• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හිතුමතේ ජීවිතෙත් අරගෙන රට වටේ යන කවුද මේ මනම්පේරි

February 6, 2021
in Heart
Reading Time: 3 mins read
A A
හිතුමතේ ජීවිතෙත් අරගෙන රට වටේ යන කවුද මේ මනම්පේරි
Share on WhatsAppShare on Facebook

“හිතුමතේ ජීවිතේ” කියන්නේ පසුගිය වසර කිහිපය පුරාවටම අපේ සමාජයේ කතාබහට ලක් වූ චරිතයක්. ඒ හින්දම ඒ නම ඇහුව ගමන් මේ කියන්නේ කා ගැනද කියන එක බොහෝ දෙනෙක් දන්නවා. රූපවාහිනිය, පුවත් පත් වගේම අන්තර්ජාලය හරහාත් මේ චරිතය ගැන බොහෝ දේ කතා කළා. ඒ වගේම ඒ චරිතය ඇසුරින් බොහොම ජනප්‍රිය නවකතාවක් පවා නිර්මාණය වුණා. ඔන්න දැන් නැවතත් හිතුමතේ ජීවිතේ කියන චරිතය කතාබහට ලක් වෙලා තියෙනවා. ඒ “හිතුමතේ ජීවිතේ” චිත්‍රපටය හින්දා. මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක දැන්වීම් එළි දැක්වීමත් එක්ක ඒ උනන්දුව තවත් වැඩි වෙලා තියෙනවා. ඒ හින්දම අපි මේ ගැන කතා කරන්න එහි අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන චරිත නිරූපණය කරන ශිල්පීන් කිහිප දෙනෙක් සම්බන්ධ කර ගන්න හිතුවා. ක්‍රිෂාන්ත මනම්පේරි තමයි මේ දැවැන්ත නිර්මාණයේ අධ්‍යක්ෂවරයා. හිතුමතේ ජීවිතේ ඔහුගේ පළමු සිනමා නිර්මාණය වීමත් විශේෂත්වයක්. මේ ඔහු අපි එක්ක කළ කතාබහ.
🔴 කවදද චිත්‍රපටය එළියට එන්නේ. ඒ ගැන කියලම අපි කතාබහ පටන්ගමු?
අප්‍රේල් මාසේ මුල තමයි හිතුමතේ ජීවිතේ සිනමා ශාලා වෙත එන්න නියමිත වෙලා තියෙන්නේ.
🔴 දැනටමත් ඒ සඳහා ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙන බව දැන ගන්න තියෙනවා?
ඇත්තටම. අපි මේක චිත්‍රපට ශාලා හිමියන්ට පෙන්වූවා. එදා ඉඳන් චිත්‍රපටය ඉල්ලලා ඒ අයගෙන් විශාල ඉල්ලීමක් තියෙනවා. තමන්ගේ සිනමා ශාලාවට මේක ගෙන්න ගන්න ඒ අය තුළ ලොකු උනන්දුවක් ඇති වෙලා තියෙනවා.
🔴 මේ වෙද්දි හිතුමතේ ජීවිතේ ජාත්‍යන්තර සිනමා උළෙල සඳහාත් ඉදිරිපත් කර තිබෙනවා නේද?
ඔව්. පසුගිය මාසයේ පැවැති ඩකා අන්තර්ජාතික සිනමා උළෙල සඳහා අපි මේක ඉදිරිපත් කළා. ඒ වගේම ඉදිරියේදීත් තවත් සිනමා උළෙල කිහිපයක් සඳහාම චිත්‍රපටය ඉදිරිපත් කරන්න හිතා ගෙන ඉන්නවා.
🔴 අපි දන්න විදියට ක්‍රිෂාන්ත මනම්පේරි කියන්නේ දක්ෂ ගුවන් හමුදා නිලධාරියෙක්. ඒ වගේ නිලධාරියෙක් ඇයි එකපාරටම කලාව එක්ක සම්බන්ධ වුණේ?
මේක එක පාරටම වුණු දෙයක් නෙවෙයි. ඇත්තටම මම කලාව එක්ක සම්බන්ධ වුණු පළමු අවස්ථාව මේක නෙවෙයි. ගුවන් හමුදා නිලධාරියෙක් විදියට සේවය කරන කාලයේදිමයි මම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරන්න පටන් ගත්තේ. 1998දි තමයි මගේ පළමු ටෙලි නිර්මාණය විකාශනය වුණේ. ඒත් මගේ රැකියාව හින්දා එහි අධ්‍යක්ෂ ලෙස වෙන කෙනෙක් යොදවා ගන්න මට සිද්ධ වුණා. මම නිෂ්පාදකවරයා විදියටයි පෙනී හිටියේ.
