• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

හදවතින් බෞද්ධ රත්තරං මිනිස්සු

July 4, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
හදවතින් බෞද්ධ රත්තරං මිනිස්සු
Share on WhatsAppShare on Facebook

මානව භක්තියට, මානව දයාවට, මානව කරුණාවට ආගමක්, ජන්මයක්, කුලයක්, ගෝත්‍රයක් මේ මිහිතලය මත ඇත්තේදැයි කිව නොහේ. මානව වර්ගයා, සත්වයා එකට එක් කර බඳින බැඳෙන රැහැන කරුණාව දයාව මෛත්‍රියයි.
බුදුන් වහන්සේගේ අසම සම කරුණාවෙන් බෞද්ධයන් සේම කම්පිතවූ හදවත් ඇති (හදය කම්පනං කරෝතීති) බෞද්ධයන් නොවන බෞද්ධයන් කළ මෙහෙය අනුපමේය වෙයි.

ඉපදීම, බුදුවීම සහ පිරිනිවීම යන තෙමඟුල ගෞරව බහුමානයෙන් යුතුව සමරන ‘වෙසක් උත්සවය’ ගැන නොදන්නෝ නම් නැත්තාහ. ශ්‍රී ලාංකික බොදුනුවන්ගේ ඉතා උතුම්ම ආගමික උත්සවය වෙසක්ය. රාජ්‍ය අනුග්‍රහය ඉතා ඉහළින්ම නොමඳව ලැබේ. උත්සව පැවැත්වීමට දින දෙකක්ද නිවාඩු වශයෙන් රජයෙන් වෙන්කර දී තිබේ.
වෙසක් දිනය ජාත්‍යන්තර දිනයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්ද පිළිගනු ලැබ ඇත. ඒ තත්ත්වය බෞද්ධයන් සඳහා ලබා දුන්නේ බෞද්ධයන් නොවන බෞද්ධයන් විසින් බව ඔබ දන්නවාද?’
වෙසක් තෙමඟුල සමරන මේ දිනවල බෞද්ධයන් වෙනුවෙන් මානව සත්කාරය කළ ඒ මිනිසුන් සිහිපත් කිරීම අපේ යුතුකමකි.
ශ්‍රී ලංකාවේ සොලිසිටර් ජනරාල්වරයකු වශයෙන් සිටි ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් සහ හිටපු විදේශ කටයුතු ඇමැතිවරයකු වූ කීර්තිධර ලක්‍ෂ්මන් කදිරගාමර් යන ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයන් දෙදෙනාට ඒ ගෞරවය හිමිවිය යුත්තේය.
ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතා ඉංග්‍රීසීන්ගේ පාලන සමයේදී ශ්‍රී ලංකාවේ වෙසක් පොහෝ දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරවා ගනුලැබුවේය.

හෙතෙම ඔහු 1851 අප්‍රේල් මස 4 වැනි දින කොළඹ හෙට්ටිවීදියේදී උපන්නේය. ඒ නිවෙස ඔහුගේ මවු පාර්ශ්වයේ සීයා වූ ඒ. කුමාරස්සාමි මහතාගේය. ඒ. කුමාරස්සාමි මහතාගේ පියා මුදලිඳු (මුඞ්ලියර්) ඒ. පොන්නම්බලම් මහතාය. පුංචි රාමනාදන් අවුරුදු දහය වනතුරු නිවෙසේ සිටම අකුරු කළේය. 1861දී හෙතෙම රෝයල් ඇකඩමියට ඇතුළු විය. පසුව රාමනාදන් සිය සොහොයුරු කුමාරස්සාමි සමඟම 1865දී මදුරාසියේ ප්‍රසිඩන්සි කොලේජ් විiාලයට ඇතුළු වී කලා ක්‍ෂේත්‍රයෙන් අධ්‍යාපනය ලබා ඉන්රේමිඩියේට් සමත් වූවේය. අනතුරුව උපාධිය සඳහා ඉගෙන ගනිද්දී බලපෑ කරුණක් නිසා අයියා, මලෝ දෙන්නාටම අධ්‍යාපනය මඟ දමා ආපසු ගෙදර එන්නට සිදුවිය. එසේ පැමිණි හෙතෙම එවකට ශ්‍රී ලංකාවේ සිටි අග්‍රගණ්‍ය නීතිවේදී රිචර්ඞ් මෝර්ගන් මහතා ඇසුරේ නීතිය හදාරා අධිනීතිඥවරයකු වශයෙන් 1871 සිට රජයේ නීති අංශයට බැඳී එහි නීති වාර්තා සංස්කරණය ) කළේය.

