• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්නෙ සී වාට්ටුවේ: නිදාගන්නේ පැදුරේ: කන්නෙ කල්දේරම් බත: රන්ජන්ගේ අගුණකොළේ ජීවිතේ EXCLUSIVE

January 30, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
රන්ජන් පල්ලන්සේනෙන් අගුණුකොළපැලැස්සට අරන් යන වීඩියෝව එළියට (VIDEO)
Share on WhatsAppShare on Facebook

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ලක්ව සිව් වසරක් බරපතළ වැඩ ඇතිව හිරේට නියම වූ ජනප්‍රිය චිත්‍රපට නළු, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පල්ලන්සේන තරුණ සිරකරුවන්ගේ (විශෝධන) මධ්‍යස්ථානයේ නිරෝධායනය වීමෙන් අනතුරුව ඔහුගේ නවාතැන්පොළ බවට පත්වීමට නියමිතව තිබුණේ වැලිකඩ බන්ධනාගාරයයි. ඔහු වෙනුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ ‘වයි.ඕ.’ යනුවෙන් නම් කර ඇති සිරමැදිරිය පවා සූදානම් කර තිබුණි. එහෙත් ඉකුත් 26 වෙනිදා ඔහුව පල්ලන්සේනේ සිට රැගෙන යන්නේ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයටය. ඒ කල් තියා ඔහුව රඳවන වැලිකඩ බන්ධනාගාරයේ ස්ථානයන් ගැන ‘මව්රට’ කළ හෙළිදරව්වෙන් බලධාරීන් යම් කලබලයකට පත්වීමෙනි.

අධිකරණයෙන් සිර දඬුවමක් නියම වන සිරකරුවන් මුලින්ම රඳවා තැබෙන්නේ වැලිකඩය. මෙයට පෙර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට ලක්වූ ටෝනි එමානුවෙල්, එස්. බී. දිසානායක මෙන්ම, ඥානසාර හිමියන්ද රඳවා තැබුවේ වැලිකඩය. එසේම මරණීය දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වන සිරකරුවන්ද මුලින්ම රඳවා තැබෙන්නේ වැලිකඩ හිරගෙදරය. දෙවැනුවට වැලිකඩ සිට සිරකරුවන්ට මාරුවීමක් ලැබෙන්නේ නම් ඒ බෝගම්බර බන්ධනාගාරයටය. දැන් බෝගම්බර බන්ධනාගාරය වෙනුවට ඇත්තේ දුම්බර බන්ධනාගාරයයි. ඒ අනුව සිරකරුවන් යොමු කෙරෙන්නේ දුම්බර බන්ධනාගාරයටය. ඊළඟ ස්ථාන මාරුවීම සිරකරුවෙකුට ලැබෙන්නේ මහර බන්ධනාගාරයටය. සිරකරුවන් බන්ධනාගාරයකින් බන්ධනාගාරයකට මාරු කිරීමේදී අනුගමනය කළ යුතු මෙවන් ක්‍රියා පිළිවෙතත් පවතින්නේ අනාදිමත් කාලයක සිටය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රන්ජන් රාමනායකට ඉකුත් 12 වෙනිදා සිව් වසරකට බරපතළ වැඩ ඇතිව සිරදඬුවම් නියම කිරීමෙන් අනතුරුව බන්ධනාගාර බස් රථයකින් ඔහුව රැගෙන යන්නේද වැලිකඩටය. ඔහු හැඳ සිටි යුරෝපීය ඇඳුම වෙනුවට බන්ධනාගාරයේ සිරකරුවන්ගේ නිල ඇඳුම වන ජම්පරය ඔහුට අන්දවන්නේද වැලිකඩදීය. අනතුරුව ඔහුව එතැනින් රැගෙන යන්නේ නිරෝධායනය සඳහා පල්ලන්සේනටය. එහි සිට ඔහුව 26 වෙනිදා වෑන් රථයකින් රැගෙන යන්නේ අඟුණුකොළපැලැස්සටය.

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය අපේ රටේ බන්ධනාගාර පද්ධතියට අලු‍තින්ම එක්වූවෙකි. යුරෝපීය බන්ධනාගාරයක ආකෘතියට ඉදිකර ඇති එය සැළකෙන්නේ මෙරට ඇති සුපිරිම බන්ධනාගාරය ලෙසිනි. තංගල්ල බන්ධනාගාරය ඉවත්කර ඉඩ පහසුකම් ඇති බන්ධනාගාරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී ඉදිකිරීම් ආරම්භ කෙරුණු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය විවෘත වන්නේ 2017 වසරේ යහපාලන ආණ්ඩුව සමයේදීය. පිහිනුම් තටාක, කායවර්ධන මධ්‍යස්ථාන සහ අංග සම්පූර්ණ ක්‍රීඩා පිටියකින්ද පොහොසත් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සනීපාරක්ෂාවද සෙසු බන්ධනාගාර හා සාපේක්ෂව සැසඳීමේදී සුපිරිය. ඒවා තවමත් ජරාවාස වී නැත. අදටත් ඇත්තේ ගඳ නොගසන තත්වයේය. සිරමැදිරි පවා සෙසු බන්ධනාගාර තරම් අප්‍රසන්න වී නැත.

