• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

හරීන් යට ගහපු මහා දූෂණ වාර්තාව ඩලස්ට ‌පේන්න අපි එළියට දානවා

November 30, 2019
in News, Sports, Uncategorized
Reading Time: 3 mins read
A A
හරීන් යට ගහපු මහා දූෂණ වාර්තාව ඩලස්ට ‌පේන්න අපි එළියට දානවා
Share on WhatsAppShare on Facebook

ජාති ආගම් භේදයකින්, වයස් භේදයකින්, පක්ෂ පාට භේදයකින් තොරව මෙරට ජනතාව එකසේ ආදරය කළ ක්‍රිකට් ක්‍රීඩාවට අද අත්වී ඇති ඉරණමට වගකිව යුත්තේ ක්‍රිකට් පරිපාලකයන්ය යන්න තවදුරටත් රහසක් නොවේ. විගණකාධිපති දෙපාර්තමේන්තුව මඟින් ක්‍රිකට් ආයතනය පිළිබඳව සිදු කළ වෝහාරික විගණන වාර්තාව හරහා ඒ බව වඩාත් හොඳින් අනාවරණය වී තිබේ. විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් එම වාර්තාව හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත බාර දෙනු ලැබූයේ පසුගිය අගෝස්තු මුල් සතියේදීය. නමුත් වෝහාරික විගණන වාර්තාව ලැබෙන තෙක් තමන්ට ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවට පාරම් බෑ හිටපු ක්‍රීඩා ඇමැතිවරයා එම වාර්තාව ලැබුණු පසුවත් කිසිවක් කළේ නැත. දූෂිත පරිපාලකයන්ට එරෙහිව පියවර ගැනීම වෙනුවට හරීන් ප්‍රනාන්දු මහතා සිදු කළේ දූෂිතයන් බේරීම සඳහා එම වාර්තාව යට ගැසීමය. අඩුම තරමේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටවත් ඇමැතිවරයා කටයුතු නොකිරීම ක්‍රීඩාවට ආදරය කරන ජනතාවගේ බලාපොරොත්තු සුන් කිරීමක් විය. නමුත් අද වන විට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමැති ධුරය සඳහා නව අමාත්‍යවරයෙක් පත් වී ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව ආණ්ඩුව යටතේ ක්‍රීඩා ඇමැති ධුරයට පත් ඩලස් අලහප්පෙරුම මහතා යනු මුදලට නොනැමෙන, දූෂණයට විරුද්ධ, වැරැදිකරුවකු නම් තම හිතවතකුට එරෙහිව හෝ පියවර ගැනීමට නොපැකිළෙන දේශපාලනඥයෙකු බව පක්ෂ පාට භේදයකින් තොරව සියලුදෙනාම විශ්වාස කරන කාරණයකි. එබැවින් හිටපු ක්‍රීඩා ඇමැතිවරයා ආරක්ෂා කළ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළ දූෂිතයන්ට එරෙහිව පියවර ගැනීමට ඩලස් අලහප්පෙරුම මහතා කටයුතු කරනු ඇතැයි දැඩි විශ්වාසයක් ජනතාව තුළ ගොඩ නැඟී ඇත. හරීන් ප්‍රනාන්දු යට ගැසූ ක්‍රිකට් ආයතනයේ සියලුම වංචාවල් හෙළිදරව් වූ වෝහාරික විගණන වාර්තාව මේ ආකාරයෙන් හෙළිදරව් කිරීමට අප තීරණය කළේ ඩලස් අලහප්පෙරුම මහතාගේ එම කාර්යයට ශක්තියක් වීම සඳහාය. ක්‍රිකට් පරිපාලකයන් විසින් තරග සංචාර ඇතුළු අල්ලස් ලබා දී මෙරට මාධ්‍ය නිහඬ කර ඇත. කිසිදු මාධ්‍යයක් මෙම වෝහාරික විගණන වාර්තාව ප්‍රසිද්ධ නොකරන්නේද ඒ හේතුව නිසාමය. කෙසේ නමුත් ජනතාවගේ පැත්තේ සිට ගන්නා වගකිව යුතු මාධ්‍යයක් ලෙස ඒ වගකීම පැහැර හැරීමට අප සූදානම් නැත. ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදු කළ වෝහාරික විගණන වාර්තාවෙන් ක්‍රිකට් ආයතනයේ සිදු කළ මහා පරිමාණ ගනුදෙනු 5ක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත. ඒ යටතේ පළමුව අනාවරණය කර ඇත්තේ උසස් තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ක්‍රිකට් විශ්වවිද්‍යාලයයක් ආරම්භ කිරීමට අදාළ කරුණු කාරණාය.

