තමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළකිරීමට සූදානම් බව හිටපු අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සදහන් කර තිබේ.
සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා වෙත හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දී ඇත්තේ ‘සුවසැරිය’ ගිලන් රථ සේවය දිගටම පවත්වාගෙන යන ලෙසත්, එහි වැඩිදියුණු කටයුතු වෙනුවෙන් සහාය දැක්වීමට තමන් සූදානමින් සිටින බවත්ය.
එමෙන්ම මෙම ගිලන් රථ සේවාව ජනාධිපතිවරයා යටතේ පවත්වාගෙන යන ලෙසද සිය නිවේදනය මගින් හර්ෂ ද සිල්වා මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.










