බුදුන් වහන්සේගේ ශරීරයෙන් රැස් වළල්ලක් විහිදුණා යැයි කීවාම එය විශ්වාස කිරීමට දෙවරක් සිතූ බොහෝ පිරිසක් මේ වෙද්දි එම කතාව පිළිගන්නා බවක් පෙනෙන්නට තිබෙනවා. එයට ප්‍රධානම හේතුව තමයි මේ වෙද්දි ලෝකය පුරා ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින ඕරා තාක්‍ෂණය. මේ ඕරා තාක්‍ෂණය හරහා ඕනෑම පුද්ගලයකුගේ ශරීරයේ ඕරා චක්‍රයක් ඇති බවට ඔප්පු කර තිබෙනවා. ඒ අනුව ඒ ඒ පුද්ගලයන්ගේ ක්‍රියාකලාපය අනුවත් එකිනෙකාගේ ශරීරය අනුවත් ඕරා චක්‍රය වෙනස් වෙන බවකුත් පවසනවා. ඒ වගේම කෙනකුගේ ඕරා චක්‍රය හරියාකාරව හඳුනාගෙන ශරීරයේ ඇති විවිධාකාර රෝගාබාධ සඳහා ප්‍රතිකාර කළ හැකි බවකුත් මේ කාලයේ කාගෙත් කතාබහට ලක්ව තිබෙනවා. ඇත්තටම මොකද්ද මේ ඕරා චක්‍රය කියන්නේ. ඕරාව හඳුනාගෙන ලෙඩ හොඳ කරන්නෙ කොහොමද, මොකද්ද ඒ ප්‍රතිකාර ක්‍රමය, තාමත් විශාල පිරිසකට එවැනි ප්‍රශ්න ඇති වීම සාධාරණයි. මොකද තාමත් මේක අලුත් වගේම අමුතු මාතෘකාවක් කියලයි බොහෝ දෙනකුට දැනෙන්නෙ. ඒ නිසා අපි මේ ගැන අහන්න ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කේ. ඒ. යූ. සරත්චන්ද්‍ර මහතාට කතා කළා.
මොකද්ද මේ ඕරා චක්‍රය කියන්නෙ?
ඕරා චක්‍රය කියන්නෙ අපේ ශරීරය වටා තිබෙන රශ්මි වළල්ලකට. මෙය වසර දහස් ගණනක් ඈත අතීතයේ සොයා ගැනුණු දෙයක්. එය රාවණ යුගය දක්වා ඉතිහාසයට ගමන් කරන දෙයක්. ඇත්තටම අපේ ශරීරයේ තියෙනවා චක්‍ර හතක්. ඒ චක්‍ර හත තුළින් තමයි මේ ඕරා එක කියන දේ හැදෙන්නෙ. කෙනකුගේ හිස මුදුනේ සිට කොඳු ඇට පෙළේ පහළ කෙළවරට යනකම් තමයි මේ චක්‍ර හත පිහිටලා තියෙන්නේ. මේ ඕරා එක මිනිසුන්ට, සතුන්ට වගේම ශාකවලටත් තිබෙන දෙයක්.
ඕරාවෙන් කොහොමද ලෙඩ රෝග හඳුනාගන්නෙ?
ඕරා චක්‍රයේ චක්‍ර හත ශරීරයේ ප්‍රධාන අන්තරාසර්ඝ ග්‍රන්ථිවලට සම්බන්ධයි. ඉතින් මේ අන්තරාසර්ඝ ග්‍රන්ථි හරහා තමයි ශරීරයේ ප්‍රධාන ඉන්ද්‍රියයන් පාලනය වෙන්නෙ. එහෙම බැලුවාම මේ ඉන්ද්‍රියවල සිදුවන වෙනස්කම් ඕරා චක්‍රය හරහා හඳුනාගන්න පුළුවන්. ඊළඟ කාරණය තමයි ශරීරයේ තිබෙන කායික, මානසික සහ චිත්තවේග කියන කොටස්වලට අයිති චක්‍ර දුර්වල වීමෙන් ඒ ඒ අංශයට අදාල රෝගය හඳුනා ගැනීමට හැකි වෙනවා.
ඔබ ඔය කියන ආකාරයට ඕරාව බලපාන්නේ ලෙඩ රෝගවලට පමණද?
මෙහෙමයි. ඕරාව කියලා කියන්නේ අපට නොපෙනෙන බලවේගයක්. එතකොට අපේ ශරීරයේ කොච්චර බලයක් තියෙනවද කියන එක මේකෙන් බලාගන්න පුළුවන්. උදාහරණයක් විදියට කවුරු හරි කිව්වොත් තමන්ට මොකක් හරි විශේෂ බලයක් තියෙනවා කියලා. ඒක ඇත්තද කියලා බලන්නත් පුළුවන්. ඒකට හරියන නවීනතම 3ෘ ස්කෑන් යන්ත්‍රයක් තියෙනවා. එයින් ඉතා පැහැදිලිවම මෙය බලාගන්න පුළුවන්.