🔴 අපි ඒ නිර්මාණ ගැනත් පොඩ්ඩක් කතා කරමු?
ඇත්තටම මම ටෙලිනාට්‍ය 8ක් විතර අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඒ අතරින් “රේන්ද ගෙදර” සහ “දූවිලි මාලිගා” කියන ටෙලිනාට්‍ය බොහොම ජනප්‍රිය වුණා. ඒ නිර්මාණ දෙකම සම්මානයටත් පාත්‍ර වුණා. ඒත් 2006 වසරේ ඉඳන් ක්‍රියාන්විත රාජකාරිවලට යොමු වෙන්න වුණු හින්දා කලාවෙන් පොඩ්ඩක් ඈත් වෙන්න වුණා. “සඳ දිය සිත්තම්” ටෙලිනාට්‍ය කළේ ඊට පස්සේ. ඒ කියන්නේ 2010න් පස්සේ. හැබැයි එතැනින් පස්සේ ටෙලිනාට්‍ය කරන එක එපාම වුණා. මොකද ලංකාවේ ටෙලිනාට්‍යවල තත්ත්වය එන්න එන්නම බාල වුණා.
🔴 ඔබ ගුවන් හමුදාවේ සේවය කරන කාලයේදී සිනමාව ගැන ඉගෙන ගත්ත බවත් අපි අහලා තියෙනවා
ඔව්. මම එක්තරා කාලයක් මැලේසියාවේ වැඩිදුර පුහුණුවක් සඳහා ගිහින් හිටියා. ඒ කාලෙදි ලැබුණු විවේකයේදී මැලේසියාවේ සිනමාව සම්බන්ධ ප්‍රධාන ආයතනයකින් සිනමාව ගැන පාඨමාලාවක් හදාරන්න මට අවස්ථාව ලැබුණා.
🔴 අපි දැන් හිතු මතේ ජීවිතේ ගැන කතා කරමු. පළමු චිත්‍රපටයට මේ වගේ කතාවක් තෝරා ගත්තේ ඇයි?
පවුලේ අයට එකට බලන්න පුළුවන් ත්‍රාසජනක සත්‍ය කතාවක් තමයි මම හොය හොය හිටියේ. ඒ වෙලාවේ තමයි මට හිතුමතේ ජීවිතේ ගැන දැන ගන්න ලැබුණේ. ඇත්තටම මේක සිනමාවට නඟන්න ඒ වෙද්දි කිහිප දෙනෙක්ම සූදානම් වෙලත් හිටියා. ඒ හින්දා ඒ කතාව මට ලබා ගන්න සෑහෙන්න පරිශ්‍රමයක් දරන්න වුණා. ප්‍රියංකර රත්නායක මහත්තයා ඒ වෙනුවෙන් මට සෑහෙන්න උදවු කළ බවත් මතක් කරන්න ඕනෑ.
🔴 කොහොමද චිත්‍රපටයේ චරිත සඳහා ශිල්පීන් තෝර ගැනීම කළේ?
සනත් ගුණතිලක මහත්මයා තමයි ඒකට අපිට ගොඩක් උදව් කළේ. ඇත්තටම ලංකාවේ ප්‍රධාන පෙළේ ජනප්‍රිය නළු නිළියන් 15 දෙනෙක් විතර මේකට සම්බන්ධ වුණා.
🔴 චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට දිනෙත් ද සිල්වා තෝර ගත්ත විදිය ගැන කතා කළොත්?
දිනෙත්ගේ රංගනය ගැන මට විශාල පැහැදීමක් තිබුණා. විශේෂයෙන් යසෝදරා චිත්‍රපටයේ දෙව්දත්ගේ චරිතය සම්බන්ධයෙන්. ඒ හින්දා මේකට නියම සුදුස්සා දිනෙත් කියන හැඟීම මට තිබුණා. ඇත්තටම ඒ තෝරා ගැනීම ඉතාම සාර්ථකයි. දිනෙත් ඒ වෙනුවෙන් විශාල කැප කිරීමක් කළා. ලස්සනට තිබුණු ඇඟ පවා ඒ චරිතය වෙනුවෙන් වෙනස් කර ගන්න ඔහු කටයුතු කළා.
🔴 අනෙක් චරිත ගැනත් පොඩ්ඩක් කතා කරමු?
