• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලෝකයම කතා කරන කවුද මේ කතාකාරයා

June 27, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
ලෝකයම කතා කරන කවුද මේ කතාකාරයා
Share on WhatsAppShare on Facebook

වැහිළිහිණි ධේනුවක්, (කිරිල්ලියක්) විනිශ්චයකාරවරයකුගේ නිල නිවෙසේ (පියැස්සේ) බැඳගත් කූඩුවක ජීවත් වූවාය. නිල නිවෙසේ ආරක්‍ෂාවට ආරක්‍ෂකයන්ද දිවා – රාත්‍රි සිටි බැවින් දඟකාර කොල්ලන්ට කූඩුව ළඟට එන්නට හෝ ගල් ගසන්නට හෝ නොහැකි විය.

ඉගිළෙන්නට බැරි ඇගේ පැටවුන් කූඩුවේ සිටියදී දිනක් ඕ ළඟපාතකට කෑම සොයා ගියාය. එසේ ගොස් පැමිණි ඇයට තම දරු පැටවුන් සර්පයකු විසින් ගිල දමනු ලැබ ඇති බව දක්නට ලැබුණෙන් ඇය මොර දෙන්නට පටන් ගත්තාය.

බොහෝ වේලාවක් වැළපෙමින් සිටින විට ඒ හඬ ඇසුණු ඇගේ යහළු වැහිළිහිණියක් පැමිණ හේතුව දැන සිය හිතවතිය අස්වසන්නට පටන් ගත්තාය. ඒ සඳහා බොහෝ දේ කීවාය. බුදුන් වහන්සේ පටාචාරාවට දුන් උපදේශය පරිදි එම යෙහෙළියද (වැහිළිහිණිය) පැවසුවේ මෙසේ අවාසනාවන්ත අන්දමින් දරුවන් අහිමි වූ ලෝකයේ එකම මව ඇය නොවන බැවින් ඒ ගැන මෙනෙහි කර සිත සකසා ගන්නා ලෙසටය. එහෙත් දරුවන් අහිමි වූ වැහිළිහිණිය තවතවත් වැළපෙමින් තම හිතවතියට මෙසේ කීවාය.

මගේ දරුවන් අහිමි වීම මට මහත් දුකක් තමයි. ඒත් මට ඉවසන්න බැරිම දේ මගේ දරුවන් මට නැති වුණේ විනිශ්චයකාරවරයකුගේ ගෙදරදීම කියන එකයි.

අන්ත අසරණයාට පිළිසරණක් ඇතැයි සාධු සම්මත ජනතාව විසින් පිළිගනු ලැබ ඇතැයි කියන ස්ථානයේ හෝ අපේක්‍ෂිත ආරක්‍ෂාව ඇත්දැයි යන්න ගැන ‘ඊසොප්’ගේ මේ උපමා කතාවෙන් දෙවරක් කල්පනා කළ යුතුව තිබේ.

විවිධ රටවල, විවිධ ජාතීන් අතර, විවිධ සංස්කෘතීන් තුළ කුල ගෝත්‍රිකයන් සතුව තම තමන්ටම ආවේණික ඔන්න ඔය කියන අන්දමේ උපමා (උපහැරණ) කතා ඇතුළු උපහාස කතා ආත්තෝපදේශ කතා එමට තිබේ. ඒවා ඉහත දැක්වෙන ක්‍ෂේත්‍රවලට පමණක් නොව ප්‍රදේශ වලටද වෙන්කෙරී තිබේ. ඔය තුම්පනේ අයගෙ කතාවක්. ඔය හල්පෙ අයගෙ කතාවක් ලෙසින් කියැවෙන්නේ එහෙයිනි.

