• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සෙට්ටිගේ අම්බලම අපි හොයාගත්තා

February 12, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
සෙට්ටිගේ අම්බලම අපි හොයාගත්තා
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකේය ඉතිහාසය ඉතාම පුළුල් සේම ඉතා විශාලය. ඒ නිසාම ඉතිහාසයට අයත් සුවිශේෂී සිදුවීම් බොහෝමයක් ජනප්‍රවාදයට සීමා වී ඇති සැටි අපට දැකගත හැකි වන්නේ ඉතිහාසය ඉතා පුළුල්ව හා ගැඹුරින් ගවේෂණය කිරීමේදීය. එහෙත් සියවසකට එපිටින් ගිය තැන නියම සාධක සහිතව නැතිනම් සාක්ෂි සහිතව ඉතිහාසගත කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇත්තේ ජීවමාන සාක්ෂි නැති වූ තැනය. සාක්ෂි හෝ ලේඛනගත නොවූ ඉතිහාසය ජනප්‍රවාදයට අයත්වේ. මෙම සටහනද එසේ ජනප්‍රවාදයට පමණක් සීමා නොකර ඉතිහාසගත සිදුවීමක් කිරීමේ තවත් උත්සාහයකි.

මහාවංශයේ සඳහන් වන “රජත ලෙන” ලෙස නම්කර ඇති, ජනප්‍රවාදයට අනුව දුටුගැමුණු මහ රජතුමා රුවන්වැලි මහසෑය ඉදිකිරීමේදී ඒ සඳහා රිදී “රජත ලෙන” නම් ප්‍රදේශයෙන් ලැබුණු නිසා එම ස්ථානය රිදී විහාරය ලෙස නම්කළ බව සඳහන්. ඒ නම්, වෑඋඩ විල්ලි හත්පත්තුවේ, මාදුරේ කෝරළයේ රිදීගම පිහිටා ඇත. එම ඓතිහාසික පුරවරයට නෑකම් කියන මෙම සටහන දැනට වසර සියයකට පෙර එනම් ආසන්න වශයෙන් 1918 වසරේ සිට 1965 දක්වා කාලයෙහි ලංකාවේ සිදුවූ ඓතිහාසික සිදුවීමකි. අදටත් ඇසින් දුටු ජීවමාන සාක්ෂි කිහිපයක් ඉතිරිකොට තවත් වසර කිහිපයක් යනවිට ජනප්‍රවාදයක් වීමට ඉඩ ඇති සත්‍ය සිදුවීමකි.

ආසන්න වශයෙන් 1918 වසරේ පමණ දකුණු ඉන්දියාවේ සිට ව්‍යාපාරික අරමුණු පෙරදැරි කරගෙන ලංකාවට පැමිණෙන කඩවසම් තරුණයෙකි. ඔහු නමින් ආ.වි.සේ.වු. සේවුගන් සෙට්ටිය. ඔහු ඔහුගේ ව්‍යාපාරික කටයුතු ආරම්භ කරන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඓතිහාසික රීදිගම පුරවරයේ පුස්සැල්ල නම් ගම් පියසේය. මූලිකව කෘෂි කර්මාන්තය මූලික කරගත් ඔහු, ව්‍යාපාර කටයුතු ආරම්භ කරනුයේ ලාංකික දමිළ ජාතික පුද්ගලයකු ඔහුගේ සහායක ලෙස පත් කරගනිමිනි. “කනකුපිල්ලෙයි” අදටත් පැරැන්නන්ගේ මතකයේ ඇති ඔහුගේ නියම නම කිසිවෙක් නොදනියි. එයට හේතුව කනකුපිල්ලෙයි ලෙසින් ඔහුගේ තනතුරෙන් පමණක් ආමන්ත්‍රණය කිරීමෙන් ඔබ්බට ඔහුගේ වගතුග සෙවීමට කිසිවකුටත් අවැසි නොවූ නිසාය. “කනකුපිල්ලෙයි” යනු දමිළ වචනයක් වන අතර එහි සිංහල තේරුම වනුයේ “ගණන් තබන්නා” ලෙසය. මුලදී ඒ ප්‍රදේශයේ කාගෙත් සිත් දිනාගන්නා සේවුගන් සෙට්ටි කඩවසම් ඉලන්දාරියා උපාය මාර්ගික ක්‍රම යොදා ගනිමින් එම ප්‍රදේශයේ ඉඩම් මිලදී ගැනීමට පිඹුරුපත් සකස් කරයි. ඒ අනුව ඒ අවට ප්‍රදේශයේ ජීවත් වූ මිනිසුන්ගේ ඉඩම් අක්කර 150ක් පමණ මිලදී ගන්නා ඔහු එහි කුඹුරු ගොවිතැන් කටයුතු ආරම්භ කරයි. ඔහුගේ ගොවිතැන් කටයුතුවල සේවය කිරීම සඳහා ඒ ප්‍රදේශයේ හා අවට ප්‍රදේශවල ජනතාවටම අවස්ථාවක් ලබා දෙන සේවුගන් සෙට්ටි කෙටි කලකින් ප්‍රදේශයේ මෙන්ම අවට ප්‍රදේශවලද ප්‍රසිද්ධ පුද්ගලයකු වේ. ඔහුගේ වාසය සඳහා කළුගලින්ම දෙමහල් නිවහනක් ඉදිකරගනියි. අදටත් සෙට්ටිගේ බංගලාව යනු, බංගලාව නැතත් ස්ථානය කවුරුත් දනියි. ඔහුගේ බංගලාවේ ඉවුම් පිහුම් පිරිසුදු කිරීම් කටයුතු සඳහාද කුලියට පැමිණෙන දමිළ කාන්තාවන්ම යොදා ගත්තේය. සේවුගන් සෙට්ටිගේ ප්‍රියතම ආහාරය වූයේ පරිප්පු හා වම්බටු සමඟ බත්ය. ඒ බව සඳහන් කළේ පුස්සැල්ල ගමේම පදිංචි වයෝවෘද්ධ කාන්තාවකි.

රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බොගමුව ග්‍රාම නිලධාරි වසමට අයත් මෙම ගම් පියස අදටත් කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිතයි. සේවුගන් සෙට්ටි යටතේ සේවය කළ සෑම සේවකයකුටම හොඳින් වැටුප් ගෙවා ඇති අතර අනෙකුත් යුතුකම්ද නිසියාකාරව ඉටුකළ බව තතු දත් පැරණි ගම්මුන් පවසති. කුඹුරු ගොවිතැන් කාලයේ සුදු වේට්ටියකින් හා සුදු කමිසයකින් සැරසී නළලේ තිලකයත් තබා නියරවල් මතින් පැමිණෙන විට කාගෙත් සිත් නිරායාසයෙන් ඇදී යන්නේ ඔහුගේ කෙසඟ ශරීරයට බවද ඒ අතීත මතකයන් තාමත් සිත් ඇති කාන්තාවන් පවසන්නේ මුවේ සිනාරැලි නංවමිනි.

මෙසේ කාලය ගෙවී යද්දී පුස්සැල්ල ගම මැදින් යන වන්දනා නඩයන් පිළිබඳව සේවුගන් සෙට්ටිට ඇති වූයේ අනුකම්පාවක් සහිත දැහැමි සිතුවිල්ලකි. වන්දනාවේ යන ගමන අතරතුර වෙහෙසකාරී බව නිසාම ගස් සෙවණේ ගිමන් හරින වන්දනාකරුවන් වෙනුවෙන් අම්බලමක් තැනීමට ඔහු තීරණය කරන්නේ මේ නිසා විය හැකිය. ඒ අනුව 1921 වසරේ අම්බලමේ වැඩ කටයුතු ආරම්භ වෙයි. එහි සේවය සඳහා ඒ ගමේ හා අවට ගම්වල මිනිසුන් යොදා ගනියි. සේවුගන් සෙට්ටි සැම විටම උත්සාහ කළේ සේවකයන් බඳවාගැනීමේදී ගමේම අයට ප්‍රමුඛස්ථානයක් දීමටය. මෙම අම්බලම ඉදිකිරීමේදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් පිළිබඳව විශ්‍රාම සුවයෙන් පසුවන හිටපු විදුහල්පතිවරයෙක් ඇතුළු තවත් පිරිසක් තවත් කරුණක් හෙළිකළේ එදා රජ දවසේ දස මහා යෝධයන් සිහිගන්වමිනි.