  1. මෙම පරිච්ඡේදයට අදාළ වාර්තාවේ පසුබිම.
    ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් පිහිටුවීම තුළින් සියලු ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ක්‍රිකට් ක්‍රීඩකයන් අපේක්ෂා කරන අයුරින් ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයන් බිහි කරන මධ්‍යස්ථානයක් ලෙසට ක්‍රියාත්මක කිරීම, වෘත්තීමය හ වෘත්තීම නොවන ක්‍රීඩකයන් බිහි කිරීම, ජාතික තලයේ දක්ෂ ක්‍රිකට් කණ්ඩායමක් (සංචිතයක්) නිර්මාණය කිරීම සහ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් ජනිත කරන මෙන් ක්‍රිකට් අධ්‍යාපනය නියාමනය කිරීම වැනි උපාය මාර්ගික අරමුණු ඉටුකරගැනීම අපේක්ෂා කර තිබිණි.
    ඒ අනුව, මහනුවර ප්‍රදේශයේ ඉඩමක් බදු පදනම මත ලබාගැනීම සඳහා 2017 අප්‍රේල් 20 වැනි දින ගිවිසුමකට එළඹ තිබිණි. ඒ සඳහා 2018 දෙසැම්බර් 31 දින වන විට රු. මිලියන 26.48කට අධික පිරිවැයක් දරා ඇති අතර එය කෙරීගෙන යන වැඩ ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රකාශනවල ගිණුම්ගත කර තිබිණි. බදු පදනම මත ඉඩමක් අත්පත් කර ගැනීම සඳහා 2017 අප්‍රේල් මස සිට දරන ලද වියදම දීර්ඝ කාලයක් තිස්සේ එලෙස කෙරීගෙන යන වැඩ ලෙස ගිණුම්ගතව තිබීමත්, ඉඩම බදු පදනම මත ලබාගෙන වසර දෙකක් ගතවන තෙක් එකී විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට අවශ්‍ය සාධනීය පියවරක් නොගැනීමත් නිසා මෙම විෂයය පිළිබඳව විශේෂ විගණන පරීක්ෂාවක් කළ යුතු බවට මා විසින් තීරණය කරන ලදී. එම පරීක්ෂාවේදී අනාවරණය වූ වැදගත් නිරීක්ෂණ මෙම පරිච්ඡේදයෙහි අන්තර්ගත කර ඇත.
  2. අරමුණු
    2.1. ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට තීරණය කිරීම, ඒ සඳහා ඉඩම අත්පත් කර ගැනීමට අදාළ ගනුදෙනු පිළිබඳ නීත්‍යානුකූල බව හා ඵලදායී බව ඇගයීම.
  3. විෂය පථය
    3.1. ජාතික ක්‍රීඩා සංගමයක් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ විශ්වවිද්‍යාලයක් පිහිටුවීමේ අරමුණෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පෞද්ගලික ආයතනයකින් ලබාගත් ව්‍යාපෘති යෝජනාවක් අනුව ක්‍රියාකිරීම තුළින් උපාධි පිරිනැමිය හැකි විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව මානව හා භෞතික සම්පත් සම්පාදන සැලැස්මක් පවතීද යන්නත් එය ස්ථාපිත කිරීමට අවශ්‍ය ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධව ක්‍රියාකර ඇති ආකාරය පිළිබඳ පරීක්ෂා කිරීමත් හා ඊට අදාළ ගනුදෙනු පරීක්ෂා කිරීම.
