• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

කුජ වයස 28ට වැඩි අයව අත්හරිනවද

August 22, 2020
in Astrology
Reading Time: 1 min read
A A
කුජ වයස 28ට වැඩි අයව අත්හරිනවද
Share on WhatsAppShare on Facebook

විවාහය ගැන කතා කරද්දී කුජ ගැන කොතරම් කතා කළද අවසානයක් දක්වා කතා කළ නොහැකි තරමට කුජත් විවාහයත් අතර ඇත්තේ ප්‍රබල සම්බන්ධයකි. විවිධ තැන්වලදී කසාදයට පෙර කුජ ඉස්සර කරගන්නා තැන් අනන්තවත් තිබේ. එයාට කුජ දෝෂ, මෙයාගේ කුජ හතේ වැනි මත ප්‍රකාශ කරමින් විවාහයන් පස්සට දමන තැන්ද අනන්තය, අප්‍රමාණය. එහෙත් ඒ බහුතරයක් දෙනාට ඇත්තේ කොහෙන් හෝ ඔළුවට දමාගත් මතවාදයක් මිස මුහුකුරා ගිය ජ්‍යොතිෂමය දැනුමක් හෝ ජෝ‍යාතිෂමය තර්ක විතර්ක නොවේ. එනිසා කසාදයක හැම අඩුවක් පාඩුවක්ම කුජ පිටින් දමා ගැලවී සිටින්නට උත්සාහ කිරීම අපරාධයකි.

කුජ දෝෂ දක්වන්නේ එක, දෙක, හතර, හත, දොළහ ස්ථානවල සිටියදීය. ඉහත සඳහන් කළ ස්ථානයක සිටින කුජගේ එකම රාජකාරිය විවාහ කඩාබිඳ දැමීමත්, මංගල කටයුතු කඩාකප්පල් කිරීමත් ලෙස සිතන්නන් වැඩිය. එහෙත් වඩාත් හොඳින් අවබෝධ කරගත යුත්තේ කුජගේ එකම කාරණය විවාහ කඩාකප්පල් කිරීම පමණක්ද යන්නයි.

කුජ යනු ශක්තියට මුල්තැන දෙන්නාය. තේජවන්තකමට, එඩිතරකමට, හිතුවක්කාරකමට මෙන්ම සල්ලාලකමටද අධිපතිත්වය දරන ග්‍රහයාය.

සැඟවීමකින් තොරව කරන දේ එළිපිට කිරීමට තරම් බලයක් ඇති කුජ ග්‍රහයාට ඕනෑම දෙයක් ක්‍ෂණිකව කඩාබිඳ දැමීමේ බලයක්ද වෙයි. මේ හේතු නිසාම විවාහයේදී සෑම කෙනෙක්ම කුජ ගැන බිය වන්නේ බිය නොවී බැරිකමටය.

එහෙත් යම් කේන්දරයක කුජ බලවත් වී සිටීනම් එම ජන්මියා එඩිතර ගති ඇති ශක්තිමත් තැනැත්තකු වෙයි. හෙතෙම එඩිතර තද හිතක් ඇති අයකු නිසාම ක්‍රියාවේ දක්‍ෂයකුද වෙයි. ඔහු කිසිවකින් පසුබට නොවන අතර, ඕනෑම අභියෝගයක් හමුවේ ඉදිරියටම යන්නකු ලෙසද ප්‍රකට වෙයි. යම් කෙනකුගේ කුජ ලග්නයේ සිටීනම් ඔහු සැමවිටම එඩිතරව ක්‍රියා කළද විවාහය නමැති මාතෘකාවේදී කුජ ගැන බැලිය යුත්තේ ඊට ගැළපෙන අයුරිනි. එසේ බලද්දී කුජගේ ඉවසීමේ ගුණය, අඩුනම් ඉක්මනින් කෝප වීම වැනි කාරණා මූලිකත්වයට පැමිණේ.

