• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

රන් රිදී මුතු මැණික් සඟවා තබපු රජවරුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කරපු මොකක්ද මේ අමුතු තාලෙ ගෙඩිගේ සොහොන

May 8, 2021
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
රන් රිදී මුතු මැණික් සඟවා තබපු රජවරුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කරපු මොකක්ද මේ අමුතු තාලෙ ගෙඩිගේ සොහොන
Share on WhatsAppShare on Facebook

මෙරට ඉතිහාසයේ විවිධ යුගයන්හි ඉදිකෙරුණු සුවිශේෂ ඉදිකිරීම් අද වන විට ඒ ඒ යුගයන්හි අභිමානය කියාපාන සාධකයන් බවට පත්ව පවතින්නේය.එවැනි ඉදිකිරීම් තුළින් හෙළයන්ගේ නිර්මාණාත්මක හැකියාවන් මෙන්ම සූක්ෂ්ම දක්ෂතාවයනුත් මනාව හඳුනාගන්නට හැකියාව ලැබෙන අතර ශ්‍රී ලාංකේය නාමය ලෝකය පුරා ප්‍රචලිත කරන්නටද එකී නිර්මාණවලට හැකියාව ලැබී ඇති අයුරු ප්‍රශංසනීයය.

ඒ අනුව බලන කල හෙළයන්ගේ අභිමානවත් ඉතිහාසය කියාපාන යුග අතරින් මහනුවර යුගයේ ඉදිකෙරුණු විශිෂ්ට ඉදිකිරීම් ගැනද කතා නොකරම බැරිය. එහිදී මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් නිර්මානය කෙරුණු ඉදිකිරීම් අතරින්….

රන්, රිදී, මුතු, මැණික් පිරි රාජසිංහ රජුගේ සුසානය..
මහනුවර රාජකීය සොහොන් හා ගෙඩිගේ ගැන නොදත් කතා සොයා යමු


මහනුවර නගරයේ දකින්න ලැබෙන පැරැණිම ගොඩනැගිල්ල විදියට හඳුනාගන්න ලැබෙන්නේ ගෙඩිගේ විහාරයේ ගෙඩිගේ. වර්තමානයේ මේ ගෙඩිගේ අයිති වෙන්නේ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයට.

ගෙඩිගෙය යන වාස්තු නිර්මාණ සම්ප්‍රදාය දකුණු ඉන්දියාවේ බිහිවුණු සම්ප්‍රදායක් විදියටයි බොහෝ දෙනා පිළිගන්නේ. තනි කළුගලින් කරවපු කුටියක් සහ ඊට ඉහළින් අර්ධ ගෝලාකාර පියස්සක් හෝ ඒ මත කළුගලින්ම ශිඛරයක් සහිතව මෙම ගෙඩිගෙවල් නිර්මාණය වුණා.

අපේ රටේ මුල්ම ගෙඩිගෙය ගොඩනැංවූවේ අනුරාධපුර ඇතුල් නුවර කියලා පුරාවිද්‍යාඥයන් පිළිගන්නවා. ඒ වුණත් පොළොන්නරු යුගය වන විට ගෙඩිගේ ආකෘතියේ දේවාල සහ විහාර ඉතාම සුලබ වුණා. ශිව දේවාල, ලංකාතිලකය, තිවංක පිළිමගෙය වගේ පොළොන්නරුවේ ගොඩනැගිලි කිහිපයක්ම මේ ගෙඩිගේ ශෛලියෙන් සකස් කරලා තියෙනවා.

ලංකාවේ ගෙඩිගෙවල් අතර වඩාත්ම ප්‍රසිද්ධ ගෙඩිගේ තමයි මාතලේ නාලන්දා ගෙඩිගේ.
මේ හැරුණු විට දකුණු පළාතේත් ගෙඩිගේ ශෛලිය අනුව කරවපු ඉදිකිරීම් කිහිපයක්ම හඳුනාගෙන තියෙනවා. මහනුවර නගරය දිහාවට ආපසු හැරිලා බලද්දී එහි දකින්න ලැබෙනවා ගෙඩිගෙවල් දෙකක්. එකක් තමයි අපි මුලින් සඳහන් කරපු අස්ගිරි ගෙඩිගේ. දෙවැන්න දළදා මාලිගාවට යාබදව තියෙන නාථ දේවාල ගෙඩිගේ.

