• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබේ දරුවා නූගතෙකු කරන ග්‍රහයෝග හඳුනාගන්න

May 8, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
ඔබේ දරුවා නූගතෙකු කරන ග්‍රහයෝග හඳුනාගන්න
Share on WhatsAppShare on Facebook

ලෝකයේ උපත ලබන සෑම පුද්ගලයකුම තමාට ආවේණික ගති සිරිත්, හොඳ, නරක මෙන්ම කුසලතාද රැගෙන එයි. එය තමාගේ පෙර භවයන්හී පව් – පින් අනුව සිදුවන බව ජ්‍යොතිෂ විද්‍යායට අනුව හඳුනා ගන්නා අතර එම ජන්මියා උපදින මොහොතේ පිහිටන ග්‍රහ සිත්තම අනුව එම ජන්මියාට අදාළව පව් – පින් පලදීම පිළිබඳ යම් තීන්දුවකට ඒමට ජ්‍යොතිෂයට අනුව හැකියාව ලැබී තිබේ. ඒ අනුව බලන විට යම් කෙනකුගේ අධ්‍යාපන තත්ත්වයටත් මෙම පව්, පින් බලපාන බව ඉතා හොඳින් පැහැදිලි වෙන දෙයක්. මොකද කෙනෙක් හොඳට ඉගෙන ගනිද්දී තව කෙනෙක්ට ඉගෙනීමේ ආශාව හීන වෙනවා. ඒ අතරේ තව කෙනෙක් අපහසුවෙන් ඉගෙන ගන්නවා. මෙවැනි විවිධ ආකාර ඇති වීමට ප්‍රධානම හේතුව වෙන්නේ ඒ ඒ අයගේ පින් පව්වල ස්වභාවයයි.

මේ පින් පව්වල ස්වභාවය එම ජන්මියාගේ උපන් වේලාවට අනුව සකසන කේන්දරයේ සටහන් වී ඇති අතර අධ්‍යාපනයට පින්පව් බලපාන ආකාරයත් එයින් හඳුනාගත හැකි වෙනවා. මෙහිදී ප්‍රධාන වශයෙන් උපයෝගී කරගන්නේ හතර වැන්නයි.

හතර වැනි භාවය සමග තවත් ආධාරක භාව දෙකක් ඉතා හොඳින් නිරීක්‍ෂණය කිරීමෙන් අධ්‍යාපනය ගැන විස්තර කළ හැකියි. එම භාව දෙක ලෙස සැලකෙන්නේ 9 වැනි භාවය සහ 11 වැනි භාවයයි.

4 වැනි භාවයෙන් අධ්‍යාපනය නියෝජනය වෙන අතර, 9 වැනි භාවයෙන් උසස් අධ්‍යාපනය නියෝජනය වෙයි. එසේම මෙම භාවය පුණ්‍යස්ථානය ලෙසයි හඳුන්වන්නේ. පෙර කරන ලද කුසල්, දුරබැහැර ගමන්, පර්යේෂණාත්මක අධ්‍යාපනය ඇතුළු තවත් කරුණු රැසක් 9 වැනි භාවයෙන් අනාවරණය වෙයි. 11 වැනි භාවය අයස්ථානය ලෙසයි සැලකෙන්නේ. මෙයින් අදහස් ඉටුවන අයුරු, මිතුරු මිතුරියන් ආදී බොහොමයක් කරුණු අනාවරණ කෙරෙනවා.

4 වැනි භාවයේ උප අධිපතිත්වය දරන ග්‍රහයාගේ භාව නිවේදන සහ එම ග්‍රහයාගේ නැකැත අධිපතීත්වය දරන ග්‍රහයාගේ භාව නිවේදන සැලකිල්ලට ගෙන අධ්‍යාපනය ගැන ඉතා හොඳ සොයා ගැනීමක් කළ හැකිය. එම ග්‍රහයන්ගේ භාව නිවේදකත්වය මූලික වශයෙන් 4, 9, 11 යන භාවවලට සම්බන්ධ වේ නම් එම ජන්මියාට ඉහළ අධ්‍යාපනයකට මග පෑදෙනු ඇත.