විවාහයකදී සිදුවන්නේ දෙදෙනකු එක්ව ගමනක් යෑමය. අදහස්, උදහස් කොතරම් සම වුවද සිත් දෙකක් එක්ව ගමනක් යෑම යනු මතගැටුම් වාද, බේද ඇති වීමේ ප්‍රවණතාවය වැඩිය. එනිසා විවාහයේදී ඉවසීම අංක එකට සැලකෙයි. කුජගේ ස්වභාවය එහි අනෙක් පැත්ත නිසා කුජ විවාහයට බාධා කරන්නෙක් ලෙස ප්‍රකට වෙයි. කුජ ඉවසීම වෙනුවට ඉක්මන් වෙයි. සාමය වෙනුවට රණ්ඩුවට බර වෙයි. එනිසා කුජ 7 වැන්නට නොගැළපෙයි. ඒ හේතුවෙන් 7 වැන්නේ කුජ දෝෂයක් ලෙස සැලකීම එක පැත්තකින් සර්ව සාධාරණය. කෙසේ වුවද කුජ ග්‍රහයා ආවට ගියාට අතහැරිය හැකි ග්‍රහයකුත් නොවේ. පිරිමියකුගේ සහකාරිය නිවේදනය කරන්නේ සිකුරු වුවද කාන්තාවකගේ සහකරු නිවේදනය කරන්නේ කුජය. යම් ස්ත්‍රියකගේ කේන්දරයේ මකර, මේෂ, වෘශ්චික යන රාශියක කුජ සිටීනම් එම කාන්තාවට හිමිවන සහකරුව ක්‍රියාශීලී පුද්ගලයකු වන බව පැවසෙයි. ඔහු කඩවසම් ආකර්ෂණීය අයකුද වෙයි. එවැනි තත්ත්වයක වුවද කුජ 7 වැන්නේ සිටීම සුබ නැත. කුජ නිතරම බලන්නේ 7 වැන්නට බාධා ගෙන දීමටය. 7 වැන්නට කාරක ග්‍රහයා සිකුරය. සිකුරුගේ වැඬේ කරන්නට සතුරු කුජට හැකියාවක්ද නොමැත.

කුජ 7 බලවත්ව සිටීමට වඩා කුජ 7 නීච වීම නරක බව වටහාගත යුතුය. එය වඩාත් දෝෂ සහිත වෙයි. මකර ලග්න පුරුෂයකුගේ කුජ 7 නම් ඔහුගේ සහකාරියට අපල ඇති කිරීමට සමත්වෙයි. එවැනි ස්ත්‍රියකගේ නම් ඇය ලබන පුරුෂයා. දුර්වල අයකු වෙයි. එසේ නොමැති විට දෙදෙනාගෙන් කෙනකු අනෙකාව ප්‍රතික්‍ෂේප කිරීම අනිවාර්යයෙන් සිදුවෙයි.

කුජ 7 අධිපති සමඟ සංයෝග වීමද විවාහයට බාධා ගෙන දෙන පිහිටීමකි. එහිදී අනෙක් ග්‍රහයන් ගැනත් සැලකිලිමත් විය යුතුය. විශේෂයෙන් ගුරුගේ තත්ත්වය බලා තීරණයකට එළැඹිය හැකිය. කෙසේ නමුත් මේ සියල්ල සමඟ වඩාත් ආන්දෝලනාත්මක මතයක්ද තිබේ. එනම් කුජගේ දෝෂය ප්‍රබලව බලපෑම් කරනු ලබන්නේ හිරිමල් තාරුණ්‍යයට යන ප්‍රකාශයයි. එනම් වයස අවුරුදු විසි ගණන්වලදී සහ ඊට පෙරයි. (වයස 28 පෙර) මෙලෙස වයස 28ට පෙර තරුණ තරුණියන්ගේ විවාහයන්ට කුජ ප්‍රබලව බලපෑවද 28 පසුවී විවාහ වීමේදී කුජගේ දෝෂය ප්‍රබල බලපෑමක් නොමැති බවටද මතයක් පවතී. මේ තත්ත්වය වඩාත් උනන්දුවෙන් අධීක්‍ෂණයෙන් තීරණය කළ යුතු තත්ත්වයකි. මෙවැනි කාරණා ගැන ආවට ගියාට තීරණ නොගත යුතුය. එවැනි විවාහයන් මෙන්ම එවැනි කේන්දර ගැනද ඉතා සුපරීක්‍ෂාකාරීව තෝරා බේරාගෙන අධීක්‍ෂණය කළ යුතුය. එවිට සත්‍ය අවබෝධ කරගැනීමට පහසුවෙයි.

කෙසේ නමුත් විවාහයකදී සියල්ල කුජ පිටම පටවා නිදහස් වීමට නොහැකිය. මන්ද කුජ යනු විවාහයේ එකම සතුරා නොවන නිසාය. ඊට තවත් කරුණු කාරණා ගණනාවක් බලපාන්නේය. ඒ ගැනත් ඉතා අවධානයෙන් සිතා බලා තීරණ ගැනීම සුදුසුවෙයි.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

වසර 2900ක් සැඟවුණු සබරගමුව

Next Post

REDMI 9 සහ REDMI NOTE 9 දැන් ශ්‍රී ලංකාවේ

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.