රන්ජන් රාමනායකට අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ මේ වන විට වෙන්ව ඇත්තේ ‘සී’ වාට්ටුවය. ‘කොවිඩ් 19’ වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ‘සී’ වාට්ටුව වෙන්ව ඇත්තේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට අලු‍තින් ඇතුලු‍ කරන සිරකරුවන් දින 14ක් නිරෝධායනය සඳහා රඳවා තබන්නටය. ඒ අනුව පල්ලන්සේනේ දින 14ක් නිරෝධායනය වූ රන්ජන්ට අගුණුකොලපැලැස්සේද තවත් දින 14ක් නිරෝධායනය වීමට සිදුවනු ඇත. එම වාට්ටුවේ ඔහු සිටින්නේ තනිවම නොවේ. විවිධ වැරැදි සම්බන්ධයෙන් අධිකරණයෙන් සිරදඬුවම් නියම වූ කිහිපදෙනෙක්ම රඳවා සිටිති. නිරෝධායන කාල සීමාව අවසන් වන තුරු එම වාට්ටුවෙන් පිටතට ගොස් සෙසු සිරකරුවන් හා මිශ්‍ර වීමට ඔවුන්ට අවසරය හිමි නොවීමද විශේෂත්වයකි. ආහාර පාන ලබා ගැනීමටද විශේෂ ක්‍රමවේදයක් ඒ අය වෙනුවෙන් සකස් කර ඇත්තේ ආරක්ෂාව මුල්කරගෙනය. එම වාට්ටුවේ රඳවා තැබෙන සිරකරුවන් වෙනුවෙන් වෙනම වැසිකිළි පහසුකම්ද සපයා ඇති බව සදහන්ය.

රන්ජන් රාමනායක සිරගතව මේ වන විට සති දෙකකට වැඩි කාලයක් ගතවී ඇතත් තවමත් ඔහුට සිරකරු අංකය නිකුත් කර නොමැත. එය ඔහුට ලැබෙන්නේ නිරෝධායනය අවසන් වීමෙන් අනතුරුවය. අගුණුකොලපැලැස්ස බන්ධනාගාර අධිකාරිවරයා විසින් රන්ජන් රාමනායක නම් වූ’සිරකරුවාව වැඩ පාටිවලට යොමුකෙරෙන්නේද ඉන් අනතුරුවය. සිරකරු අංකය නිකුත් කිරීමෙන් අනතුරුව අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය තුළදී පමණක් නොව, රන්ජන් රාමනායක සම්බන්ධයෙන් බන්ධනාගාරයෙන් කෙරෙන විමසීම් පවා සිදුවන්නේ සිරකරු අංකයෙනි.

රිමාන්ඩ් සිරකරුවන්ගේ දුක සැප සොයා බලා ඒ අයට අවශ්‍ය ආහාර පාන තුන් වේලටම ලබාදීමට හැකියාව ඇතත් දඬුවම් නියම වූ’සිරකරුවෙකුට ඒ වරප්‍රසාදය හිමි වන්නේ නැත. දඬුවම් නියමවූ’සිරකරුවෙකුගේ දුක සැප විමසීමට පවා ඔහුගේ පවුලේ ඥාතියෙකුට අවස්ථාව උදා වන්නේ මාසයකට වරක් පමණි. ඒ පැය භායකටය. ඊට අමතරව ඔහුට රසවත් ආහාර පාන ලබාදීමට හැකියාව ඇත්තේ නිදහස් දින සහ වෙනත් විශේෂ දිනයන්වලදී පමණි. ඒ අනුව සිරදඬුවම් නියම වූ’සිරකරුවන්ට සිදුවන්නේ බන්ධනාගාර කල්දේරම් බතේ රස වැඩි කාලයක් රස විඳින්නටය.

