ඉංග්‍රීසි පාලන සමයේ මෙරට පේරාදෙණිය, ගම්පළ යන නගර සමීපයෙහි මහා පරිමාණ කෝපි වතු ඇතිවන්නට පටන් ගත්තේය. බාන්ස් විසින් කෝපි වැවීම පිණිස වැවිලිකරුවන්ට නොමිලේම කැලෑ ඉඩම් දුන්නේය. උඩරට ප්‍රදේශයේ කෝපි වැවීම ශීඝ්‍රයෙන් දියුණු වූ හෙයින් 1827 දී කෝපි ටොන් 800ක් පිටරටටද යැවීමට හැකිවී තිබේ. එහෙත් 1837 දී ජැමෙයිකාවේ කෝපි වගා කර පළපුරුද්දක් තිබුණු R.B. ටයිට්ලර් මහතා ලංකාවට පැමිණ හඳුන්වා දුන් විiාත්මක ක්‍රමවේදයන් නිසා ලංකාවේ කෝපි වැවීම ඉතා ශීඝ්‍රයෙන් දියුණු වී ඇති අතර එය මෙරට බොහෝ ප්‍රදේශවල කෝපි වගාව ව්‍යාප්ත වීමට හේතුවක් වී ඇත.