මහනුවර ගැන කතා කරද්දී අපිට මගහැර යා නොහැකි අස්ගිරි ගෙඩිගේ ඉතිහාසය ආරම්භ වන්නේ 14 වැනි ශතවර්ෂයේ ගම්පොළ රාජධානිය පාලනය කළ තුන්වැනි වික්‍රමබාහු රජතුමාගේ කාලයේ. වික්‍රමබාහු රජතුමාගේ මව වූ චන්ද්‍රාවතී දේවිය ආදාහනය කළ ස්ථානයේ චන්ද්‍රාවතී කියන බෝධිය රෝපණය කරලා, ඊට ආසන්නයේ ගෙඩිගේ කරවූවා කියලයි ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. අදටත් ගෙඩිගේ ආසන්නයේ පිහිටා තියෙන බෝධිය හැඳින්වෙන්නේ චන්ද්‍රාවතී බෝධිය කියන නාමයෙන්මයි. චන්ද්‍රාවතී දේහය ආදාහනය කරවපු ගිනිගේ එහෙමත් නැත්තම් ආදාහනාගාරය පිහිටවූයේ ඒ බෝධිය පිහිටලා තියෙන ස්ථානයේ කියලයි කියන්නේ.

අස්ගිරි උපත දක්වන ආකාරයට ඒ ආදාහනයෙන් පස්සෙ මවු බිසව සිහිකරනු පිණිස ගෙඩිගේ නිර්මාණය කරපු වික්‍රමබාහු රජතුමා, එහි බුද්ධ ප්‍රතිමාවකුත් කරවලා අස්ගිරි විහාරයේ වැඩ හිටපු රාජනාරායන වික්‍රමබාහු තෙරුන් වහන්සේට පූජා කරලා තියෙනවා. අස්ගිරි විහාරයේ වැඩඋන්න පොත්පත්වල කටයුතු කරපු භික්ෂුන් වහන්සේලා එතැන් පටන් මේ ගෙඩිගෙයෙහිම වැඩවාසය කරන්නට පටන් ගත්තා.

ගෙඩිගේ මුල් කරගෙන ප්‍රධාන මළු තුනක් තිබිලා තියෙනවා. උඩ මළුවේ තමයි ගෙඩිගේ කරවලා තිබුණේ. මැද මළුවේ රජවරුන්ගේත්, ප්‍රධාන භික්ෂුන්ගේත් ආදාහන කටයුතු සිදුකරන්න වෙන් කරලා තිබුණා. අස්ගිරි උපත සඳහන් කරන ආකාරයට මේ විහාරය සඟසතු කරලා පූජා කරන්ට යෙදුණේ රාජ්‍ය වර්ෂ 1364 වෙසක් පෝයදා තුන්වැනි වික්‍රමබාහු රජතුමාගේ අතින්.

තවත් කතාවකට අනුව අස්ගිරි ගෙඩිගේ සාදවලා තියෙන්නේ තුන්වැනි වික්‍රමබාහු රජතුමාගේ මෑණියන්ගේ ආදාහන භූමියේ නෙවෙයි. අශ්වගිරි කියලා හඳුන්වපු රජතුමාගේ වැඩිමල් සොහොයුරියගේ ආදාහන භූමියේ.

