• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ආසියාවේ ලොකු ඇතින්නගේ පිටෙන් පැන්න නදීෂා

June 30, 2020
in Heart
Reading Time: 2 mins read
A A
ආසියාවේ ලොකු ඇතින්නගේ පිටෙන් පැන්න නදීෂා
Share on WhatsAppShare on Facebook

එකල සැඳෑ යාමයට බොහෝ නිවෙස්වල ආලින්දය විචිත්‍රවත් කළ ටෙලිනාට්‍ය කලාව අද හරයක් නොමැතිව නොපෙනෙන ඉමක් ඔස්සේ යන්නන් වාලේ ගමනක නිරතව සිටියි.
ගුණාත්මක නිර්මාණ අතළොස්සක් බිහිවුවද වැඩි හරියක්ම මෙදා බිහිවන්නේ අවසානය කොතැනදැයි අධ්‍යක්‍ෂවරයාටවත් සොයා ගන්නට නොහැකි ටෙලි කතාය.
මීට කලකට ඉහත බිහිවූ ටෙලිනාට්‍ය කලාව ගැන කතාබහ කිරීමට ‘හාට්’ විශේෂාංගයෙහි ඉඩක් වෙන් වූයේද ගුණාත්මක වූ නිර්මාණකරණයට දක්වන ගෞරවයක් ලෙස සේම, එම නිර්මාණයන් ගැන ප්‍රේක්‍ෂකයන්ගේ මතකය මඳක් අවුළුවාලීමටය.මේ මොහොතේද අප නතරව සිටින්නේ මීට වසර ගණනාවකට පෙර රූපවාහිනී තිරය ආධ්‍යාත්මිකව වර්ණවත් කළ හරිම අපූරු නිර්මාණයක් ගැන කතාබහ කිරීමටය.
ඒ වෙනුවෙන් අප හා ඉතා සන්සුන්ව අසුන් ගත්තේ ප්‍රවීණ රංගවේදිනී නදීෂා හේමමාලිය.
ඈ.., මීට අවුරුදු දහයකට පමණ පෙරාතුව විකාශය වූ ‘ඇත්කඳ ලිහිණියා’ ටෙලි නිර්මාණයෙහි නිෂ්පාදකවරිය වූවාය.
මේ දිනවල ඔබ බොහෝ නිහඬයි. කියන්න නදීෂා එයට හේතුව කුමක්ද?
ලොකුම හේතුව, ගුණාත්මක නිර්මාණ තුළ ටෙලිනාට්‍ය හැදෙන වාර ගණන බොහෝ වීම අවමයි.
තවත් එක් කාර්යයක් වන්නේ මම වැඩි හරියක්ම බාර ගන්නේද එම චරිතයට සාධාරණයක් කරන්නට හැකි ගුණාත්මක නිර්මාණයක් පමණයි.
නිහඬතාවය, තවම එවැනි නිර්මාණයකට ඔබට ආරාධනා ලැබුණේ නැති නිසාද?
පසුගිය දිනවල නම් කොරෝනා තත්ත්වය නිසා සියල්ල මඳකට නතර වුණා. මේ දිනවල නම් ටෙලිනාට්‍ය නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා.
ඒ ගැන තොරතුරු ටිකක් කියමුද?
සියල්ල තවම තිබෙන්නේ සාකච්ඡා මට්ටමේ පමණයි.
එහෙම නම් අපි අවුරුදු දහයක් ඈත අතීතයට යමු නදීෂා. මේ කතාබහ කරන්නට යන්නෙ ‘ඇත්කඳ ලිහිණියා’ ගැනයි.
ඔව්… මම සුදානම්. හදවත පුරාම ඉතාම තෘප්තිමත්ව කතා කළ හැකි හොඳ ටෙලිනාට්‍යයක් ලෙස එය හඳුන්වන්නට පුළුවන්. නිෂ්පාදකවරියක ලෙස මගේ පළමු නිර්මාණය එයයි.
ෆැන්ටසි කලාවෙන් බැහැර, එවැනි නිර්මාණයකට කුලුඳුලේම මැදි වූයේ ඇයි?
බොහෝ විට මම දායකත්වය දෙන්නෙ ගුණාත්මක භාවයටයි. අර්ථවත් යමක් කර ප්‍රේක්‍ෂකයාට දැනුම, අවබෝධය දෙන්න, හරවත් පණිවුඩයක් සමාජයට දිය හැකි නිර්මාණයක් ආලින්දයේ සිනමාවට තිළිණ කරන්න තමයි මට හැමදාමත් ඕනෑ වුණේ.
ඒ නිසයි ආර්ථික වාසි නොතකා ‘ඇත්කඳ ළිහිණියා’ වැනි නිර්මාණයක් කළේ.
ඔබ කියන්නේ රසවින්දනය ප්‍රේක්‍ෂකයාට අවශ්‍ය නැති බවද?
