වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 70,000ට ළංවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.Sri Lanka Latest News
ඒ අනුව ඊයේ (13) වන විට මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් රෝගීන් 69,951ක් වාර්තා වී ඇති බවද එම ඒකකය සඳහන් කළේය.
එමෙන්ම පසුගිය 12 වැනි දින වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ප්‍රමාණය 68,672ක් වන අතර ඒ අනුව ඊයේ (13) දිනට පමණක් රෝගීන් 1,279ක් වාර්තා වී ඇත.
මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 36,795ක් ලෙස සටහන් වී තිබේ.
එමෙන්ම බස්නාහිර පළාතේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 14,464ක් ලෙසද දැක්වේ.
එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14,004ක්ද වාර්තා වී තිබේ.
මේ අතර ජූලි මාසයේ ගතවූ දින 13 තුළ රෝගීන් 14,572ක් වාර්තා වී ඇත.
වසරේ ගතවූ කාලය තුළ වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ජුනි මාසයේ වන අතර එම රෝගීන් සංඛ්‍යාව 21,538කි.










