• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සීගිරියේ නොදන්න පැත්ත

March 14, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
සීගිරියේ නොදන්න පැත්ත
Share on WhatsAppShare on Facebook

එදා මෙන්ම අදත් පෙර අපරදිග රසවතුන්ගේ සිත් සතන් අමන්දානන්දයට පත්කරමින් ලෝකයේ අටවැනි පුදුමය ලෙස විශ්ව සම්මානය හිමිවන්නේ සීගිරියට බව අපි දනිමු. නූතන ඉන්ජිනේරුවා පවා මවිත කරවන අයුරින් නිර්මාණය වී ඇති සීගිරියේ තාක්ෂණය නම් අදටත් ප්‍රහේළිකාවකි. කලාකාමී මහා කාශ්‍යප රජුගේ බලකොටුව ලෙසට සැලකෙන මෙම භූමිය සැබෑවටම රජකුගේ බලකොටුවක් නොව ඊට එහා ගිය මනරම් කලාගාරයකි. ඒ නිසාම මහාවංශයේ අපි මෙවර ඔබට ගෙන එන්නේ සීගිරියේ අතීත කතාවය. මන්ද සීගිරියේ අතීතය සීගිරිය තරමටම අපූරුය.
ආලකමන්දාවට නොදෙවැනි සීගිරිය
මහා කාශ්‍යප රජු යනු සැබෑවටම කලාකාමියෙකි. ඒ නිසාම කලාකාමියකු වූ එම කාශ්‍යප රජුට සුන්දර පරිසරයක අවැසියාව මත කුවේරයාගේ ආලකමන්දාව ගැන අසා ඊට වඩා අලංකාර ලෙස සීගිරිය නිර්මාණය කළ බවට වංශ කතා සාක්ෂි දරයි. සීගිරිය නිර්මාණය කිරීමට වසර දහ අටක් වැනි එක් රාජ්‍ය පාලන කලක් ගත වී ඇත. එමෙන්ම මෙහි සියවස් ගණනාවක කලා ශිල්ප තිබේ. චූලවංශයට අනුව දහ අට වසරක් මහා කාශ්‍යප රජු එසේ රජකම් කර ඇති අතර විශාල ජන ප්‍රසාදයක් ඔහුට ලැබී තිබූ බවද සඳහන්ය. තවද පියා මැරූ කාශ්‍යප රජුගේ සිත් තැවුල නිසා ඔහු බොහෝ පින් දහම් කිරීමට පෙලඹී ඇති බවද කියවේ. එමෙන්ම පසුගියදා කතාබහට ලක්වූ පිදුරංගල විහාරයද මෙම කාශ්‍යප රජුගේ අගනා නිර්මාණයකි.
සීගිරිය පැමිණි දුර
මාතලේ දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති සීගිරිය දෙස් විදෙස් එම සංචාරකයන්ගේ ජනප්‍රසාදයට නිතැතින්ම ලක්වෙන ස්ථානයකි. ඒ අනුව සීගිරියේ එම ඉතිහාසය අවධි හයකට බෙදා වෙන් කළ හැකිය.
(01) කාශ්‍යප යුගය (ක්‍රි.පූ. 3-5)
(02) කාශ්‍යප යුගය (ක්‍රි.පූ. 475-497)
(03) පසු කාශ්‍යප යුගය (ක්‍රි.ව. 6-13)
(04) අප්‍රකට යුගය (ක්‍රි.ව. 13-17)
(05) මහනුවර යුගය (ක්‍රි.ව. 17-19)
(06) නූතන යුගය (ක්‍රි.ව. 19 සිට අද දක්වා)
වංශ කතා කියන ඇත්ත
වංශ කතාවලට අනුව මෙම කාශ්‍යප රජු සීගිරිය නිර්මාණය කරගන්නේ තම සහෝදරයා වූ මුගලන් රජුතුමාගෙන් තමාට එල්ලවිය හැකි වූ තර්ජනයන්ට බියෙනි. මේ අනුව බලන කල සීගිරිය බලකොටුවකි. නමුත් සෙනරත් පරණවිතානයන් පවසන්නේ සීගිරිය කරවීමට වැයකළ ධනස්කන්ධයත් මිනිස් ශ්‍රමයත් කැටපත් පවුර සහ බිතුසිතුවම් දෙසත් බැලූ කල මෙය බලකොටුවකට වඩා මහා කලාගාරයක් වූ බවයි. නටබුන් අනුව සීගිරියේ වාසයට එහි තිබී දැනට හමුවී ඇත්තේ එක් ගෘහයක් පමණි. ඒ අනුව සීගිරිය යනු බලකොටුවකට එහා ගිය කලාගාරයක් බව දැන් මතය වී තිබේ.