මූලික වශයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ගැන 4 වැනි භාවය සහ 11 වැනි භාවය සම්බන්ධ කරගෙන පෙන්වා දිය හැකිය. යම් ජන්මලාභියකුගේ 4 වැනි භාවයේ උප අධිපතීත්වය දරන ග්‍රහයා සහ එම ග්‍රහයාගේ නැකැත අධිපතීත්වය දරන ග්‍රහයා හට අනෙකුත් ග්‍රහයන්ගේ ග්‍රහ දෘෂ්ටි සංයෝග යනාදියද සැලකිල්ලට ගත යුතුය. එසේම 4, 9 සහ 11 යන භාව සම්බන්ධයන් සමග 2, 5, 10 යන භාවද සම්බන්ධ වේ නම් ජන්මියාට ඉහළ අධ්‍යාපනයක් ලැබීමට භාග්‍ය ලැබෙයි. කුඩා කල සිට ඉතා සාර්ථකව අධ්‍යාපනයේ නියැළෙන උනන්දුව දැකිය හැකිය. විවිධ විශේෂ අරමුණු ඔස්සේ අධ්‍යාපනය මෙහෙයවයි. අඩුපාඩු, වැරැදි සිදුවීමේ ප්‍රවණතාව අඩු වෙයි. එසේ 10 වැනි භාවය සම්බන්ධ වීම තුළ එම ජන්මියා ඉතා ඉහළ ප්‍රසිද්ධියක් ලබමින් අධ්‍යාපනය ලබයි. විශේෂයෙන්ම කඩඉම් විභාග ආදියෙන් රටේ ප්‍රථම, දෙවැනි, තුන් වැනි ආදී ස්ථාන හිමි කරගන්නේ එවැනි දරුවන්ය. ඔවුන්ට නිතැතින්ම ප්‍රසිද්ධිය උරුම වන්නේද එනිසාය.

තවද 4, 9, 11 යන භාව සමග 3, 8, 12 යන භාව සම්බන්ධ වීමෙන් උසස් අධ්‍යාපනයට බාධා පමුණුවයි. ජන්මියා හට කරදර බාධා මැද අධ්‍යාපනය ලැබීමට සිදුවෙයි. අධ්‍යාපනය අතරමග නැවතීමටද ඉඩ තිබේ. එහෙත් මෙම තත්ත්ව විවිධ ප්‍රතිකර්ම ඔස්සේ වෙනස් කළ හැකි බවද සිහියේ තබාගත යුතුය.

වර්තමානයේ මෙම ග්‍රහ තත්ත්වයන් කලින්ම හඳුනාගෙන ඒ සඳහා විවිධ පුදපූජා ප්‍රතිකර්ම ආදිය සිදුකර සාර්ථක ප්‍රතිඵල ලබා ගත්තවුන් අනන්තවත් හමුවෙයි. එසේම යම් දරුවකුට ග්‍රහයකුගෙන් අධ්‍යාපනයට බාධා ඇතැයි එක්වරම තීරණය කිරීමද අසාධාරණය. ඒ සඳහා ඉතා හොඳින් එම කේන්දර පරීක්‍ෂා කර බැලිය යුතුය. මන්ද බැලූබැල්මට අසුබතා පෙනුණත් එම ග්‍රහ තත්ත්වය වෙනස් කෙරෙන තවත් ග්‍රහ පිහිටීම් එම කේන්දරයේම පිහිටා තිබිය හැකි බැවිනි. එබැවින් බුද්ධිමත්, දක්‍ෂ ජ්‍යොතිෂවේදියකු ලවා පමණක් දරුවාගේ කේන්දරය පරීක්‍ෂා කරවා ගැනීම ඔබේ වගකීමකි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සත්‍යජිත් සම්පත්

SendShareShare
Previous Post

රන් රිදී මුතු මැණික් සඟවා තබපු රජවරුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කරපු මොකක්ද මේ අමුතු තාලෙ ගෙඩිගේ සොහොන

Next Post

SLT-MOBITEL සහ EPIC TECHNOLOGY වෙතින් “හෙළවිරු” ඩිජිටල් වෙළෙඳපොළක්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

දෙවිනුවර, ගන්දර ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.Sri Lanka Latest News පොලීසිය පැවසුවේ, අද (22) අලුයම මෝටර්රථයකින් පැමිණි පිරිසක්...

Read more
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.