සයිබර් ආරක්ෂණයේ දැවැන්තයා Kaspersky 2020 වසර උදෙසා හඳුන්වාදෙන සිය නවතම ආරක්ෂණ මෘදුකාංග පෙළ Kasperskyහි ශ්‍රී ලාංකේය එකම බලයලත් ව්‍යාපාරික සහකරු වන South Asian Technologies Private Limited (SATL) සමග එක්ව පසුගිය ඔක්තෝබර් 23 වැනිදා මාධ්‍ය හමුවකදී මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී.
WannaCry, SMBloris වැනි විනාශකාරී පරිගණක වැඩසටහන් සමග ක්‍රියාත්මක වන EternalBlue වැනි මාරාන්තික පරිගණක පද්ධති දත්ත සොරාගන්නා පරිගණක වැඩසටහන්වලට සාර්ථක ලෙස මුහුණ දිය හැකි ප්‍රබල ආරක්ෂණ මෘදුකාංගයක් 2020 වෙනුවෙන් Kaspersky හඳුන්වා දෙන්නේ එම කාලීන අවශ්‍යතාව මත පදනම් වෙමිනි. Kaspersky 2020 වෙනුවෙන් හඳුන්වාදෙන මෙම ආරක්ෂණ විසඳුම් පෙළ හුදු යාවත්කාල කළ නව සංස්කරණයකට වඩා නව විශේෂාංග එකමුතු කළ පරිපූර්ණ මෘදුකාංග පෙළකි.