කලාගාරයක් වූ සීගිරිය
සීගිරිය යනු ස්වාභාවික සහ නිර්මාණශීලී ගෘහ නිර්මාණ ශිල්පය යන දෙයාකාරයම උපයෝගී කොට නිර්මාණය කළ අපූර්ව කලා භූමියකි. එසේ නැතිනම් කලාගාරයකි. අක්කර 1200ක භූමි ප්‍රමාණයකින් යුතු අපූරු භූමියක් වන සීගිරිය අදටත් සංරක්ෂණය කර තිබෙන්නේ අක්කර දෙසීයක තරම් කුඩා ප්‍රමාණයක් පමණි. අතීතයේ සීතල මාලිගා සංකල්පය තිබූ බවට හොඳම සාක්ෂිය වන්නේද සීගිරියයි. ඒ අනුව මාලිගා බිත්තිවල තිබෙනා වූ කුහරවලින් ජලය ගලා යෑමට සැලසීමෙන් එහි උෂ්ණත්වය අඩුකරගෙන ඇති බවට නටබුන් හරහා පෙනෙන්නට තිබේ. එමෙන්ම කැටපත් පවුර මඟින් අතීතයේ විසූවන්ගේ කලාත්මක මෙන්ම නිර්මාණශීලී භාෂා විලාසය දැකගත හැකිය.
කෞතුකාගාරයක් බඳු සීගිරිය
නාගරික සැලසුම් ක්‍රම, භූමි නිර්මාණ ක්‍රම මෙන්ම ඉන්ජිනේරු විද්‍යාව, ජල තාක්ෂණය, ගෘහ නිර්මාණ සහ කලා ශිල්ප ක්‍රම, සාහිත්‍යය සීගිරිය හා බැඳී පැවතෙන අංගයන් වේ. එමෙන්ම සීගිරියේ නැරඹීමට ඇති මූලික දේවල් වන්නේද රජ මාලිගාව, සිංහ රූපය, සීගිරි චිත්‍ර සහ කැටපත් පවුරයි.
සීගිරිය කළ මහා කාශ්‍යප රජු
කාශ්‍යප රජතුමා යනු ධාතුසේන රජතුමාගේ දෙටු පුතුය. ඔහු පල්ලව රාජ වංශික බිසවකගෙන් ලද පුතෙකි. එම නිසාම ඔහු “භින්න මාතෘක” විය. මුගලන් යනු සොත්ථිසේන රජුගේ දියණිය වෙතින් ධාතුසේන රජුට දාව ඉපදුණු පුතෙකි. එනිසා ඔහු “සමාන මාතෘක” විය. හෙළ සිරිතට අනුව ධාතුසේන රජුගෙන් පසු එම සිංහාසනය උරුම වන්නට නියමිතව තිබුණේ උභය කුල පාරිශුද්ධත්වය හිමි වූ මුගලන් කුමරුටය. නමුත් එදා දකුණු ඉන්දියාවෙන් ආ භාරතීය සේනාව සමඟ යුද වැදුණේ කාශ්‍යප කුමරුය. එදා ඒ ජයග්‍රහණයෙන් පසුව ඔහු පිය රජුගෙන් යුවරජකම ඉල්ලීය. එහෙත් එය ඉටුනොවූ නිසා කාශ්‍යප කුමරු ක්‍රි.ව. 477 දී විහාර සෙන්පති හා එක්ව තම පිය රජු මරා රාජ්‍යය ලබාගත් බව චූලවංශය සඳහන් කරයි. එහෙත් පියා මැරූ රජු පසුව ඇති වූ සිත් තැවුල නිසාවෙන් බොහෝ පින් රැස් කිරීමට පෙලඹී ඇති බවද කියයි.
අවාසනාවන්ත මරණයක්
කාශ්‍යප සහ මුගලන් කුමරු අතර සිදු වූ අවසන් සටනේදී තම සේනාව තමන්ව තනි කිරීම නිසාවෙන් සිය කඩුවෙන්ම කාශ්‍යප රජු සියදිවි හානිකරගත් බව සඳහන්ය. එහෙත් අපගේ ජනප්‍රවාදයේ ඇතැම් තැනක සඳහන් වන්නේ අනියම් බිරියක් විසින් රජුට වස දීම නිසා රජු මියගිය බවයි. එහෙත් අදටත් අප පිළිගන්නා මතය වන්නේ කාශ්‍යප රජු එදා සියදිවි හානි කරගත් බවයි. එවකට මහා කාශ්‍යප රජු මියගිය පසු ආදාහන පූජෝත්සවය කළ ස්ථානය ලෙස සඳහන් වන්නේ මීට ටික කලකට පෙර රටම කතා කළ පිදුරංගලය.
