• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සුද්දන්ට කළින් රාවණා උඩින් ගිය රහස

March 8, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
සුද්දන්ට කළින් රාවණා උඩින් ගිය රහස
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකේය සුප්‍රසිද්ධ පුරාවෘත්තයක් ලෙස “රාවණ” හැඳින්විය හැකිය. රාවණගේ සමය අතීතය වුවද මේ වර්තමානයේ පවා ඔහු ගැන කතා කරන්නේ එම නිසා බව පැහැදිලිය. මෙදා රයිට් සහෝදරයෝ ගුවන් යානය සොයා අහසින් පියෑඹීමට පෙර රාවණ අහසින් පියඹා ඇති බව සඳහන් වෙයි. එමෙන්ම මෙදා අවුරුදු ගණන් වෙහෙසී පරීක්ෂණ කර රෝගයන් සඳහා වෙන ඖෂධ සොයාගැනීමට පෙර රාවණ එම රෝගයන්ට සරිලන ඖෂධයන් සොයාගත් බව සඳහන් වෙයි. මෙම රාවණ ගැන කතාබහ කිරීමේදී රාවණ අතීතය ඉතාම දියුණු සංස්කෘතියක් පැවති බවට සාක්ෂි හමුවෙයි. ඒ සාක්ෂි එකින් එක වර්තමානයේ ශිලාලේඛන, අභිලේඛන, චිත්‍ර හා පුස්කොළ පොත් ආදියෙන් ඔප්පු වෙමින් තිබේ. එම නිසාම ලාංකේය වංශ කතා අතර සුප්‍රසිද්ධ වංශකතාව වෙන මහාවංශය ඕනෑවටත් වඩා පවසන දුටුගැමුණු රජුට වඩා එහි නැති රාවණා ගැන සෙවීමට වත්මන් ජනතාව උනන්දු වෙයි. ඒ අතරින් ඔවුන්ගේ උනන්දුව වැඩි දියුණු තාක්ෂණයක් හෝ නොමැති සමයක එම රාවණ අහසින් ගිය ආකාරය ගැනයි.

අපේ ලංකා ඉතිහාසය තුළ “රාවණ” යන නාමයට හිමිවන්නේ එක්තරා සුවිශේෂී වූ තැනකි. සැබෑවටම “රාවණ” යනු එක්තරා පුරාවෘත්තයක් ලෙස පැවසීමේ වරදක්ද නැත. එම නිසාම ඇතැමුන් අදටත් “රාවණ” නාමය ගැන තොරතුරු සොයති. ඒ අතරින් බොහෝ පිරිසක් අදත් සොයන්නේ රාවණගේ “දඬු මොනරය” ගැනය. තාක්ෂණය පවා හරියට නොතිබූ කලෙක දඬුමොනරය අහසින් ගමන් කළේ කෙසේද යන්න මෙදා සැබෑවටම ප්‍රශ්නාර්ථයකි. රාවණ රජු එදා අහසින් යන්නට භාවිත කළ “පුෂ්පක විමානය” හෙවත් “දඬු මොනරය” රාවණ රජුගේම නිපැයුම් ලෙස සැලකෙයි. දඬුමොනරය යනු රාවණ රජු අහසින් යෑමට භාවිත කළ යානයයි. එමෙන්ම රාවණ රජු එදා භාවිත කෙරූ බව කියන “පුෂ්පිකය” හෙවත් “දඬුමොනරය” යනු රාවණගේ නිල රථය ලෙසද හඳුන්වති. එදා ඉන්දියානු ඉතිහාසයේ රාම රජු පා ගමනින් ලක්දිවට එන විට රාවණ සතුව ගුවන් ගමන් පහසුකම් පැවතීම තුළින් රාවණ රජු අතීතයේ කෙතරම් බලවත්ව සිටියේදැයි අවබෝධ කරගත හැකිය. තවද දියුණු තාක්ෂණයක් පවා නොමැති කලක රාවණ රජු මෙවන් නිර්මාණයක් කිරීම සැබෑවටම ඇස් අදහාගත නොහැකිය.