  4. විෂය පථය සීමා වීම.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කරනු ලබන එක් එක් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එම ව්‍යාපෘතිය ආරම්භයේ සිට අවසානය දක්වා කටයුතු කිරීමට වගකිව යුතු නිශ්චිත පුද්ගලයකු පත් කර නොතිබීම හේතුවෙන් ඊට අදාළ ලේඛනමය සාක්ෂි සියල්ල ගොනුගත කර නොතිබීම.
    4.2. ශ්‍රී ලංකා ක්‍රිකට්හි ව්‍යාපෘති හා ඉදිකිරීම් සම්බන්ධව කටයුතු කිරීම සඳහා ජාතික සංවර්ධන කමිටුවක් :භ්එසදබ්ක ෘැඩැකදචපැබඑ ක්‍දපපසඑඑැැ* ස්ථාපිත කර තිබුණද, බාහිර ආයතනයක් ව්‍යාපෘති කළමනාකරුවකු ලෙස පත් කර තිබීම හේතුවෙන් තොරතුරු ලබා ගැනීම අපහසු වීම.
    4.3. විධායක කමිටු සාමාජිකයන්ගේ විදේශීය සංචාර හේතුවෙන් තොරතුරු කාලීනව ලබා ගැනීමට බාධා සිදුවීම.
    4.4. සැසඳීම සහ ඇගයීම සඳහා දේශීයව/ විදේශීයව මෙවැනි විශ්වවිද්‍යාලයක් සම්බන්ධව තොරතුරු නොමැති වීම.
  5. ක්‍රමවේදය හැඳින්වීම.
    5.1. විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමේ නීතිමය පසුබිම සහ විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමට අදාළව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ පවත්නා පිළිවෙත් අධ්‍යයනය කිරීම.
    5.2. ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන ඇති විවිධ ක්‍රියාමාර්ග සහ අරමුදල් ලබාගැනීමේ හා ගෙවීම් කිරීමේ ක්‍රමවේදය පරීක්ෂා කිරීම.
    5.3. විශ්වවිද්‍යාලය ඉදිකිරීමට අදාළව බදු පදනම මත ලබාගත් ඉඩම විහාරස්ථානයක් සතු වීම හේතුවෙන් එවැනි ඉඩම් අත්පත් කර ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය පරීක්ෂා කිරීම සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ලබා ගැනීම.
    5.4. උක්ත ඉඩම වරිපනම් කලාපයක පිහිටා තිබීමත්, එම ඉඩමේ කොටස් කිහිපයක පිහිටි බදු දී තිබූ ගොඩනැඟිලිවලට අදාළව ගෙවිය යුතු බදු පිළිබඳව පළාත් පාලන ආයතනයෙන් පරීක්ෂා කරවා ගැනීම.
    5.5. උක්ත ව්‍යාපෘතියට අදාළ සංකල්පමය යෝජනාව පරීක්ෂා කිරීම.
    5.6. මෙම ව්‍යාපෘතියට සම්බන්ධ පාර්ශ්ව සමඟ සාකච්ඡා පැවැත්වීම.
  6. සිද්ධි අධ්‍යයනය.
