• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සියලු ජනයා සුරකින අදෘශ්‍යමාන බලවතා

December 16, 2019
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
සියලු ජනයා සුරකින අදෘශ්‍යමාන බලවතා
Share on WhatsAppShare on Facebook

ඉතා බලවත් මහේශාක්‍ය මධ්‍ය දෙවි කෙනකු වූ විෂ්ණු දෙවිඳුන් ඉන්ද්‍ර දෙවිඳුන්ට පමණක් දෙවැනි වන නිසාවෙන් උපේන්ද්‍ර නමින්ද හඳුන්වනු ලබයි. විෂ්ණු දෙවියන් ලංකාවේ අදටත් අදහන මෙන්ම මහත් වූ පුද පූජා සත්කාර ලබන දෙවිඳුන්, උත්පල වර්ණ දෙවිඳුන් ආදී කොට ඇති පර්යාය නාම ගණනාවකින් හඳුන්වනු ලබයි. හින්දු භක්තිකයන්ට අනුව බ්‍රහ්ම, විෂ්ණු හා ඊශ්වර යන ත්‍රිමුර්තියෙන් එක් මූර්තියක් වූ විෂ්ණු දෙවිඳු සමස්ත ලෝකයේත් සියලු සත්ත්වයාගේත් පැවැත්ම සුරකිනු ලබයි.

විෂ්ණු දෙවියන් වනාහී මනු ලොව කලින් කල විවිධ ස්වරූපයෙන් පැන නඟින අධර්මය නැතිකර ධර්මය ලොව ස්ථාපිත කිරීමට මහත්වූ පරිශ්‍රමයක් දරන දෙවි කෙනෙකි. අතීතයේ මෙන්ම අදටත් උන්වහන්සේ සකල ලෝක සත්ත්වයා කෙරෙහි පතළ වූ මහත් කරුණාවෙන් අධර්මය පරාජය කිරීමට වෙහෙසේ. අධර්මය නසනු වස් පුරාණ පොත පතට අනුව විෂ්ණු දෙවිඳුන් අවතාර 20ක් දැරූ බව සඳහන්ය. ඒ එසේ වුවත් වත්මනෙහි බහුලව භාවිතයේ ප්‍රකටව ඇත්තේ නාමිකව අවතාර දහයක් දැරූ ලෙසය. එය විෂ්ණු දෙවිඳුන්ගේ දස අවතාරය ලෙස හඳුන්වයි. එම දස අවතාර නාමිකව මෙසේය.

