• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

රට විනාශයට ඇදදැමූ පාලකයා

December 1, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
රට විනාශයට ඇදදැමූ පාලකයා
Share on WhatsAppShare on Facebook

කෝට්ටේ රජ කළ විජයබාහු රජුට දරුවන් තිදෙනෙකි. ඒ බුවනෙකබාහු, රයිගම් බණ්ඩාර සහ මායාදුන්නේ කුමාරයන්ය. මෙයින් විජයබාහුගෙන් පසු බුවනෙකබාහු කෝට්ටේ රාජ්‍යත්වයට පත් වන අතර රයිගම් බණ්ඩාර රයිගම් කෝරළේ සාමන්තයා වශයෙනුත් මායාදුන්නේ සීතාවක සාමන්තයා වශයෙනුත් කටයුතු කළහ. බුවනෙකබාහු රජුගේ දියණිය වූයේ සමුද්‍රදේවී කුමරියයි. ඇය විවාහ වී සිටියේ වීදිය බණ්ඩාර සමඟයි. තම බාල සොහොයුරා වූ මායාදුන්නේ කුමරු කෝට්ටේ රාජධානියේ ආධිපත්‍යය අපේක්ෂාවෙන් පසුවන බව ඉවෙන් මෙන් දැනගත් බුවනෙකබාහු ඒ සඳහා එල්ල වන ඕනෑම අභියෝගයක් ජය ගත හැකි අන්දමේ තැනැත්තකු සෙව්වේය. එහිදී ඔහුට හමුවූයේ වීදියේ බණ්ඩාරයි. ඔහු සැබැවින්ම රණශූරත්වයෙන් අනූන තරුණයෙක් විය.

කෙසේ නමුත් බුවනෙකබාහුගේ දියණිය වූ සමුද්‍රදේවී කුමරිය සමඟ විවාහ වීමේ අපේක්ෂාවෙන් පසු වූයේ බුවනෙකබාහුගේ මෙහෙසියගේ පාර්ශ්වයේ සමීප සබඳතා තිබූ ගම්පොළ පරම්පරාවේ ජුගෝ බණ්ඩාර නම් තැනැත්තකුය. ජුගෝ බණ්ඩාර නමැති තරුණයා බුවනෙකබාහු රජු විසින් හදා ඇති දැඩි කරගත් කුමාරයකු බව පෝල් ඊ. පීරිස් මහතා සඳහන් කරයි. කෙසේ නමුත් සමුද්‍රදේවී කුමරියගේ සිත ගියේ ජුගෝ බණ්ඩාර කුමරු කෙරෙහි නොව වීදිය බණ්ඩාර කුමරු කෙරෙහිය. ඊට ඔහුගේ රණශූරත්වයත් මනා පෞරුෂයත් බලපාන්නට ඇත. බුවනෙකබාහු රජුගේ දියණිය තමා කෙරෙහි සිත ගෙන සිටින බව දැනගත් වීදිය බණ්ඩාර තමාට අභියෝගයක් වේයැයි සැක හැර දැනගැනීමෙන් පසු ජුගෝ බණ්ඩාරව පිහි ඇනුමක් සිදු කොට ඝාතනය කළේය.
වීදිය බණ්ඩාර සහ සමුද්‍රදේවී කුමරිය අතිනත ගත්තේ 1538 වර්ෂයේදීය. මේ වන විට වීදිය බණ්ඩාර තරුණයා පිළිබඳ භික්ෂූන් වහන්සේලා තුළ වූයේද අවිරෝධී හැඟීමකි. මේ නිසා උන්වහන්සේලාගේ ආශීර්වාදය ද ඔහුට ලැබිණි. මෙම විවාහයෙන් පසු ඔහුට දාව සමුද්‍රදේවී කුමරියට දරුවන් දෙදෙනකු ලැබුණු අතර එයින් වැඩිමල් දරුවා වූයේ ධර්මපාලය. බාල දරුවා වූයේ විජයබාහුය. මේ පිළිබඳ සැක තැන් තිබුණත් (ඔවුන්ගේ බාල මහලුභාවය පිළිබඳ) බුවනෙකබාහු රජුගෙන් පසු රාජ්‍යත්වයට පුතකු නොමැති වීමෙන් එකී අඩුව පිරිමැසුණේ ධර්මපාල කුමරු නිසාය. බුවනෙකබාහු රජුට දරුවන් නොමැති වුවත් තම රාජ්‍යය මායාදුන්නේ සහෝදරයා වෙත ලියා දීමට බුවනෙකබාහු තුළ කැමැත්තක් තිබුණේ නැත. මේ වන විට රයිගම් බණ්ඩාර අකාලයේ මියගොස් සිටි අතර එකී ප්‍රදේශයද ඈඳා ගෙන තිබුණේ සීතාවක පාලනයටය. බුවනෙකබාහුගේ ක්‍රියාකලාපය මායාදුන්නේට සහනයක් ගෙන දුන්නේ නැත. ඔහුගේ සිතේ බුවනෙකබාහු කෙරෙහි වෛරයක් ලියලා වැඩෙමින් තිබිණි.