    6.1. විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමේ යෝජනාව.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වවිද්‍යාලයක් පිහිටුවීම තුළින් සියලු ක්‍රීඩකයන් සඳහා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ක්‍රිකට් ක්‍රීඩකයන් අපේක්ෂා කරන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් මෙන්ම ක්‍රීඩිකාවන් බිහිකරන පාසලක් ලෙසට ක්‍රියාත්මක කිරීම. වෘත්තීය හා වෘත්තීය නොවන ක්‍රිකට් ක්‍රීඩකයන් බිහි කිරීම, කුසලතාවයෙන් පිරි ජාතික මට්ටමේ සංචිතයක් ඇති කිරීම, ක්‍රීඩකයන් බිහිකරන සහ නියාමනය කරන ආයතනයක් බවට පත් කිරීම යන උපාය මාර්ගික අරමුණු ඉටුකරගැනීම අපේක්ෂා කර තිබිණි. ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව ලෝකයේ ප්‍රථමවතාවට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතිය තුළින් ක්‍රිකට් ක්‍රීඩාවේ තාක්ෂණික, පරිපාලන ජනමාධ්‍ය හා අලෙවිකරණ ජාත්‍යන්තර තරග ඉසව් සංවිධානය, ක්‍රීඩාංගණ ඉදිකිරීම සහ නඩත්තු කිරීම, පර්යේෂණ හා සංවර්ධන යන පුළුල් ක්ෂේත්‍රයන් ගණනාවක් සඳහා පාඨමාලා හඳුන්වා දී උපාධි මට්ටමට පුළුල් කිරීමට ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ සන්ධිස්ථානයක් වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනවේදීන්ගේ සහයෝගය සහ මඟපෙන්වීම යටතේ ආයතනයේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමටත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, වෘත්තීය පුහුණු අධිකාරිය සහ වෙනත් ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සමඟ එක් වී උපාධි පිරිනැමීමටත් අපේක්ෂා කර තිබිණි. මේ සඳහා අවශ්‍ය වන ගොඩනැඟිලි, දේශන ශාලා, ඉඳුම්හිටුම් පහසුකම් සහ පර්යේෂණාගාර ඉදිකිරීම් සම්බන්ධව ව්‍යාපෘති යෝජනාවක් පෞද්ගලික ආයතනයක් මඟින් සකස් කරවාගෙන තිබිණි.
    6.1.2. ක්‍රිකට් විශ්වවිද්‍යාලය ඉදිකිරීම වෙනුවෙන් 2017, 2018, 2019 වර්ෂ වෙනුවෙන් පිළිවෙළින් රු. 50,000,000ක්, රු. 200,000,000ක් සහ රු. 10,000,000ක ඇස්තමේන්තු ගත ප්‍රතිපාදනයන් විධායක කමිටුව විසින් අනුමත කර තිබිණි.
    6.1.3. 2016 ජූලි 01 දිනැති අංක 02 දරන හදිසි විධායක කමිටු රැස්වීමේදී ගත් තීරණයක් මත මධ්‍යම පළාතේ සහ ඌව පළාතේ දැනට පවතින සහ අලුතෙන් ආරම්භ කරනු ලබන ක්‍රිකට් සම්බන්ධ ඉදිකිරීම් ව්‍යාපෘති කළමනාකරණ සහ උපදේශනය යන කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීන්ගේ 2016 අගෝස්තු 05 දිනැති ලිපිය මඟින් Lan Management Development Services (PVT) Ltd ආයතනය පත් කර තිබිණි.
    6.2. උසස් තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානය සඳහා ඉඩම පවරා ගැනීම සම්බන්ධ ගනුදෙනු.
    6.2.1. උසස් තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානය පිහිටුවීම අරමුණු කරගෙන මහනුවර මල්වතු මහා විහාර පාර්ශ්වය යටතේ පවතින මහනුවර ගංගාරාම රජමහා විහාරයට අයත් මහනුවර නගර සීමාව තුළ සියඹලාතැන්න ප්‍රදේශයේ පිහිටි වළකුඹුරවත්ත නම් වූ අක්කර 1යි රූට් 3යි පර්චර්ස් 20.2ක විශාලත්වයෙන් යුතු ඉඩමක් තෝරාගෙන එය ලබාගැනීම සඳහා අති පූජ්‍ය මල්වතු පාර්ශ්වයේ මහානායක හිමිගෙන් 2016 සැප්තැම්බර් 6 දිනැති ලිපියක් මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති විසින් ඉල්ලීමක් කර තිබිණි.
    6.2.2 එකී ඉල්ලීමට අනුව මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර සියඹලාගස්තැන්නේ පිහිටි වළකුඹුරවත්ත නැමැති ඉඩමෙන් අවශ්‍ය ඉඩම් ප්‍රමාණය ලබා දීමට 2016 සැප්තැම්බර් 19 දිනැති ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති අමතන ලද මහානායක ස්වාමීන් වහන්සේගේ ලිපිය මඟින් ඊට එකඟතාවය පළ කර තිබිණි.
