• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලෝකයම සමරන 11-11

November 20, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ලෝකයම සමරන 11-11
Share on WhatsAppShare on Facebook

වසරේ අවසානම මාසයට පෙර ඇති නොවැම්බර් මාසය යනු වසරක වැදගත්කම අතින් ඉහළින්ම ඇති මාසයකි. ඒ ලෝක පොපි මල් දිනය නොවැම්බර් මාසයේ යෙදී ඇති බැවිනි.රණවිරු අනුස්මරණ දිනය හෙවත් සටන් විරාම දිනය ලෙසින්ද ලොව ඇතැමුන් හඳුන්වන පොපි මල් දිනය ලෝකයටම වැදගත් දිනයකි. ඊට එකම හේතුව වන්නේ යුද්ධයේදී මියගිය සියලුම රණවිරුවන් මෙදිනට ගෞරවනීය අන්දමින් සිහිකිරීමයි.

එදා පළමුවැනි ලෝක සංග්‍රාමයෙන් හෙවත් පළමු ලෝක යුද්ධයෙන් පසුව ඇරඹි මෙම දිනය මුළු ලෝකයටම ඉතා වැදගත් වන්නේ එම හේතුව නිසාය. කෙසේ වුවද වර්තමානය වෙන විට බොහෝමයක් වූ රටවල් මෙම දිනය මහත් උනන්දුවෙන් සමරනු දැකිය හැකිය.
මෙය එදා යුධ විරුවන් සිහිකිරීම වෙනුවෙන් නම් කළ දිනයක් හේතුවෙන් ලෝකයේ බොහෝමයක් රටවල් මේ වෙනුවෙන් සූදානම් වන්නේද බොහෝ කාලයකම සිටය. ඒ අනුව ඔවුන් ලෝක පොපි මල් දිනයට ලෝක යුද්ධයෙන් ලොව පුරා මියගිය යුධ විරුවන් සිහිකිරීම වෙනුවෙන් විවිධ උත්සව පවත්වනු ලබයි. එම දිනයට නව අරුතක් එක් කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය මෙන්ම ප්‍රංශය සහ මහා බි්‍රතාන්‍යය වැනි රටවල් “ලෝක පොපි මල් දිනය” සමරන්නේ මහත් ඉහළිනි. මේ අතර ලෝකයේ ඉතාම බලවත් රටවල් එලෙස යුධ විරුවන් සිහිකිරීම සඳහා තවත් විශේෂ උත්සව පවත්වනු ලැබේ. එහිදී ඇමෙරිකා එක්සත් ජනපදය “යුධ ප්‍රවීණයන්ගේ දිනය” ලෙසත් ප්‍රංශය “අවි නිහඬ කිරීමේ දිනය” ලෙසත් මහා බි්‍රතාන්‍යය “සිහිකිරීමේ දිනය” ලෙසත් මහත් ඉහළින් ලෝක යුධ විරුවන් සමරයි. එහෙත් ඔය සියල්ලටමත් වඩා ඉහළින් ඔවුන්ද නොවැම්බර් මසට ලෝක පොපි මල් දිනය සමරන්නේ යුධ බිමේදී මියගිය යුධ විරුවන් වෙනුවෙන් කෙරෙන ගෞරවය මෙන්ම උත්තමාචාරය ඔවුන්ට ඉහළින්ම පුද කරමිනි.