  1. මත්ස්‍ය 6. පරුශුරාම
  2. කුර්ම 7. රාම
  3. වරාහා 8. කෘෂ්ණ
  4. නාරසිංහ 9. බුද්ධ
  5. වාමන 10. කල්ක්‍ය
    නිල්වන් වූ ශරීර වර්ණයෙන් බබළන ගුරුළා පිට විරාජමාන රූපශ්‍රියෙන් අග්‍ර වූ ශ්‍රියා කාන්තාව භාර්යාව වන විෂ්ණු දෙවිඳුන් තුන්වරක් දෙව්ලොවින් මනු ලොවට වැඩම කළ බව කියැවේ. විශේෂයෙන්ම විෂ්ණු දෙවිඳුන් තුන් ලෝකයක් සනසා වදාළ අප ගෞතම බුදුන් වහන්සේට මහත් වූ භක්තියෙන් වැඳුම් පිදුම් කළ බවත්, උතුම් වූ බුද්ධත්වයට පත්වන විට එම බුද්ධ රාජ්‍යයට පත්වීමට බාධා කිරීමට පැමිණි දස බිම්බරක් වූ මාර සෙනඟ පලවා හැරි බවත්, ත්‍රිපිටකයෙන් සූත්‍ර පිටකයේ සංයුක්ත නිකාය සංග්‍රහයේ සඳහන්ය.
    මහා කරුණාවෙන් අගතැන්පත් දෙවි කෙනකු වූ විෂ්ණු දෙවිඳුන් සියලු සත්ත්වයන්ට පිහිට උපකාර වන උත්තමයෙකි. ඉහතදී සඳහන් කිරීමට යෙදුන දස අවතාරය දරා ගන්නේද උන් වහන්සේ හුදෙක් අන්‍ය හිතසුව පිණිසමය. උක්ත දස අවතාරය පුරාණ පතපොතට අනුව සංක්ෂිප්තව මෙසේය.
  6. මත්ස්‍ය අවතාරය
    මත්ස්‍ය අවතාරය යනු මා`ඵවකුගේ වේශයක් මවා ගත් අවතාරයකි. මෙකී අවතාරය විෂ්ණු දෙවිඳුන් පළමු වර දරාගත් අවතාරය වේ. මෙම මත්ස්‍ය අවතාරය දරාගන්නේ මහ මුහුද ගොඩ ගලා සප්ත මහා සෘෂි උතුමනුත්, වේදයත් බේරා සුරක්ෂිත කිරීමටය. මේ සඳහා විෂ්ණු දිව්‍ය රාජයන් අති විශාල මත්ස්‍ය රුවක් මවා ගත් බව කියැවේ.
  7. කුර්ම අවතාරය
    කුර්ම අවතාරය යනු ඉදිඹුවකුගේ වේශයක් මවා ගත් අවතාරයකි. විෂ්ණු දෙවිඳුන් මෙම කුර්ම අවතාරය දරා ගන්නේ පෘථිවිය ජලයේ ගිලීගිය අවස්ථාවේ එය බේරා ගැනීමටය. මේ සඳහා විශාල ඉදිඹුවකුගේ රුවක් උන්වහන්සේ දරාගත් බව සඳහන්ය. එපමණක් නොවෙයි ජල ගැලීමෙන් පෘථිවිය ගිලී යෑම නිසා නැතිවූ අමෘතය සොයනු වස්ද මහ මුහුද යටට කිමිදී විශ්ව ශක්තිය පෙන්වීම උදෙසාද මෙකී අවතාරය මහෝපකාරී විය.
  8. වරාහා අවතාරය
    වරාහා අවතාරය යනු ඌරකුගේ වේශයක් මවා ගත් අවතාරයකි. විෂ්ණු දෙවිඳුන් මෙම වරාහා අවතාරය දරා ගන්නේ මහ පොළොව සමුද්‍රය තුළට ගිලී ගිය අවස්ථාවේදීය. එහිදී දරාගත් වරාහා අවතාරයේ ඇති දළයෙන් ඇන පෘථිවිය සාගර ජලයෙන් ඔසවා තැබූ බව සඳහන්ය.
  9. නාරසිංහ අවතාරය
    නාරසිංහ අවතාරය යනු මනුෂ්‍ය හා සිංහ රුව කලවම් වූ දෙබිඩි රුවකි. විෂ්ණු දෙවිඳුන් මෙකී අවතාරය දරා ගන්නේ “හිරන්‍යක්ෂි්‍යු” නම් අසුරයා පරාජය කිරීමටය. එහිදී විෂ්ණු දෙවිඳුන් මෙම අවතාරය ආධාරයෙන් එකී අසුරයා බිය ගන්වා පලවා හැරි බව සඳහන්ය.
  10. වාමන අවතාරය
    විෂ්ණු දෙවිඳුන් මෙම අවතාරය දරා ගන්නේ බලී නම් අසුරයාගෙන් ස්වර්ග රාජ්‍යය බේරා ගැනීමටය. මෙහිදී උන්වහන්සේ තම ශරීරය අසාමාන්‍ය ලෙස අති විශාල කර ගනිමින් මු`ඵ මහත් විශ්වය වසා පැතිරී සිටියහ. එම අවස්ථාවේ එකී දර්ශනය දුටු බලී නම් අසුරයා මහත් වූ බියට පත්වී පාතාලය බලා පසු බැසි බව සඳහන්ය. මේ අයුරින් මවාගත් අසාමාන්‍ය විශාල රුව වාමන රුව නම් වේ.