    එතැන් පටන් අනු කාණ්ඩ 27ක් යටතේ ඊට අදාළ ගනුදෙනු විගණන වාර්තාවේ සඳහන් කර ඇති අතර ඒ ගනුදෙනු සැකෙවින් මෙසේය.
    උක්ත ඉඩමේ මැනුම් කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව වෙත 2017 අප්‍රේල් 11 දිනැති අංක 286961 දරන රිසිට් පතින් රු. 57,500ක මුදලක් ක්‍රිකට් ආයතනය විසින් ගෙවා ඇත.
    ඉඩමේ මිනුම් කටයුත්තට අදාළව වටමැනුම් පිඹුරු පතක් සහ සමෝච්ච රේඛා සටහනක් සහිත පිඹුරු පතක් ලබා දීම සඳහා අයවිය යුතු ගාස්තු වශයෙන් දක්වමින් රු. 150,000ක් මිල කියුමක් මිනින්දෝරු දෙපාර්තමේන්තුවට පරිබාහිර වූ පෞද්ගලික මිනින්දෝරුවකු වන ජී. වී. බී. ධර්මරත්න යන අය විසින් 2016 නොවැම්බර් 14 දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ඉදිරිපත් කර ඇත.
    මහනුවර ගංගාරාම රජමහා විහාරයේ භාරකාර ස්වාමීන් වහන්සේ විසින් 2017 අප්‍රේල් 19 උක්ත ඉඩම බදු දීම සඳහා වූ බදු ඉල්ලුම් පත්‍රය අස්සන් කර එය බෞද්ධ කටයුතු කොමසාරිස් වෙත ඉදිරිපත් කර ඇත.
    ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ අංක SLC/PO/NP/KCC/L/17/02 හා 2017 අප්‍රේල් 19 දිනැති ලිපිය මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉඩම ලබා දීම සම්බන්ධව ස්තුතිය පුදකර තිබූ අතර වසර 30ක් සඳහා වූ බදු මුදල් ගෙවීමට වූ එකඟතාව බෞද්ධ කොමසාරිස්වරයා විසින් අනුමත කළ බවද දක්වා තිබිණි. තවද මල්වතු මහා විහාර පාර්ශ්වය මඟින් දියත් කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් රු. 25,000,000ක ආධාර මුදලක් ලබා දීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවද එහි දක්වා තිබිණි.
    2017 අප්‍රේල් 22 වැනි දින පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු 17 වන රැස්වීමේදී උක්ත ඉඩම වසර 30ක කාලයක් සඳහා රු. 26,250,000ක බදු මුදලකට ලබා ගැනීමටත් එම බදු මුදල වාර්ෂිකව ගෙවීමටත් ඉඩම ලබා දීම වෙනුවෙන් මල්වතු පාර්ශ්වයෙහි ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් වෙනුවෙන් රු. 25,000,000ක්ද, මහනුවර ගංගාරාම රජමහා විහාරයට රු. 25,000,000ක් ආධාර වශයෙන් ගෙවීමට තීරණය කර තිබිණි.
    එම විධායක කමිටු තීරණය මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2017 මැයි 08 දින වචුචර් අංක 2232 මඟින් අති පූජ්‍ය මල්වතු මහනායක හිමියන් නමට ලියන ලද අංක 118574 දරන චෙක්පත මඟින් රු.25,000,000ක මුදලක් ගෙවා තිබිණි.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ චෙක්පත් නිකුත් කිරීමේදී පිළිගත් ක්‍රමවේදය වන පරිගණක මඟින් මුද්‍රණය කිරීමෙන් තොරව මෙම චෙක්පත අතින් ලිවීම සිදු කර තිබූ අතර අදාළ චෙක්පත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආයතන අංශ ප්‍රධානී මුදල් අයකැමි වෙතින් භාරගෙන තිබිණි.