ඒ වගේම කවුරු හරි කිව්වොත් මම රහත් වෙලා, සෝවාන් වෙලා වගේ කතාවක් ඒක හරියටම ඇත්තක්ද කියලා බලාගන්න පුළුවන් පුද්ගලයාගෙ ඕරා එක පරීක්‍ෂා කිරීමෙන් පසුව.
ඕරාව බලවත් කරනවාය කියන කතාවක් තියෙනවා. කෙනකුගේ ශරීරයේ තිබෙන බලයක් කොහොමද පිටතින් බලවත් කරන්නෙ?
ඇත්තටම ඕරා ස්කෑන් එකකින් බලලත් ඒක කරන්න පුළුවන්. එහෙම නැත්නම් යෝග ව්‍යායාමවලින් තුණ්ඩලනී ශක්තිය අවදිකර ගැනීම තුළින්, එහෙම නැත්නම් භාවනා ක්‍රම මගිනුත් පුළුවන්. යම්කිසි කෙනෙක් ඕරා ස්කෑන් එකකින් පරීක්‍ෂා කරලා ඒ ශක්තිය බලවත් කරගන්නවා නම් ඒකට ක්‍රිෂ්ටල් කියන පාෂාණය භාවිත කරනවා.
කෙනකුගේ ඕරාව දුර්වලයි කියලා හඳුනා ගන්නෙ කොහොමද?
ඒක ඉතා පැහැදිලිව බැලූ බැල්මටත් හඳුනා ගන්න පුළුවන්. එහෙම ඕරාව දුර්වල කෙනකුගේ කායික ශක්තිය, මානසික ශක්තිය, චිත්ත ශක්තිය සහ ආධ්‍යාත්මික ශක්තිය කියන ශක්ති හතරම දුර්වල වෙනවා. ඉතින් එවැනි අය ඉතා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්.
ඕරාව දුර්වල කෙනකුට පහසුවෙන්ම වැලඳෙන ලෙඩ රෝග හෝ එවැනි අය අතර සුලබව දකින්න ලැබෙන රෝග මොනවද?
ඕරාව දුර්වල වීම හරහා සියලුම බෝ නොවන රෝග හඳුනා ගන්න පුළුවන්. කෙනකුගේ පපුවේ තියෙන චක්‍රයට සම්බන්ධයි හෘදය වස්තුව සහ පෙණහැල්ල. සහස්‍රා චක්‍රයට මොළයත්, ආඥා චක්‍රයට ඇස් සහ කන්, ත්‍රෝට් චක්‍රය ගලනාලයට, ශ්වාසනාලයට සහ මුඛයටත් මේ විදියට හැම චක්‍රයකටම සම්බන්ධ ඉන්ද්‍රිය තිබෙනවා. උදාහරණයක් විදියට මනිපුර චක්‍රයට සම්බන්ධ උදරය අග්න්‍යාසය, අක්මාව වැනි ඉන්ද්‍රියයන් එහිදී ශරීරයේ සීනි මට්ටම වැනි දේ හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව සීනි වැඩි අයගේ අග්න්‍යාසය සම්බන්ධ මනිපුර චක්‍රය දුර්වලයි. ඊළඟට වකුගඩු වැනි රෝග පීඩා තියෙන අය මූලාධාර චක්‍රය හරහා හඳුනාගත හැකියි.
යක්‍ෂ, ප්‍රේත, අමනුෂ්‍ය දෝෂවලට ඕරාව බලපාන්නේ නැද්ද?
ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම අර මං මුලින් කිව්ව චක්‍ර හතේ ආධ්‍යාත්මික චක්‍රය, මානසික චක්‍රය සහ චිත්ත වේග චක්‍රය කියන චක්‍ර තුනට හානි වුණාම තමයි මේ අමනුෂ්‍ය බලවේග අපට ළං වෙන්නෙ. අපේ ඕරා චක්‍රය බලවත් නම් මේ කිසිදු බලවේගයකට අපට ළං වෙන්න බැහැ. ඉතින් එහෙම ඇතුළු වූ අමනුෂ්‍ය බලවේග ඒ චක්‍ර තවතවත් දුර්වල කරනවා. එය ඕරා පරීක්‍ෂාවේදී හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම එවැනි අයගෙ ඕරාව බලවත් කරාම අර අමනුෂ්‍ය බලවේගවලට එම ශරීර තුළ රැඳී සිටීමට අපහසු වෙනවා.
කෙනකුගේ ඕරාව දුර්වලද, නැද්ද කියලා මනින්නෙ කොහොමද, මොකද්ද ඕරාව තිබිය යුතු ප්‍රමිතිය?
