• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලාබෙට දෙන්න හදන මළමිනී කොම්පෝස්ට්

June 27, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ලාබෙට දෙන්න හදන මළමිනී කොම්පෝස්ට්
Share on WhatsAppShare on Facebook

අපි ඉපදෙනකොටම අරගෙන එන එක දෙයක් තියෙනවා. ඒක තමයි මරණය. ඉපදීම දුකක් කියලා සමහරු කියන්නෙත් ඉපදෙන අපි කවදාකම හරි මැරෙන හින්දා. ඉපදෙද්දි මරණ සහතිකේ අතින් ඇරන් එන අපි නොමැරී ඉන්න කොච්චර නම් හිතුවත් අපිට එහෙම ඉන්න බෑ. මොකද ඉපදුනොත් මරණය කියන එක සහතිකයි. කියවන ඔබත් ලියන මමත් කවදා හරි දවසක මැරෙනවා. ඒක තමයි ඇත්ත.

ඊට පස්සේ අපේ මළ සිරුරු ටික කොහේ හරි සොහොන් පිට්ටනියක වළදානවා. ඒත් නැත්නම් පුච්චනවා. ඉතින් ඉපදෙන හැම මිනිහටම අන්තිමේ වෙන්නේ ඒක. හැබැයි අපේ රටේ අපේ කතාව එහෙම වෙනකොට විදෙස් රටකින් අපිට හරි අපූරු කතාවක් ඇහෙනවා. ඒ තමයි මේ මළ සිරුරුවලින් දැන් කොම්පෝස්ට් හදනවා කියන හරිම අපූරු කතාව. ඔව් ඒ කතාව ඇත්ත. ඉතින් කියවන ඔබ නොදන්න ඒ කතාව අපි දැන් ඔබට කියනවා.

අපි ඉහළින් කියපු විදිහටම ලියන මමත් කියවන ඔබත් කවදා හරි දවසක මැරෙනවා. ඊට පස්සේ අපේ මළ සිරුරු ටික කොහේ හරි සොහොන් පිට්ටනියකට ඇරන් ගිහින් වළදානවා. ඒත් නැත්නම් පුච්චනවා. ඊට පස්සේ ඉතින් වෙන්නේ කාලයත් එක්ක ඒ මළ සිරුරු නරක්වෙලා දිරලා යන එක. අවසානේ ඇටකටු ටිකයි ඔළු කට්ටයි ඉතුරු වෙන්න මළ සිරුරම පොළොවට පස්වෙලා යනවා. අන්න ඒ ක්‍රියාවලිය දිහා බලලා ඒක ගැන එක්තරා කාන්තාවක් සෑහෙන්න හිතනවා. ඇය තමයි ඇමෙරිකානු ජාතික කාන්තාවක වෙන කැත්‍රිනා ස්පේඞ්. ඇය තමන්ගේ අදහස ගැන සුප්‍රසිද්ධ බීබීසී මාධ්‍ය ජාලය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙලා මෙන්න මෙහෙම කියනවා.
“මම මා ගැනම සිතුවා. ජීවිත කාලයක් පුරාම මම රැක බලා ගත් මට උපකාරී වූ මිහිතලයට මා මියගියායින් පසුවත් යමක් දිය යුතුයි කියලා මට හිතුණා. මේ තමයි මා තුළ ඇති වූ අදහස. එය තර්කානුකූලයි. ඒ එක්කම ලස්සනයි…”

ඇමෙරිකානු ජාතික කැත්‍රිනා ස්පේඞ්ට මේ අපූරු අදහස ඇතිවෙලා තියෙන්නේ මීට වසර ගානකට පෙර ඉඳලා. හරියටම කිව්වොත් වසර දහතුනකට විතර කලින්. ඒ කාලේ වෙද්දි කැත්‍රිනා ස්පේඞ්ට වයස අවුරුදු තිහයි. ඒත් දැන් නම් ඇයට හතළිස් ගණනක් වෙනවා. ඇය කියන ආකාරයට මේ විදිහට යම් මළ සිරුරක් කොම්පෝස්ට් බවට පත්වීමට ඉඩහැරීම තුළින් සාමාන්‍ය ආදාහනයකදී සිදුවෙන කාබන් ටොන් 1.4ක් වායුගෝලයට මුදාහැරීම වැළකී යනවා. ඉතින් ඒ වගේමයි සම්ප්‍රදායික භූමදානයකදී වුවත් මළ සිරුර ප්‍රවාහනයට දේහය තැන්පත් කිරීමට යම් භූමියක් සෙවීමට වගේම එහි සොහොන් ඉදිකිරීම් වැනි පොදු කටයුතුවලදී පාරිසරිකව සිදුවන හානිය ගැනත් ඇය මෙතැනදි පෙන්වලා දෙනවා. ඒ නිසා ඇය කියන්නේ තමන් කරන මේ පර්යේෂණ කටයුත්ත දිගින් දිගටම කරගෙන ගිහින් ඉතාමත් නිවැරදි විදිහට මළ සිරුරු යොදාගෙන කොම්පෝස්ට් නිපදවීම කරනවා කියලයි.

