• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සන්නසකින් හෙළිවූ රහස්

November 14, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
සන්නසකින් හෙළිවූ රහස්
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවට දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්ගේ බලපෑම් එල්ලවීමේ ආරම්භක අවස්ථාව වශයෙන් අනුරාධපුරයේ මුල් යුගය ගත හැකිය. මෙහි මුටසීව රජුගේ පුත් සූරතිස්ස කුමරු රාජ්‍ය කරන කාලයේදී සේන-ගුත්තික නම් වූ අසරු නායකයන් දෙපළක් පැමිණ ඔහු මරා රජකම පැහැර ගන්නට යෙදිණි. එයින් නොනැවතී අසේල කුමරු රජවී කෙටි කලක් යන විට එළාර නම් ද්‍රවිඩයෙක් මෙහි පැමිණ ඔහු ඝාතනය කොට මෙහි රජකම පැහැරගෙන වර්ෂ 44ක් තරම් දීර්ඝ කාලයක් මෙරට පාලනය කළේය.

අනුරාධපුර යුගයේ අවස්ථා රැසකදී ද්‍රවිඩයන්ගේ ආගමනය සිදු වී අතර ඇතැම් අවස්ථාවලදී දකුණු ඉන්දීය රජවරුන් සමඟ සමීප සබඳතාද අපගේ රජවරුන් පවත්වා ඇති බවද හඳුනාගැනීම අපහසු නොවේ. අනුරාධපුර යුගයේ අවසානය සනිටුහන් වන්නේද ද්‍රවිඩාගමනයත් සමඟය. ඒ ක්‍රිස්තු වර්ෂ 1017 වර්ෂයයි. ශතවර්ෂ 10කට වඩා වැඩි කාලයක් පැවති අනුරාධපුර රාජධානියේ අවසානය සනිටුහන් කරමින් එසේ පැමිණි ද්‍රවිඩයෝ පොළොන්නරුව තමන්ගේ පාලන මධ්‍යස්ථානය වශයෙන් තබා ගෙන රට විනාශ කිරීමේ ක්‍රියාන්විතයේ නියුක්ත වූහ.

අනුරාධපුර රාජ්‍යාවලිය අවසන් වූ කාල සීමාව වන විට රාජ්‍යත්වය සඳහා උරුමකම් ඇති රජ පෙළපතක් රුහුණු දනව්වේ ද වාසය කළේය. සුදුසු කාලය පැමිණෙන තුරු ඉවසිලිවන්තව සිටි මේ තැනැත්තා අන් කවරකුත් නොව කිත්ති කුමාරයාය. ඔහුගේ මාපියන් වූයේ ලෝකිතා දේවිය හා මුගලන් කුමාරයාය. මේ වන විට සොළීන් මෙකී රාජකීයයන් රුහුණු ප්‍රදේශයේ රහසිගතව වාසය කරන බව දැනගෙන සේනා සමඟ පැමිණියත් මොවුන් සොයා ගැනීමට හැකි වූයේ නැත. ඒ වෙන කිසිවක් නිසා නොව මොවුන් ආරක්ෂා කිරීමේ භාරදූර වගකීම දැරූ බුද්ධරාජ නම් සෙන්පතියා නිසාය. ඔහුගේ ආරක්ෂාව ලබමින් වර්ෂ ගණනාවක් කිත්ති කුමාරයාත් ඔහුගේ මාපියනුත් වාසය කළේ සුදුසු අවස්ථාව පැමිණෙන තුරුය.

සේනා සංවිධානය කිරීමත් කිත්ති කුමරුට අවශ්‍ය කඩු ශිල්ප, දුනු ශිල්ප ආදී සටන් පුහුණුවත් බුද්ධරාජ සෙනෙවියා මගින් ඉටු විය. ඔහුගේ ඒකායන අපේක්ෂාව වූයේ පොළොන්නරුවේ සොළී බලය බිඳ හෙළා රට එක්සේසත් කොට කිත්ති කුමාරයා රජ වනු දැකීමයි. ඒ සඳහාම ඉතා විමසිලිවන්තව සහ ඉවසිලිවන්තව කටයුතු කිරීමට තරම් ඔහු දක්ෂ විය.

වර්ෂ කිහිපයක සංවිධානය වීමේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රි.ව. 1055 දී පමණ කිත්ති කුමාරයා පොළොන්නරුවේ රජ බවට පත් වන්නේය. එහි දී එතෙක් සොළී බලය පිහිටි රජරට පමණක් නොව මුළු රටම එක් කොඩියක් යටතට ගැනීමට ඔහුට හැකිවිය. බුද්ධරාජ සෙනෙවියාගේ උත්සාහය හා කැපවීම නිසාත් කිත්ති කුමරුගේ තීක්ෂණ බුද්ධිය හා උපාය ඥානය නිසාත් මෙසේ රාජ්‍යත්වයට පත් වීමට හැකි වීම රටේ වාසනාවකි.

