ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගම ගල්ෆ් කලාපය වෙනුවෙන් සිදු කළ ප්‍රථම අපනයනය සාර්ථකව නිම කිරීමට සමත් විය. ගල්ෆ් සහයෝගීතා කලාපයෙන් ලැබුණු ඇණවුමකට අනුව ශීත කළ කුකුළු මස් මෙටි්‍රක් ටොන් 30ක ප්‍රථම තොගය ඕමාන් රාජ්‍යයේ අල් හමාදි ටේ්‍රඩින් වෙත අපනයනය කිරීම පසුගියදා සිදු විය.
ක්‍රිස්බ්‍රෝ විසින් ගල්ෆ් කලාපය වෙත සිදු කළ අපනයනය පිළිබඳව අදහස් දක්වන ක්‍රිස්බ්‍රෝහි ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාර අමෝරේස් සෙලර් මහතා “කොවිඞ් 19” වසංගත තත්ත්වයයෙන් පසුව රට එළැඹ ඇති නවතම තත්වයට අපට ඉතා ඉක්මනින් හැඩ ගැසීමට සිදුවෙනවා. පසුගිය කාලයේදී අප මුහුණ දුන් අර්බුද හේතුවෙන් මෙරට අපනයන ආර්ථිකය සඳහා දැඩි බලපැමක් එල්ල වූ අතර ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව අපගේ අපනයන ප්‍රමාණය කිහිප ගුණයකින් වැඩි කර ගත යුතු වෙනවා. මෙවැනි පසුබිමක් තුළ ගුණාත්මක බවින් සහ පෝෂණ ගුණයෙන් අනූන අපගේ ක්‍රිස්බ්‍රෝ නිෂ්පාදනයන් ගල්ෆ් සහයෝගීතා කලාපය වෙත අපනයනය කිරීමට ලැබීම සමාගමක් ලෙසටත් රටක් ලෙසටත් අප ලැබූ ජයග්‍රහනයක් ලෙස නිසැකවම සඳහන් කළ හැකියි.











