හොරණ නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක රුපියල් කෝටි තුනහාමාරක මුදල් කොල්ලයක් අද සවස සිදුව ඇත.Sri Lanka Latest News
ප්‍රධාන ශාඛාවේ සිට බැංකු ශාඛා කිහිපයකට ලබාදීමට රැගෙන යාමට සූදානම් කළ මුදල් පිරවූ මලු දෙකක් මෙසේ කොල්ලකා තිබේ.
තනි පුද්ගලයෙක් විසින් මෙම මුදල් කොල්ලය සිදුකර ඇති බවත් බැංකුව ඇතුලෙන් ලද ඔත්තුවකින් මෙම කොල්ලය සිදුකර ඇති බවට සැකයක් පොලීසියට ඇතිවී ඇත.
බැංකුවේ සහකාර කළමනාකරු මුදල් මළු දෙක රැගෙන පිටුපස දොරෙන් පැමිණ බැංකුව පිටුපසට වන්නට නතර කර තිබූ මෝටර් රථය වෙත පැමිණි අවස්ථාවේදී ඒ් අසල රැදී සිටි කොල්ලකරු මළු දෙක රැගෙන පළාගොස් ඇති බව බැංකුව පාර්ශවයෙන් පොලීසියට දැනුම්දී තිබේ.
ආරක්ෂක නිලධාරියා ද මුදල් සමඟ යාමට සුදානමින් බැංකුව තුල පොතේ අත්සන් කරමින් සිට ඇති බවත් ආරක්ෂයා පැමිණිමට පෙර කොල්ලය සිදුව ඇති බව කියයි.











