• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

රජ්ජුරුවන්ට බලය ගන්න යාග හෝම කරපු විශ්ව ශක්තිය කෙලින්ම ලැබෙන අනුරාධපුරයේ රත්තරන් උයන

January 31, 2021
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
රජ්ජුරුවන්ට බලය ගන්න යාග හෝම කරපු විශ්ව ශක්තිය කෙලින්ම ලැබෙන අනුරාධපුරයේ රත්තරන් උයන
Share on WhatsAppShare on Facebook

විශ්වය සමඟ ගනුදෙනු කිරීමේ හැකියාවන් ගැන සොයා බැලීමේදී මෙරට ඉතිහාසයේ ජීවත් වූ හෙළයන් සතු අසීමිත බලය පිළිබඳව ඇති මතවාද හා ජනප්‍රවාද අමතක කළ නොහැකිය.

විවිධ යුගයන්ට සාපේක්‍ෂව ඉතා දීර්ඝ ඉතිහාසයකට මෙම කතාබහ පැතිර යන අතර, හෙළයේ විසූ විවිධ පාලකයන් සිය මානසික ශක්තිය වැඩිදියුණු කරමින් ඉතා සාර්ථකව විශ්වය සමඟ ගනුදෙනු කළ බවද ජනප්‍රවාදයේ සඳහන් වෙයි. එසේම රාවණ වැනි නරපතියන් සිය අසීමිත බලය යොදාගෙන දේශ දේශාන්තර තුළ සිය බලය විසිරුවා හැරි අයුරුද ජනප්‍රවාද අතර කදිමට සඳහන් වෙයි. සිය ගුප්ත හැකියාවන්ගෙන් සහ මානසික ශක්තියෙන් රාවණ රජු විශ්වයම පාලනය කළ බවද පැවසෙන අතර, මෙවැනි කාරණා සඳහා යොදා ගැනුණු විශේෂණ ස්ථානයන් ගැනද විවිධ කතාබස් ඇති වී තිබේ.

එවැනි කතාබහට ලක්වූ විශේෂ චක්‍රයක් පිළිබඳව පසුගිය කාලයේ වැඩි දෙනකුගේ අවධානය යොමුවිය.

සක්වල තරණයට පාර කැපූ තරු දොරටුව (Star Gate) – රන්මසු උයන

අනුරාධපුර ඉසුරුමුණිය අසල ඇති රන්මසු උයන නම් වූ මඟු‍ල් උයන් පරිශ්‍රයේ ඇති මෙය විවිධ ජ්‍යාමිතික හැඩතල, සත්ව රූප ආදියෙන් සමන්විත වූ චක්‍රයක් ලෙසින් දුටු පමණින් හඳුනාගත හැකි වුවද, මේ චක්‍රය පිළිබඳව මෙතෙක් ස්ථිර වූ තීරණයකට එළඹ නොමැත.
මේ චක්‍රය

  1. අතීත ලෝක සිතියමක් ලෙස,
  2. රජ දරුවන් මඟු‍ල් උයන පරිශ්‍රයේ සිදු කරන ලද තන්ත්‍ර, යාග හෝම පිළිබඳ සටහනක් ලෙස,
  3. මහායාන මන්ත්‍ර පඨනය හෝ භාවනා සඳහා උපයෝගී කරගත් සටහනක් ලෙස,
  4. සුවිශාල ඉංජිනේරු නිමැවුමක, වාරි කර්මාන්තයක සැලසුමක් ලෙස,
  5. මිනිස් මනසේ විශ්ලේෂණාත්මක සටහනක් ලෙස,
  6. අධි මානසික ශක්තියෙන් බාහිර විශ්වය සමඟ සන්නිවේදන කටයුතු කළ දොරටුවක් ලෙස,
  7. පිටසක්වල ජීවීන් හා සබඳතා පැවැත්වූ තරු දොරටුවක් (Star Gate) ලෙස,
    ආදී වූ නිර්වචන කිහිපයකින් අර්ථ නිරූපණය කර ඇත.