    බදු දීමට අදාළ ඉඩම වෙනුවෙන් මුලින් ඉදිරිපත් කරන ලද පිඹුරුපත සහ එහි ප්‍රමාණයන් වෙනස් විය යුතු බවත්, එම ඉඩමට අදාළ වනුයේ ධර්මරත්න මානකවරයාගේ පිඹුරුපත නොව යූ. වාසල නමැති මානකවරයාගේ අංක 3294 දරන පිඹුරුපත බවත්, බෞද්ධ කටයුතු කොමසාරිස් අමතන ලද භාරකාර ස්වාමීන් වහන්සේගේ 2017 ජූලි 7 දිනැති ලිපිය මඟින් ඉල්ලා තිබිණි.
    කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අමතන ලද Lan Management Development Service (PVT) Ltd ආයතනයේ අධ්‍යක්ෂගේ 2017 ඔක්තෝබර් 03 දිනැති ලිපිය මඟින් මිනින්දෝරු දෙපාර්තමේන්තුවට බාහිර වූ ජී. වී. බී. ධර්මරත්න නම් වූ මිනින්දෝරුවකු විසින් ඉදිරිපත් කරන ලද උක්ත මිල කියුමට අදාළ ගෙවීම් 2017 සැප්තැම්බර් 30 දිනැති විධායක කමිටුව විසින් අනුමත කර ඔක්තෝබර් 31 දින ගෙවා තිබිණි.
    අනතුරුව උක්ත ඉඩම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බදු දීම හේතුවෙන් තමාට එම ඉඩමෙන් ඉවත්වීමට සිදුව ඇති බවත් විකල්ප ස්ථානයක් මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 05ක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා උක්ත ඉඩමෙහි අංක 14/14 බිම් කොටසෙහි පදිංචිකරු වන බී. එච්. එම්. සිල්වා යන අය විසින් 2017 ඔක්තෝබර් 13 දින බෞද්ධ කටයුතු කොමසාරිස් අමතමින් ලිපියක් ඉදිරිපත් කර තිබිණි.
    මෙම විෂයගත ඉඩම ලබා ගැනීම වෙනුවෙන් නීතිඥ ගාස්තු, ප්‍රවාහන ගාස්තු සහ උපදේශන ගාස්තු වශයෙන් රු. 525,000ක මුදලක් 2017 නොවැම්බර් 01 දිනැති වවුචර් අංක 4331 සහ අංක 198263 දරන චෙක්පත මඟින් මාතලේ ප්‍රදේශයේ නීතිඥවරයකුට ගෙවා තිබිණි.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2017 දෙසැම්බර් 06 දිනැති විධායක කමිටු තීරණයට අනුව 2018 ජනවාරි 25 වැනි දින අංක 285275 දරන චෙක්පත මඟින් රු. 500,000ක මුදලක් වචුචර් අංක 370 මඟින් ඉහත සඳහන් ඉඩමේ පදිංචිකරුවකු ඉන් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගංගාරාම විහාරයේ භාරකාර ස්වාමීන් වහන්සේ වෙත ගෙවා ඇත.
    භාරකාර ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමකින් තොරව ගිවිසුම්ගත දිනයේ සිට මාස 22කට පසුව එනම් 2019 මාර්තු 11 දින අංක 530667 දරන චෙක්පත මඟින් වසර තුනකට (2017 අප්‍රේල් 20 සිට 2020 අප්‍රේල් 19 දක්වා) අදාළ බදු මුදල වූ රු. 750,000ක මුදලින් රඳවා ගැනීමේ බදු අඩු කිරීමෙන් පසු රු. 675,000ක් වටිනා චෙක්පත් ගංගාරාම විහාරය නමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එකවර ගෙවීම් කර තිබූ අතර ඒ සඳහා පාදක වූ තොරතුරු විගණනයට අනාවරණය වී නැත.