මේකට ඇමෙරිකාවේ නිෂ්පාදිත දියුණු 3ෘ තාක්‍ෂණයෙන් යුතු ඕරා ස්කෑනර් යන්ත්‍රයක් අප සතුව තිබෙනවා. මේකෙන් ශරීරයෙ තිබෙන ස්ථර ඒ ඒ විදියට වෙනම හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා. මනස, ආත්මය, ශරීරය කොටස් තුනකට බෙදලා ගන්න පුළුවන්. ඒවා හඳුනාගන්න පුළුවන්. ඒ වගේම මිනිසකුගෙන් පිටවන ඕරා පවර් එක කොතරම් ප්‍රමාණයක් තියෙනවාද කියලා මැනගන්න පුළුවන්. එය සියයට ගණන්වලින් මැන ගන්න පුළුවන්. එහිදී නිවැරැදි පුද්ගලයකුගේ චක්‍ර හතට අඩුම ගණනේ 50% ප්‍රතිශතයට වැඩිය තිබෙන්න ඕනෑ. ඒ වගේම ශරීරය වටා ඇති චක්‍ර හතක් දුර්වල නොවී තිබෙන්න ඕනෑ. එහෙම කෙනාගෙ තමයි ඕරාව බලවත් කියලා කියන්නේ.
ඕරා පරීක්‍ෂාව කියද්දි ඊළඟට ඇහෙන කතාවක් තමයි රේඛී ප්‍රතිකාරය කියන එක. මොකද්ද මේ රේඛී ප්‍රතිකාරය කියන්නෙ?
මෙය විශ්ව ශක්තිය භාවිත කරලා කරන ප්‍රතිකාරයක්. මෙය සොයා ගත්තෙ ජපානයේ. රේඛී ප්‍රතිකාරයෙන් කරන්නෙ චක්‍ර හත සුද්ධ කිරීමයි. ඒ නිසා රේඛී ප්‍රතිකාරය සහ ඕරා චක්‍රය අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා අපි ඕරා එක දුර්වල අයට භාවිත කරන්නේ රේඛී ප්‍රතිකාරය තමයි. දුර්වල වූ චක්‍ර එයින් බලවත් කරන්න පුළුවන්.
ඕරා චක්‍රයට ප්‍රතිකාර කරන්න එහෙම නැන්තම් ඔය කියන රේඛී ප්‍රතිකාරය තවත් කෙනකුට ලබා දෙන්න ඔබට තිබෙන සුදුසුකම මොකද්ද?
මට ඒ සඳහා ජාත්‍යන්තරව පිළිගත් පුහුණුවක් සහ සහතිකයක් තියෙනවා. එය ඕස්ටේ්‍රලියාවේ ආයතනයකින් මට ලබාදුන්න එකක්. ඒ වගේම මං රේඛී මාස්ටර් කෙනෙක් සහ රේඛී ග්‍රෑන්ඞ් මාස්ටර් කෙනෙක්. මුලින්ම රේඛී මාස්ටර් කෙනෙක් විදියට සෑහෙන කාලයක් ඉඳලයි මං මෑතකදී රේඛී ග්‍රෑන්ඞ් මාස්ටර් තත්ත්වය ලබාගත්තේ. ඒ වගේම ලංකාවට මුල්ම 3ෘ ඕරා යන්ත්‍රය ගෙනාවෙත් මම. ඒ වගේම මට ඒ ගැන විශේෂ පළපුරුද්දක් තිබෙනවා. ඒ වගේම මම ජාත්‍යන්තර රේඛී ආයතනයේ සාමාජිකයෙක්.
ඔබ මේ සඳහා ප්‍රවීණයෙක් කියලා ඔබම කියනවා. මේ වෙද්දි ඔබ ළඟට පැමිණි රෝගීන් කොතරම් ප්‍රමාණයක් සුවවෙලා තියෙනවද?
මගේ ළඟට ආපු රෝගීන් 100%ක් සුව වුණා කියලා මං කියන්නෙ නැහැ. හැබැයි 95%ක් පමණ සුවවෙලා තියෙනවා. ඒකට හේතුව සමහර අයට මොන ප්‍රතිකාරයවත් සාර්ථක වෙන්නෙ නැහැනෙ. ඒ නිසා 100% රෝගීන් සුව වෙන්නෙ නැහැ. යම් ප්‍රමාණයක් සුව නොවන අය ඉන්නවා.
ඔබ ඔය කියන තාක්‍ෂණය සහ ප්‍රතිකාර ක්‍රම කොතරම් දුරට සාර්ථකද?