කොයි කාල පරිච්ඡේදයක, කොයි දේශ දීපංකරේක කොයි කාගෙන් හෝ ඇතිවී (නිර්මාණය) යුගයෙන් යුගයට, සමයෙන් සමයට අඛණ්ඩව අචින්නව දේශදේශාන්තර ගතව එකට අත්වැල් බැඳී පැමිණි මේ කතා සමස්ත මානව වර්ගයාගේම පොදු කතාවක් වැන්න.
ඔය කියන අන්දමේ උපමා කතා කීමෙන් ලෝක පූජිත මිනිසා ‘ඊසොප්’ය.
බුදුන් උපන් සමයේ හෙවත් අදට වසර දෙදහස් පන්සියයකට (2500) පමණ පෙරාතුව එනම් ක්‍රිස්තු පූර්ව පන්සියය (500) තරමේදී උපමා කතා කී ‘ඊසොප්’ නමැත්තකු විසූ බව ග්‍රීක සාහිත්‍යයේ සහ ඊට සමකාලීන ඓතිහාසික ලේඛනවලින් හමුවෙයි. විද්වතුන්ගේ නිගමනය අනුව ඔහු ඉපැදී ඇතැයි කියන්නේ ක්‍රි.පූ. 620-654 අතර කාලයේදීය.

බුද්ධ කාලයට ආසන්න සමයේ උපන් ‘ඊසොප්’ බුදුන් දැක්කා දැයි නොදනිමි. බණත් ඇසුවා දැයි නොදනිමි. එහෙත් ඔහුගේ නම නම් මේ දක්වාම නොමැකී බවයෙන් බවයට පැමිණ ඇති බව නම් සැබෑවි.

‘ඊසොප්’ගේ රචනා මුලින්ම ලියැවී ඇත්තේ ග්‍රීක් භාෂාවෙනි. පසුව ඒවා තිදෙනකු විසින් කෘති තුනක් වශයෙන් වෙන් වෙන්ව ඉංග්‍රීසියට නගනු ලැබ තිබේ. ‘ඊසොප්’ විසින් ලියන ලදැයි කියන කතා දෙසිය තුනක් (203) ජැක් සිප් නම් සංස්කාරවරයාගේ කෘතියේද, කතා දෙසිය අසූ හතරක් (284) ජෝර්ජ් ස්ටේඞ්ගේ අධ්‍යක්‍ෂකත්වය යටතේ පළ කළ කෘතියේද ‘පෙන්ගුවීන්’ සංග්‍රහයේ තිබූ කතා තුන්සිය පනස් අටක් (358) යන පරිදි තමන් කියැවූ බව සුප්‍රසිද්ධ ලේඛකයකු වන ටෙනිසන් පෙරේරා මහතා ‘ඊසොප්‘ගේ උපමා කතා නමැති සිය කෘතියේ සඳහන් කර තිබේ.

‘ඊසොප්’ වහලකු ලෙස ජන්මය ලැබුවා හෝ තරුණ වයසේදී වහලකු ලෙස විකුණනු ලැබුවා හෝ විය හැකි බව ඇතැමුන්ගේ මතයයි.
කතා කියන්නකු වූ ‘ඊසොප්’ මරා දමනු ලැබීම සම්බන්ධයෙන් ‘ඩෙල්ෆි’ මහජනතාවට වන්දි ගෙවීමට නියම වූ බව ක්‍රි.පූ. 425 තරමේ ජීවත් වූ හෙරක්ඩෝටස් නම් ග්‍රීක ඉතිහාසඥයාගේ ග්‍රීක – පර්ෂියා යුද්ධය නම් ග්‍රන්ථයේ දැක්වෙයි.

මේ කතාකරුගේ (ඊසොප්) උපන් බිම ත්‍රේසියාව, ප්‍රීජියාව, ඉතියෝපියාව). සමොස්, සේඩි්‍රස් යන රාජ්‍යවලින් එකක් විය හැකි යැයි අනුමාන කෙරේ. එහෙත් ‘ඊසොප්’ පැහැදිලිවම ග්‍රීකයකු බැවින් ග්‍රීක ජනපදයක් වූ මොසැම්බියාවට අයත් ත්‍රේසියාවේ හෝ ප්‍රිජියාවේ ඉපදී ඇතැයි කියත්.