රසවින්දනය අත්‍යාවශ්‍යයි. නමුත් එහෙමය කියලා ප්‍රේක්‍ෂකයන්ව පාට පාට හීනවල අතරමං කිරීම පමණක් කරන්නට බැහැ. රසවින්දනය සමඟ ගුණාත්මක බවද ගැබ්විය යුතුයි.
රසය, සතුට අතර ගුණාත්මක බවද සොයන ප්‍රේක්‍ෂකයන් රූපවාහිනිය වටා ඕනෑ තරම් එක්රොක් වෙන අවස්ථා තිබෙනවා.
‘ඇත්කඳ ලිහිණියා’ වටා ප්‍රේක්‍ෂකයන් රැස්වුණාද?
සත්තකින්ම ‘ඇත් කඳ ලිහිණියා’ ප්‍රේක්‍ෂකයනට සමීප වුණා. මම සෙවූ ගුණාත්මකභාවයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා.
පාසල් මට්ටමෙන් පවා ගුරුවරුන් දරුවන්ට එය නැරැඹිය යුතු ටෙලිනාට්‍යයක් බවට නිර්දේශ කොට තිබුණා. ඉතින් තවත් නිදසුනක් කුමකටද?
‘ඇත්කඳ ලිහිණියා’ ඔබේම අදහසක් ලෙස නිර්මාණය වූවක්ද නදීෂා?
ගුණාත්මක නිර්මාණයක් කිරීමේ පිපාසය මා තුළ බිහිව තිබුණා. එම බිහිවීම මත එවැන්නක් ප්‍රේක්‍ෂකයා වෙත ඉදිරිපත් කරන්නේ කෙසේදැයි කියන කාරණය තුළ මම සමීක්‍ෂණයක යෙදුණා. එතැනදී මට සහාය දුන්නේ ප්‍රවීණ කලා ශිල්පී මලින්ද පෙරේරායි. ඔහු සහ මම ඉතා හොඳ මිතුරන් ලෙසයි හැමදාමත් කටයුතු කළේ. මලින්ද තමයි යෝජනා කළේ ‘ඇත්කඳ ලිහිණියා’ වැනි ගුණාත්මක නිර්මාණයකට දායක වෙමු යැයි කියා.
සියල්ල තීරණය කළ පසුව සරත් ධර්මසිරි මහතාගේ තිර පිටපත සහ අධ්‍යක්‍ෂණය මත මම ‘ඇත්කඳ ලිහිණියා’ නිෂ්පාදනයට යොමු වුණා.
රූගත කිරීම් සඳහා තෝරා ගත්තේ නිකවැරටියේ ගම්මානයක්. එහි ලෝකේෂන් නාට්‍යයට සරිලන පරිදි සැකැසීම මඳක් දුෂ්කර වුණා. එලෙසින් ඇති වූ බොහෝ දුෂ්කරතා අවම කර ගැනීමට අපට සහාය දුන් පිරිස අතර, ලක්‍ෂ්මන් හුළුගල්ල මැතිතුමා සමඟ රූපවාහිනී අධ්‍යක්‍ෂ ජනරාල් දේවප්‍රිය මැතිතුමාද ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා.
රූගත කිරීම් අතර සිදුවූ යම් සුවිශේෂී සිදුවීම් තිබුණාද?
රූගත කිරීම් අතර ගෙවුණු සෑම දවසක්ම ඇත්තටම සුවිශේෂයි. ආශ්වාදය, අලුත් අත්දැකීම් සමඟ තව බොහෝ රසවත් අවස්ථාවනට අප මුහුණ දුන්නා. ඇත්තෙන්ම එය දැනුම් සම්භාරයක් සඳහා මා ඇතුළුව අප හැමෝම ලද හොඳ පන්නරයක් වුණාය කිව්වොත් හරි.
‘ඇත්කඳ ලිහිණියා’ තුළ මා ලද තවත් එක් සුවිශේෂී අත්දැකීමක් වුණේ, පුංචි කාලේ මා බොහෝ ප්‍රිය කළ ගෞරවය කළ ප්‍රවීණයන් පිරිසක් මගේ නිෂ්පාදනයට සහාය දෙමින් කටයුතු කිරීම හරහා මා ලැබූ ආශ්වාදයයි. ඒ අතර, ශ්‍රියන්ත මෙන්ඩිස්, සිරිල් වික්‍රමගේ, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, අවන්ති අපෝන්සු, බුද්ධදාස විතානාච්චි වැනි කලාකරුවන් ඒ අතර විශේෂයි.
යෝධ ඇතකු සමඟ ඔබ හරඹයක් කළා කියන්නේ ඇත්තද?