එදා තිබූ පළමු ලෝක සංග්‍රාමය ඇරඹෙන්නේ 1914 වසර තුළය. ඒ ජර්මනියේ කයිසර් විල්හෙල්ම් නම් රජු බි්‍රතාන්‍යයට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵලයක් මතය. එය එදා කොතරම් නම් විශාල මට්ටමේ ලෝක සංග්‍රාමයක්ද කිවහොත් සිව් වසරක් හෙවත් වසර හතරක් පුරාවට එය පවත්වා තිබේ. එදා එසේ තිබූ එම පළමු ලෝක සංග්‍රාමය හේතුවෙන් දහස් ගණනක් වූ සෙබළුන් මරණයට පත්ව ඇති බව සඳහන් වෙයි. එදා තවත් දහස් ගණනක් යුධ විරුවන් අංගවිකල බවටද පත්ව තිබේ. එයින්ද නොනැවතී දහස් ගණනක් වූ යුධ විරුවන් රෝගීන් බවටද පත්වූ බව සඳහන්ය. එහෙත් ඒ ලෝක සංග්‍රාමය එක් නිමේෂයක නිමාවිය. ඒ 1918 වසරේ නොවැම්බර් 11 වැනිදාය. එදින පෙරවරු 11.00ට ප්‍රංශයේදී අවසන් වෙඩිල්ල පත්තු කරමින් පළමුවැනි ලෝක සංග්‍රාමය නිමාකිරීමේ තාවකාලික වූ ගිවිසුම අත්සන් කර තිබේ. ඒ අනුව 1918 වසරේදී අවසන් වූ පළමු ලෝක සංග්‍රාමය සිහිකිරීමට සෑම වසරකම නොවැම්බර් 11 වැනිදා යොදා ගැනීමට කටයුතු කෙරුණි. 1918 වසරේ නොවැම්බර් 11 වැනිදා පෙරවරු 11.00ට සටන් නැවැත්වීම නිසා අදටත් නොවැම්බර් මාසයේ තුළදී ලෝකයේ බොහෝ රටවල් ඒ වෙනුවෙන් විනාඩි දෙකක පමණ නිශ්ශබ්දතාවක් පවත්වනු ලබයි. ඒ යුධ භූමියේදී මියගිය යුධ විරුවන් සිහිකිරීම වෙනුවෙනි.

ලෝක පොපි මල් දිනය අපේ ශ්‍රී ලංකාවටද වැදගත් දිනයකි. එසේ වන්නේ අප ශ්‍රී ලංකාවේද වසර තිහක් පුරාවට කුරිරු යුද්ධයක් පැවතීමයි. නමුත් එය මීට වසර කිහිපයකට පෙර අවසන් වූයේ ලෝකයේ තවත් කඳුළු කතාවකට සදහටම තිත තබමිනි. එය එසේ වෙද්දී ලෝකයේ බොහෝ රටවල් අදටත් ඒ අනුව වර්තමානයේදී කොළඹ විහාරමහාදේවී උද්‍යානය තුළ පිහිටුවා ඇති ලෝක යුධ ස්මාරකය අබියසදී වසරකට වරක් මෙම පොපි මල් දිනය අභිමානයෙන් සමරනු ලැබෙයි. එහිදී උත්සවාකාරයෙන් සිදුකරන්නේ එම යුධ ස්මාරකය අසලින් පොපි මල් තැන්පත් කිරීමයි. පොපි මල් දිනය සැමරීමේ උත්සවය සඳහා එදිනට බොහෝ විට රටේ ජනාධිපතිවරයා මෙන්ම රටෙහි ආරක්ෂක අංශ ප්‍රධානීන් රණවිරුවන් සහ මහජනයාද පැමිණෙති.