එහෙත් රන්ජන්ට එසේ කල්දේරම් බතේම රස බලමින් සිටින්නට සිදුවේවි දැයි කියන්නට බැරිය. අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට ගිය ඔහුව සිරකරුවන් පිළිගන්නේ උණුසුම් ලෙසිනි. සිරකරුවන් අතර ඔහුට ඇත්තේ ගෞරවයකි. දැනට ඔහුව රඳවා ඇති ‘සී’ වාට්ටුවේ පවා ඔහු සිටින්නේ රජෙක් ලෙසිනි. මුල් දිනය ඔහුට එම වාට්ටුව ආගන්තුක ස්ථානයක් වුවත් දෙවැනි දිනයේ සිට ඔහුට එය සිය නිවෙස බවට පත්ව ඇත. නිදා ගැනීමට ඔහුට ලැබී ඇත්තේ කොට්ටයක්, පැදුරක් සහ ඇතිරිල්ලක් පමණි. මෙට්ටයක් අවශ්‍ය නම් ඔහුට ඒ සඳහා ඉල්ලීමක්ද කළ හැකිය. මෙතෙක් ඔහු ඒ ඉල්ලීම කර නැත. ඔහුට ආවතේව කරන්නට පවා සිරකරුවන් සැදී පැහැදී සිටීමද විශේෂිතය. රන්ජන් උදේ – හවස ශරීර සුවතා ව්‍යායාමවලද නිරත වීම විශේෂිතය. එසේම ඔහු පොත්, පත්තරද කියවමින් කාලය ගතකරමින් සිටී. ඒ අතර ‘සී’ වාට්ටුවේ රඳවා සිටින සෙසු සිරකරුවන් රන්ජන් සමඟ අල්ලාප – සල්ලාපයේද නිරතවෙමින් සිටින්නේ සැලෝලොයිඩ් ලෝකයේ රසමුසු කථා අසමිනි.

රන්ජන් තවමත් සිටින්නේ නිරෝධායනයේය. දින 14කට පසුව ඔහුව සිරමැදිරියකට හෝ වාට්ටුවකට යොමු කරනු ඇත. වාට්ටුවක් යැයි බන්ධනාගාර භාෂාවෙන් කියන්නේ සිරකරුවන් රඳවා තැබෙන ශාලාවන්ටය. රන්ජන් ශාලාවක රඳවා තැබුවත්, සිරමැදිරියක රඳවා තැබුවත් දහවල් කාලයේදී ඔහුට සෙසු සිරකරුවන් සමඟ මුසු වීමට අවස්ථාව උදාවනු ඇත. ඒ අය අතර රන්ජන්ව සිය සිනමා වීරයා බවට පත්කරගත් සිරකරුවන්ද නැත්තේ නොවේ. එවැනි සිරකරුවන්ගෙන් රන්ජන්ට ලැබෙන පුද සත්කාර සහ සැලකිලි අඩුවක් නොමැතිව ලැබෙනු ඇත. හිරේට එන්නට පෙර ඔහු ගතකළ සුඛෝපභෝගී ජීවිතය හිරේ ඇතුළේත් ඔහුට ඒ අයගෙන් ලැබීමට ඇති ඉඩකඩ බොහෝය. ඒ දැනටමත් ඒ දේවල් ඔහුට ලැබෙන බැවිනි. කෝවිඩ් වසංගත තත්ත්වය පහව යාමෙන් පසුව ඔහුට කල්දේරම් බතේ රස වෙනුවට සිය සිනමා ලෝලී’සිරකරුවන්ගෙන් රස නහර පිනායන ආහාර පානද ලැබෙනු ඇත. එසේම ඔහුගේ දුක – සැප බලන්නට එන අමුත්තන්ගෙන්ද අඩුවක් නොවනු ඇත. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිරකරුවන් මුණගැසීමට සීමාවන් නොමැති බැවිනි. එස්. බී. දිසානායක මෙන්ම ඥානසාර හිමියන්ද සිරගෙදර රඳවා සිටි කාලය පුරාවටම දිනපතා මැති ඇමතිවරු ඒ අයගේ දුක-සැප විමසන්නට බන්ධනාගාරයට ගියෝය. ඒ අයට පැය භාගයේ සීමා නැත. ඇති තරම් කාලයක් සිරකරුවන් සමඟ ගතකරන්නට වරප්‍රසාද හිමිය. මේ දිනවල ඒ අවස්ථාව අහිමිව ඇත්තේ කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙනි. වසංගත තත්ත්වය පහව යාමත් සමඟ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය පිරෙනු ඇත්තේ රන්ජන්ගේ දුක සැප සොයා බලන්නට එහි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙනි.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

ජනපති නඩු ඉල්ලා අස්කර ගන්න කියයි

Next Post

රජ්ජුරුවන්ට බලය ගන්න යාග හෝම කරපු විශ්ව ශක්තිය කෙලින්ම ලැබෙන අනුරාධපුරයේ රත්තරන් උයන

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.