සීතාවක රාජසිංහ රජතුමා මිත්‍යාදෘෂ්ටිකයෙක් වෙලා බුද්ධ ශාසනය නසන අවස්ථාවේදී දෙල්ගමුවේ කුරහන් ගලක් යට තැන්පත් කරලා සඟවාගෙන ආරක්ෂා කරපු දළදාව විමලධර්මසූරිය රජතුමා 1592 දී ආපසු මහනුවරට වැඩම කරවද්දී එක රැයක් මේ ගෙඩිගෙයෙහි තැන්පත් කරලා තිබුණා. ඊට හේතු වුණේ දළදා මාලිගාව ඒ වන විට දළදා වහන්සේ තැන්පත් කරන්න තරම් සුදුසු තත්ත්වයක නොතිබුණ නිසා කියලයි කියන්නේ. දළදාව ගෙඩිගේ තැන්පත් කරපු අවස්ථාවේ දී ඇල්ලේපොළ මංගල තෙරණුවන් විසින් අංගසම්පූර්ණ බුද්ධ පූජාවකුත් පවත්වලා තියෙනවා.

දළදා වහන්සේ වැඩම කරවීමෙන් පස්සේ ගෙඩිගේ විහාරයට විශේෂ වටිනාකමක් ලැබුණා. එදා ඉඳන් අද දක්වාම දළදා පෙරහැරේ අන්තිම රන්දෝලි පෙරහැර ගෙවැදුණාට පස්සේ, ආපහු වතාවක් ධාතු කරඬුව ගෙඩිගේ විහාරයට වැඩම කරවලා රාත්‍රියක් පුද පූජා පවත්වනවා. මේ නිසා ගෙඩිගේ විහාරයට දළදා ගමන් මාලිගාව කියන නමත් භාවිත කරනවා.

1753දී සියම් උපසම්පදාව පිහිටවන්නට ලංකාවට වැඩම කරපු උපාලි තෙරුන් වහන්සේගේ ආදාහනය කළේත් ගෙඩිගේ විහාරයේදීමයි.

ගෙඩිගේ විහාරය අවට මුල් කාලයේ ඉදිකරලා තිබුණු සංඝාවාස සියල්ල රාජාධි රාජසිංහ (1781 – 1798) කාලයේ එතැනින් ඉවත් කරලා උඩමඩපත කියන ස්ථානයේ අලුතින් පිහිටවූවා. එහෙම වුණත් ගෙඩිගෙයට බටහිර දිසාවෙන් පැවති ආරාමය පමණක් එතැනම ඉතිරි කළා කියලා අස්ගිරි උපත පුස්කොළ පොත සඳහන් කරනවා.

අස්ගිරි ගෙඩිගේ විහාරයේ මැද මළුව භාවිත කළේ රාජකීයයන්ගේ සහ නායක භික්ෂුන් වහන්සේලාගේ ආදාහන කෘත්‍යය සඳහා කියලා මුලින් සඳහන් කළා. තුන්වැනි වික්‍රමබාහු රජතුමාගේ මෑණියන්ගේ ආදාහනයේ ඉඳන් මේ චාරිත්‍රය මෙතැන පැවැතුණා. මේ ආකාරයට ආදාහනය කරපු රාජකීයයන්ගේ වගේම, නායක භික්ෂුන් වහන්සේලාගේත් අළු තැන්පත් කරලා හදපු ස්මාරක ගණනාවක් ඉංග්‍රීසීන් නුවරට එනතුරුම ගෙඩිගෙයට යාබද මළුවේ තිබුණ බව ඉංග්‍රීසි වාර්තාවලම සඳහන් වෙනවා.

අන්තර්ජාලය ඇසුරිනි

SendShareShare
Previous Post

මහජන බැංකුවේ ඩිජිටල් බැංකු සේවා අවුරුදු සමයේදී අසමසම ගනුදෙනු වාර්තාවක්

Next Post

ඔබේ දරුවා නූගතෙකු කරන ග්‍රහයෝග හඳුනාගන්න

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

සියඹලාණ්ඩුවේදී වී ප්‍රශ්නය මුල්කරගෙන ගොවි ජනතාව සහ මාලිමා ප්‍රාදේශීය නායකයන් අතර උණුසුම් තත්ත්වයක් මතුවූයේ මෙසේය.Sri Lanka Latest News

Read more
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.