• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මවක වූ ඕෂධී ගත්ත තීන්දුව

November 11, 2019
in Heart
Reading Time: 1 min read
A A
මවක වූ ඕෂධී ගත්ත තීන්දුව
Share on WhatsAppShare on Facebook

පසුගිය කාලසීමාව තුළ ජනප්‍රිය රංගන ශිල්පිනියන් රැසක් මව් පදවිය ලැබුවා. ඉතින් නව පරපුරේ දක්ෂ නිරූපණ ශිල්පිනියක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක් වුණු ඕෂධී හිමාෂා කියන්නේ ඒ සුන්දර අවස්ථාවට මුහුණ දුන් කෙනෙක්. මව් සෙනෙහස ගැන ඇයට දැනුණු විදිය ‘හාට්’ එකට හෙළි කළේ මේ විදියට.
ඕෂධීගේ ජීවිතයේ නැවත අලුත් පිටුවක් පෙරළුවා නේද? ඒ ගැන අපි මුලින් කතා කරමු?
මම දැන් අම්මා කෙනෙක්. පසුගිය මාසේ 11 වැනිදා තමා අපේ කැදැල්ලට කුමාරිකාවක් ආවේ. අපේ මුළු නිවෙසම කිරි සුවඳින් දෝර ගලනවා. එය මගේ ජීවිතයට අලුත් අත්දැකීමක්. අපි දෙන්නම ගොඩාක් සතුටින් තමයි ඉන්නේ.
හැබැයි ඔය සතුට අතර පුංචි දුකකුත් ඇති මනෝජ්ගේ?
ඔව්. මනෝජ්ට පොඩි දුකක් ඇති. මොකද එයාගේ ලොකු ආශාවක් තිබුණේ පුතෙක්ට. හැබැයි දැන්නම් දුව එක්කමයි. දැන් හිත වෙනස් වෙලා. මොන දේ වුණත් අපි දෙන්නාගේ දරුවානේ. කවුරු වුණත් කමක් නැහැ කියන අදහසින් මම හිටියේ.
ඕෂධී කාර්යබහුල රංගන ශිල්පිනියක්. ඉතින් දුවගේ වැඩකටයුතු නිර්මාණ නිසා මඟහැරෙනවා ඇති නේද?
අපිට හැමදාම දරු සුරතල් බලන්න බැහැ. ඉතින් මම මේ වෙලාවේ 100%ක්ම දුව වෙනුවෙන් තමයි කාලය ගත කරන්නේ. දවස ගෙවෙනවා තේරෙන්නෙම නැහැ. මුල් කාලෙදි බබාව වඩාගන්න පවා මට නුහුරු ගතියක් තිබුණේ. මගේ අම්මා ඇවිත් සතියක් විතර මට උදව් කළා. අම්මා හිටිය කාලෙ මම හැමදේම හුරුවුණා.
අම්මා දුවගේ හැඩ බලලා ඕෂධීගේ ළමා අවධිය ගැන කතා කරන්න ඇති?
ඇත්තටම අම්මා මට කියනවා ආදරය කළේ මේ විදියට. සැලකුවේ මේ විදියට. රැකබලා ගත්තේ මේ විදියට කියලා. එහෙම කියද්දි ඒ කාලේ ඒ හැඟීම් ටිකයි දැනුණේ. හැබැයි දැන් මම අම්මා කෙනෙක්. දැන් මට තේරෙනවා එදා මගේ අම්මා මම වෙනුවෙන් කළ කැපකිරීම කොයිතරම්ද කියලා. ඒ මව් සෙනෙහස ලබන්න අම්මා කෙනෙක් විය යුතුමයි.
ළඟදීම ඕෂධී මුහුණට මුහුණ හමුවෙනවා නේද?
‘ෆේස් ටු ෆේස්’ චිත්‍රපටය නොවැම්බර් මාසයේ තිරගත වෙනවා. එහි ප්‍රධාන චරිතයක් තමයි මම රඟපාන්නේ. මම හිතන විදියට අමායා චරිතය ප්‍රේක්ෂකයන්ට වෙනස්ම අත්දැකීමක් වෙයි කියලා මම හිතනවා. සමහරු මට අකැමැති වෙන්නත් පුළුවන් මගේ කපටි වැඩ නිසා.
ගොඩදෙනෙක් කියනවා මනෝජ් දක්ෂ නිරූපණ ශිල්පියෙක් කියලා. ඉදිරියේදීම දෙන්නට ආරාධනා ලැබෙයි රඟපාන්න?
ඔහු නිරූපණ ශිල්පියෙක් නෙමේ. ඔහුගේ බාහිර ස්වරූපය නිසා හිතාගෙන ඉන්නේ නිරූපණ ශිල්පියෙක් කියලා. ගුවන් නියමුවෙක් විදියට තමයි ඔහු කටයුතු කරන්නේ. ඔහු ක්ෂේත්‍රයට ගොඩාක් කැමැතියි. ඒත් ඔහුව ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න කාලය තමයි ප්‍රශ්නය.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

යකඩ යකුන්ගේ භූත බංගලා

Next Post

අන්තිම වතාවට ‌මෛත්‍රී අද කැබිනට්ටුවේ වාඩිවෙයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නව සර්වේයර් ජනරාල්වරිය ලෙස ඕ. ටී. එම්. අයි. තිලකරත්න පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.Sri...

Read more
බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.