ඒ කතාවෙ මෙසේය. පුස්සැල්ලට ආසන්නයේ පිහිටි ගමක් වූ ගලබාව සිට පැමිණි පුද්ගලයෙක් සේවුගන් සෙට්ටිගෙන් කුමක් හෝ රැකියාවක් ඉල්ලා ඇත. ඔහු දෙස බලා සිටි සෙට්ටිට අනුකම්පාවක් ඇතිවූයෙන් කුමක් කළ හැකිදැයි ඔහුගෙන් විමසා ඇත. අහුකෙන්දා නම් වූ ඔහු පවසා ඇත්තේ තමාට ඕනෑම වැඩක් කළ හැකි බවය. ඒ කාලයේ අම්බලමේ ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පැවැති හෙයින් අම්බලමට පහළින් ගලා යන අහිරන් ඇල්ලෙන් වැලි ඇද දෙන ලෙස සෙට්ටි පවසා ඇත. අහුකෙන්දා ඒ සැණින් පෙරළා සෙට්ටිගෙන් ගෝණි දෙකක් හා කඹයක් ඉල්ලා ඇත. බුසල් තුනහමාරේ ගෝණි දෙකක් හා කඹයක් ආදි අහුකෙන්දා ඉල්ලූ සියල්ලා සපයාදී ඇත. අහුකෙන්දා ඒ ගෝණි දෙකට (ආසන්න වශයෙන් කි.ග්‍රෑ. 65 පමණ බර) තෙත වැලි පුරවා විශාල පරාලයක දෙපැත්තේ ගැට ගසා පරාලය කරමත තබා වැලි ඇද ඇති අතර, දිවා ආහාරය සඳහා හාල් සේරු එකහමාරක පමණ බත් ආහාරයට ගෙන ඇත. එදින සවස වැටුප් ගෙවන අවස්ථාවේ ඔහු කළ එක් දිනක වැඩය සඳහා දින දෙකක වැටුප් ගෙවා තවත් හාල් පොල් ඇතුළු අඩුම කුඩමද ලබාදී “ ආයේ වැඩට එන්නත් එපා, එහෙම වුණොත් මේ පැත්තේ ඉන්න මගේ මිනිසුන්ට වැඩ නැති වෙනවා” සේවුගන් සෙට්ටි එසේ පවසා සිටියේ ගමේ මිනිසුන් හතර පස් දෙනෙක් කරන වැඩ කොටස අහුකෙන්දා තනියම කළ නිසා ඔහු දිගටම පැමිණීමෙන් ගමේ මිනිසුන්ට වැඩ නැතිවේය යන පරාර්ථකාමී සිතුවිල්ල නිසා බව ගම්මු ඉතා ආදරයෙන් ඒ සිද්ධිය සිහිපත් කරති.
ඔහු විවාහයක් කරගෙන නොමැති අතර අනියම් බිරින්දෑවරුන් කිහිප දෙනකු ඇසුරු කළ බවත්, හතමුල්ලෑවේ කාන්තාවක් ප්‍රසිද්ධියේ සිටිය බවත් සෙට්ටිට දාව ඇයට පුතකු උපන් බවත් ඒ වෙනුවෙන් සේවුගන් සෙට්ටි ලංකාවෙන් පිටව යෑමේදී කුඹුරු ඉඩම් හය පෑලක් නොමිලේ ලියා දුන් බවත් සඳහන්. සුප්පා නමැති සේවුගන් සෙට්ටිගේ දරුවා වර්තමානයේ ජීවත්ව නොසිටින අතර සුප්පාගේ දරුවන්ගේ පරම්පරාව තවමත් සිටින බවද කරුණු අනාවරණය විය.

මෙම සුවිශේෂී සෙට්ටිගේ අම්බලම ඉදිකිරීම සඳහා විශාල කළුගල් යොදාගෙන ඇති අතර සවිශක්තියෙන් යුත් දැවද යොදාගෙන ඇත. සෙවිලි කිරීම සඳහා ඉන්දියාවේ බැන්ගලොර්හි මොර්ගන් සහ පුත්‍රයෝ සමාගමෙන් සෙවිලි උළු ගෙන්වා ඇත. අම්බලමේ කැණිමඬල සඳහා රීදීයෙන් නිමවූ බෝකොළ සහිත කොතක් සවිකර තිබී ඇති අතර එය වර්තමානයේ නැත. එම රිදී කොත හැත්තෑවේ දශකයේ අවසන් භාගයේ කවුරුන් විසින් හෝ සොරාගෙන ඇති බවත් පසුව කැණිමඬල දිරාපත්වන නිසා මැටියෙන් නිර්මාණය කළ කොතක් ගම්වැසියන් විසින් සවිකර ඇත. වර්තමානයේදීද දැඩි ශක්තිමත්ව හා ගාම්භීර ලීලාවෙන් තිබෙන සෙට්ටිගේ අම්බලමට අයිතිව තිබූ විශාල භූමිය දැන් ඉතිරිව ඇත්තේ අම්බලමේ පියස්සේ ප්‍රමාණයට පමණි.
රොෂාන් මාවතගම

SendShareShare
Previous Post

සිංගර් වෙතින් නව මහන මැෂින්

Next Post

රිදී තිරය ආක්‍රමණය කරන සුපර්ණා

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.