• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සුද්දා රෝහල් ගැන අහලවත් නැති කාලෙ සේන රජ්ජුරුවො මිහින්තලේ හදපු සුපිරි රෝහල

January 30, 2021
in Mahawanshaya
Reading Time: 3 mins read
A A
සුද්දා රෝහල් ගැන  අහලවත් නැති කාලෙ සේන රජ්ජුරුවො  මිහින්තලේ හදපු  සුපිරි රෝහල
Share on WhatsAppShare on Facebook

වර්තමානයේ වෛද්‍ය විද්‍යාවේදී විවිධ රටවල්වල නාමයන් ඉදිරියෙන්ම කියැවුණද පුරාවිද්‍යාඥයින්ගේ මතයට අනුව ලෝකයේ පැරැණිම රෝහල හමුවන්නේ මිහින්තලයෙනි. ලංකාවේ ක්‍රි.පූ. යුගයේ සිට රෝහල් පැවති බවට ලිඛිත සාධක මහාවංශයෙන් හමු වුවද පුරාවිද්‍යාත්මක වශයෙන් ඔප්පු කළ හැකි මටටමේ රෝහලක් පිළිබඳ නටබුන් හමුවන්නේ මිහින්තලයෙනි.

අනුරාධපුර යුගයේ ශාසනික වර්ධනයත් සමඟ මිහින්තලය ආශ්‍රිතව වැඩසිටි භික්ෂූන් සංඛ්‍යාව විශාල විය. මේ අනුව එම භික්ෂූන් හට ‍සෞඛ්‍යමය පහසුකම් සැපයීම සඳහා දෙවැනි සේන රජු (ක්‍රි.ව. 853-883) මෙම රෝහල ඉදිකර ඇත. පුරාවිද්‍යාත්මක පර්යේෂණයන්ට අනුව මෙහි ඇති නටබුන් ක්‍රි.ව. 10 වැනි සියවසට වඩා පැරණි බව පිළිගෙන ඇත.
වර්ග අඩි 100 පුරා පැතිර ඇති මිහින්තලේ පැරැණි රෝහලෙහි කාමර ප්‍රධාන පදනම් දෙකක් මත තනා ඇත. එසේම එහි කළ කැණීම්වලදී නිල් පැහැති වීදුරු පබළු‍ හමුවීම මඟින් අනුරාධපුර යුගයේ ඉරානය හා ලංකාව අතර පැවති වෙළෙඳ සබඳතා පිළිබඳ සාධක හමුවී ඇත.

මිහින්තලයේ පැරැණි රෝහල් බිමේ සිදු කළ කැණීම්වලදී භික්ෂූන් හා වෛද්‍යවරයන් හමුවූ කාමර, බෙහෙත් ගබඩා හා ස්නානය සඳහා ඉදිකරන ලද උණු ජලය පිරවූ නාන තටාක පැහැදිලිව හඳුනා ගැනීමට පුරාවිද්‍යාඥයින් සමත්විය.
ක්‍රිස්‌තු පූර්ව තුන්වන ශත වර්ෂයේදී ධර්මාශෝක රජුන් විසින් ලියවන ලද ශිලා ලේඛනයන්ගෙන්ද බොහෝ දේ හෙළිව තිබේ. රාජ්‍ය පාලනය පිළිබඳව ඔහු තුළ වූ විචක්‌ෂණ බුද්ධිය මෙන්ම කරුණාව පිළිබිඹු කෙරෙමින් තනන ලද, විහාරාරාම සංකීර්ණ හා ආරෝග්‍යශාලා පිළිබඳ තොරතුරු රාශියක්‌ ශිලා ලේඛනවලින් ගම්‍යමානවේ.

මනුෂ්‍ය ජීවිතයේ පූජනීයභාවය අවබෝධ කරගත් ධර්මාශෝක රජු, පානීය ජලය සඳහා ළිං තැනීම, සංචාරකයන් සඳහා තවලම් පොළවල් ඉදිකිරීම පමණක්‌ නොව හුදෙක්‌ ස්‌වභාවික පරිසරය පවත්වා ගනු වස්‌, ගස්‌ සිටුවීම ආදිය කරවන ලද බව ඉතිහාසඥයන් විසින් වාර්තා කරනු ලැබ තිබේ.



විවිධ සංකීර්ණ උපකරණවලින් සැදුම්ලත් වෙද නිවෙස්‌ හා රෝහල් මෙම යුගයේ පැවති බව ඵෙතිහාසික මූලාශ්‍රවලින් සනාථවන අතර, ඛනිජ ද්‍රව්‍ය ඇතුළත් බෙහෙත් වර්ග ද එළවළුවල ඇතුළත් සංඝටකවලින් නිපයූ බෙහෙත් ද්‍රව්‍ය හා විවිධ ආහාරවල ගුණාගුණ පිරික්‌සීම සඳහා රාජ්‍ය තුළ ප්‍රවීණ වෙදුන් ද ඒවායේ සේවය සඳහා පත් කරන ලද බව ඵෙතිහාසික මූලාශ්‍රවල දැක්‌වේ. මෙම වෙදුන් සංස්‌කෘත භාෂා ප්‍රවීණයන් වූ අතර ඔවුන් විසින් රෝහල් ඇඳන්හි වැතිර නිදන රෝගීන් සඳහා සජ්ජායනය කරන ශ්ලෝක මඟින්, ඔවුන් හට මානසික සුවය සලසන ලද බව ද සඳහන් වේ.