රාවණ රජු අතීතයේ භාවිත කළ බව කියන “දඬුමොනරය” යනු අති සැහැල්ලු දැව විශේෂයක් භාවිත කර නිම කරන ලද ගුවන් යානාවක් බව පැවසෙයි. ඊට ඉන්ධන වශයෙන් භාවිතයට ගෙන ඇත්තේ “රසදිය” බව අදටත් එළියට නොආ ප්‍රසිද්ධ රහසකි. සූර්ය බලය හා දියමන්තියක් ආධාරයෙන් රසදිය උණුසුමට ලක් කිරීම තුළින් යානාවට ගුවන් ගතවීම උදෙසා බලයක් ලබාගෙන ඇති බවද මෙහිදී සඳහන් කළ හැකිය. එදා මෙම ක්‍රියාවලිය නිසා රාවණගේ තිබූ “දඬුමොනරය” අහසේ ගමන් කළ බවත් රාවණ රජුද එය මතට නැඟී ගමන් කළ බවත් පැහැදිලිය. රාවණ රජු මෙරට සිටි ඒ කාල සමය ගැනද මෙහිදී කෙටියෙන් හෝ මතක් කළ යුතුය. අපේ රාජාවලියේ එන “මනු” රාජවංශය අවසාන වූවායින් පසුව තවත් රාජවංශ තුනක් ගැන ඉතිහාසය තුළ සඳහන්ව ඇත. එම රාජවංශ තුන වන්නේ වසර 10,000කට පෙර තිබූ “තාරකා” වංශයත් වසර 7500කට පෙර තිබූ “මහබලි” වංශයත් සහ වසර 5000කට පෙර තිබූ “රාවණ” වංශයත් යන රාජවංශයයි. ඒ අතරින් රාවණ රාජවංශය යනු මෙම රාවණ රජු සිටි ඒ කාලය බව වත්මන් විශ්වාසයයි.

ශ්‍රී ලංකාව රාවණ සිටි සමයේදී ඉතාමත්ම දියුණු සංස්කෘතියක් පැවති බවට ඒ යුගයට අයත්ව තිබෙන ශිලාලේඛන, අභිලේඛන, චිත්‍ර හා ‘පුස්කොළ’ ලිපි ආදිය තුළින් පැහැදිලිය. ඒවා ශාස්ත්‍රීය පර්යේෂණයක් සඳහා බඳුන් කරන විට එසේ පෙනී යයි. මේ අතර රාවණ රජ යුගය තුළදී හෙළදිව ගුවන් යානා පමණක් නොව ඊට එහා දේවල් පවා තිබුණු බවට අපමණ සාක්ෂි අපගේ රටේ මෙන්ම වෙනත් විදෙස් රටවලින් පවා සොයාගත හැකිය. අසල්වැසි ඉන්දියාව ඒ අතරින් ප්‍රමුඛම රටකි. විශේෂයෙන්ම “මහා භාරත කාව්‍යය” වැනි සම්භාව්‍ය ග්‍රන්ථවල පවා ඒ පිළිබඳව සඳහන් වී තිබේ. කෙසේ වුවද රාවණ යුගයේ තිබූ ගුවන් යානා පිළිබඳව නම් මුල්වරට සාකච්ඡා කරන්නේ වාල්මිකීගේ රාමායණ කාව්‍යය තුළය. එහි සඳහන් ආකාරයට “පුෂ්පක” නම් ගුවන් යානයක් රාවණ රජුට තිබුණු බව සඳහන්ය. මේ අතර ඒ බව රාමායණය ප්‍රමුඛව තවත් පුරාණ ග්‍රන්ථ රැසකම සඳහන් වී ඇත. රාවණ සතු මෙම “පුෂ්පක” නම් යානයට “ඳඬුමොනරය” කියන්නේ ඇයිද යන්න නම් එක්තරා ප්‍රශ්නාර්ථයකි. නමුත් පුෂ්පිකය නොදත් සියල්ලෝම දඬු මොනරය හඳුනා ගනියි.