මහේන්ද්‍ර පෙරේරා, කුමාර තිරිමාදුර, ජගත් චමිල, ජයනි සේනානායක, දමිතා අබේරත්න වගේ ලංකාවේ ජනප්‍රිය නළු නිළියෝ රැසක් මෙහි රඟපානවා. ඒ වගේම චිත්‍රපටයේ සුමතිපාලගේ නංගිගේ චරිතයට පණ පොවන නිළිය අපිට හම්බ වුණේ අහම්බයකින්. ඒ චරිතයේ සැබෑ ස්වරූපයට තියෙන කෙනෙක් හොයා ගන්න අපි 75 දෙනකු විතර සම්මුඛ පරීක්ෂණයට ලක් කළා. ඒත් අවසානයේ ප්‍රංශයේ ජීවත් වන කෙනෙක් තමයි ඒ සඳහා යොදා ගන්න සිද්ධ වුණේ. අපේ හිතවතෙකුගේ මාර්ගයෙන් තමයි ඇයව හමු වුණේ.
🔴 මේ වගේ දැවැන්ත නිර්මාණයක රූගත කිරීම් සිදු කළ විදිය ගැන දැන ගන්නත් හැමෝම කැමැති වේවි?
ඇත්තටම මේක දැවැන්ත වැඩක්. විශාල වියදමක් දරලා කෙරුව වැඩක්. චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා මාස 9කට වැඩි කාලයක් ගත වුණා. මොකද මේ චිත්‍රපටයේ කතාව 70 දශකයට අයත් එකක්. ඒ හින්දා චිත්‍රපටයට අවශ්‍ය දර්ශන තල ඒ විදියට සකස් කරන එක ලොකු අභියෝගයක් වුණා. ඒ වගේම බන්ධනාගාරයේ ඇතුළත දර්ශන සඳහා අපි යොදා ගත්තේ අයි. ඩී. එච්. රෝහල. එම දර්ශන සඳහා එහි පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න සිද්ධ වුණා. හැබැයි ඒ සියල්ල වෙනුවෙන් අපේ කණ්ඩායමේ හැමෝගෙම සහයෝගය ලැබුණා. ඒ හින්දා ඉතාම සාර්ථකව වැඩේ කරන්න පුළුවන් වුණා.
🔴 මේ වෙද්දි ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන චිත්‍රපටයේ පෝස්ටර සම්බන්ධයෙනුත් ලොකු කතා බහක් ඇති වෙලා තියෙනවා. ඒ ගැන කතා කළොත්?
ප්‍රදීප් ප්‍රේමලාල් කියන අපේ දේශීය ශිල්පියා තමයි ඒ පෝස්ටර නිර්මාණය කළේ. හැබැයි ඔහු මීට පෙර ලංකාවේ සිනමා නිර්මාණයක් සඳහා එවැනි දෙයක් කරලා තිබුණේ නැහැ. ඔහු හොලිවුඩ් නිර්මාණ සඳහා පෝස්ටර් සකස් කරන නිර්මාණකරුවෙක්. දැඩි උත්සාහයකින් පස්සේ තමයි අපේ චිත්‍රපටයේ පෝස්ටර සඳහා ඔහුව සම්බන්ධ කර ගත්තේ.
🔴 මේ චිත්‍රපටයට පාදක වුණු සැබෑ චරිතය වර්තමානයේ රැක බලා ගන්නේ ඔබ කියන එකත් අපිට දැන ගන්න ලැබුණා. ඒ ගැනත් පොඩ්ඩක් කතා කරමු?
ඇත්තටම අපි මේ චිත්‍රපටය කරපු කාලය පුරාම ඔහුව හෙව්වා. ඒත් අපිට ඔහුව හම්බ වුණේ චිත්‍රපටයේ වැඩ සියල්ල ඉවර වුණාට පස්සේ. ඒ වෙද්දි ඔහු බොහෝ අසරණ වෙලා හිටියේ. එදා ඉඳන් අද වෙනකම් ඔහු අපි එක්ක තමයි ජීවත් වෙන්නේ. මේ චිත්‍රපටයත් මේ වෙද්දි ඔහු බලලා තියෙනවා. ඒත් වයසත් එක්ක ඒ ගැන හරි තේරුමක් ඔහුට නැහැ. ඇත්තටම ඔහු අරක්කු සිගරැට් කටේ තියෙන්නේ නැති බොහොම නිහඬ චරිතයක්.
🔴අවසන් වශයෙන් චිත්‍රපටයට සම්බන්ධ වුණු අනෙක් ශිල්පීන් ගැනත් මතක් කරමු?
චිත්‍රපටයේ තිරනාටකය ඉන්දික අතුල රූපසිංහ විසින් සකස් කර තියෙනවා. කැමරාකරණයෙන් නිශාන්ත ප්‍රදීප්ද, සංගීතයෙන් සාගර විජේසිංහද, සංස්කරණයෙන් රුක්මල් නිරෝශ්ද, කලා අධ්‍යක්ෂණයෙන් රන්ජිත් ද සිල්වාද සම්බන්ධ වෙලා තියෙනවා. VS CREMATION වෙනුවෙන් විහාර සමරසිංහගේ තමයි චිත්‍රපටය නිෂ්පාදනය කළේ.

