• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

වසර 2900ක් සැඟවුණු සබරගමුව

August 22, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
වසර 2900ක් සැඟවුණු සබරගමුව
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව කියන්නේ ආසියා මහද්වීපයට අයිති ඉන්දියන් සාගරයේ තියෙන පුංචි දූපතක්. එදා කතාවට කිව්වේ ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා. කොහොමින් හරි අපේ ලංකාව ඊළඟට ආයෙත් සැරයක් පළාත් නවයකට බෙදෙනවා. ඒ නවය අතරින් එකක් තමයි සබරගමුව පළාත කියන්නේ. ඒ අපි දන්න ඇත්ත. ඇත්තටම මේ සබරගමුව කියන්නේ සුන්දර පළාතක්. ඒක හින්දම අපේ ලංකාවේ සුන්දරම පළාත මොකක්ද කියලා කාගෙන් හරි අපි ඇහුවොත් ඒකට උත්තරේ සබරගමුව. ඉතින් අපේ අද කතාවත් සබරගමුවට අදාළයි. සබරගමුවට අයිති ප්‍රධානතම දිස්ත්‍රික්ක දෙකක් තියෙනවා. එකක් රත්නපුර. අනෙක කෑගල්ල. ඉතින් ඒ දිස්ත්‍රික්ක දෙකට අදාළව සබරගමුවේ ලොකු කතාවක් තියෙනවා.

හැමදේකටම වගේ සබරගමුවටත් මහා ලොකු ඉතිහාසයක් තියෙනවා. අපි හොයාගත්තු එම කරුණු කාරණාවලට අනුව සබරගමුව පළාතේ ඒ ඉතිහාසය වසර 29000ක් තරම් දිගයි. සබරගමුව පළාතේ කරපු කැණීම් තුළින් එම කතාව දැනටමත් තහවුරු වෙලා ඉවරයි. විශේෂයෙන්ම එවකට සබරගමුවේ සිදුකරපු ගල් ලෙන් කැණීම් නිසා තමයි එම කතාව මෙහෙම තහවුරු වෙලා තියෙන්නේ. කොහොමින් හරි ආදි මානවයාගේ ඇටසැකිලි වගේම ඔවුන් භාවිතා කළ ගල් ආයුධ, පාෂාණ වර්ග සහ ඉතිරිව තිබූ ආහාර කොටස් එම ගල් ලෙන් කැණීම් තුළින් හොයාගෙන තියෙනවා. ඒ ගල් ලෙන් ටික අපි ඔන්න ඔබට දැනුවත් වෙන්න පහළින් සඳහන් කරනවා.

(01) කිතුල්ගල ලෙන
(02) බෙලිලෙන
(03) කුරුවිට ලෙන
(04) බටදොඹ ලෙන

ඉහළින් කියපු ගල් ලෙන්වලට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ ප්‍රදේශයට ආසන්නයෙන් පිහිටි දොරවක කන්ද ගල් ලෙනෙන් තවත් වටින අපූරු දේවල් ටිකක් හොයාගෙන තියෙනවා. ඒ තමයි එදා ආදි මානවයා විසින් නිර්මාණය කරපු බවට තහවුරු වන පනහකට නොඅඩු එවකට සතුන්ගේ මෙන්ම නොයෙක් දේවල්හි චිත්‍ර සහ සිතුවම්. ඒ විතරක් නම් කමක් නෑ කියමුකෝ. තව අපේ ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ප්‍රාග් මානවයා විසින් හදපු එකම ආදිකල්පිත ගල් මේසය හම්බෙන්නෙත් සබරගමුවෙන්. ඒ පැරණි ගල් මේසය හම්බෙන්නේ සබරගමුව පළාතේ පදවි ගම්පොළ කියන සුන්දර ප්‍රදේශයෙන්. හැබැයි මේ කතා අදටත් හුඟාක් අය දන්නේ නෑ.

සබරගමුව පළාත කියන්නේ ඇත්තටම පින්වන්ත බිමක්. මොකද දළදා වහන්සේ පවා කලක් තිබුණේ සබරගමුවේ. ඒ බෙලිගල දළදා මාලිගාවේ. ඒ දළදා මාලිගාවේ නටබුන් වගේම රජ මාලිගාවේ එම නටබුන් අදත් බෙලිගලදි දකින්න පුළුවන්. මේ අතරේ සබරගමුවත් එක්කම කියවෙන රජවරුන්ගේ නම් කීපයකුත් තිබෙනවා. එකක් තුන්වෙනි විජයබාහු. අනික මහා පරාක්‍රමබාහු. මේ මහා පරාක්‍රමබාහු රජතුමා එදා ඉපදෙන්නේ දැදිගම. එතකොට තුන්වෙනි විජයබාහු රජතුමා තමයි බෙලිගල දළදා මාලිගාවක් හදලා දළදා වහන්සේ ආරක්ෂා කරන්නේ. මේ අතරේ සබරගමුවේ ජනතාව අදහන දෙවිවරු කීපදෙනෙක්ම ඉන්නවා. ඒ අතරින් සුමන සමන් සහ දැඩිමුණ්ඩ දෙවියෝ වගේම පත්තිනි දේව මෑණියොත් විශේෂයි.