මේ අතර පෘතුගීසීන්ද ක්‍රමයෙන් කෝට්ටේ රාජධානිය සඳහා ඇඟිලි ගැසීමේ කූට උපක්‍රමයක නියැළී සිටියේය. ඔවුනට වුවමනා වූයේ අනාගතයේ කෝට්ටේ රාජ්‍යත්වයට පත් වන රජු තමාගේ රූකඩයක් මෙන් කටයුතු කරනු දැකීමයි. ඒ සඳහා ඇවැසි පරිසරය ඔවුහු සකස් කරමින් පසුවූහ. මායාදුන්නේ කුමරු තමන් සමඟ නොහොඳින් පසුවන නිසා මායාදුන්නේගෙන් එල්ලවන ඕනෑම අභියෝගයක් ජය ගැනීම සඳහා බුවනෙකබාහු ළඟ තබාගෙන සිටියේ පෘතුගීසීන්ය. පෘතුගීසීන්ද අපේක්ෂා කළේ බුවනෙකබාහුගෙන් පසු ධර්මපාල කුමරු කෝට්ටේ රජවනු දැකීමයි.
බුවනෙකබාහු පෘතුගීසීන්ගේ අපේක්ෂා මනාව හැඳිනගෙන සිටියේය. එහෙත් ඔහු පෘතුගීසි ගැත්තකු වූයෙන් මෙහි අවදානම අවබෝධ කරගෙන සිටියේ නැත. එසේම මායාදුන්නේ තමන් සමඟ යුද්ධයට පැමිණි අවස්ථාවල ඊට ප්‍රතිප්‍රහාර ලබාදීමට සමර්ථ යුද කණ්ඩායමක් පෘතුගීසීන් සතුව සිටි බැවින් අනාගතය ගැන නොසිතාම පෘතුගීසීන් සමීපව තබා ගත්තේය. මේ අතර පෘතුගීසීන්ගේ රජු බුවනෙකබාහු රජුට කිතු දහම වැලඳගන්නා ලෙසින් බලපෑම් කර තිබූ හෙයින් ඉන් ගැලවීමේ මඟක් කල්පනා කළ රජු කුඩා ධර්මපාල කුමරු පෘතුගීසීන් වෙත බාර කිරීමෙන් එකී අභියෝගයෙන් ගැලවී සිටියේය. සිංහලයේ මෙතෙක් තිබූ ව්‍යවස්ථාව අනුව රටේ පාලනය බාර ගත යුතුව තිබුණේ බෞද්ධයකුමය. ඒ නිසා අන් ආගමක් වැලඳ ගැනීමේ අවශ්‍යතාවක් ඔහුට තිබුණේ නැත. ඔහු බුද්ධාගමට ළැදිව කටයුතු කළ අයෙකි. තමන් හදිසියේ හෝ කිතු දහම වැලඳගතහොත් නිතැතින්ම සිංහල ව්‍යවස්ථානුකූලව බලය මායාදුන්නේ කුමරු වෙත යන බව ඔහු දැනගෙන සිටියේය. මේ නිසා කුඩා ධර්මපාල කුමරු අනාගත අවශ්‍යතාව හඳුනාගෙන අධ්‍යාපනය ලබාදීමටත් ආගමෙන් චර්යාවෙන් අවශ්‍ය කටයුතු සඳහා පෘතුගීසීහු බාර ගත්හ.
ධර්මපාල කුමරුගේ රූපයට සමාන පිළිරුවක් පෘතුගාලයේදී සිංහලයේ රජු ලෙසින් අභිෂේක කිරීමෙන් පෙනී යන්නේ පෘතුගීසීන්ද අනාගතයේ දී ධර්මපාල කුමරු ලංකාදේශයේ පාලකයා වනු දැකීමයි. මෙකී ප්‍රතිමාව රිදියෙන් නිමවා තිබූ අතර හිස ඇත්දළෙන් හා රනින් නිමවා තිබිණි. මෙසේ අභිෂේක කිරීමෙන් අනතුරුව පෘතුගීසි පූජකවරු ධර්මපාල කුමරුට අධ්‍යාපනය ලබාදීමට වගකීම බාරගත්හ. මේ වන විට බුවනෙකබාහු රජු මහලුවියට පත්ව සිටි අතර ඔහුට තීන්දු තීරණ ගැනීමේ හැකියාවත් අහිමි කර තබන්නට පෘතුගීසීන් කටයුතු කර තිබිණි. එසේම ධර්මපාල කුමරු පිළිබඳද රජු තුළ වූයේ සාංකාවකි. පෘතුගීසීන් කිසිම විටෙක ධර්මපාල කුමරු සම්බන්ධයෙන් හිතවාදී ආකල්පයක් නොදරන බව මේ වන විට ඔහුට හැඟී ගොස් තිබුණේය. පෘතුගීසීන් ධර්මපාල කුමරුන්ව රූකඩයක් ලෙසින් තබාගෙන තම අවශ්‍යතා පූරණය කරගැනීමට කටයුතු කරන බව බුවනෙකබාහුට වැටහී ගොස් තිබුණේය. එහෙත් කළහැකි දෙයක් ඔහුට තිබුණේ නැත. මේ අතර 1551දී බුවනෙකබාහු රජු පෘතුගීසි වෙඩි පහරකින් ඝාතනය වූ අතර ඒ වර්ෂයේදී ධර්මපාල කුමරු රජ බවට පත්විය.