⬤ යකඩයා, මරුසිරාටත් වැඩිය මේක සංවේදීයි
කුමාර තිරිමාදුර

ඉතාම හොඳ පිටපතක් අනුව නිර්මාණය වුණු ඉතාම හොඳ චිත්‍රපටයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. ක්‍රිෂාන්තගේ අධ්‍යක්ෂණය අති විශිෂ්ටයි. ඒ වගේම නළු නිළියෝ තෝරා ගැනීමත් ඉතාම විශිෂ්ටයි.
ඒ වගේම තව දෙයක් අපේ රටේ මීට කලින් සත්‍ය කතා ඇසුරින් නිර්මාණය වුණු චිත්‍රපට ගොඩක් තියෙනවා. ගාමිණී ෆොන්සේකා මරදන්කඩවලා යකඩයාට රඟපෑවා. විජය කුමාරණතුංගයන් මරුසිරා සිනමාවට ගෙනාවා. අමරසිරි කලංසූරිය පොඩි විජේට රඟපෑවා. හැබැයි මට හිතෙන්නේ ඒ හැම එකකටම වැඩිය හිතුමතේ ජීවිතේ හරිම සංවේදියි. මමත් මේ චිත්‍රපටයේ විශිෂ්ට රංගනයක නිරත වුණා කියලා මම හිතනවා. ඒ හින්දා මේක අතඅරින්නේ නැතිව අනිවාර්යයෙන්ම නරඹන්න කියලා මම මගේ ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා.