    සැබවින්ම මෙය කුමක්ද?
    පුරාවිද්‍යා හා ඉතිහාසඥයින්ගේ කාල ගණනයන්ට අනුව අනුරාධපුර රන්මසු උයන ඉදිකර ඇත්තේ ක්‍රි.පූ. 8 වන සියවසේදීය.

නමුත් මෙම ස්ථානයේ සක්වල චක්‍රයට ඉහළින් ඇති ගල් තලාවේ සිදුකරන කරන ලද නිරීක්ෂණයක් තුළින් හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ සෙනරත් දිසානායක මහතාට ‘පනති පනස’‍ ලෙසින් අක්ෂරයන්ගෙන් සමන්විත වූ ක්‍රි.පූ. 3 – ක්‍රි.පූ. 1 වන සියවසත් අතර කාලරාමුවකට අයත් සෙල්ලිපියක් සොයාගැනීමට හැකිව ඇත.

ඔහුගේ නිර්වචනයට අනුව,
පන – ප්‍රාණි
තිපනස – පනස් තුන (53)
ලෙසින් අරුත් ගැන්වෙයි.

මෙම චක්‍රයේ පිට රෝදයේ මත්සයන්, හක් බෙල්ලන්, කැස්බෑවන්, ඉබ්බන් , කකුලු‍වන්, මුහුදු අශ්වයා, මුහුදු සිංහයා, දිය කිඳුරියක් ආදී වූ ජලජ ජීවීන් 20 ක් ඒකදිශානතිව නිරූපණය කර ඇත.
අභ්‍යන්තරයේ සංකේත 33 කි.

ඒ අනුව ජීවීන්ගේ හා සංකේතයන්ගේ එකතුව 53 කට සමාන වේ.


එච්. සී. බෙල් මහතා විශ්ව චිත්‍රයක් ලෙසින් ද,

මෙම චක්‍රය හඳුන්වා ඇති අතර,

මෙහි ඉදිරිපසින් ආසන තුනක් සේ ගල් තලාවේ කොටා ඇති නිසා, භාවනා කිරීමට මෙම චක්‍රය උපයෝගි කරගත් බැව් පෙනේ.

මෙම සිතියමේ පිරමීඩයක සලකුණක් ඇති අතර මෙවැනි සිතියම් ලෝකෙන්ම හමුව ඇත්තේ ඊජිප්තුවේ හා පේරු රාජ්‍යයේ ස්ථාන දෙකකින් වේ. ඒ සෑම තරු සිතියම් හමුවූ තැනකින්ම වාගේ පිරමීඩ හමුව තිබේ.
මේ ආශ්‍රිතව සුවිසල් පිරමීඩයක් දැක ගැනීමට නොහැකි වුවත් කුඩා පිරමීඩයක සලකුණු අසල හමුවේ.

නූතනයේදී, වෙනත් චක්‍රාවාටයක ඇති සෞරග්‍රහ මණ්ඩලයක ඇති ග්‍රහලෝක කිහිපයක් කරා යා හැකි සිතියමක් ලෙසින්ද සලකන මෙය, පෘථිවියේ සිට පිටසක්වල යානාවක් ගමන් කළ යුතු මාර්ගය හා පිටසක්වල සිට නැවත පෘථිවිය කරා පැමිණීමේ මාර්ගය ලෙසින්ද මෙය නූතනයේදී අර්ථ දක්වා ඇත.

අනුරපුර ඉසුරුමුණිය අසල ඇති රන්මසු උයනෙහි පිහිටා ඇති මෙය අනාගතයේදී ලෝකයේම කතාබහට ලක්වනු නිසැකය.

SendShareShare
Previous Post

ඉන්නෙ සී වාට්ටුවේ: නිදාගන්නේ පැදුරේ: කන්නෙ කල්දේරම් බත: රන්ජන්ගේ අගුණකොළේ ජීවිතේ EXCLUSIVE

Next Post

එයාර්ටෙල් Google’s Business Messages සමඟ ඒකාබද්ධ වෙයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.