  11. පරුශුරාම අවතාරය
    විෂ්ණු දෙවිඳුන් තම හස්තයේ පොරවක් දරාගත් අවතාරයක් දරා ගන්නේ මිහිතලයෙන් ක්ෂත්‍රියන් විනාශ කිරීම සඳහා මෙන්ම “ජමදගනී” නම් බමුණාගේ වස්තුව කොල්ල කෑ “කාර්තීවීර්‍ය” නම් වූ රජු මරා දැමීමටය.
  12. රාම අවතාරය
    රාම රාවණා කතා පුවතට අනුව රාවණා රජු විනාශ කිරීමට විෂ්ණු දෙවිඳුන් රාම නම් වූ අවතාරය දරා ගන්නා ලදී.
  13. කෘෂ්ණ අවතාරය
    සමස්ත පෘථිවි තලයෙන් අධර්මය දුරු කර ධාර්මික සමාජයක් බිහි කිරීමට සේම රාධා ක්‍රිෂ්ණා පෙම් යුවළ හා එක්ව කංසා රජු පරාජය කර “ද්වාරකා” නම් වූ රාජ්‍ය ගොඩනැඟීමටද විෂ්ණු දෙවිඳුන් කෘෂ්ණ අවතාරය දරා ගත්හ.
  14. බුද්ධ අවතාරය
    විශේෂයෙන් සත්ව හිංසනය පරපණ නැසීම හා අනේකවිධ අපරාධ පිටු දැක මැඬලීම උදෙසා විෂ්ණු දෙවිඳුන් බුද්ධ නම් වූ අවතාරය දරාගත් බව සඳහන්ය. මෙකී අවතාරයට හිමි බුද්ධ රූප
    උදෙසා හින්දු භක්තිකයන් අදටත් පුද පූජා පවත්වනු දැකිය හැකිය. ඒ හින්දු භක්තිකයන් බුදුන් වහන්සේ විෂ්ණු දෙවියන්ගේම අවතාරයක්ම යැයි විශ්වාස කරන බැවිනි.
  15. කලස්‍ය අවතාරය
    මෙකී අවතාරය මතු අනාගතයේ විෂ්ණු දෙවිඳුන් විසින් දරාගනු ලබන අවතාරයකි. එක් මහා යුගයකට පවතින උප යුග සතර අතරින් නරකම උපයුගය වූ කලී යුගය අවසානයේ ලෝ වැසි ජනී ජනයා අසාමාන්‍ය ලෙස අධර්මිෂ්ඨ වී ධර්මය වැනසී යන නිසාවෙන් එම ජනී ජනයාගේ අකුසල මැඬ පවත්වා යළිත් ධර්මය ලොවෙහි ස්ථාපිත කරනු වස්ද අතළොස්සක්ව ඉතිරිව සිටි ධාර්මික සත්පුරුෂ ජනයා රක්ෂා කරනු වස්ද විෂ්ණු දෙවිඳුන් කලස්‍ය නම් වූ අවතාරය දරා ගනු ලබයි.
    විෂ්ණු දෙවියන්ට හින්දු භක්තිකයන් මහත් පූජනීය තත්ත්වයෙන් පුද පූජා පවත්වනවා සේම ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ද විෂ්ණු දෙවියන්ට පුද පූජා පවත්වා බාරහාර වනු දැකිය හැකිය. එහිදී විෂ්ණු දෙවිඳුන් වෙනුවෙන්ම විශේෂ දේව පූජා සකස් කරනු දැකිය හැකිය. එහිදී නිල් තිර රෙදි, නිල් මල් මාලා, නිල් කටරොඩු මල්, නිල් මානෙල් මල් වැනි ද්‍රව්‍ය විශේෂයෙන්ම යොදා ගනු දැකිය හැකිය. එසේ ම විෂ්ණු දෙවිඳුන් උදෙසා පුදනු ලබන පූජා වට්ටියේ පලතුරු වර්ග 7ක් ගෙඩි පූජාවක් සේ තැබිය යුතුය. ඒ ගෙඩි පූජාව කැබැලි පූජාවට වඩා ප්‍රතිඵලදායක මෙන්ම අර්ථවත් බැවිනි. මෙහිදී මෙම පූජා වට්ටිය සඳහා ඇස්ස කපා සිදුරු කළ තැඹිලි ගෙඩියක්, මුඞ්ඩ සහිත පෙරන්ගෑ පොල් ගෙඩියක් තැබිය යුතු අතර ඊට අතිරේකව එළඟිතෙල් පහනක්, කපුරු පෙති, හඳුන්කූරු හා බුලත් ආදිය තැබිය යුතුය. මේ සියල්ලට අතිරේකව එම පූජා වට්ටියටම පිරිසුදුව පිසගත් කිරිබත් කෝප්පයක්ද තැබීම ඉතා යෝග්‍යයය.