විස්මිත ජල තාක්ෂණය
ස්වයංක්‍රීයව අදද ක්‍රියාත්මක වන ජලමල් මෙන්ම ජල උද්‍යානයන් නූතන දියුණු ඉන්ජිනේරුවා පවා මවිත කරවනසුලුය. ඒ තුළ වර්තමාන ඉන්ජිනේරුවන් පවා නොදත් දේ ගැබ්ව ඇතුවාට සැකයක් නැත. ඉතා දියුණු තාක්ෂණයක් පවා නොතිබුණු කලෙක කානු පද්ධති සකස්කර ජල පොකුණුවලට ජලය ලබාගෙන තිබීම අපූරුය. ඊට එක පොකුණකින් ජලය අනෙකට ගලනා ලෙස අනුපිළිවෙළට එය සකසා තිබීම නිසා සීගිරියේ ජල තාක්ෂණය ඇත්තෙන්ම විස්මිතය.
විනාශ වූ සීගිරි චිත්‍ර
සීගිරිය මෙතරම් ප්‍රසිද්ධ වීමට එහි ඇඳ තිබෙනා සීගිරි චිත්‍ර මනා රුකුලක් වී ඇති බව පිළිගත යුතුමය. ඒ තරමටම එම චිත්‍ර අපූරුය. අතීතයේදී මෙම සීගිරි චිත්‍ර සිතුවම් කර ඇත්තේ තෙත බදාමයක් මතය. එම බදාමයට මී පැණි, හුඹස් මැටි, දහයියා සහ කිරි ආදිය උපයෝගී කරගෙන ඇත. මුල් කාලයේදී මෙහි චිත්‍ර 502ක් පමණ තිබුණද අද වන විට එහි සුරැකිව ඇත්තේ ඉන් චිත්‍ර 22ක් පමණි. තෙත බදාම තලයක ඇඳි මෙම චිත්‍ර එම බදාමය වියළීමට පෙර ඇඳගත යුතු වූ නිසා අවශ්‍ය තරමට එය සකසා නිර්මාණය අවසන් කොට ඇත. වැරුදුණු තැන් පවා එම චිත්‍රවල දක්නට ලැබීමෙන් සනාථ වන්නේ ඒවා එක එල්ලයේම ඇඳ ඇති බවයි.
අදටත් විස්මිත සීගිරි චිත්‍ර
එදා මෙන්ම අදත් පෙර අපරදිග රසවතුන්ගේ සිත් සතන් සනහාලන සීගිරියට ඒ තැන ලැබී තිබෙන්නේ මූලිකවම සීගිරි බිතු සිතුවම් හෙවත් මෙම සීගිරි චිත්‍ර නිසාය. ගොකටු කිරිත් මකුළු මැටිත් රණවරා ආදී වූ පාරිසරික දේ පමණක් උපයෝගී කරගෙන සීගිරි චිත්‍ර වර්ණ ගන්වා තිබේ. මිනිස් ප්‍රමාණයට වඩා තරමක් කුඩා සුකුමාල ලලනාවන්ගේ රූප ඒ අතර ප්‍රධානය. ඒවා සියල්ලම පාහේ ඉඟටියෙන් ඉහළ නග්න රූප ලෙස බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. ක්‍රි.ව. 8 වැනි සියවසේදී ලියවුණු සීගිරි කුරුටු ගීයකට අනුව කලින් මෙහි චිත්‍ර 502ක් තිබෙන්නට ඇතැයි පැවසේ. එහෙත් අපේ අවාසනාවට අද මෙහි ඉතිරිව ඇත්තේ ඉන් චිත්‍ර 22ක් පමණි.
සීගිරිය හැඩකරන සුරූපී ලලනාවන්
සාහිත්‍යයේ කල්පිතයට එකඟව අගින් සිහින් වූ කාන්තාවගේ ඇතැඟිලිත් සිහිනිඟත් මස්පිඬු පිරුණු පුළුලුකුලත් වට පුන් පියයුරුත් රෝස තොල්පෙතිත් දිගැටි ඇසුත් මෙම සීගිරි චිත්‍රවල දැන් දැකිය හැකිය. වර්ණයන්ගෙන් අඳුර හා ආලෝකය මනාව නිරූපණය කර ඇති මෙම චිත්‍රයන් ත්‍රිමාණ අයුරින් අපූරු ලෙසට නිර්මාණය කර තිබීම විශිෂ්ටය.