මේ අතර බුවනෙකබාහු රජු සිතූ පරිදිම 1557 වර්ෂයේදී ධර්මපාල රජු පෘතුගීසීන්ගේ වුවමනාව සඵල කරමින් දොන් ජෝන් නමින් බෞතීස්ම විය. තරුණ ධර්මපාල බුද්ධාගම අතහැරීමත් සමඟ සිංහල රාජ්‍ය ව්‍යවස්ථාව අනුව ඔහු රජකමට නුසුදුස්සෙක් විය. දොන් ජුවන් පෙරිය බණ්ඩාර නමින් බෞතීස්ම වීමෙන් පසු ඔහුට ව්‍යවස්ථානුකූලව රජකම අහිමි විය. මේ අතර සිංහලයේ රාජ්‍යත්වය සංකේත කරන දළදා වහන්සේ බාරව සිටි දියවඩන නිලමේ ලෙසින් මෙකල සිටි හිරිපිටියේ රාළ කෝට්ටේ වැඩසිටි දළදා වහන්සේ සීතාවක රජු වෙත බාර කළේය. මෙහි දී භික්ෂූන් වහන්සේලාද දොන් ජුවන් ධර්මපාල රජුට එරෙහිව නැඟී සිටිය අතර උන්වහන්සේලාද ඔහු රජකු වශයෙන් පිළිගැනීමට එකහෙළා විරුද්ධ වූහ. මෙසේ ඉමහත් විරෝධතා එල්ල වුවද පෘතුගීසීහු කෝට්ටේ රාජධානියේම ඔහු තබාගෙන සියලු විරුද්ධතා පසෙකලා කටයුතු කිරීමට ඉඩප්‍රස්තාව ලබා දීමට පසුබට නොවූහ. මහාවංසයේ මේ කාලයේ ලියූ පරිච්ඡේදවල ධර්මපාල කුමරු බෞද්ධ රජකු ලෙසින් ඇගැයීමට පත් නොකරන්නේ ඔහු රාජ්‍යත්වයේ හිමිකාරීත්වය අහිමි කරගෙන සිටි බැවිනි.