    විෂ්ණු දෙවියන්ට පුදපූජා පවත්වා බාරහාර වීම තුළ මනුෂ්‍යයන්ට බොහෝ ඵල ප්‍රයෝජන ලැබිය හැකිය. ඒ අතර ධන සම්පත්, යස ඉසුරු ලැබීම, රැකියා ව්‍යාපාර ආදියේ දියුණුව, අධ්‍යාපන කටයුතු වැඩි දියුණු වීම, ලෙඩ රෝග ආදියෙන් ආරක්ෂාව මෙන්ම සතුරු කරදර පීඩා ආදියෙන් ආරක්ෂාව ආදී මෙකී නොකී බොහෝ දේ හුවා දක්වාලිය හැකිය.

    විශේෂයෙන් දෛනිකව විෂ්ණු දෙවිඳුන් උදෙසා පහන් දල්වා පුදපූජා පවත්වන්නන් හට විෂ්ණු දෙවිඳුන්ගේ පිහිට, සරණ, ආරක්ෂාව නිරන්තරයෙන් හිමිය. විශේෂයෙන්ම තම ඉෂ්ට දේවතාවා මෙන්ම පාලන දේවතාවා විෂ්ණු දෙවියන් මිථුන, කන්‍යා, මකර, කුම්භ, මීන යන ලග්න හිමි ජන්මීන්ට මෙසේ වත්පිළිවෙත් සිදුකිරීම ඉතාම ප්‍රතිඵලදායකය. සාමාන්‍යයෙන් සියලු දෙවියන් උදෙසා රාත්‍රී 10න් පසුව පහන් දල්වනු ලබන අතර පුරාණ සම්මතයට අනුව විෂ්ණු දෙවියන් උදෙසා පහන් දැල්වීමට නිර්දේශකර ඇති වෙලාව වනුයේ මධ්‍යම රාත්‍රි 12.12 සිට මධ්‍යම රාත්‍රි 12.24 දක්වාය.
    අසීමිත කරුණා දයා පෙරදැරිව මහා බල සම්පන්න වූ අපටත් ශ්‍රී සම්බුද්ධ සාසනයත් ලෝකයත් රක්ෂා කරන ශ්‍රී විෂ්ණු දෙවිඳුනට ඔබ කවර හෝ සු`ඵ පිනක් කළද එය භක්තියෙන් යුතුව අනුමෝදන් කිරීමට වග බලා ගන්න. එතුළින් ඔබට සෙතක්, ශාන්තියක්, යහපතක් උදාවනු නියතය. එය ඔබටම ප්‍රායෝගිකව අත්විඳිය හැකි පරම සත්‍යයක් බවද කිව යුතුමය.
    ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද
SendShareShare
Previous Post

ෆෙයාෆස්ට් ඇගයීමට ලක්වේ

Next Post

ග්‍රහයන් භාර නොගන්නා වැරදි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.