ඉංග්‍රීසි පාලන අවධියේ අවස්ථා කිහිපයකම රාජ්‍ය සේවයට ජනයා තුළ තිබූ කැමැත්ත පිරිහී ගියේය. ඒ අනුව කෝල්බෲක් කොමිසම සිවිල් සේවකයන්ගේ වැටුප් අඩුකොට විශ්‍රාම වැටුප් නැති කිරීම නිසා වැදගත් යැයි සම්මත බොහෝමයක් පවුල්වල ඉගෙනගත් පිරිස් රජයේ සේවයට සමුදී වගාවට සිත යොමු කළේය. මේ තත්ත්වය තේරුම් ගත් හෝටන් ආණ්ඩුකාරයා වරද පෙන්වා දීමෙන් පසු 1837 කනිෂ්ඨ නිලධාරින්ගෙ වැටුප වැඩිකරන ලදී.
ඉන්පසු සර් කොලින් කැමල් විසින් බි්‍රතාන්‍යයේ විදේශ භාර මහලේකම්ට කරුණු පැහැදිලි කොට නැවැත 1845 දී මෙය ප්‍රතිසංස්කරණය කළ අතර, එතැන් සිට රාජ්‍ය සේවය අතර වැවිලි කර්මාන්තයේ යෙදීම සිවිල් සේවකයන්ට තහනම් විය. ඒත් සමඟම වසර 12ක සේවයෙන් පසු විශ්‍රාම වැටුප් ගැනීමට තිබූ අවස්ථාව අහිමි වී වයස 55න් පසුව විශ්‍රාම වැටුප් ලබාගන්නට සියලුම සිවිල් සේවකයන්ට හැකිවිය.
කුමාර