මෙම ශ්ලෝකයන් ආධ්‍යහාර කරගනු ලැබ ඇත්තේ ජීව විද්‍යාව හා විවිධ ඖෂධ පිළිබඳ ලියවුණු ‘ආයුර් – වේද‘ නම් ආගමික වෙද ග්‍රන්ථයකිනි. ආයුර් – වේද (ආයුර්= ආයුෂ කාලය සහ වෙද = ජීව විද්‍යාත්මක බෙහෙත් සත්කාර) යනු දේව ස්‌තුති ගායනා, යාඤා, සහ ශික්‌ෂාවන් ඇතුළත්ව ආරක්‌ෂා කර තිබෙන වාචික සම්ප්‍රදායකි. මෙය අතීතයේ බෙහෙත් පිළිබඳ ලියවුණු බොහෝ ඉපැරණි හා සත්‍ය වූ තොරතුරු ඇතුළත් ශ්ලෝක දහස්‌ ගණනින් හා දේශන දහස්‌ ගණනක්‌ යුත් ග්‍රන්ථ රත්නයක්‌ ලෙස සැලකේ.

දැනුදු විද්‍යාමානව පවත්නා පුස්‌කොළ පොතක්‌, ක්‍රි. ව. 900 පමණ බ්‍රහ්මණයකු විසින් කරන ලද්දේ යෑයි අනුමාන කෙරෙන අතර, එය බ්‍රහ්මණයකු විසින් බෞද්ධයන්ට පිරිනමන ලදැයි සඳහන් වේ. විධිමත්ව ජීවිතය පවත්වාගෙන යාමත්, රෝග සුවය හා වළක්‌වා ගැනීමත්, පිළිබඳ මින් අපේක්‌ෂා කෙරිණි. ‘ආසියාතිකයන් අතර වෙද තොරතුරුවල ඉතිහාසය‘ නම් ග්‍රන්ථය ලියූ ‘වයිස්‌‘ එම ග්‍රන්ථයේ ඇතුළත් කරුණු පිළිබඳව විග්‍රහ කරමින්, හෙතෙම කාය විච්ඡේදනය මඟින් මනුෂ්‍ය ශරීරයේ ව්‍යුහය පිළිබඳව විස්‌තර කෙරෙන අතර, ශරීරයට වැලf​ඳන රෝගයන් හා එය වැලඳීමට හේතූන්ද ඊට ඇවැසි ඵලදායී පිළියම් ද ඒ සඳහා අනුසාර කළයුතු ශික්‌ෂාවන් විසින් සනීපාරක්‌ෂක දිවියක්‌ පවත්වා ගත හැකි අන්දම පෙන්වා දී ඇත.

අප රටෙහි වෙද මහතා විසින් අධ්‍යයනය කරන ලද මෙම නිර්මාණයේ, ක්‌ෂත්‍රීය, චරක හා ක්‌ෂුද්‍රට පිළිබඳ ආයුර්වේදයෙහි විග්‍රහ කෙරේ. මෙහි පළමුවෙන් ගුරු හා ශිෂ්‍ය දෙපක්‌ෂය අතර කෙරෙන සංවාදයකින් කතාව ඇරඹේ. විසි එක්‌වන සියවසේ මුල් භාගයේ සිංහලයන් හා ද්‍රවිඩයන් අතර සුපතළ වූ මෙම ග්‍රන්ථයෙහි වෛද්‍ය කරුණු 21ක් පිළිබඳව කෙරෙන විග්‍රහයක්‌ ‘වයිට්‌ ලෝ‘ මහතා විසින් පෙන්වා දී ඇත. ඉතා බුද්ධිමත් හා විශ්වසනීය වියත් පිරිසක්‌ වූ ලංකාවේ වෙද්දු සංස්‌කෘත භාෂාවෙහි විශාරද වූවෝ බැවින් මෙම පුස්‌තකොළ පොත් මැනැවින් අධ්‍යයනය කළහ. ලංකාවේ බොහෝ රජවරුන් විසින් රෝහල් ගොඩනැගීමත් ඒ අතර සමහරකු වෛද්‍ය වෘත්තීන්හි යෙදීමත්, උදාහරණ ලෙස දැක්‌විය හැකි අතර, ගෞරවනීය කුසලතාවන් හා ප්‍රවීණතා පිළිබඳ සනාථවන අවස්‌ථාවන් පිළිබඳ ඉතිහාසයෙන් කරුණු සඳහන්ව තිබේ. මහාවංශයට අනුව, බුද්ධදාස රජතුමා (ක්‍රි. ව. 339) වසර 29 ක්‌ රාජ්‍ය පාලනය කළ අතර, එතුමා විසින් රචිත ‘ශාරාර්ථ සංග්‍රහය‘ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ලියවුණු අගනා ග්‍රන්ථයකි. බොහෝ රෝග ප්‍රතිකාර ක්‍රම පිළිබඳ කරුණු මෙම ග්‍රන්ථයෙහි අඩංගු වේ. එතුමා විසින් සෑම ගම් 10කටම රෝහලක්‌ තනවනු ලැබිණි. ඒ ඒ ස්ථානවලට ප්‍රධානීන් ද පත් කරනු ලැබිණි. ඒ ඒ ක්‍ෂේත්‍රයන්ගෙන් උපයාගත් ආදායම ආයතන නඩත්තු කටයුතු සඳහාද යොදවන ලදී. කුඩා දරුවන් සඳහා වෙදුන්ද, වසු පැටවුන් හා අලින් සඳහා පශු වෙදුන්ද ඔහු විසින් සේවයට පත් කරන ලදී. අන්ධයන් සඳහා මාවත් අසල බෙහෙත් ශාලා ගොඩනගන ලදී. වාසස්‌ථානයෙන් බැහැරට යන කල මෙතුමා විවිධ ශල්‍ය උපකරණ තම ඔලොගුවේ දමාගෙන යාමත්, අතරමඟ මුණගැසෙන රෝගීන් සඳහා උවටැන් කළ බවත් සඳහන් වේ.