පොන්නම්බලම් රාමනාදන් මහතා 1874දී සෙල්ලච්චි අම්මාල් යුවතිය සමඟ යුග දිවිය ඇරැඹුවේය. ඇය කොළඹ වෝර්ඞ් පෙදෙසේ පදිංචිව සිටි මුදලිඳු ඊ. නනිතම්බි මහතාගේ දියණියයි. ඒ දෙනොට පිරිමි දරුවන් තිදෙනෙක් සහ දියණියන් දෙදෙනෙක් උපන්හ. පුතුන් තිදෙනා මහෙෂාන් රාජේන්ද්‍ර සහ වාමදේවන්ය. දියණියන් දෙදෙනා සිවකොලෙන්තු සහ රුක්මිනී නම් වූහ. රාමනාදන් මහතාගේ බිරිය හදිසියේ මෙලොව හැර ගියෙන් හෙතෙම ඕස්ටේ්‍රලියානු ජාතික ආර්. එල්. හැරිසන් මහත්මියගේ අත ගත්තේය. හැරිසන් මහත්මිය පසුව ලීලාවතී යන නම ගත්තාය. ඒ දෙදෙනාට උපන් දියණිය සිවගාමි සුන්දරී වූවාය.

කිසියම් අරමුණක් හිතේ දරා සිටි ඔහු 1880දී ලංකා ජාතික සංගමය ආරම්භ කර එහි සභාපතිවරයා වී 1886 නීතිඥ වෘත්තියෙන් බැහැර වූවේය. අනතුරුව දේශපාලන ක්‍ෂේත්‍රයට පිවිස ව්‍යවස්ථා සංශෝධනයට පෙළ ගැසුණේය. එම වසරේ සිය බිරියත්, දියණියත් සමඟ යුරෝපා සංචාරයක යෙදෙද්දී එවකට බි්‍රතාන්‍ය මහ රැජන වූ වික්ටෝරියා රැජන හමුවීමේ භාග්‍යද ලැබුවේය. ශ්‍රී ලංකාවේ සොලිසිටර් ජනරාල්වරයා වශයෙන් 1892දී පත්වූ හෙතෙම ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය නීතිඥවරයා වශයෙන් 1903දී පත්කරනු ලැබුවේය. 1905දී විශ්‍රාම ගැනීමෙන් පසුව පොන්නම්බලම් රාමනාදන් මහතා 1907දී ජාතික ප්‍රතිසංස්කරණ සංගමය ආරම්භ කළේය. එවක ව්‍යවස්ථාදායක සභාවට 1911දී තරග වැදුණු පොන්නම්බලම් රාමනාදන් මහතා ජයගත්තේ ඔහු හා තරග වැදුණු වෛi මාර්කස් ප්‍රනාන්දු මහතා පරාජයට පත්කරමිනි. 1915දී කැරැලි කෝලාහලයට සම්බන්ධ සිංහලයන් බේරා ගැනීමේ සත්කාර්යයට උර දුන් පොන්නම්බලම් රාමනාදන් මහතා 1916 ව්‍යවස්ථාදායක සභාවට තරග වැදී යළි පත්වූවේ සෙක්සස් විජේසිංහ ජයවර්ධන මහතා පරාජය කරමිනි. බෞද්ධයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවාසීන් වෙනුවෙන් මෙහෙවර කළ මේ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා 1930 නොවැම්බර් 26 වැනිදා අපෙන් සදහටම සමුගත්තේය.

