• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

යකඩ යකුන්ගේ භූත බංගලා

November 11, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
යකඩ යකුන්ගේ භූත බංගලා
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය නිල වශයෙන් ආරම්භ වී ඇත්තේ 1864 වසරේදීය. එතැන් පටන් මේ දක්වා දුම්රිය පැමිණි ගමන තුළින් සොයා ගත හැකි රස මුසු තැන් බොහෝය. රස මුසු තැන් පමණක් නොව විටෙක කිසිවකු විශ්වාස නොකරන අද්භූත සිදුවීම් රැසක්ද දුම්රිය වංශ කතාව සමඟ බද්ධ වී ඇත. විශේෂත්වය වනුයේ වසර සිය ගණනක් පුරා පවතින මේ අද්භූත විශ්වාසයන් වර්තමානයටද එකසේ වලංගු වීමය. එම අද්භූත අත්දැකීම්වලට මුහුණ දුන් දුම්රිය නිලධාරීන් බොහොමයක් අදද සොයා ගත හැකිය. ඔවුන් මුහුණදී ඇති ඇතැම් අත්දැකීම් විටෙක ඇඟ කිලිපොළා යන තරම් බියජනක ඒවාය.

මීරිගම දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටා ඇති දුම්රිය රියැදුරන්ගේ නේවාසිකාගාරය මේ අතරින් එක් ස්ථානයකි. අදටද රාත්‍රියේ නවාතැන් ගැනීමට දුම්රිය රියැදුරන් බොහෝ දෙනකු දක්වන්නේ මැළිකමකි. මීරිගම දුම්රිය රියැදුරු නවාතැන් පොළ භූත බංගලාවක් බවට පත් වූ දිනය පිළිබඳ පැහැදිලි සාක්ෂියක් නැතත් එය සිදුවී ඇත්තේ මීට දශක කිහිපයකට පෙර බවට සාක්ෂි ඇත. වාර්තා වන අන්දමට මීරිගම දුම්රිය නවාතැන්පොළ භූත බංගලාවක් බවට පත්ව ඇත්තේ දුම්රිය රියැදුරකුගේ දියණියක් එහි කාමරයක් තුළ ගෙල වැලලා ගෙන සියදිවි හානි කර ගැනීමෙන් පසුවය. මියගිය තරුණිය එතැන් පටන් කිහිප වතාවක් එකී කාමරය තුළ සැරිසරමින් දුම්රිය රියැදුරන් බියට පත් කර ඇත. ඔවුන් සියලුදෙනාම දැක ඇත්තේ ඇය කාමරය තුළ ගෙල වැලලාගෙන සිටින දර්ශනයය. එයින් බියට පත් වී අද වන තෙක් මීරිගම දුම්රිය රියැදුරු නේවාසිකාගාරය පැත්ත පළාතේ නොගිය රියැදුරන් කිහිප දෙනකුම ඇත. ඊට අමතරව ඒ ගැන අසා බියට පත් වී මීරිගම නවාතැන් ගැනීමට අකැමැති රියැදුරන් බොහෝ දෙනකුද ඇත. අකැමැත්තෙන් හෝ මීරිගම නවාතැන් ගත්තද ඒ කිසිවකු ඉහත කී කාමරයේ රාත්‍රිය ගත නොකරන නිසාවෙන් අදටද එම කාමරය අත්හැර දමා ඇත.

දුම්රිය සේවය හා සම්බන්ධ තවත් භූත බංගලාවක් පිහිටා තිබෙන්නේ ගෙලිඔය ප්‍රදේශයේය. ගෙලිඔය නේවාසිකාගාරය හොල්මන් බංගලාවක් වීමට නිශ්චිත හේතුවක් සොයා ගත නොහැකි වුවත් දුම්රිය රියැදුරන් බොහෝ දෙනකු පවසන්නේ අදටද ගෙලිඔය යනු නවාතැන් ගැනීමට සුදුසු ස්ථානයක් නොවන බවය. එහි රාත්‍රිය ගත කිරීමේදී අතිශය බිහිසුණු අත්දැකීම් විඳි දුම්රිය රියැදුරන් කිහිප දෙනකු පිළිබඳ තොරතුරු සොයා ගත හැකිය. ඒ හේතුවෙන් ගෙලිඔය නවාතැන් ගැනීමට සිදුවන දුම්රිය වාර මඟ හැරීමට ඇතැම් තරුණ රියැදුරන් පවා කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුදෙනා දන්නා කාරණයක් බවට පත්වී ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව සතු තවත් භූත බංගලාවක් පිහිටා ඇත්තේ ගල්ඔය දුම්රිය ස්ථානය ආසන්නයේය. ගල්ඔය දුම්රිය ස්ථානයට මඳක් එපිටින් පිහිටා ඇති මේ නේවාසිකාගාරයද වර්තමානය වන විට අත්හැර දමා ඇත. වල් බිහිවී වනගත ස්වරූපයක් හිමි මේ නේවාසිකාගාරය වර්තමානයේ නම් දුටු විටම සිතට බියක් ඇති කරන තත්ත්වයකට පත් වී ඇත. නමුත් අතීතයේ මේ නේවාසිකාගාරය භාවිතයෙන් ඉවත් වීමට හේතු වී ඇත්තේද ඒ තුළ ඇතිවූ යම් යම් තේරුම් ගත නොහැකි කාරණා බව සඳහන්ය. එහිදීද අද්භූතජනක අත්දැකීම්වලට මුහුණ දුන් දුම්රිය සේවකයන්ගේ තොරතුරු ගල්ඔයෙන් සොයා ගත හැකිය.

