දිවයිනේ පුරෝගාමී පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවා මෙන්ම, ලොවට මහන මැෂින් හඳුන්වා දීමේ ද පුරෝගාමියා වන සිංගර්, ශ්‍රී ලංකාවේ ගෘහස්ථ, සුළු හා මධ්‍ය පරිමාණ මැහුම් කර්මාන්තය නඟා සිටුවීමේ අරමුණින් යුතුව, නවතම මහන මැෂින් මාදිලි ගණනාවක් පාරිභෝගිකයන් වෙත ඉදිරිපත් කර තිබේ. මහන මැෂින් සම්බන්ධ ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන විශ්වාසවන්ත නාමය ලෙසින්, ලොක්ස්ටිච් මැෂිමේ සිට ඕවර්ලොක් මැෂිම දක්වාම ආයතනික හා ගෘහස්ථ, මැහුම් කර්මාන්තයට අදාළ සෑම මාදිලියකම මැෂින් වෙළෙඳපොළට නිකුත් කර ඇත. සිංගර්, මැහුම් කර්මාන්තය දිරිමත් කිරීම මෙන්ම එහි දියුණුවට අතහිත දීම වෙනුවෙන් දීර්ඝකාලීනව කටයුතු කරයි.
මේ වන විට ලොව පුරා ඉහළ අලෙවියක් ඇති OJE, ආයතනික මැහුම් කර්මාන්තය ඉලක්ක කර ගනිමින්ම, චීනයේ නිමවන ලද අධිවේගී මහන මැෂින් වර්ගයක් වන අතර, සිංගර් එම මැෂින් මුල් වරට ශ්‍රී ලංකාවේ ගෘහස්ථ, සුළු හා මධ්‍ය පරිමාණ මැහුම් කර්මාන්ත ඉලක්ක කර ගනිමින් හඳුන්වා දී ඇත්තේ, අධිවේගී මහන මැෂින් භාවිතයෙන් මැහුම් කර්මාන්තයට ඉතා විශාල වාසි අත්පත් කරගත හැකි වන බැවිනි.