‘ඊසොප්ගේ රූපකායද එතරම් ප්‍රසන්න නොවන බව සඳහන් වෙන අතර ඒ විස්තරය මෙසේය ඔහු කුදුය, ඉදිරියට නෙරූ මහත් උදරයකි, මුක්කන් නාසයකි, දෙපා බතලය. වහලකු වශයෙන් විකිණීමට අද තුර්කිය ලෙසින් හැඳින්වන රාජ්‍යයට ගෙන ගියද විරූපීභාවය නිසා කිසිවකු විසින් මිලට ගනු ලැබුවේ නැතිලු. ඒ නිසා හෙතෙම සැමොස් දිවයිනට ගෙනයනු ලැබුවේලු. එහිදීද ඔහු තුර්කියේ ආනිසංසයටම මුහුණ දුන්නත්, එම දිවයිනේ සන්තුස් (Zanthus) නමැති ප්‍රසිද්ධ දාර්ශනිකයකු විසින් සිය බිරියගේ වැඩකටයුතුවල උදව්වට මිලට ගනු ලැබ ඇත.

සන්තුස් පසුව ‘ඊසොප්’ගේ බුද්ධිමත්භාවය තේරුම් ගෙන මිනිසකු මිනිය යුත්තේ පෙනුමෙන් නොව මනස අනුව බව පවසා තිබේ. කෙසේ වෙතත් සන්තුස් සැමොස් ප්‍රදේවාසියකු වූ ඉසැඞ්මොන්ට ‘ඊසොප්’ විකුණා තිබේ. කාරුණික මනුස්සයකු වූ ඉසැඞ්මොක් ‘ඊසොප්’ ගැන පැහැදී වහල්කමෙන්ද නිදහස් කර තිබේ. තවත් තැනක සඳහන් අන්දමට ‘ඊසොප්’ සැමොස් දිවයිනේ ප්‍රසිද්ධ වෛශ්‍යවක වූ රොඩෝපින් නමැති තැනැත්තිය සමඟ විසූ බවද දැක්වෙයි. එසේ සිටියේ ඇගේ වහලකු ලෙසින් දැයි සඳහනක් නැතත් ඉසැඞ්මොන් යන තැනැත්තාට වහල්කම් කළේ එහිදී බව කියති.

වහල්කමෙන් මිදුණු පසු හෙතෙම ප්‍රසිද්ධ දේශන පවත්වමින් සමොස් ජනතාව ආමන්ත්‍රණය කර තිබේ. ඊසොප්ගේ දෛවය සැම අතින්ම ඔහුට එරෙහි වූ එකකි. විකෘති ශරීරාංගෝපාංග සමඟ විසුළු පෙනුමක් තිබූ ඔහුට උපතින්ම ලද ගොතයක්ද තිබිණි. එහෙත් ඒ ගතිය මැදි වයස එළැඹෙත්ම නැතිවී ගියේය. දේශකයකු වූයේ ඉන් පසුවය. ඔහුගේ ප්‍රඥාවන්ත දේශන සහ කතාවලට ආකර්ෂණීය වූ පිරිස් ඔහු වටා රොක් වී ඇත්තාහ. ඔහු දේශ දේශාන්තරවල යමින් දේශන පැවැත්වූ බවටද සාධක තිබේ.

ඇතැම් දෙනාගේ මතය අනුව ඊසොප් යනු සුප්‍රකට දාර්ශනික පෛතගරස්ය. ඔහු මහජනයාට ඥානය බෙදා දෙමින් දේශන පවත්වමින් දනව් සැරිසැරුවේලු. එසේ සංචාරය කරද්දී හෙතෙම ඇපලෝ දෙවියන්ගේ දිවැස් දිවයින හෙවත් ඩෙල්ෆි දිවයිනටද ගියේය. එම දිවයිනේ ආගමික මතවාදවලට සම්පූර්ණයෙන්ම පටහැනි දර්ශනයක් ඔහු දේශනා කළ නිසා ගැටුම් ඇති විය. ලෝකයේ බොහෝ දාර්ශනිකයන්ට අත්වන ඉරණමම ඊසොප්ටද අත්වූවේය. ගැටුම්වල ප්‍රතිඵලය ඊසොප්ට මරණ දණ්ඩනය හිමිවිය. ඒ අනුව ඔහු කන්දකින් පහතට තල්ලුකර මරා දමනු ලැබූ බව ඉතිහාසඥ හෙරඩෝටස්ගේ කෘතිවල සවිස්තරව දක්වා ඇත්තේය.