වෙසක් උත්සවය ජාතික උත්සව දිනයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරනු ලැබීමට අප්‍රතිහත කැපවීමකින් කටයුතු කළේ නුදුරු අතීතයේදී (1994-2001 සහ 2004-2005) මේ රටේ විදේශ කටයුතු ඇමැතිවරයා වශයෙන් විශාල මෙහෙයක් කළ ලක්‍ෂ්මන් කදිරගාමර් මහතාය. ඒ මහතාගේ උපන් දිනය 1932 අප්‍රේල් 12දාය. මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ සී.එම්.එස්. කාන්තා විiාලයෙනි. ඒ සමයේ දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වූ සමයයි. ඒ නිසා කුඩා කදිරගාමර් සිය සොහොයුරියත් සමඟ ඇගේ සැමියා රාජකාරි කළ මාතලේ ප්‍රදේශයේ පදිංචියට ගියෙන් මහනුවර ත්‍රිත්ව විiාලයෙන් අධ්‍යාපනය ලැබීමට වරම ලැබුවේය. එහෙත් ඒ වන විට ඔහුගේ සොහොයුරන් අධ්‍යාපනය ලබමින් සිටියේ කොළඹ රාජකීය විiාලයේය. 1950දී හෙතෙම විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයාය. ලක්‍ෂ්මන් කදිරගාමර් 1949දී ඩන්කන් වයිට් ශූරතාවයේ ජයග්‍රාහකයා වූයේය. ක්‍රීඩාවටත් ඉගෙනීමටත් එකසේ හපන්කම් පෑ ලක්‍ෂ්මන් කදිරගාමර්ට සෑම අතින්ම දක්‍ෂයාට හිමිවන රයිඞ් රන් පදක්කම 1950 වසරේදී හිමිවිය. ඒ වසරේ හෙතෙම විදුහලේ ශිෂ්‍ය නායකයායි. විදුහලෙන් පේරාදෙණිය සරසවියට ඇතුළු වූ මේ දක්‍ෂයා එහි වසරක අධ්‍යාපනයෙන් පසු කොළඹ විශ්වවිiාලයට නීති අංශයට ගොස් 1953දී උපාධිය ගත්තේය. එපමණක් නොව නීති විiාලයේ 1953 ඇඞ්වොකේට් ඉන්ටර්මිඩියේට් විභාගයෙන් පළමු පන්තියෙන්ම ජයක් හිමිකර ගත්තේය.
ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණයේ අධිනීතිඥවරයකු වශයෙන් ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා 1955දී දිවුරුම් දුන්නේය. ඔහු 1956-1959 අතර කාලයේදී ඔක්ස්ෆර්ඞ් සරසවියේ අධ්‍යාපනය හදාරා 1960දී බ්ලිට් උපාධිය හිමිකර ගත්තේය. 1958දී ඔහු ඔක්ස්ෆර්ඞ් සරසවියේ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වූවේය.
කදිරගාමර් මහතා ඉපැදුණේ කිතුනු පවුලකය. එහෙත් ඔහුගේ අවසන් කටයුතු කෙරුණේ බෞද්ධ වතාවත් අනුව බව සඳහන් කළ යුත්තේය.

බෞද්ධ ගීත යන්න ඇසුණු කල්හි වහා සිහියට නැඟෙන නාමය බෙග් යන්නය. අල්හාජ් මොහිදීන් බෙග් 1962දී අංගුලිමාල චිත්‍රපටයේ ගැයූ ‘බුද්ධං සරණං ගච්ඡාමි’ යන ගීතය අදත් ඕනෑම බෞද්ධ ආගමික උත්සවයකදී ගැයෙන්නේය.

භාරත ගී රාජනිය ලෙස සැලකෙන ලතා මංගෙස්කාර් සමඟ ගීයක් ගැයූ එකම ශ්‍රී ලාංකික ගායකයා මොහිදීන් බෙග් පමණි. සිංහල ගීත කෝකිලාව වශයෙන්ද, නිළි රැජනිය ලෙසද, දසක ගණනාවක් කිරුළු පලන් සිටි රුක්මනී දේවිය සමඟද බෙග් ගීත ගායනා කළේය. ඔහු ලංකාවට පදිංචියට පැමිණියේ 1932දීය. ඔහුගේ තැටිගත කළ පළමු ගීතය කේ. කේ. රාජලක්‍ෂ්මී සමඟ ගැයූ ‘කරුණා මූදේ නාමු ගිලීලා’ ය. ඔහු පළමුවෙන්ම පසුබිම් ගායනයක් කළේ 1947දී අශෝකමාලා චිත්‍රපටයටය.

මායා, ගිරිහෙල් මුදුණේ, ආදර නදිය ගලා, පෙම් මාලා, වැල්ල සිඹින රැල්ල, අන්න සුදෝ, තනිවයි උපන්නේ සහ ලෝකෙ සිහිනයාක් වගේය යන ගීත එදා ලංකාවේ ඉහළම උත්සව අවස්ථාවලදී වාදනය වූ ඒවාය. අපේ රටේ පළමු නිදහස් උත්සවයේදීත් 1974 නොබැඳි ජාතීන්ගේ සමුළු අවස්ථාවේත් මේ ගීත වාදනය කෙරුණේය.
1932 සිට ශ්‍රී ලාංකික පුරවැසිකම් ඉල්ලා සිටි මොහිදීන් බෙග්ට එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා සම්මාන පුරවැසිකම් පිරිනැමුවේය. ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ඔහුට කලාසූරී සම්මානය පිරිනැමුවේය.
චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

සංඛ ගැහුව sexy ටැටූ එක

Next Post

බෙහෙත් නොකර ලෙඩ හොඳ කරන විශ්මිත ශාස්තරේ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.