රාවණ සතු “පුෂ්පික” නම් යානයට දඬුමොනරය ලෙස පැවසීම තුළ යම් ප්‍රශ්නාර්ථයක් මතුව තිබුණද එය තව දුරටත් අපට ප්‍රශ්නාර්ථයක් නොවූයේ අප ඊට පිළිතුරක් සොයා ඒ පසුපස පැන්නූ නිසාය. ඒ අනුව එදා තිබූ ඉපැරණි පුස්කොළ ග්‍රන්ථයක් වූ “රාවණ කතා” නම් ග්‍රන්ථය තුළින් ඊට පිළිතුරක් සකසාගත හැකිය. එම ග්‍රන්ථයේ සඳහන් ආකාරයට හිමාලය කන්දෙහි උතුරු දෙසට ගව් හතක් ගිය විට “මයුර දණ්ඩ” නම් ශාකයන්ගෙන් පිරී ඇති විශාල වූ වනයක් හමුවෙනා බවත් එම මයුර දණ්ඩ ලී එදා ගුවන් යානා නිපදවීම පිණිස භාවිත කළ බවත් සඳහන්ය. ඉතා ශක්තිමත් එහෙත් සැහැල්ලු වූ මෙම ලී වර්ගය ඉක්මනින් හානි නොවන නොකැඩෙන ලී වර්ගයකි. මෙම ශාකයේ ඇති කොළ අතු මොනර පිල් හැඩය ගෙන ඇති නිසා සහ විශාල වශයෙන් මොනරුන් එම වනය ආශ්‍රිතව ජීවත් වෙන නිසාත් එම ශාකය “මයුර දණ්ඩ” යනුවෙන් එදා හැඳින්වූ බවත් “රාවණ කතා” නම් පුස්කොළ ග්‍රන්ථයේ සඳහන්ව ඇති බව පැවසෙයි. මේ අනුව පෙනී යන්නේ එවකට රාවණ රජු මෙම ශාකයේ ඇති ලී යොදාගෙන තම දඬු මොනරය සකසා ගත් බවයි. එමෙන්ම ඊට දඬු මොනරය යැයි කියන්නේද එය “මයුර දණ්ඩ” නම් ශාකයේ ලීයෙන් සැකසූ නිසා බව අපට විශ්වාස කළ හැකිය. නමුත් එය අපේ විශ්වාසයක් පමණි.
මේ අතර “ශ්‍රී ලංකා රාජධානිය” නම් ග්‍රන්ථයේ පිටු අංක 108 තුළ සඳහන්ව ඇත්තේ රාවණ යුගයේදී අපේ ලංකාව තුළ ගුවන් යානා වර්ග රැසක්ම තිබුණු බවට සාක්ෂි හමුවී ඇති බවයි. “විමන්” නමින් විශාල ගුවන් යානාද “බිමන්” නමින් කුඩා ගුවන් යානාද එදා තිබුණු බවට සාක්ෂි තිබේ. එමෙන්ම එදා කඳු මුදුන්වල සිට පහළට බසින යානා මෙන්ම කන්දක සිට තවත් එවැනි කන්දකට ගමන් කළ හැකි යානාද තිබූ බව සඳහන්ය. එදා මෙදා ගුවන් යානාවල වෙනස වන්නේ එදා ගුවන් යානා සුළං බල ශක්තියෙන් ක්‍රියා කිරීමත් මෙදා ගුවන් යානා ඉන්ධන බල ශක්තියෙන් ක්‍රියා කිරීමත්ම පමණි. එදා මෙරට තිබූ බවට සාක්ෂි ඇති “විමන” සහ “බිමන්” පණ ගන්වන්නේ පාපැදියක් මෙනි. එහි බඹර කීපයක් කැරකැවීමත් සමඟම ක්‍රමානුකූලව ඉහළ යයි. එහිදී යා යුතු දිශාව, ගමන් කළ යුතු උස ප්‍රමාණය මෙන්ම නැවැත්වීම සහ බිමට බැසීම ආදී කටයුතු සියල්ලම නියමුවා විසින්ම කළ හැකි ලෙස ඝන රිදී ලෝහයෙන් නිම කළ උපකරණවලින් සමන්විතය. ඒ බව “රාවණා කතා” ග්‍රන්ථයේ සඳහන් කර තිබේ.

