විනාශ කළේය. කොහුකුඹුරේ රටේරාළ සැඟවී සිටි ස්ථානයට පැමිණි මුස්ලිම් ජාතික වෙළෙන්දකු ඔහුව ඉංග්‍රීසීන්ට අල්ලා දුන්නේය. පසුව වීරකැප්පෙටිපොළද ඉංග්‍රීසීන්ට හසුවිය. බිබිලමුල්ලේ හා අඹගොල්ලේ උන්නාන්සේලාටද වධ දී අපවත් කිරීමට ඉංග්‍රීසීන්ට අපහසුකාරියක් නොවිණි.
කොහුකුඹුරේ රටේරාළගේ ඉඩකඩම් රාජසන්තක කළ ඉංග්‍රීසීන් එදා ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව කැරලි ගැසූ සිංහලයන් අල්ලා දීමට මුස්ලිම් ජාතිකයන් කටයුතු කළ ආකාරයද ඉතා පැහැදිලිය. එදා ඉංග්‍රීසීන්ගෙන් බේරී පලායෑමට සිංහලයන් විවිධ උපක්‍රම යොදා ඇත. සිංහල පුරුෂයන් ඇල්ලීමට ගෙවල් වටකරන ඉංග්‍රීසීන්ට කෑම කා එළියට එන බව පවසා එතෙක් ගෙවල් ඉදිරිපිට එළිපත්තේ නැත්නම් පිලේ ලැගුම් ගෙන සිටින ලෙස දන්වා ඇත. එසේ රෑඳී සිටින ඉංග්‍රීසි හේවායන්ට ආහාර පිසිනවා ඇසෙන සේ තෙල් තාච්චියක් ළිප මත තබා ලුණු වතුර මල්ලක් උඩ එල්ලා ඇත. එම ලණු තෙල් තාච්චියට වැටෙන විට පිසෙන ආහාරවලට තෙල් දමන්නා සේ ශබ්දය ඇසෙයි. මේ අතරතුර පුරුෂයන් පලායයි. ඉංග්‍රීසීන්ගෙන් මැරුම් නොකා බේරී පලායෑමට සිංහලයන් එදා මෙවැනි උපායමාර්ග යොදාගෙන තිබිණි.

කෙසේ වුවද වෙල්ලස්සේ කැරැල්ලට නායකත්වය දුන් ඇතුන්ලත් හේරත් මුදියන්සේලාගේ හේරත් බණ්ඩා හෙවත් කොහුකුඹුරේ රටේ රාළ, බුටාවේ රටේ රාළ, මීගහපිටියේ රටේ රාළ, කුඩා බදුල්ල ගම්මන රටේ රාළ, බුළුපිටියේ රාළ, බකිනිගහවෙල රාළ, කොට්ටලබැද්දේ රාළ, කොහුකුඹුරේ මොහොට්ටාල, කොහුකුඹුරේ වලවවේ මොහොට්ටාල, කිවුලේගෙදර මොහොට්ටාල, හාමාපොළ දුරයා, පල්ලේ මල්ලැහැවේ ගමරාළ, ගොඬේගෙදර රටේ අදිකාරම්, කැටකලේ මොහොට්ටාල, බෙත්මේ රටේ රාළ හා කැප්පෙටිපොළ දිසාවේ ඇතුළු වීරයන් 19ක් ඉංග්‍රීසීන්ට හසු වී මැරුම් කෑහ. 1819 වන විට වෙල්ලස්සේ සිංහලයන් සමූල ඝාතනය වී හමාරය. ජීවිත බේරාගත් සුළු පිරිසක් පානම, ටැම්පිටිය, පිල්ලුමලේ යන ප්‍රදේශවලට පලාගොස් සැඟවී සිටියහ. වෙල්ලස්සේ කැරැල්ලට නායකත්වය දුන් කොහුකුඹුරේ රටේ රාළ යන වීරයන් දේශද්‍රෝහීන් ලෙස නම් කොට ඔවුන්ගේ ඉඩම් ඇතුළු දේපොළ රාජසන්තක කළේය.

වීගොඩ හේමපාල

SendShareShare
Previous Post

වීරයා ‘හාට්’ එකට ඇවිත්

Next Post

ඉරණම තීන්දු කරන සඳු

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි බස් නැවතුම්පොළ, ප්‍රවාහන මධ්‍යස්ථාන සහ ප්‍රධාන දුරගමන් බස් නැවතුම් ආශ්‍රිත...

Read more
කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.