සීගිරි චිත්‍රයන්හි නාරි රූප වලාකුළෙන් නික්මෙන්නා සේ ඇඳ ඇත. රන්ලියන් තනපටක් බැඳ සිටිනා අතර ඔවුන් නිල්වන් ලියන් හා කැටුව සිටිනා අයුරින් ඇඳ ඇත. ඔවුන්ගේ එම උඩුකය නිරුවත්ය. එම චිත්‍ර තනි තනිව සහ කිහිපදෙනකුන් වන සේ නිර්මාණය කිරීමටද කටයුතු කර තිබීම මෙහි විශේෂත්වයකි. මෙහි නාරි රූපයන් මතුවෙන වලාකුළු රන් පැහැයෙන් වර්ණ ගන්වා ඇත.
සීගිරිය ගැන විචාරක මත
සීගිරි චිත්‍රයන් මඟින් අර්ථ ගැන්වෙන්නේ කුමක්ද යන්න අදටත් තනි පිළිතුරක් නැත. එහෙත් විටින් විට විචාරකයන් විසින් ඒ ගැන සිය මතයන් ඉදිරිපත් කර ඇත. නමුත් එම විවිධ මතයන් එකකට එකක් සමාන නොවන නිසා සැබෑවටම සීගිරි චිත්‍රයන් මඟින් අර්ථ ගැන්වෙන්නේ කුමක්ද යන්න අදටත් ප්‍රහේළිකාවකි.
එකකට එකක් වෙනස් විචාරක මත
සෙනරත් පරණවිතානයන් පවසන්නේ රන්වන් ලියන් මඟින් විජ්ජුලතාත් සහ නිල්වන් ලියන් මඟින් මේඝලතාත් නිරූපණය වෙන බවයි. එච්.සී.පී. බෙල් මහතා පවසන ආකාරයට රන්වන් ලියන් අන්තඃපුර ස්ත්‍රීන් බවත් නිල්වන් ලියන් ඔවුන්ගේ සේවිකාවන් බවත් පැවසෙයි. එමෙන්ම ඔවුන් ඒ යන්නේ පිදුරංගල ඇති විහාරය වඳින්නට බව ඔහුගේ මතයයි. ආනන්ද කුමාරස්වාමි පවසන්නේ මෙම නාරි රූපයන් වලාකුළුවලින් මතුවෙන නිසා මෙයින් නිරූපණය වන්නේ දිව්‍ය අප්සරාවන් සිය සේවිකාවන් හා පැමිණ සීගිරියට මල් වැසි වැස්සවීම සිදුකරන බවයි. එහෙත් නන්දසේන විජේසේකරගේ මතය වන්නේ මහා කාශ්‍යප රජුගේ වියෝවෙන් දුකට පත් අන්තඃපුර සිටි ස්ත්‍රීන් මෙම චිත්‍ර තුළින් නිරූපණය වන බවයි. මාර්ටින් වික්‍රමසිංහයන් පවසන ආකාරයට මෙයින් නිරූපණය වන්නේ දිය කෙළින ළඳුන්ය. සීගිරිය යනු සෞන්දර්ය වින්දනයක් සඳහා සැකසූ විවේකාගාරයක් වන බවත් එහි චිත්‍ර සාමාන්‍ය මිනිස් රූප බවත් සිරි ගුණසිංහ සිය මතය මඟින් පෙන්වා දී ඇත.

අදටත් ලංකාද්වීපයට මහත් අභිමානයක් ලෙස සීගිරිය දැක්විය හැකිය. අතීතයෙන් අපිට ලැබුණු මහා වටිනා දායාදයක් වන මෙම සීගිරිය වර්තමානයේදී ශ්‍රී ලංකාද්වීපය ලෝකයා ඉදිරියට ගෙන ගිය තවත් එක් නාමයකි. ලෝකයේ අටවැනි පුදුමය ලෙසට සැලකෙන මෙම පර්වත මස්තකයට ජීවිතයේ එක් වරක් හෝ යෑම ඔබට හිමිවන වටිනා දුර්ලභ අවස්ථාවකි. ඉතින් ඒ අවස්ථාව මඟ නොහැරීම ඔබගේ වගකීමකි.
රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

තවත් 3කට ‌කොරෝනා: දැන් ගණන 5යි

Next Post

ගාමිණීගේ විජයගේ බොරු කොණ්ඩ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.