දුම්රිය දෙපාර්තමේන්තුව සතු භූත බංගලාවන්හි තත්ත්වය එසේ වෙද්දී දුම්රිය මඟ දිගේ දක්නට ඇති තවත් අද්භූත සිදුවීම් පිළිබඳ තොරතුරු රැසක්ද සොයා ගත හැකිය. ඒ අතරින් ප්‍රධාන සිදුවීම වාර්තා වන්නේ ශ්‍රී ලංකාවේ දුම්රියක් ගමන් කරන උසම ස්ථානයේදීය. ශ්‍රී ලංකාවේ දුම්රියක් ගමන් කරන උසම ස්ථානය (summit level) පිහිටා ඇත්තේ පට්ටිපොළ සහ ඔහිය දුම්රිය ස්ථානය අතරය. පට්ටිපොළ සිට ඔහිය දක්වාම දුම්රිය මඟ ගමන් කරන්නේ ජන ශුන්‍ය වනාන්තරයක් මැදිනි. දුටුවන්ගේ නෙත් සිත් පැහැර ගන්නා සුන්දර මේ ඉසව්ව දෙස් විදෙස් සංචාරකයන් අතරද අතිශය ජනප්‍රියය. නමුත් තවමත් දුම්රිය රියැදුරන් මේ අසලින් දුම්රිය ගෙන යන්නේ තිගැස්මෙනි. ඒ තිගැස්ම රාත්‍රී කාලයේදී වඩාත් වැඩි වන බව අප සමඟ පැවසුවේ දශක දෙක තුනකට වැඩි කාලයක් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කළ රියැදුරෙකි.

දුම්රිය මාර්ගයේ ඉහළම ස්ථානය අසලින් රාත්‍රී කාලයේ ගමන් කරන දුම්රිය ඉදිරියට සුදු පැහැති ගෝනකු පැනීම මේ අද්භූත සිදුවීමය. මේ අත්දැකීමට විශේෂයෙන් මුහුණ දෙන්නේ රාත්‍රී තැපැල් දුම්රියේ සේවයේ නියුතු රියැදුරු මහතුන්ය. මෙය දුම්රිය රියැදුරකු ජීවිත කාලය තුළ එක්වරක් මුහුණ දෙන සිදුවීමක් නොව කිහිප වරක් මුහුණ දෙන සිදුවීමක් බවට පත් වී ඇත. නමුත් දුම්රියේ ගැටුණු කිසිදු සතකුගේ ශරීරයක් සොයා ගැනීමට දුම්රිය කාර්ය මණ්ඩලය අසමත් වී ඇත. දුම්රියේ ගැටුණු සුදු ගෝනා සොයා ගැනීමට උත්සාහ කළ සියලු අවස්ථාවලදීද සිදුවී ඇත්තේ එකම දෙයමය. ඒ හේතුවෙන් වර්තමානය වන විට සුදුගෝනාගේ දර්ශනය සාමාන්‍ය දෙයක් සේ සැලකීමට දුම්රිය රියැදුරන් පුරුදු වී ඇත. කෙසේ නමුත් ඔහිය සහ පට්ටිපොළ අතර දුම්රිය මඟ පරීක්ෂා කිරීම සඳහා පා ගමනින් ගමන් කරන මාර්ග පරීක්ෂකයන් දෙදෙනකුද රාත්‍රී කාලයේ සේවයේ නියුක්තව සිට ඇත. දුම්රිය සේවයේ පැට්රෝල්මන්වරු ලෙස හඳුන්වන එම සේවක මහතුන් දෙදෙනාද රාත්‍රී කාලයේදී දෙවතාවක් එම ස්ථානයෙන් ගමන් කර තිබුණද ඒ කිසිවකු එම සුදුගෝනා දැක නොතිබීමද විශේෂත්වයකි.

ඔහිය සහ පට්ටිපොළ අතරදී දුම්රිය රියැදුරන් අද්භූත අත්දැකීමට මුහුණ දෙද්දී, කලින් සඳහන් කළ පැට්රෝල්මන්වරු අද්භූත අත්දැකීම් අත් විඳ ඇත්තේ ඔහිය සහ ඉදල්ගස්හින්න අතරදීය. දුම්රිය ස්ථාන දෙකක් අතර පිහිටා ඇති වැඩිම බිංගෙවල් ගණනද පිහිටි මෙම ඉසව්වේදී ඔවුන් විඳ ඇති අත්දැකීම් වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ ඒවාය. පරිසරය සුන්දර වුවද, දිවා කාලයටද ඉතා ගුප්ත ස්වභාවයක් නිතැතින්ම හිමි මේ ඉසව්වේ තම බිය දුරු කර ගැනීම සඳහා දුම්රිය සේවකයන් විසින් දේවාලයක්ද ඉදිකර ඇත. කෙසේ නමුත් දුම්රියේ ගමන් කරන සාමාන්‍ය පුද්ගලයකුට වුවද මේ දේවාලය දකින විටදී ඇති වන්නේ ගුප්ත බියමුසු ස්වභාවයකි.
දුම්රිය වංස කථාව හා සම්බන්ධ තවත් මෙවැනි රසවත් සිදුවීම් ගණනාවක් දුම්රිය නිලධාරීන් සමඟ කතාබහ කිරීමෙන් සොයා ගත හැකිය. ශ්‍රී ලංකාව තුළ දුම්රිය සමඟ බැඳුණු අපූරු උප සංස්කෘතියක් බිහි වීමටද මේ රසවත් කතන්දරද හේතු වී ඇති බවට සැකයක් නැත.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

දෙකක් නොපිහිටන ප්‍රබල යෝග

Next Post

මවක වූ ඕෂධී ගත්ත තීන්දුව

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.