ඇත්තටම යම් පුද්ගලයෙක් මියගිය පසු ඒ සිරුර පොළොවට දිරා යන එක අපි දන්න ඇත්ත වෙනකොට ඒ ක්‍රමය වෙනස් කරන්න හදන්නේ ඩොනල්ට් ට්‍රම්ප් ජනාධිපතිට ඇඳලා ඉන්න ඇමෙරිකාවෙන්. ඉතින් අපි ඉහළින් කියපු විදිහට ඇමෙරිකානු සමාගමක් තමයි මළගිය මිනිසුන්ගෙන් කොම්පෝස්ට් හදන වැඬේට අතගහලා තියෙන්නේ. අදාළ සමාගමේ නම වෙන්නේ සෙටිජෝස් කියන එක. මේ කීව සෙටිජෝස් සමාගමේ නිර්මාතෘ වගේම ප්‍රධාන සාමාජිකාව තමයි මේ අපූරු අදහස අවුරුදු දහතුනකට කලින් හිතට ආවයි කියලා මුලින් අපි කියපු කැත්‍රිනා ස්පේඞ්. ඇය කියන විදිහට මේ ගැන කළ පරීක්ෂණවල ප්‍රතිඵල අද වෙද්දිත් ඇය සියැටල්හි පිහිටි ඇමෙරිකා විද්‍යාන්භිවර්ධන සංගමය වෙත ඉදිරිපත් කරලයි තියෙන්නේ. ඒ වගේම කැත්‍රිනා ස්පේඞ් කියන විදිහට මේ කීව ව්‍යාපෘතිය පර්යේෂණ මට්ටමින් ආරම්භ වෙලා තියෙන්නේ මීට වසරකටත් කලින්. ඒත් මේ වැඬේ එළියට ආවේ පහුගිය දවසක. ඒ කොහොමින් එළියට ආවත් වැඬේ නම් හොඳයි කියලා අපිටත් විස්තර හොයද්දි හිතුණා.

කැත්‍රිනා ස්පේඞ් ඇතුළු ඒ පර්යේෂණ කණ්ඩායම මේ වැඬේට හරි අපූරු වූ නමකුත් දාලයි තියෙන්නේ. ඒ තමයි “මානව කොම්පෝස්ට්කරණය” කියන එක. මෙදා ඇත්තටම මේ “මානව කොම්පෝස්ට්කරණය” ඇතුළේ රටට සමාජයට ලොකු දෙයක් සිද්ධ වෙනවා. මේ අපිට ආරංචි විදිහට විශේෂයෙන්ම කැත්‍රිනා ස්පේඞ් ඇතුළු පර්යේෂණ කණ්ඩායම ගෝලීය උෂ්ණත්වය ඉහළ නැගීමද ඇතුළුව දේශගුණික විපර්යාස පිළිබඳ යම් අවධානයක් යොමු කරමින් තමයි මේ අදහස දැනටත් ක්‍රියාත්මක කරලා තියෙන්නේ. මියගිය මිනිසෙකුගේ සිරුර දහනය කර වායුගෝලීය කාබන්ඩයොක්සයිඞ් ප්‍රතිශතය මරණයෙන් පසුවද ඉහළ දැමීමට දායකවීම වෙනුවට ගහකොළ වැවීම වෙනුවෙන් පොහොරවීමට ඉඩ හැරීමයි මේ නව ක්‍රමය ඇතුළෙදි ඇත්තටම සිද්ධ වෙන්නේ. අන්න ඒ හින්දයි ඔවුන් මෙය දැනට “මානව කොම්පෝස්ට්කරණය” කියලා හඳුන්වන්නේ. ඇත්තම කතාව නම් ඉතින් එහෙමයි.