වර්තමානයේ “වාරියපොළ” මෙන්ම “වාරියගොඩ” නම් වූ ග්‍රාම නාම රැසක්ම තිබෙන්නේ එවකට සුළං බල ශක්තියෙන් ගමන් කළ ගුවන් යානා අහසට නැංවූ මෙන්ම ගොඩබැස්සවූ ගුවන් පථ නිසා බව යැයි අපේ ඉතිහාසඥයන්ගේ අදහසයි. මේ අතර අප රටේ යම් සෙල්ලිපිවල ගුවන් යානා චිත්‍ර ආදිය ඇති අතර ගුවන් යානා ගැන සඳහන් සෙල්ලිපි රැසක්ද හමුවී තිබේ. ඒ තුළින් පෙනීයන්නේ එවකට අප රටේ දියුණු ගුවන් සේවයක් තිබුණු බවයි. තවද නුවරඑළියේ කොත්මලේ ප්‍රදේශයෙන් මෙන්ම කාලගිරි හෙවත් අද තොප්පිගල ප්‍රදේශයේද එදා ගුවන්පථ තිබූ බවට ඉතිහාසඥයන් සැක පළ කරයි. “දූතක” යන නමින් ගුවන් නියමුවන් එදා හඳුන්වා ඇති බවද ඔවුන්ගේ අදහසයි. එම කතා “අප හෙළ සිංහල ඉතිහාසය” සහ “රාවණා කතා” යන ග්‍රන්ථ තුළ සඳහන්ය. මේ අතර හමුවී ඇති එදා පැරණි සෙල්ලිපියක ගුවන් යානා සමාගමක ලාංඡනයක් සහ ගුවන් නැවක චිත්‍රයක් තිබූ බවට සාක්ෂි ඇත. තවද මිසරය, බැබිලෝනියාව ආදී රටවල පිරමීඩවල ගුවන් යානා සටහන් තිබේ. ඒ සියල්ල එදා මෙරට සිට එරටට අහසින් ගිය මෙරට යක්ෂ ගෝත්‍රික ඉන්ජිනේරුවන්ගේ සිතුවම් බව විද්වත් මතයකි.

“අපේ හෙළ සිංහල ඉතිහාසය” යන ග්‍රන්ථයේ එදා ගුවන්යානා පිළිබඳව විවිධ වූ කරුණු කාරණා වේ. එහි සඳහන් පරිදි රත්නපුර බොල්තුඹේ දේවාලයේ රාවණා රජුගේ ගුවන් යානයක සුන්බුන් තිබූ බවට සඳහන් වී ඇත. නමුත් අදටත් ඒ ගැන වැඩිදුර සාක්ෂි නැත. මේ අතර ලග්ගල කන්දේද එක් තැනක ගුවන් යානයක් යැයි සිතිය හැකි ලාංඡනයක් ඇති බව සඳහන්ය. මේ අතර කරඳහෙළ කන්දේ කුම්භකර්ණගේ උපදෙස් පරිදි ගලේ කොටන ලද ගුවන් යානයක් දැකිය හැකි බව සඳහන් වෙයි. තවද එවකට ගාලු දිස්ත්‍රික්කයේ බලපිටියේ මහදූවේ සංචාරයක් සිදුකළ එක්තරා වූ මහාචාර්යවරයෙක් ප්‍රකාශ කළේ එහිද ගුවන්යානා තොටුපොළක් තිබෙන්නට ඇති බවයි. මේ අතර රාම රාවණ යුද සමයේ රාම කුමරුගේ උදව් උපකාරයන්ට බෙහෙත් ඖෂධ රැගෙන ආ යානයක් රූමස්සල කඳු මුදුනෙහි හැපුණු බවද පැවසෙයි. එම යානය එවකට නාග ගෝත්‍රිකයන්ට අයත් වූවක් බවත් විභීෂණගේ බලපෑම නිසා නාග ගෝත්‍රිකයන්ද රාම කුමරුට උදව් කළ බවත් එම යානය අනතුරෙන් පසු නවතා තිබුණු ප්‍රදේශය “නා විමන” වී ඇති බවත් සඳහන්ය. එහෙත් රාම රාවණ යුද්ධයෙන් පසුවට හෙළදිව ගුවන් යානා තාක්ෂණය සම්පූර්ණයෙන් විනාශ වී ගිය බව “රාවණ කතා” ග්‍රන්ථය සාක්ෂි දරයි.
රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

සති 2ට බිලියන 8ක විදෙස් ආයෝජන අරන් යයි: ‌කොටස් ‌වෙළෙදපොළත් වැටෙයි

Next Post

විවාහයට ගින්දර දෙන සැඟවුණු රහස්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.