    නිරීක්ෂණ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවලිය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හා සාමාජික ක්‍රිකට් සමාජ සහ සංගම් වල යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධ කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි ජාතික සංවර්ධන කමිටුව විසින් සිදු කළ යුතු වුවද, එම කමිටුවලට පරිබාහිරව ජාතික ව්‍යාපෘති කමිටුව නමින් කමිටුවක් පිහිටුවා ක්‍රිකට් විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධ කටයුතු සිදු කර ඇති බව නීරීක්ෂණය වී ඇත. එලෙස ව්‍යවස්ථාවට පරිබාහිරව ක්‍රියාකරමින් ජාතික ව්‍යාපෘති කමිටුවක් ස්ථාපිත කිරීමට සහ ව්‍යවස්ථාවේ නිශ්චිතව දක්වා ඇති කමිටු මඟින් මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට නොහැකිවීමට හේතු විගණනයේදී තහවුරු වී නොමැත.
    එමෙන්ම ව්‍යවස්ථාවට පරිබාහිරව කටයුතු කරමින් ස්ථාපිත කළ ජාතික ව්‍යාපෘති කමිටුවේ කාර්යභාරය සහ ඉටුකළ හැකි ව්‍යාපෘති වටිනාකම් සහ සීමාව කුමක්ද යන්න තීරණය කර නොතිබූ බවද නිරීක්ෂණය වී ඇත.
    ක්‍රිකට් විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධව ඉඩම් බදු පදනම මත ලබා ගැනීමේ සිට බදු ගිවිසුම් සකස් කිරීම සඳහා නොතාරිස් සහාය ලබා ගැනීම දක්වා වූ සියලුම කටයුතු මෙම ජාතික ව්‍යාපෘති කමිටුවේ ලේකම් ලෙස කටයුතු කරන විධායක කමිටු සාමාජිකයා විසින්ම සිදු කිරීමෙන් ව්‍යාපෘතිය සම්බන්ධ වැඩ බෙදීමක් නොමැතිව ප්‍රමාණවත් විනිවිදභාවයකින්ද තොරව තනි පුද්ගලයකු විසින්ම සිදු කර ඇති බව නිරීක්ෂණය වී ඇත.
    උපාධි ප්‍රදානය කිරීමට අපේක්ෂිත ආයතනයක් විසින් අයදුම් පත්‍රයක් නිසි බලධරයා වන උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ යුතු වුවද 2019 ජුනි 30 වන විටත් ඉහත පරිදි අයදුම් පත්‍රයක් ඉදිරිපත් කර නොතිබිණි.
    ව්‍යාපෘතිය අදාළව සංකල්ප පත්‍රිකාවක් සැකසීම හැර මේ පිළිබඳව ශක්‍යතාව අධ්‍යයනයක් කර තිබූ බවට විගණනයට තහවුරු කර ගත නොහැකි වී ඇත.
    ක්‍රිකට් විශ්වවිද්‍යාලය ඉදිකිරීම වෙනුවෙන් ඇස්තමේන්තු ගත ප්‍රතිපාදනයන් අඩුවෙන් වියදම් කර ඇති බවට සහ ක්‍රියාකාරී සැලැස්මට අනුකූලව ක්‍රියාත්මක කර නොමැති බවට විගණනයේදී නිරීක්ෂණය වී ඇත.
    ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට අදාළ විධායක කමිටු අනුමැතියක් විගණනයට ඉදිරිපත් කර නොමැත.
    උක්ත ව්‍යාපෘතිය වෙනුවෙන් වෙනත් ඉඩමක් ලබාගැනීමට ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව දීර්ඝකාලීන බදු පදනම මත ලබාගත් පල්ලේකැලේ, දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණවල සහ ක්‍රිකට් ආයතනයට පූර්ණ අයිතිය ඇති සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඒ සඳහා ප්‍රමාණවත් ඉඩ ප්‍රමාණයක් නොමැති තහවුරු කර ගෙන ඇති බවද විගණනයේදී නිරීක්ෂණය වී නැත.
    ක්‍රිකට් විශ්වවිද්‍යාලය ඉදිකිරීමට අදාළ ඉඩමේ මැනුම් කටයුතු සිදු කරවා ගැනීමට මිනින්දෝරුවකු තෝරා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කර නොමැති අතර Lan Management Development Service (PVT) Ltd නම් වූ පෞද්ගලික ආයතනයක් විසින් මිනින්දෝරුවරයකු තෝරාගෙන තිබූ බවට ලිපිගොනු පරීක්ෂාවේදී තහවුරු වී ඇත.