ක්‍රි.ව. 782 දී රජකළ අග්බෝ රජතුමා වසර 6ක්‌ වූ සිය පාලන කාලය තුළ රෝගීන් සඳහා බෙහෙත් ද්‍රව්‍ය බෙදා දුන් බව ඉතිහාසයෙන් දැක්‌වේ. ක්‍රි.ව. 795 දී රජකළ දප්පුල රජු ඉතා ගෞරවාන්විත චරිතයක්‌ සතු වූ කෙනෙකු බව මෙසේ විස්‌තර වේ. ”‍මෙම තේජාන්විත කීර්තිමත් කුමරු පොළොන්නරුවේ රෝහලක්‌ ඉදි කෙරීය. හේ පදවිය ගමෙහි රෝහලක්‌ සාදා ගම්මුන්ට එහි අයිතිය පිරිනැමීය. ජීවන අවශ්‍යතා සඳහා ඵලදායි පියවරයන් ගන්නා ලදී. කොරුන් හා අන්ධ මිනිසුන් සඳහා ප්‍රදේශයේ විවිධ ස්‌ථාන කිහිපයක ශාලා ගොඩනගන ලදී. බොහෝ පුණ්‍ය කටයුතුවල යෙදුණු එතුමා ගවයන් සඳහා ධාන්‍ය වර්ගද, පැණි සහ සීනි මිශ්‍ර කළ බත් ළමුන් හට දුන් බව ඉතිහාසයේ සඳහන් ය.

(ක්‍රි.ව. 1163 සිට ක්‍රි.ව. 1196) පරාක්‍රමබාහු රජතුමා රෝගීන් සියගණන් සඳහා සියලු‍ පහසුකම් සහිත අංගසම්පූර්ණ ආරෝග්‍ය ශාලාවක්‌ ගොඩනැඟු‍ අතර රෝගීන්ගේ බෙහෙත් අවශ්‍යතා සඳහා එක්‌ පිරිමි රෝගියෙකුද, ගැහැනු රෝගියෙකු සඳහා සහකාරියකද පත් කරන ලදී. රෝගීන්ගේ බෙහෙත් හා ජීවන අවශ්‍යතා සඳහා මෙතුමා විසින් විවිධ ආඥාවන් පනවා ඇති අතර බෙහෙත් ගබඩාද පවත්වාගෙන යන ලද බව අනාවරණය වේ. ඉතා දක්‌ෂ වෙදුන් රෝගීන්ගේ අවශ්‍යතා සඳහා පත් කෙරිණි. රාජකීය ඇඳුම් ඉවත්කර සාමාන්‍ය වේශයෙන් මෙතුමා මසකට හතර වතාවක්‌ රෝහල බැලීමට යාමත්, එක්‌ එක් රෝගියාගේ අවශ්‍යතා ස්‌වභාවය විමසා බැලීමත්, විවිධ බෙහෙත් ප්‍රතිකාර ක්‍රම ලබා දීමත් කළ අතර සමහර රෝගයන් සඳහා තෙමේම රෝගියා පරික්‌ෂාවට භාජන කළේය. රෝගීන් සුව අතට හැරෙන කල ඔවුන් සඳහා රෙදිපිළි බෙදාදෙන ලදී. කුකුළන් වැනි සතුන්ගේ රෝගවලට මෙම කුමාරයා විසින් ප්‍රතිකාර කර තිබේ.

SendShareShare
Previous Post

නාමල් හරි මල්ලි… (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

Next Post

දේශය බලගන්වමින් මහජන බැංකුව ඉදිරියටම

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.