අයහපත් කාලගුණය හේතුවෙන් කටුනායක සිට මත්තල දක්වා හරවා යවනු ලැබූ එමිරේට්ස් ගුවන් සේවයට අයත් බෝයිං 777 ගුවන් යානයක් ගොඩබැස්සවීමේදී එහි නරියකු ගැටී ඇති බව වාර්තා වේ.
ඩුබායි සිට මාලේ හරහා පැමිණි EK 652 ගුවන් යානය මෙම සිදුවීමට මුහුණු පා ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් මෙම සිදුවීමෙන් කිසිදු හානියක් සිදුව නැති අතර පසුව ගුවන් යානය යළි ගුවන්ගත කිරීමේදී එහි කුරුලු රංචුවක් ගැටී ඇති බවද පැවසේ.
ඒ අවස්ථාව වනවිට මගීන් 73 දෙනකු ගුවන්යානයේ සිට ඇති බව දැනගන්නට ඇත.
මෙය මත්තලට ගොඩබැස්වූ පළමු එමිරේට්ස් ගුවන්යානය වන බව කියවේ.
පසුගිය නොවැම්බර් 18 වැනි දින මෙම සිදුවීම සිදුව ඇති බව දැනගන්නට ඇති අතර යළි ඉන්ධන පුරවා ගැනීමෙන් පසු ගුවන්යානය යළි පිටත්ව ගොස් ඇති බවද දැනගන්නට තිබේ.










