• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ගාමිණීගේ විජයගේ බොරු කොණ්ඩ

March 14, 2020
in Heart
Reading Time: 1 min read
A A
ගාමිණීගේ විජයගේ බොරු කොණ්ඩ
Share on WhatsAppShare on Facebook

මෙරට සිනමාවේ නළු නිළියන් බොරු කොණ්ඩාවලින් සැරැසී රඟපෑ අවස්ථා අතීතයේ පටන්ම දැක ගැනීමට තිබුණා. ඒ අතරින් ඇන්තනී සී. පෙරේරා, ‘අල්ලපු ගෙදර’ චිත්‍රපටයේ මෙසේ රඟපෑ අවස්ථාව කිසිදා අමතක කළ නොහැකියි. නමුත් මෙරට සිනමාවේ ප්‍රමුඛතම නළුවන් දෙදෙනා වන ගාමිණී ෆොන්සේකා හා විජය කුමාරතුංග හැත්තෑව දශකයෙහි වැඩි අවස්ථා ගණනක් මෙසේ තම සුපුරුදු ස්වරූපයෙන් මිදී බොරු කොණ්ඩයෙන් රඟපෑ අයුරු අමතක නොවනවා වගේම ප්‍රේක්‍ෂකයන් ඔවුන්ගේ එවන් රඟපෑම් ආදරයෙන් වැලඳ ගත්තා.

ගාමිණී – මාලිනී ප්‍රධාන චරිත රඟපෑ 1974 තිරයට පැමිණි සේන සමරසිංහගේ මුල්ම අධ්‍යක්‍ෂණය වූ ‘කස්තුරි සුවඳ’ චිත්‍රපටයේ අපි දැක්කේ අමුතුම ගාමිණී ෆොන්සේකා කෙනෙක්. ඒ කාලේ හැටියට තමන්ගේ වයසට වඩා තරුණ ගාමිණි කෙනෙක් තමයි අපි ‘කස්තුරි සුවඳ’ චිත්‍රපටයෙන් දැක්කේ. ඒකට හේතු ගාමිණී බොරු කොණ්ඩයකින් සැරැසී ඒ චිත්‍රපටයේ රඟපෑම. හැබැයි ‘කස්තුරි සුවඳ’ චිත්‍රපටයේ ඔහු තමාගේ නියම කොණ්ඩයෙනුත් රඟපෑ අවස්ථා තිබූ බව කිව යුතුයි. ඒ වගේම 1974 අවුරුද්දේ අන්තිමට තිරගත වුණු ‘සැණකෙළිය’ චිත්‍රපටයත් ගාමිණී බොරු කොණ්ඩයෙන් රඟපෑ තවත් චිත්‍රපටයක්. මෙහිදී අපිට තවත් විශේෂත්වයක් දැකගන්නට ලැබෙනවා. ඒ තමයි බොරු කොණ්ඩයෙන් රඟන ගාමිණී වෙනුවෙන් මිල්ටන් මල්ලවආරච්චි පසුබිම් ගී ගයන ආකාරය. මීට කලින් ‘ආදරේ හිතෙනව දැක්කම’ චිත්‍රපටයේ එන ‘මගේ ජීවිතයම වටහා ගන්නට බැරි ලොකු සිහිනයකි’ නමැති ගීතය මිල්ටන්, ගාමිණී වෙනුවෙන් ගයා තිබුණත් ඒ ගාමිණී තම සැබෑ කොණ්ඩයෙන් රඟපෑ අවස්ථාවක් සඳහායි. ‘සැණකෙළිය’ චිත්‍රපටයෙන් පස්සේ ගාමිණීගේ බොරු කොණ්ඩය හා මිල්ටන් සුසංයෝගය වැඩිදුරකට රැගෙන යනවා සේන සමරසිංහ. ඔහුගේ ‘නිල්ල සොයා, ආශා දෑසින්’ වැනි චිත්‍රපට සඳහා මිල්ටන් මල්ලවාරච්චි බොරු කොණ්ඩයෙන් සැරැසී රඟපෑ ගාමිණී වෙනුවෙන් ගීත ගායනා කළා. සාමාන්‍යයෙන් ගාමිණීට වඩාත් ගැළපුණු ගායකයා ජෝතිපාල වුණත් මිල්ටන්ගේ කටහඬ බොරු කොණ්ඩයෙන් රඟපෑ ගාමිණීට අල්ලලා ගියා කිව්වොත් නිවැරැදියි.