එයද අපූරු අත්දැකීමක් තමයි. ආසියාවේ සිටින ලොකුම ඇතින්නව තමයි ‘ඇත්කඳ ලිහිණියා’ සඳහා තෝරා ගත්තේ.
එක් අවස්ථාවක ගහක මුදුණේ සිට මට ඇතින්නගේ පිට උඩට පනින්නට තිබුණා. එය ඉතා තාත්විකව කළ යුතු ජවනිකාවක් බවට උපදෙස්ද ලැබී තිබුණු නිසා හැකි පමණ සාර්ථකව එය නිම කිරීමට මා ගත් උත්සාහය නිස්ඵල නොවීම ගැන මම සතුටු වෙනවා.
බයක්, චකිතයක් එහෙම දැනුණෙ නැතිද එතැනදී?
කොහොත්ම නැහැ. ඉලක්කවලට, අභියෝගවලට මම කැමැතියි. ඒ නිසා බය, චකිතය හැම මොහොතකම තිබුණේ ඒ කැමැත්තට පිටුපසින්මයි.
බලාපොරොත්තු නොවූ ලෙස ‘ඇත්කඳ ලිහිණියා’ අසීමිත ප්‍රතිචාරයකට බඳුන් වුණා?
සහතික වශයෙන්ම අදටත් එයට ලැබෙන ප්‍රතිචාර අසීමිතයි. ඒ වගේම ‘ඇත්කඳ ලිහිණියා’ විශිෂ්ටතම ටෙලි නිර්මාණය ලෙස 2011දී රයිගම් සම්මානයට පාත්‍ර වුණා.
එලෙසම ජනප්‍රිය නිළිය, හොඳම නැගී එන නළුවා, හොඳම සංගීතය ලෙසද එය සම්මාන උළෙලවල් කිහිපයකම ඇගැයීමට ලක්වීම තුළ මා ඇතුළුව එයට දායක වූ සියලුම කලාකරුවන් අසීමිතව සතුටට පත්වූ බව කිව යුතුයි.
ද්විත්ව චරිත නිරූපණයක නියැළුණු ඔබ, හොඳම නිළි සම්මානය සඳහාද නිර්දේශ වුණා?
ඔව්, ඒ නිර්දේශිත බව තුළ සම්මානය ලැබුණු තරමටම මම සතුටු වුණා.
එම සම්මානය ’ඔබට ලැබිය යුතුවම තිබුණා.’ යන මතයක් ඒ දිනවල විචාරයට බඳුන් වුණා?
මම මෙහෙම පහදන්නම්. සම්මාන උළෙලකදී අප ජූරියේ තීරණයට හිස නැමිය යුතුයි. අන්න ඒ නිසා ඒ සම්මානය මට ලැබිය යුතුව තිබුණාය’ යන කාරණයට වඩා ජූරිය විසින් දරන මතය තුළ මම උපේක්‍ෂාවෙන් එයට මුහුණ දෙනවා.
නැවැත ‘ඇත්කඳ ලිහිණියා’ වැනි නිර්මාණයකට දායක වීමට අදහසක් නැතිද?
අවස්ථා ලැබුණු සැණින් එම ගුණාත්මක මෙහෙවරට මම සූදානම්ව සිටිනවා.
ඒ වගේම වඩා හොඳට කරන්නට තිබුණාය යන
හැඟීම තුළ එදාට වඩා තවත් හොඳ සාර්ථකත්වයක් තුළ මගේ හැකියාව තිළිණ කරන්නටද මම බලාපොරොත්තු වෙනවා.
ප්‍රවීණ කලාකාරියක ලෙස, නවක රංගවේදීන්ට පණිවුඩයක් දෙමුද නදීෂා?
මම ප්‍රවීණ යැයි මා සිතන්නේ නැහැ. ඉගෙනගන්නට තව බොහෝ දේ තිබෙනවාය යන සිතුවිල්ල තුළ සිටින විට කලාකරුවකු ලෙස වඩා සාර්ථක වන්නට පුළුවන් බව මගේ
හැඟීමයි.
ඔබේ ප්‍රශ්නයට උත්තර දෙනවා නම් කිව යුත්තේ නවක රංගවේදීන්ට වඩා පණිවුඩය දෙන්නට ඕනෑ අධ්‍යක්‍ෂවරුනට, නිෂ්පාදකවරුනට සහ රූපවාහිනී ආයතන ප්‍රධානීන්ටයි.
ගුණාත්මක බවින් බැහැර හරසුන් නිර්මාණවලට ආයුෂ ලැබෙන්නේ එවැනි වගකිවයුතු පිරිස් නිසා මිසක නවකයන් නිසා නෙවෙයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ලාබෙට දෙන්න හදන මළමිනී කොම්පෝස්ට්

Next Post

මවුපිය තරු උරුමයට බාල්දිය දැම්ම කන්ගනා

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.