කිතු දහම වැලඳගත් ධර්මපාල රජු එයින් නිහඬව සිටියේ නැත. ඔහු කැලණිය රජමහාවිහාරය, කිත්සිරිමෙවන් විහාරය ඇතුළු ඓතිහාසික උරුමයකින් යුක්ත විහාර හා දේපළ ප්‍රැන්සිස්කන් පූජකවරුන්ට පවරා දුන්නේය. එපමණක් නොව දළදා මාලිගාවත් දිවයින පුරා තිබූ සියලු වෙහෙර විහාරස්ථාන හා ඒවා සතුව තිබූ ඉඩකඩම් ආදිය ද පෘතුගීසි පූජකයන්ට පවරා දෙනු ලැබුවේය. මේ ලෙසින් කටයුතු කළේ ඔහුගේ වුවමනාවටත් වඩා පෘතුගීසීන්ගේ වුවමනාවටයි. මක්නිසාද යත් මේ වන විට ඔහු පෘතුගීසීන්ගේ රූකඩයක් බවට මුළුමනින්ම පත්ව සිටීමයි. ඔහු පෘතුගීසි පූජකයන්ට ලබාදුන් විහාරස්ථාන කඩා බිඳ දැමූ පූජකවරු ඒවායේ පල්ලි ඉදිකිරීමට කටයුතු කළහ. කැලණිය ශාන්ත ආනා සහ දකුණු ඉවුරේ බර්තොලමියු යන පල්ලි ඉදිවූයේ මේ අනුවය.
පෘතුගීසීන්ගේ රූකඩයක් බවට පත් වූ ධර්මපාලට ඔහු අපේක්ෂා කළ රාජ ගෞරවයවත් ලැබුණේ නැත. තමන්ට පවතින අවශ්‍යතා ඉටු කරගැනීමට රජු යොදාගත් අතර අවසාන කාලයේදී අනේකවිධ වේදනාවන් විඳීමට සිදුවිය. එක් දිනක දොන් ජුවන් ධර්මපාල රජුට රාත්‍රි භෝජනයක් සඳහා කපිතාන්වරයකු ආරාධනා කළ අතර එකී රාත්‍රි භෝජන සංග්‍රහයට වයින් බීමද එක්කර තිබිණි. ඒ වයින්වලට වස මිශ්‍ර කර තිබුණේය. වයින් පානය කළ දොන් ජුවන් බිම ඇද වැටුණේය. වස ශරීරගත වීම නිසා ඔහුගේ දත් සියල්ල හැලී ගියේය. ඔහු කතා කිරීමේදී ගොත ගසන්නකු බවට පත් විය. තමන් විඳින වේදනා පිළිබඳ පෘතුගීසි රජුට ලිපියක් ලියූවද ඊට පිළිතුරු ලිපියක් ඔහු මියයද්දීවත් ආපසු ලැබුණේ නැත.

මේ අනුව සිංහල දේශය පරගැති පෘතුගීසීන්ට පවරා දුන්, රට ජාතිය ආගම විනාශයට පත් කළ, දේශය පෘතුගීසීන්ට පාවා දුන් දොන් ජුවන් ධර්මපාල 1597 වර්ෂයේ මැයි 27 වැනිදා කොළඹදී මරණයට පත්විය. ඔහුගේ ශරීරය ශාන්ත ප්‍රැන්සිස්කෝ කන්‍යාරාමයේ දී මිහිදන් කරන ලදී.
පදියතලාවේ ඥාණවිමල හිමි

SendShareShare
Previous Post

හරීන් යට ගහපු මහා දූෂණ වාර්තාව ඩලස්ට ‌පේන්න අපි එළියට දානවා

Next Post

කවුද මේ හේලි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.