ගාමිණී වගේම විජය කුමාරතුංගත් පසු කලෙක බොරු කොණ්ඩයක් පැලඳ ගෙන රඟපෑ යුගයක් තිබුණා. විශේෂයෙන්ම හැත්තෑව දශකයේ මැද පමණ එනම් 1976 සිට විජයත් වැඩි වශයෙන්ම දැක ගැනීමට ලැබුණේ බොරු කොණ්ඩයෙන්. හැබැයි ගාමිණීගේ බොරු කොණ්ඩය බොහෝ දුරට සේන සමරසිංහගේ චිත්‍රපටවලට වගේම තවත් චිත්‍රපට කිහිපයකට සීමා වුණත් විජය දිගු කලක් එනම් 1980 – 81 පමණ වනතුරු බොරු කොණ්ඩයෙන් යුතුව රඟපෑ බව දැක ගන්නට පුළුවන්. මේ විදියට බලනකොට 1976 අවුරුද්ද විශේෂයි. ඒ අවුරුද්දේ තිරයට පැමිණි ‘ප්‍රදීපේ මා වේවා, දියමන්ති, උන්නත් දාහයි මළත් දාහයි, ආදරෙයි මං ආදරෙයි යන චිත්‍රපටවල අපි දැක්කේ අමුතුම විජය කුමාරතුංග කෙනෙක්. නමුත් එම වසරේම ඔහු තම සැබෑ ස්වරූපයෙන් රඟපෑ ගංගා, වාසනා වගේ චිත්‍රපටත් තිරගත වුණා. තවත් අමතක නොවන කරුණත් තමයි මෙම ඉහත සඳහන් කළ 1976 වසරේ ඔහු රඟපෑ චිත්‍රපටවල ප්‍රධාන නිළිය මාලිනී වීම. ඒ වගේම ඉන්පසු අවුරුදුවල තිරයට එන සකුන්තලා, හිතුවොත් හිතුවමයි, පෙම්බර මධු, මරුවා සමඟ වාසේ, සෙලීනාගේ වලව්ව, සැලී, බඹරු ඇවිත්, අනූපමා, කුමර කුමරියෝ, ගැහැනියක්, මොනර තැන්න, පාර දිගේ, ටක් ටික් ටුක් වගේ චිත්‍රපටවලත් තවත් චිත්‍රපට රැසකත් අපි විජය දකින්නේ බොරු කොණ්ඩයෙන්. හැබැයි ඒ අතරට ඔහු තම සැබෑ ස්වරූපයෙන් පෙනී සිටි හරියනකොට ඔහොම තමයි, සඳවට රන් තරු, විස්මය වගේ චිත්‍රපට එකක් දෙකක් කලාතුරකින් දැකගන්නට ලැබුණා. ඔහු මෙසේ රඟපෑ චිත්‍රපට වැඩි ගණනකම ප්‍රධාන චරිතය මාලිනී ෆොන්සේකා සමඟ රඟපෑ අතර, විජය-මාලිනී යුගයට අයත් චිත්‍රපට වැඩි ගණනකම ඔහු මෙසේ බොරු කොණ්ඩයෙන් රඟපා තිබීමත් විශේෂයි. මාලිනීට අමතරව ගීතා කුමාරසිංහ, ස්විනීතා වීරසිංහ, ඉන්දිරා අබේසේන, සෝනියා දිසා, ජෙනීටා සමරවීර, කුසුම් පෙරේරා මෙම අවස්ථාවන්හිදී ඔහු සමඟ සහාය නිළියන් වශයෙන් එක්වුණු අය අතරින් කිහිප දෙනෙකි.
අනිල් වීරසිංහ

SendShareShare
Previous Post

සීගිරියේ නොදන්න පැත්ත

Next Post

අතීත හෙළයාගේ සිතුවම් කලාවේ සැඟවුණු කතාව

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

ගල්කිස්ස, ටෙම්ප්ලර්ස් පාර ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේ සිදු කිරීමට ගිය වෙඩි තැබීමේ උත්සාහයක් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ව්‍යර්ථ වී ඇති...

Read more
මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.