මහජන බැංකුව, 2021 අප්‍රේල් 01 වැනිදා සිට 15 වැනිදා දක්වා කාලසීමාව තුළ රුපියල් 5,822,504ක අති දැවැන්ත ගනුදෙනු ප්‍රමාණයක් වාර්තා කරමින් සහ රුපියල් බිලියන 65.3ක මුදල් ප්‍රමාණයක් නිකුත් කරමින් යළිත් වරක් සිය ඩිජිටල් බැංකුකරණයේ ශක්තිය පෙන්නුම් කර තිබේ. බැංකුවේ ඉන්ටර්නෙට් බෑන්කින්, පීපල්ස් වේව් මොබයිල් බෑන්කින් යෙදුම හා ස්වයං බැංකුකරණ ඒකක හරහා සිදුකරන ලද සියලුම ගනුදෙනු මීට ඇතුළත් වේ.
මහජන බැංකුව ග්‍රාමීය ප්‍රදේශවලට ඩිජිටල් මූල්‍ය සේවා සැපයීමේ ප්‍රමුඛත්වය දරන අතර, ශ්‍රී ලංකාව ඩිජිටල් සමාජයක් බවට පත්කිරීමේ වෑයම අතිසාර්ථකව ජයගෙන තිබේ. ජනතාවට වසරේ දින 365ම පැය 24 පුරා තමන්ට අවශ්‍ය බැංකු සේවා ලබාගැනීමට අවකාශ සලසන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර, මුදල් තැන්පතු යන්ත්‍ර සහ කියෝස් අන්තර්ගත සංකල්පයක් වන ස්වයං බැංකුකරණ ඒකක හඳුන්වාදීමේ පුරෝගාමියා වන්නේ ද මහජන බැංකුවයි. මෙම ස්වයං බැංකුකරණ ඒකක සංකල්පය මහජන බැංකුවේ අතිසාර්ථක පියවරක් මෙන්ම මෙරට ජනතාව අතර, අතිශය ජනප්‍රියත්වයට පත් හඳුන්වා දීමකි.