• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මිනිසුන්ගෙන් යක්ෂයෝ බිහිවුණු මහා සාගතය

March 21, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
මිනිසුන්ගෙන්  යක්ෂයෝ  බිහිවුණු මහා සාගතය
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකීය රාජාවලිය තුළ “වට්ටගාමිණී අභය” හෙවත් “වළගම්බා” රජුගේ රාජ්‍ය සමය තුළ මෙරටට මුහුණ දීමට සිදු වූ අභියෝග රැසකි. ඒ අතරින් එවකට ප්‍රධානම අභියෝගය වූයේ එම රාජ්‍යය සමයේ මෙරට ඇති වූ මහා සාගතයයි. එය එවකට හඳුන්වා ඇත්තේ “බැමිණිතියා සාගතය” යනුවෙනි. සැබෑවටම එම මහා සාගතය කිසිදා නොවූ විරූ අන්දමින් වසර දොළහක පමණ කාලයක් පැවති බව ඉපැරණි වංශකතා සහ අටුවා ග්‍රන්ථවල සඳහන්ය. අදටත් ඒ සාගත තත්ත්වය හැඳින්වෙන්නේ එතෙක් මෙතෙක් අප ලෝකයේ සිදුවූ දරුණුතම සහ දීර්ඝතම සාගත තත්ත්වය ලෙසිනි. තවද ඇතැම් තැන්හි “බැමිණිතියා සාය” සහ “චණ්ඩාලතිස්ස භය” මෙන්ම “මහා භය” යනුවෙන්ද හඳුන්වා ඇත්තේද මෙම බැමිණිතියා සාගතයයි.

“බැමිණිතියා සාගතය” ලෙසට හඳුන්වනු ලබන මෙම මහා දුර්භික්ෂය ක්‍රි.පූ. 103 සිට 89 අතර කාලයේ ඇතිවූ බව පැහැදිලිය. ඊට හේතුව එය වළගම්බා රජ සමයයි. මෙම සාගතය ඇතිවීමට ප්‍රධානම හේතුවක් වූයේ දශකයකට වැඩි කලක් ශ්‍රී ලංකාවට බලපෑ යම් යම් ආක්‍රමණ හමුවේ මෙරට වාරි කර්මාන්තයේ සිදුවූ විනාශය සහ ඒවා අලුත්වැඩියා කිරීමට ඒ ආක්‍රමණ හමුවේ තිබූ නොහැකියාවයි. මේ අතර මෙම සාගත තත්ත්වයට හෙවත් දුර්භික්ෂයට බැමිණිතියා සාගතය යන නම ලැබී ඇත්තේ මේ සාගතය තිබූ කල ටීය, තීය සහ තිස්ස යන නම්වලින් හැඳින්වූ බ්‍රාහ්මණයාගේ මෙහෙයවීමෙන් මෙරට හටගත් කැරලිකාරී තත්ත්වය නිසාය. ඒ අනුව සාගතයේ නාමය පිළිවෙලින් බ්‍රාහ්මණ ටීය, බැමිණිටියා, බැමිණිතියා සාය වී අවසාන වශයෙන් බැමිණිතියා සාගතය විය.

මෙම බැමිණිතියා සාගත සමය මෙරට අඳුරුම කාලයක් විය. ඉතා තද නියඟය මෙන්ම දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් ඔවුන් යටත් කරගත් ප්‍රදේශවල තිබූ වැව් අමුණු අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම පැහැර හැරීම මුලින් කී ලෙසම ඊට බලපෑවේය. මෙම තත්ත්වය පහව යන්නේ ආක්‍රමණිකයින් පරදා නැවතත් වළගම්බා රජතුමා බලය අල්ලා ගැනීමෙනි. එලෙසින් නැවත බලය ලබාගැනීමත් සමඟ රජුතුමා කැඩී බිඳී විනාශ වී ගිය වැව් අමුණු සියල්ල යළි යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර තිබේ. ඒ හරහා බැමිණිතියා සාගතය නම් වූ මහා දුර්භික්ෂය පහව යාම ආරම්භ වූ බවත් එයින් වළගම්බා රජතුමා ශ්‍රේෂ්ඨ වීරවරයකු ලෙස එවකට සිටි ජනතාව වළගම්බා රජු ඇදහූ බවත් පැවසෙයි. මෙම දුර්භික්ෂය ගැන ශ්‍රී ලංකාවේ පැරණිම ශාස්ත්‍රීය ග්‍රන්ථය වන “සීහළවත්ථුප්පකරණය” නම් වූ ග්‍රන්ථයේ පවා සඳහන්ය.

වසර දොළහක පමණ කාලයක් වූ බැමිණිතියා සාගතය නිසා වැසි නොලැබීම මෙරටට තදින්ම බලපෑ අතර ඒ හරහා රටේ වගා කටයුතු අඩාළ විය. එනිසාම රට තුළ ආහාර නිෂ්පාදනය අවම විය.එමෙන්ම විවිධ වසංගත තත්ත්වයන් නිසා ලෙඩ රෝග බහුලව ව්‍යාප්ත විය. මෙම සාගතය හේතුවෙන් පීඩාවට පත් ජනයාගේ ශරීරයේ ලේ මස් නැති වී ඇට සහ සම පමණක් ඉතිරි වී කාන්තාවන් යකින්නන් ලෙසද පුරුෂයින් ප්‍රේතයින් පිසාචයින් ලෙසද පෙනුණු බව සඳහන්ය. තවද මෙම කී සාගතය නිසා මිය ගිය මිනිසුන්ගේ මළ සිරුරු තැන තැන විසිරී ගොස් පැවතීම මඟින් ඇතිවන දුර්ගන්ධය සහ පැතිරෙන විෂබීජ මත විවිධ වසංගත රෝග තව තවත් පැතිරෙන්නට විය. ඒ හරහා බොහෝ මිනිසුන්ට සිදුවූයේ මියයන්නටය.