ඊසොප් ඩෙල්ෆි දිවයිනේ පිහිටි ඇපලෝ දෙවොලෙන් රන් කුසලානක් සොරාගත් බවක් ඇරිස්ටෝටල්ගේ ‘දෙබරු’ නාට්‍යයේ සඳහනි. එහෙත් ඩෙල්ෆිවරුන් විසින් බොරු චෝදනාවක් පටවා ඊසොප් ඝාතනය කරන ලද බව ප්ලේටෝ කියයි.

ඇත්ත කතා කරන්නන්ට හිමි ඉරණමම ඊසොප්ටද හිමි වීම අමුතු දෙයක් නොවේ.
ඔහුගේ ඝාතනය ව්‍යසන ගණනාවකට හේතුවක් විය. රටේ (ඩෙල්ෆි) යුද තත්ත්වයක් ඇති විය. ඒ හාම වසංගතද පැතිර ගියේය. ස්වාභාවික විපත්ද ඇත විය.

ඊසොප්ගේ ඝාතකයන්ට ඒ වෙනුවෙන් වන්දි ගෙවීමටද නියම විය. ඊසොප්ට ගෞරව පිණිස පිරමීඩයක් ඉදිකරන්නට ඩෙල්ෆිවරුන්ට දඬුවමක් වශයෙන් නියම කෙරී තිබේ.
ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ කෘති, කතා, රචනා ඇගැයෙන්නේ ඔවුන්ගේ මරණයෙන් පසුව බව මතයයි. ඒ ඇතැම් විට වසර සිය ගණනකටද පසුවය. මරණ දණ්ඩනයට නියම වූ සොක්‍රටීස් සිර කුටියේ සිටියදී ඊසොප්ගේ කතා කවියට නැඟූ බව සොක්‍රටීස්ගේ ගෝලයා වන ප්ලේටෝ විසින් ලියන ලද සටහන්වල ඇතුළත්ය. ඒ අනුව පෙනෙන්නේ ඊසොප්ගේ කතා ඒ සමයාන්තරයේදීම ප්‍රාඥයන් විසින් අගයන ලද බවයි.

ඊසොප්ගේ කතාවල පාත්‍ර වර්ගයා සතුන්ය. ඒ කතා කීවේද අදට වසර දෙදහස් පන්සියයකට තරම් ඉහත බුදුන්ගේ සමයේය. කතා කරන සත්ව චරිත මුලින්ම කරළියට ආවේ ඉන්දියාවෙනි. ඒ පන්සිය පනස් ජාතක පොතේ ඇතැම් කතාවල (ජාතක) පාත්‍ර වර්ගයා සතා සිවුපාවුන් වශයෙන් මිනිස් ක්‍රියාකාරකම් කිරීමෙනි. ඊසොප්ගේ කතාවල සත්ව චරිතද කතා කරති. පන්සිය පනස් ජාතක පොත හැරෙන්නට බිනීමෙහි සමත් සත්ව පාත්‍රවර්ගයා සිටින තවත් කෘතියක් නම් පංච තන්ත්‍රයයි. විෂුණු ෂර්මන් නම් පඬිවරයා විසින් ලියන ලද සංස්කෘත පංච තන්ත්‍රය යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන් විසින් ‘මිතුරන් කෙටවීම’ සහ මිතුරන්ගේ අගේ’ යන නම්වලින් සිංහලයට පෙරළන ලදුව පළ වූ පොත් දෙකකි.

අප විශ්වවිiාලයට යන්නට පෙර පෙරුම් පුරන යුගයේ (නවසිය හැට ගණන්වල) සරසවි පිවිසුම් පෙළ ලෙසින් එදා හැඳින් වූ පන්තියේ (දැන් වගේ දහය, දොළහ නොවේ) සිංහල විෂය සඳහා නිර්දේශ කෙරී තිබුණේ ප්‍රඥාරාම හාමුදුරුවන්ගේ මිතුරන් කෙටවීමය. එහි ප්‍රධාන පාත්‍ර වර්ගයා ලෙස සිටි කරටක සහ දමනක යන සිඟාලයන් (නරීන් – හිවලුන්) දෙදෙනාගේ ක්‍රියාකාරකම් මේ මොහොතේත් මැවී පෙනේ.
චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ක්‍රිස්බ්‍රෝ නිෂ්පාදන ගල්ෆ් කලාපයට

Next Post

සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී නව ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත විජේසේකර

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.