පළමු ලෝක සංග්‍රාමය වෙනුවෙන් මියගිය යුධ විරුවන් සිහිකිරීමේ සුවිශේෂී ස්මාරකය ශ්‍රී ලංකාවේ පළමුවරට පිහිටුවනු ලැබුවේ කොළඹ ගාලු මුවදොර පිටියේය. ඒ 1921 වසරේ දෙසැම්බර් 27 වැනිදාය. එම ස්මාරකය වෙනුවෙන් මුල්ගල තබන්නේ බි්‍රගේඩියර් ජෙනරාල් ශ්‍රීමත් විලියම් හෙන්රි මැනින් මහතාය. මේ අතර එය වසර දෙකකට පසු විවෘත කරන්නේද එම මහතාමය. ඒ අනුව ස්මාරකය විවෘත කෙරෙන්නේ 1923 වසරේ ඔක්තෝබර් 27 වැනිදාය. එම ස්මාරකය තුළ සඳහන්ව තිබෙන්නේ එදා පළමු ලෝක සංග්‍රාමය අතරේදී මියගිය ශ්‍රී ලාංකේය මෙන්ම බි්‍රතාන්‍යය ජාතික යුධ වීරයන්ගේ නාමයන්ය. කලක් ගතවෙද්දී එම යුධ ස්මාරකය එදා ගාලු මුවදොර පිටිය අසල ඉදිකළ ටාජ් සමුද්‍රා නම් අලුත්ම හෝටලයේ ගොඩනැගිල්ලක සවි කෙරුණි. එහෙත් පසුව එය කොළඹ විහාරමහාදේවි උද්‍යානය වෙතට රැගෙන යන්නට විය. සැබෑවටම එහි උස ප්‍රමාණය උස අඩි 80කි. එය දැනට වර්තමානයේ හඳුන්වන්නේ “රට වෙනුවෙන් දිවි පිදූවන් සිහිකිරීමේ කුලුන” යනුවෙනි. මේ අතර අද ශ්‍රී ලංකාවේ පොපි මල් දිනය සැමරෙන්නේද ඒ අසලය. ඊට ජනාධිපතිවරයා මෙන්ම රටේ ත්‍රිවිධ හමුදාපතිවරුන් රණවිරුවන් සහ දෙස් විදෙස් ප්‍රභූවරුන්ද මහජනයාද සහභාගි වෙති.

ලෝක පොපි මල් දිනය සෑම වසරේම නොවැම්බර් 11වැනිදාට යෙදී තිබුණද අද එය පැවැත්වෙන්නේ එම දිනයට ආසන්න ඉරිදා දිනය තුළය. ඊට හේතුව වන්නේ ඉරිදා යනු බොහෝ රටවල් තුළ නිවාඩු දිනයක් ලෙසින් නම් කර තිබීමයි. එම ඉරිදා දිනය අද “සිහිකිරීමේ ඉරිදා දිනය” ලෙසද ඇතැමුන් හඳුන්වයි. එදිනට සෑම රටකම ඇති යුධ ස්මාරක අසල රතු පැහැති පොපි මලින් සෑදූ මල්වඩම් තැන්පත් කරනු ලැබෙයි. පසුව යුධ විරුවන් සිහිකිරීමේ බියුගල් වාදනයෙන් පසු විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවක් පවත්වා පළමු ලෝක යුද්ධයෙන් මියගිය යුධ විරුවන්ව අභිමානයෙන් යුතුව සිහිකරයි. මෙම සැමරුමට සිහිකිරීමේ මල ලෙසින් “පොපි මල” යොදාගැනීම පසුපසද කතාවක් තිබේ. සැබෑවටම එය අපූරු සංකේතයකි. එහෙත් එය සංකේතයකටත් එහා යමින් වඩා වැඩි යමක් අර්ථවත් කරන්නකි. පොපි මල යනු බලාපොරොත්තුවක් උපදවන මලක් ලෙස දැනට හැඳින්වෙයි. එම නිසා පොපි මල යනු මෙදිනට සමස්ත ලෝකයේම ඉතාමත් ප්‍රසිද්ධ මලකි. එමෙන්ම මෙදිනට පොපි මල් අලෙවියද සිදුවන්නේ ඉතාමත් ඉහළිනි.