මේ මානව කොම්පෝස්ට්කරණය සිද්ධ කරන්නේ යම්කිසි ක්‍රමයකට කිව්වොත් හරි. එතැනදි දැව කැබලි ඇතිරූ ඇඳක් මත පොරෝනයකින් ඔතා තැබෙන මළ සිරුර දින තිහක කාලසීමාවකින් පසු කොම්පෝස්ට් බවට පත්වෙනවා. ඊට පස්සේ නෑදෑ හිතවතුන්ට එම පොහොර ගෙන පැළයක් සිටවන්න හෝ සිටුවා ඇති වගාවකට පොහොර ලෙස යොදාගන්න පුළුවන්. මේ අතරේ අදාළ සමාගම මේ ක්‍රමවේදය පරිසර හිතකාමී අවමංගල්‍යයක් ලෙස ඊට කැමති පිරිස වෙනුවෙන් දැනටමත් ඉදිරිපත් කරලයි තියෙන්නේ. අදාළ සමාගම කියන විදිහට මේ පිළිබඳ නියාමක පරීක්ෂණත් දැන් අවසන්. කොහොමින් හරි මේ ක්‍රියාවලිය තුළින් අපේ සම්ප්‍රදායික අවමංගල්‍යයකදී පරිසරයට මුදාහැරෙන ටොන් එකකට වැඩි කාබන් ප්‍රමාණය වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම මුළු මහත් ලෝකය පුරාම “මානව කොම්පෝස්ට්කරණ අවමංගල්‍යය” එන ලබන වසරේ පෙබරවාරි මාසයේ ඉඳන් පවත්වන්න පුළුවන් කියන කතාවත් මේ වෙනකොට සෙටිජෝස් සමාගම කියලා තියෙනවා. ඒ නිසා අපිට 2021 වසරේ මේ දේවල් වෙන හැටි ඇස් දෙකෙන්ම බලාගන්න පුළුවන්.

සෙටිජෝස් සමාගමේ නිර්මාතෘ කැත්‍රිනා ස්පේඞ් කියන විදිහට ඔවුන් සමඟ එක්වීමට දැනටමත් එරට පුද්ගලයින් පිරිසක් කැමැත්ත පළකරලයි තියෙන්නේ. ඇය පවසන්නේ දේශගුණික විපර්යාසවල බලපෑම් සැලකිල්ලට ගෙන මෙය නොපමාව ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේදයක් කියලයි. මේ අතරේම පශු සම්පත් ගොවිපොළ ආශ්‍රිත සත්ව කොටස් කොම්පෝස්ට් බවට පත්කිරීම වොෂිංටනයේදී දැනටත් ක්‍රමානුකව සිද්ධ වෙනවා. මේ අතර ශරීර කොම්පෝස්ට්කරණය සඳහා ප්‍රශස්ත උෂ්ණත්වය විදිහට සැලකෙන්නේ සෙල්සියස් අංශක 55යි. එම උෂ්ණත්වයේ සිරුරක් යම් කාලයක් තිබිය යුතුමයි. ඒ එක්කම මෙහිදී ඉහළ උෂ්ණත්වයක් යොදාගැනීමෙන් විවිධ ලෙඩරෝගවලට ලක්වූවන්ගේ මෙන්ම ඖෂධ සහිත සිරුරු කොටස්වල අහිතකර තත්ත්වය නැතිකිරීමටත් පුළුවන්. මේ ව්‍යාපෘතිය සඳහා දැන් ඕනෑම අයෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒත් ඊට නීත්‍යානුකූල අවසරය තියෙන්නේ වොෂිංටනයට විතරයි. කොටින්ම කිව්වොත් ඇමෙරිකාවේ වෙනත් ප්‍රාන්තවලට පවා තවම මේ ව්‍යාපෘතිය ව්‍යාප්ත වෙලා නෑ. ඒත් කැතරින් ස්පේඞ් කියන්නේ අදාළ ව්‍යාපෘතිය මුළු ඇමෙරිකාව පුරාම ක්‍රියාත්මක කරන කතාවක්. ඒ වගේම ලෝකයේ තවත් රටවල තම සමාගමේ ශාඛා විවෘත කිරීමටත් ඇගේ විශාල වූ බලපොරොත්තුවක් තියෙනවා.
රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

අධ්‍යක්ෂණය කියන්නේ විශාල කැපකිරීමක්

Next Post

ආසියාවේ ලොකු ඇතින්නගේ පිටෙන් පැන්න නදීෂා

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.