• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සුද්දොත් ගරු කරපු වන්නකු තිසාහාමි

November 3, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
සුද්දොත් ගරු කරපු වන්නකු තිසාහාමි
Share on WhatsAppShare on Facebook

වන්නකු- තිසාහාමි ගැන ඉංග්‍රීසි බසින් පොතක් ලියා ඇත. දොස්තර ස්පිට්ල් මෙම පොත ලියා ඇත්තේ වන්නකු තිසාහාමි සොයා ගොසින් 1930දී පමණය. බින්තැන්නේ මහඔය පොල්ලේබැද්ද වැදි ගම්මානයේ වන්නකු තිසාහාමි ජීවත් වී ඇත. ස්පිට්ල් පවසා ඇත්තේ වන්නකු තිසාහාමි අපරාධකරුවකු නොවන බවත්, තම වරිගේ ඇත්තන්ට එනම් ආදිවාසීන්ට හොඳින් උදවු, උපකාර කරමින් සැලකූ අයකු බවත්ය.

තිසාහාමි මියගොස් ඇත්තේ බදුල්ලේ සිරගෙදරය. ඔහු හිරේ යෑමට හේතුව මිනීමැරුම් ගණනාවකට වරදකරු වීමයි. තිසාහාමිට මංකොල්ලකෑම් හා මිනීමැරුම් ගණනාවකට චෝදනා එල්ල විය. ඔහු ප්‍රසිද්ධ දඩයක්කරුවෙකි. බෙහෙත් කොටන තුවක්කු පාවිච්චි කරමින්, බල්ලන් පහළොවක් පමණ දඩයමට පුරුදු කරගෙන සතුන් මරා කැලේ රජා ලෙස ජීවත් වුණු පුද්ගලයෙකි. ස්පිට්ල්ගේ පොතේ මෙසේ සඳහන් වෙයි. දිනක් (1930 දී පමණ) වන්නකු තිසාහාමි අල්ලාගෙන යෑමට බදුල්ල පොලිසියේ සුදු ජාතික පොලිස් නිලධාරීන් දෙදෙනකු පාර පෙන්වන්නකුගේ මාර්ගයෙන් තිසාහාමිගේ නිවෙස සොයා පැමිණ ඇත. තිසාහාමිගේ නිවෙස කටුමැටි ගැසූ ඉලුක් සෙවිලි කළ තනි කාමරයක කුඩා නිවෙසකි. නිවෙසට ඇතුළු වන පැත්තේ අඩි එකහමාරක් පළල, අඩි දෙකක් පමණ උස කවුළුවක් තබා ඇත. බිත්ති වටකර කටුමැටි ගසා ඇති අතර, හතර දිසාවටම වරිච්චි මැටි ගුළියක කවුළු තබා ඇත. නිවෙසට එන පුද්ගලයා කවුදැයි හඳුනා ගැනීමට එසේ කර ඇත. නිවෙස පෙන්වීමට එන පාරකරු නිවෙස දුර සිටම පෙන්වා ඔහු පැන දුවයි. ඒ, දුටුවොත් තිසාහාමිගෙන් මැරුම් කන්නට සිදුවන නිසාය. පොලිස් නිලධාරීන් දෙදෙනකු එන බව කටුමැටි කවුළුවෙන් දුටු ඔහු වහා බෙහෙත් කොටන තුවක්කුව අතට ගෙන එක වෙඩි පහරින්ම පොලිස් නිලධාරීන් දෙදෙනා මරණයට පත්කර ඇත. ඒ සැණින්ම දඩයම් බල්ලන් පහළොස් දෙනා පොලිස් නිලධාරීන් දෙදෙනාගේ මස්කටු සියල්ලම කා දමා ඇත. කාකි කෝට් හා කලිසම්වල අඟල් හතරක පමණ කෑල්ලක් ඉතිරි කර තිබුණු බව ස්පිට්ල් එම පොතෙහි ලියා තිබිණි.