පොපි මලේ ව්‍යාප්තිය පිළිබඳවද ඇත්තේ අපූර්ව කතාවකි. එදා පළමු ලෝක සංග්‍රාමයේදී බෙල්ජියමේ ෆැලැන්ඩර්ස් රේන්ජ් සහ පිකාඩි යන ප්‍රදේශයන් තුළ බිහිසුණු යුධ සටන් පැවතුණු බව සඳහන් වෙයි. එම යුධ සටන් තිබුණු කාලයේදී එම ප්‍රදේශ ඉතා සාරවත් වූ ප්‍රදේශ බව සඳහන් වෙයි. නමුත් මෙම පළමු ලෝක සංග්‍රාමය නිසා එම ප්‍රදේශ විනාශ වී තිබේ. එමෙන්ම එදා මියගිය දහස් ගණනක් වූ යුධ විරුවන්ගේ රක්ත රුධිරයෙන් එම ප්‍රදේශයේ භූමිය සම්පූර්ණයෙන්ම වැසී ගිය බව සඳහන්ය. ඔවුන්ගේ සිරුරු මිහිදන් කළ බව සඳහන් වන්නේද එම භූමියේය. කාලයත් සමඟ යුද්ධයෙන් නිමාවීමෙන් පසු එම භූමියේ රතු පැහැති මල් විශේෂයක් පිපී ඇත. එම මල් විශේෂය ඉතාමත් වේගයෙන් පැතිරෙන්නටද විය. ඒ මල් පසුව පොපි මල් ලෙස නම් කරන්නට විය. එම නිසාවෙන් එදා පටන්ම මියගිය යුධ විරුවන් සිහිකිරීමේ සංකේතයක් ලෙස පොපි මල් යොදා ගෙන තිබේ. එදා එසේ පිපුණු මල අද ජනප්‍රිය තාලයේ මලකි. එම මල් යොදා ගෙන ලෝකයේ මුල්ම පොපි මල් දිනය සමරා තිබෙන්නේ 1921 වසරේ නොවැම්බර් 11 වැනිදා මහා බි්‍රතාන්‍යයේය. එදා පොපි මල් දිනය නොවැම්බර් 11 වැනිදාට යෙදී තිබුණද දැන් එය එදිනට ආසන්න ඉරිදාට යොදාගනියි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ කලක් හිටපු රාජ්‍ය ලේකම්වරියක වූ මොයිනා මිචෙල් මහත්මිය ලෝක යුද්ධයෙන් මියගිය යුධ විරුවන් සිහිකිරීමට මුලින්ම පොපි මලක් පැළැඳගත් බව සඳහන්ය. පසුව ඇය එදා කෘත්‍රිම පොපි මල්ද ලෝකයට හඳුන්වා දීමට කටයුතු කළාය. එයින්ද නොනැවතුණු ඇය පසුව මියගිය සහ ආබාධිත වූ යුධ විරුවන් වෙනුවෙන් අරමුදලක් පවා පිහිටුවිය. අනතුරුව මෙඞ්සි ගෘයින් එම අරමුදලටම නව පණක් එකතු කරමින් පොපි මල් ව්‍යාපාරයක්ද අරඹන්නට විය. අද එම ව්‍යාපාරය ලෝකයේ සාර්ථක ව්‍යාපාරයක් වී තිබේ. මේ අතර යුද්ධය නිසා මියගිය යුධ විරුවන්ගේ රුධිරය මතකයට නැංවීමේ අරමුණ ඇතුව රතු පැහැති කෘත්‍රිම පොපි මල් ලොව මුලින්ම නිපදවූයේ ප්‍රංශයයි. පසුව බි්‍රතාන්‍යය එරට ආබාධිත සෙබළුන් කිහිපදෙනෙක් යොදාගෙන එදා පොපි මල් කර්මාන්තශාලාවක් පවා ආරම්භ කරන්නට විය. අද එය විශාල ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී ඇත. අද ලෝකය පුරාම නොමිලේ පවා පොපි මල් දීමට ඔවුන් කටයුතු කරන අතරම වාර්ෂිකව මිලියන පනහක් පමණ වූ පොපි මල් ඔවුහු නිෂ්පාදනය කරති. නමුත් එයින් ලැබෙන ආදායම යන්නේ මියගිය සහ ආබාධිත රණවිරුවන්ගේ සුබ සාධනය වෙනුවෙනි.

රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

ජනාධිපති ‌ගෝඨාට සහාය පළ කරන්න හර්ෂ සූදානමින්

Next Post

කලාවට හෙටක් හදන්න ලක්ෂ්මන්ට බලය

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.