බුද්ධ වර්ෂ තුන්වෙනි සියවසේදී පමණ අපේ ශ්‍රී ලංකාවට බුදු දහම පැමිණිය බවට තහවුරු කෙරෙන සාක්ෂිත් දැන් සබරගමුව පළාතෙන් හොයාගෙනයි තියෙන්නේ. ඒ බව හොයාගෙන තියෙන්නේ සබරගමු පළාතට අයිති කෑගල්ල සහ රත්නපුර කියන ප්‍රධාන දිස්ත්‍රික්කයන් දෙකේ තියෙන ඓතිහාසික ස්ථානයන් තුළ කරපු කැණීම්වලින්. ඒ ඓතිහාසික ස්ථාන අතරින් ශ්‍රී පාදස්ථානයට වගේම රත්නපුර මහා සමන් දේවාලයට හිමිවෙන්නේ ඉහළ තැනක්. පුරාවිද්‍යාත්මක අතින් වැදගත් ඓතිහාසික පැරණි ස්ථාන කොච්චර සබරගමුව පළාතේ පිහිටා තිබුණත් ඉහළින් අපි කියපු ශ්‍රී පාදස්ථානය වගේම රත්නපුර මහා සමන් දේවාලය තමයි සබරගමුවේ හදවත. ඒ වගේම ශ්‍රී පාදස්ථානය ගැන සඳහන් කරද්දී බුදු රජුන්ගේ පාද ස්පර්ශය පවා ලබපු බිමක් විදිහටයි සබරගමුව හැඳින්වෙන්නේ. ඒ කතාවත් ඔන්න කියන්නම වෙනවා.

ඒත් එක්කම මේ සබරගමුව පළාතේ ප්‍රසිද්ධම ඓතිහාසික ස්ථාන ටික අපි පහළින් සඳහන් කරනවා.
(01) ශ්‍රී පාදස්ථානය (සමනළ කන්ද)
(02) රත්නපුර මහා සමන් දේවාලය
(03) අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය
(04) බෙලිගල රජමහා විහාරය
(05) බැරැණ්ඩි කෝවිල
(06) දැදිගම කොට වෙහෙර
(07) මානියන්ගම රජමහා විහාරය
(08) සංකපාල රජමහා විහාරය
(09) දෙල්ගමුව රජමහා විහාරය,
(10) දනකිරිගල ගල් විහාරය
(11) නිකපිටිය පොත්ගුල් විහාරය
(12) බිසෝවෙල රාජමහා විහාරය
(13) අරනායක සාලාව විහාරය
(14) දෙවනගල රජමහා විහාරය
(15) අම්බුළුලෙන විහාරය
(16) ඇහැලේපොළ වලව්ව
(17) අරන්දර දැඩිමුණ්ඩ දේවාලය
(18) පලපොලුව ගල්ලෙන් විහාරය
(19) වට්ටාරම මලියදේව විහාරය
(20) මහා බෙලිගල ගල

සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කය ගැන කතා කරද්දි අපිට මතක් වෙන්නේ මැණික් ගැන. ඒ හින්දම රත්නපුර දැන් හඳුන්වන්නේ රුවන්පුරය කියලා. ඒත් එක්කම අපේ ලංකාවේ අපනයන කර්මාන්තයටත් රුවන්පුරේ මැණික් ලොකු හයියක්. විශේෂයෙන්ම ඒ අවට බොහෝමයක් ජනතාව ජීවත් වෙන්නේ මැණික් කර්මාන්තයත් එක්ක. ඒ හරහා ඔවුන් ඉල්ලම් හෑරීම ප්‍රමුඛව මැණික් කැපීම, මැණික් ඔප මට්ටම් කිරීම සහ මැණික් යොදා ආභරණ තැනීමත් ඒවා විකිණීම වගේ දේවලුත් රැකියාවන් විදිහට කරනවා.

සබරගමුව පළාත කියන්නේ කාලගුණය වගේම දේශගුණික අතිනුත් යහපත්ම පළාතක්. ඒ වගේමයි පරිසර පද්ධතිය අතිනුත් සබරගමුව පොහොසත්. අපි දන්න කියන ලෝක ප්‍රසිද්ධ සිංහරාජ වනාන්තරය පවා තියෙන්නේ සබරගමුවේ. සිංහරාජය කියන්නේ අදටත් ලෝකයේ අදූෂිතව පවතින වනාන්තර කිහිපයෙන් එකක්. හෙක්ටයාර් 8900ක් පුරා පැතිරුණු සිංහරාජය දිය ඇළි, ගංගා වගේම ශාක හා සත්ව ප්‍රජාව අතිනුත් ඉදිරියෙන්ම තියෙන වනාන්තරයක්. විශේෂයෙන්ම අපේ ලංකාවට පමණක් ආවේණික දුර්ලභ ශාක පවා සිංහරාජයෙන් හොයාගන්න පුළුවන්. ඒත් එක්කම පින්නවල සත්තු වත්ත, අලි අනාථාගාරය, කෑගල්ල කුරුලු උයන, සරදියෙල් ගම්මානය වගේ සංචාරක ස්ථාන අතිනුත් සබරගමුව පොහොසත්. ඒ වගේම අපේ ලංකාවෙන් තුරන්වෙලා ගියපු කළු කොටියා එළියට ආවෙත් මේ සබරගමුවෙන් තමයි. ඒ හින්දා සබරගමුව කියන්නේ එසේ මෙසේ පළාතක් නෙවෙයි.
රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

සැර වැර දාන කළු එතනා

Next Post

කුජ වයස 28ට වැඩි අයව අත්හරිනවද

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.