මෙම ප්‍රතිකාර ක්‍රමය ඉතා පැරැණියි. රේඛී ප්‍රතිකාරය අවුරුදු සියයක් කිව්වට මේ විශ්ව ශක්ති ප්‍රතිකාරය රාවණ යුගයටත් එහා ගිය ක්‍රමයක්. ඇත්තම කිව්වොත් ඇමෙරිකන්කාරයෝ මේ තාක්‍ෂණය ගත්තේ අපේ පැරැණි චක්‍ර හත හොයාගෙන. ඒ නිසා චක්‍ර හත සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ අපේ රටේ සහ ඉන්දියාවේ පුරාණ රිෂිවරුන්ට.
රේඛීය ප්‍රතිකාර කරලා සුව කරන්න පුළුවන් රෝග මොනවද?
බෝ වන රෝග හැර ඕනෑම රෝගයක් සුව කරන්න පුළුවන්. දියවැඩියාව, අධිරුධිර පීඩනය, ආතරයිටිස් වගේ රෝග ඒ අතරට ඇතුළත් වෙනවා. ඒ වගේම ඕනෑම උණ රෝගී තත්ත්වයක් සුළු වෙලාවකදී හොඳ කරන්න පුළුවන්. ඒ වගේම ඕනෑම වේදනාකාරී තත්ත්වයන් අඩු කරන්නත් පුළුවන්.
මේ ප්‍රතිකාරය ගන්න ඔබ ළඟට එන අයට දෙන පොරොන්දුව මොකද්ද. මේ සඳහා කොතරම් කාලයක් ගතවෙනවද?
නිට්ටාවට සුවකරන්න පුළුවන් කියලා රේඛී ප්‍රතිකාර කරන කෙනකුට පොරොන්දු වෙන්න බැහැ. අපි කරන්නෙ බාහිර ප්‍රතිකාරයක්. අනෙක් කාරණය තමයි රේඛී ප්‍රතිකාරයට ගතවන කාලය ඔය වේදනාවන් වගේ දෙයක් සුව කිරීමට නම් ගතවෙන්නෙ විනාඩි ගණනක් පමණයි. ඊළඟට ඔය වකුගඩු රෝගීන්ට, දියවැඩියා රෝගීන්ට වගේ අයට කිහිපවාරයක් ප්‍රතිකාර ගන්න වෙනවා. හැබැයි වකුගඩු වගේ රෝග අසාධ්‍ය තත්ත්වයටම ගිහින්නම් එවැනි අය මෙයින් සුව කරන්න බැහැ. හැබැයි නිසි අවස්ථාවේදී මෙයට යොමු වුණොත් සුව කරන්න පුළුවන්. අනෙක් එක ඉතින් රේඛී කියන්නෙ මම හදපු ක්‍රමයක් නෙවෙයි. මෙය ජාත්‍යන්තරය පිළිගත් ක්‍රමයක්.
කාට හෝ ඕරා පරීක්‍ෂාවක් හෝ රේඛී ප්‍රතිකාරයකට යොමුවන්න ඕනෑ නම් මොකද කරන්න ඕන?
ඔව්. ඒ සඳහා ඕනෑම කෙනකුට බත්තරමුල්ල සුභූතිපුර සුභූති අතුරු මාවතේ, අංක 660හි පිහිටි ‘සඳැස් ඕරා හා ස්වාභාවික සුව කිරීමේ’ මධ්‍යස්ථානයට හෝ ගම්පහ සහ කුරුණෑගල පිහිටි අපගේ ශාඛාවකට පැමිණෙන්න පුළුවන්. එහෙම එන්න පෙර 0716 224 209 දුරකතනයට කතා කරලා වෙලාවක් වෙන්කරගෙන එන්න පුළුවන්. අනෙක් කාරණය අපෙන් ඕරා පරීක්‍ෂාවක් කරගන්නා අයට කිසිදු අය කිරීමක් නොමැතිව රේඛී ප්‍රතිකාරය ලබාගන්නත් පුළුවන්.
අවසන් වශයෙන් ඔබට මොනවද කියන්න තියෙන්නෙ?
ඇත්තටම දැන් නවීන ලෝකයේ වුණත් මේ ආධ්‍යාත්මික ප්‍රතිකාර ක්‍රම ඉස්මතුව එන කාලයක් මේක. ලංකාවෙත් එහෙම තත්ත්වයක් ඉස්මතුවේගෙන එමින් තිබෙනවා. පසුගිය එවැනි ප්‍රතිකාර ක්‍රම කළ කිහිප දෙනකුගේ වැඩකටයුතු කඩාකප්පල් කරන්නත් පිරිසක් උත්සාහ ගත්තා. ඉදිරියේදී අපටත් එවැනි ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි අපි මේ කරන්නේ මහජනතාවට සේවයක්. මොකද කිසිදු බෙහෙතක් නැතිව ලෙඩක් හොඳ කරගන්න පුළුවන්නම් එය යහපතක්.
කුමාර රත්නායක