කෙසේ නමුත් විජයබාහු නමින් පොළොන්නරුවේ රජ වූ කිත්ති කුමරු වෙත පැවරුණු කාර්යභාරය සුළුපටු වූවක් නොවේ. සොළීන් විනාශ කර දැමූ රටේ සියලු අංශ ප්‍රතිසංස්කරණය කිරීමේ භාරදූර වගකීම ඔහු වෙත පැවරී තිබුණේය. දශක 4කට වඩා කාලයක් සොළී බලයේ රජරට ඇතුළු බොහෝ ප්‍රදේශ තිබුණු නිසා ඒ ප්‍රදේශවල ආගමික ස්ථානත් වාරි කර්මාන්තයත් අවාසනාවන්ත තත්ත්වයකට පත්ව තිබුණේය. රජුගේ ප්‍රමුඛ කාර්යය වූයේ මේවා යථා තත්ත්වයට පත් කිරීමයි.

කිත්ති කුමාරයා පළමුවන විජයබාහු නමින් රාජ්‍යත්වයට පත් වීමේ ක්‍රියාවලිය පිටුපස සිටියේ අන් කවරකුවත් නොව බුද්ධරාජ සෙනෙවියාය. කළගුණ දත් විජයබාහු රජතුමා ජය දද නැංවීමෙන් පසුව බුද්ධරාජ සෙනෙවියාට කෘතගුණ දැක්වීය. පනාකඩුව තඹ සන්නස ලියා ඇත්තේ ඒ සඳහාය. බුද්ධරාජ සෙනෙවියාට ලබා දුන් පරිත්‍යාග, වරප්‍රසාද ආදිය මෙහි අන්තර්ගත වේ.

මෙකී සන්නස පත්තිරු සතරකින් සමන්විතය. එක් පත්තිරුවක පමණක් දෙපැත්තේ ලියා ඇති අතර අනෙක් ඒවායේ ලියා ඇත්තේ එක් පැත්තක පමණි. මෙහි විජයබාහු රජුගේ ජීවිත කතාව සංක්‍ෂිප්තව ලියා ඇති අතරම ඔහුත් බුද්ධරාජ සෙනෙවියාත් රුහුණු දනව්වේ වනගතව වාසය කළ ආකාරයත් බුද්ධරාජ ඔහු ආරක්ෂා කළ ආකාරයත් අන්තර්ගතය. එසේම ඉහතින් දැක්වූ පරිදි බුද්ධරාජ සෙනෙවිතුමන් වෙත පිරිනැමූ ප්‍රදාන පිළිබඳවත් අන්තර්ගතය. එහි දැක්වෙන වැදගත්ම කරුණ වන්නේ බුද්ධරාජ පරම්පරාව පවතින තුරාවටම විජයබාහු රජතුමා කළ ප්‍රදානයන් ඒ අයුරින් ලබා දිය යුතු බවයි. එසේම ලක්දිව රාජ්‍ය පෙළපත පවතින තුරා එපරිද්දෙන් බුද්ධරාජ පෙළපත පවතීද එකී පරම්පරාගත සියලු දෙනාට එකී වරප්‍රසාද බුක්ති විඳිය හැකිය.
මේ අනුව පනාකඩුව තඹ සන්නස ලාංකේය ඉතිහාසය පිරික්සීමේදී ඉතා වැදගත් සන්නසක් බව කිව හැකිය. මෙය ලැබී ඇත්තේ මාතර මොරවක්කෝරළේ පනාකඩුව ගම්මානයේ ජීවත් වූ තැනැත්තකුටය. එය වර්තමානය වන විට ජාතික කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත.

පදියතලාවේ ඥණවිමල හිමි

SendShareShare
Previous Post

ලෙඩ අඩු වැඩි කරවන පංචමහා බලවේග

Next Post

Kaspersky වෙතින් 2020ට නවතම ආරක්ෂණ විසඳුම් පෙළක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාව වරින් වර විවිධ ව්‍යසනයන්ට, ස්වාභාවික ආපදාවන්ට මෙන්ම බෝවන රෝග වසංගතයන්ට මුහුණ දුන් රටකි. ඒ සෑම අවස්ථාවකදීම, රටේ සමස්ත...

Read more
අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.