⬤ වාසනාවට ලැබුණු චරිතයක්
දිනෙත් ද සිල්වා

ඇත්තටම මම කරපු චරිත අතරින් මේක ඉතාම අභියෝගාත්මක චරිතයක්. මොකද සැබෑ චරිතයක් නිරූපණය කරන එක ඕනෑම රංගන ශිල්පියෙකුට ලොකු අභියෝගයක්. ඒ වෙනුවෙන් මම ගොඩක් ලැහැස්ති වුණා. ගොඩක් කැප කිරීම් කළා. මගේ ශරීර පෙනුම පවා මේ වෙනුවෙන් වෙනස් කළා. මගේ උපරිමයෙන් මේ චරිතය කළා කියලයි මම හිතන්නේ. ඒ වගේම මේ චරිතය මට ලැබුණු එක මගේ භාග්‍යයක් කියන එකත් කියන්න ඕනෑ. හැබැයි ඒක කොච්චර සාර්ථකද කියන එක ප්‍රේක්ෂකයෝ තමයි තීරණය කරන්න ඕනෑ.

⬤ මේක එළියට එන්නේ හොඳම කාලයේදී
ජයනි සේනානායක

ඕනෑම අධ්‍යක්ෂවරයෙකුගේ කුලුඳුල් චිත්‍රපටය එළියට එද්දී බොහෝ අයට ඒ ගැන උනන්දුවක් තියෙනවා. මේක ක්‍රිෂාන්ත මනම්පේරි මහත්මයාගේ පළමුවැනි චිත්‍රපටය. මේක ඔහුගේ වෘත්තියෙන් සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. හැබැයි ඔහු හරිම පරිණත අධ්‍යක්ෂවරයෙක්. විශේෂයෙන්ම සිනමාව ගැන විශාල අධ්‍යයනයක ඉන්න කෙනෙක්. ඒ හින්දම අපිව මෙහෙයවද්දී ඔහු නවකයි කියලා පොඩ්ඩක්වත් අපිට දැනුණේ නැහැ. ඒ තරම් ඔහු දක්ෂයි. ඒ වගේම ඔහු ඉතාම නම්‍යශීලීයි.
මේක සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුණු චිත්‍රපටයක්. ඒ චරිතය වර්තමානයේදීත් ජීවත් වෙනවා. ඒ හින්දා මේක ඉතාම සුවිශේෂී නිර්මාණයක්. අනිත් දේ තමයි මේක එළියට එන්නේ හොඳම කාලයේදී. මොකද ප්‍රේක්ෂකයෝ කාලයක් ගෙවල්වලට හිරවෙලා ඉඳලා වෙනසක් දැක ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. මේක ආදායම් වාර්තා බිඳ දමමින් තිරගත වේවි කියලා මට විශ්වාසයි.

⬤ මම කරන්නේ දරුණුම චරිතයක්
මහේන්ද්‍ර පෙරේරා

හිතුමතේ ජීවිතේ කතාවේ දරුණුම චරිත හතර අතරින් එකකට තමයි මම සම්බන්ධ වෙන්නේ. පාලිත සිල්වා, ගිහාන් පිලපිටිය සහ ප්‍රියංකර රත්නායක තමයි මාත් එක්ක අනෙක් දරුණු චරිත තුනට සම්බන්ධ වෙන්නේ.
මං හිතන්නේ මේක ඉතාම හොඳ චිත්‍රපටයක්. ඒක සාර්ථක නිර්මාණයක් වේවි කියන විශ්වාසය අපිට තියෙනවා. ක්‍රිෂාන්තත් ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. ඒ වෙනුවෙන් අවශ්‍ය සහාය කණ්ඩායමෙන් ඔහුට ලැබුණා. මේක ඔහුගේ පළමු චිත්‍රපටය. ඉදිරියේදීත් අපට ඔහුගෙන් මේ වගේ සාර්ථක නිර්මාණ දැක ගන්න ලැබේවි.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

යාල කැලේ මැදින් මහා නගරයක් මතුවෙයි

Next Post

සිලෝන් කෝපිවලට වටිනාකමක් දුන් කවුද මේ R.B.T

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

විදේශයකදී මුද්‍රණයකර මෙරටට රැගෙන විත් බෙදා හැරීමට සූදානම් කර තිබුණු අමොරිකානු ‌ඩොලර් ලක්ෂ 06ක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙක්...

Read more
පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.