    2017 දෙසැම්බර් 06 දිනැති විධායක කමිටුව ගත් තීරණය ප්‍රකාරව වැඩ බලන ලේකම්ගේ 2017 දෙසැම්බර් 29 දිනැති ලිපිය මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් කැම්පස් ව්‍යාපෘතියේ කළමනාකරු ලෙස Lan Management Development Service (PVT) Ltd ආයතනය පත් කර තිබූ බව විගණනයේදී නිරීක්ෂණය වූ අතර සඳහන් මානකවරයා පත් කිරීමට මාස 11කට පෙර ඔහු විසින් මැනුම්කිරීම සිදුකර පිඹුරුපතක් 2017 අප්‍රේල් 03 දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උක්ත ආයතනය හරහා ඉදිරිපත් කර තිබූ බව නිරීක්ෂණය වී ඇත.
    ඉඩම ලබා ගැනීම වෙනුවෙන් මල්වතු පාර්ශ්වයේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන් සඳහා රු. 25,000,000ක්ද, ගංගාරාම රජමහා විහාරය වෙත රු. 50,000,000ක් ලබා දීමට තීරණය කර තිබුණද ඉඩම ලබා දීම වෙනුවෙන් ස්තුතිකිරීම සඳහා මහනායක ස්වාමීන් වහන්සේ අමතන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ අංක SLC/PO/NP/KCC/L/17/02 සහ 2017 අප්‍රේල් 19 දිනැති ලිපිය මඟින් මල්වතු පාර්ශ්වය මඟින් දියත් කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් දෙනු ලබන රු. 25,000,000ක ආධාර මුදල පිළිබඳව පමණක් සඳහන් වීම විගණනයේදී මතභේදාත්මක වූ බවට වාර්තාවේ සඳහන්ව ඇත. තවද අදාළ ලිපියෙහි පිටපත් බෞද්ධ කටයුතු කොමසාරිස් මහනුවර වෙත යොමුකර ඇති බව එම ලිපියේ සඳහන් වුවද එම පිටපත් අදාළ ආයතනවලට ලැබී තිබුණු බවට සාක්ෂි විගණනයට ඉදිරිපත් නොවුණු අතර එකී ලිපිය අදාළ එම පාර්ශ්ව වෙත ලබාදුන් බවට ක්‍රිකට් ආයතනය විසින් තහවුරු කිරීමක්ද සිදු කර නැත. එමෙන්ම එම ආධාර මුදල ලබාදීමට ගත් තීරණය බදු දීමනාකරු වන ගංගාරාම රජමහා විහාරයේ භාරකාර ස්වාමීන් වහන්සේ වෙත දැනුම් නොදීමට හේතුවද විගණනයේදී අනාවරණය වී නැත.
    මේ සියලු තොරතුරු ඉතා විස්තරාත්මක විගණන වාර්තාවේ සඳහන්ව ඇති අතර ඒ සඳහා ක්‍රිකට් බලධාරීන් ලබාදුන් පිළිතුරුද එහි සඳහන්ව ඇත. එමෙන්ම ක්‍රිකට් විශ්වවිද්‍යාලය ඉදිකිරීමට සම්බන්ධ ගනුදෙනුවට අමතරව තවත් මහා පරිමාණ වංචා කිහිපයක් ගැනම තොරතුරු විගණන වාර්තාවෙන් හෙළිදරව් වී ඇත. ඒ සියලු තොරතුරු මේ ආකාරයෙන්ම ඔබ වෙත ගෙන ඒමට අපි සූදානම්ය.

විකාශන අයිතිය ලබා දීමේදී සිදුවූ දූෂණ ලබන සතියේ

SendShareShare
Previous Post

ස්විස් නිලධාරිනියගෙන් ප්‍රශ්න කළේ ‌මොනවාද?

Next Post

රට විනාශයට ඇදදැමූ පාලකයා

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.