වන්නකු තිසාහාමි කිසිවිට වරිගේ ඇත්තන්ට හිරිහැර කර නොමැත. ඔහු මඩකළපුවට ගොස් කඩවලින් මංකොල්ල කන බඩු ගමට ගෙනැවිත් වරිගේ ඇත්තන්ට බෙදා දුන් බවටත් සඳහන් වෙයි. එකල මඩකළපුවේ සිටි වැඩි පිරිසක් පරංගීන්ය. ඔවුන්ට ලී සපයා ඇත්තේ වන්නකු තිසාහාමිය. ඔහු ගෝලබාලයන් දමා කැලෑ ගස් කපා අඩි 10, 12 කඳන් කුට්ටිකර වෑයෙන් කපා වියගහ බැන්ද ගොන් බානකගේ උදව්වෙන් මඩකළපුවට රැගෙන යයි.

එදා සුද්දන් රට පාලනය කරන කාලේවත් වන්නකු තිසාහාමි මෙල්ල කරන්නට සුදු පොලිස් නිලධාරීන්ට බැරි විය. එකල අද මෙන් නගරයක් පාසා පොලිස් ස්ථාන නොතිබිණි. වන්නකු තිසාහාමි ඇල්ලීමට වරින්වර මඩකළපුව හා බදුල්ල පොලිසිවල සුදු ජාතික පොලිස් නිලධාරීන් පැමිණියත් තිසාහාමි අල්ලා ගැනීමට නොහැකි විය. පසුව තිසාහාමිට පාචන රෝගයක් වැළඳී පොල්ලබැද්ද හා වරාපිටිය අතර පිහිටි මහ වනයේ මානාගලතුමනි ගල් පර්වතයක සිටින බවට ඔත්තුකරුවන්ගේ මාර්ගයෙන් බදුල්ල පොලිසියට තොරතුරක් ලැබිණි. එම තොරතුරට අනුව පැමිණි බදුල්ල පොලිසියේ නිලධාරීන් පිරිසකට තිසාහාමි අත්අඩංගුවට ගැනීමට හැකි විය. අද මෙන් එකල සැකකරුවන් රැගෙන යෑමට පොලිසිවලට වාහන නොතිබිණි. තිබුණෙත් එක ජීප් රථයක් පමණි. අත්අඩංගුවට ගත් තිසාහාමි මහඹයට රැගෙන විත් මහඔය තානායමේ නවතා ගෙන සිට ඇත. එකල අද මෙන් බස් රථ නැත. බදුල්ල – මඩකළපුව මාර්ගයේ කරත්ත පමණක් ගමන් කර ඇත. ඒ මාර්ගයෙන් බදුල්ල පොලිසියට රැගෙන ගිය තිසාහාමිට විරුද්ධව බදුල්ල උසාවියේ නඩු පවරා ජීවිතාන්තය දක්වා සිරගෙයට නියම කර ඇත.

වසර ගණනාවක් හිරගෙදර සිරදඬුවම් විඳිමින් සිටි වන්නකු තිසාහාමි 1942.01.05 වැනි දින හිරගෙදරදීම මියගොස් ඇත. ඔහුගේ මිනිය භාර ගැනීමට ඳාතීන් කිසිවකු ඉදිරිපත් නොවීම නිසා බදුල්ලේදීම මිහිදන් කොට ඉංග්‍රීසි ආණ්ඩුව ඔහු සිහිවීමට බදුල්ල හිරගෙදර ඉදිරිපිට කුලුනක්ද ඉදිකොට තිබිණි. සුද්දන් පවා වන්නකු තිසාහාමි හඳුන්වා ඇත්තේ එඩිතර මිනිසකු ලෙසටයි.

වීගොඩ හේමපාල

SendShareShare
Previous Post

සජිත්-‌ගෝඨා-මහේෂ්-අනුර ‌මෙන්න දුන්නු ‌පොරොන්දු

Next Post

පාසල් ප්‍රේම කතාවේ පළමු පෙම්වතිය ‘ඕලු’

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

බෙලිඅත්ත, වලවල ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. Sri Lanka Latest News

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.