බැමිණිතියා සාගත තත්ත්වය නිසාවෙන් රට තුළ සොර සතුරු බියද ඇති විය. ආහාරපාන නොමැති අය ආහාරපාන ඇති අයගේ ආහාර සොරකම් කළේය. බුදුදහමට අවශ්‍ය අනුග්‍රහය ලබාදීමට සාමාන්‍ය ජනයාට නොහැකි වීම නිසා බුදුදහමද විශාල පරිහානියකට ලක්විය. භික්ෂූන්ට අවශ්‍ය සිව්පසය පවා නොලැබී ගිය අතර ඒ හේතුවෙන් ඇතැම් භික්ෂූන් වහන්සේලා පැවිදි දිවිය අතහැර ගිය අතර තව පිරිසක් දඹකොළ පටුන වරායෙන් ඉන්දියාවට පලාගිය බව සඳහන්ය. එසේම තවත් භික්ෂුන් පිරිසක් දුර්භික්ෂයේ තිබූ කටුකත්වය විඳගනිමින් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට ත්‍රිපිටකය කටපාඩමින් පවත්වාගෙන යමින් මෙරටම වැඩ සිටි බවත් පැවසෙයි. අනුරාධපුරයේ විහාරාරාමවල විසූ බොහෝ භික්ෂුන් වහන්සේලා දිවයිනේ තිබූ කඳුකර ප්‍රදේශවලට පලාගිය අතර දුර්භික්ෂය නිමාවන තුරුම උන්වහන්සේලා ගස්වල කොළ මෙන්ම පොතු වළඳා තිබේ. එහෙත් මෙම සාගතය නිසා මෙරට සිටි සිල්වත් භික්ෂූන් වහන්සේලා විශාල වූ පිරිසක් අපවත් වූ බව විභංග අටුවාවේ සඳහන්ව තිබේ.

මෙම දුර්භික්ෂයේ උච්චතම වූ අවස්ථාව තුළදී කුසගින්න ඉවසාගත නොහැකි ඇතැම් මිනිසුන් තවත් මිනිසෙකු මරා අනුභව කරන තත්ත්වයකට පත් වූ බව පැවසෙයි. ඇතැම් භික්ෂූන් වහන්සේලාටද මෙවැනි වූ ව්‍යසනවලට භාජනය වෙන්නට සිදුවූ බව ප්‍රසිද්ධතම රහසකි. අභය නම් එක්තරා තෙරුන් වහන්සේ නමක් මරා කන්නට පැමිණි මිනී මස් අනුභව කරන මිනිසුන් කණ්ඩායමක් පිළිබඳව රසවාහිනියේ සඳහන්ය. සීහළවත්ථුවේද වත්තබ්බක නිරෝධ නම් වූ සාමණේරයන් වහන්සේගේ උපාධ්‍යායයන් වහන්සේ නමක් මිනී මස් කන්නවුන් විසින් එදා මරාගෙන අනුභව කළ ආකාරය සඳහන් කර තිබේ. ඒ අනුව බැමිණිතියා සාගතයේ වූ ප්‍රචණ්ඩ බවද මනාව පැහැදිලි වෙයි.

බැමිණිතියා සාගතය නිසා බුදු දහමට එල්ල වූ දුෂ්කරතාව නම් සුළුපටු නොවේ. එහෙත් එවකට සිටි ඇතැම් භික්ෂූන් වහන්සේලා එම දුෂ්කරතා හමුවේ බුදුදහම ආරක්ෂා කළ ආකාරය පැසසිය යුතුය. ඒ බව සමන්තපාසාදිකාව තුළඳ පැහැදිලිව සඳහන්ය. කෙසේ වුවද උන් වහන්සේලා කිසිම අවස්ථාවකදී බුදුදහම පරිහානියට පත්වීමට ඉඩක් තැබුවේම නැත. නිතරම උන්වහන්සේලා ධර්මය පරිහානියට පත්වීම වළක්වා ගැනීමට ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගත් බව සඳහන්ය. මෙම බැමිණිතියා සාගතය නිසාවෙන් මුඛ පරම්පරාගතව පවත්වාගෙන ආ බුදුදහමට බාධා ඇති වූ බව මහාවංශයේ දීපවංශයේ මෙන්ම අටුවා ග්‍රන්ථවලද සඳහන් වෙයි. එහෙත් බුදු සසුනේ අනාගත චිරස්තිථිය පිණිස එකී බාධාවන්ට මුහුණ දෙමින් ත්‍රිපිටක ධර්මය කටපාඩමින් ආරක්ෂා කර ගැනීමට භික්රෑෂූන් වහන්සේලා කටයුතු කළ ආකාරය එදා පාලි අට්ඨකතා තුළ සඳහන්ය. සැබෑවටම මෙම කී කාලපරිච්ඡේදය ලාංකීය ඉතිහාසයේ තීරණාත්මක කාල පරිච්ඡේදයක් විය.මන්ද එකල භික්ෂුන් වහන්සේලා සාගත තත්ත්වය මධ්‍යයේ වුවද අතිමහත් කැපකිරීමක් නොකළේ නම් බුදු සසුන මෙරටින් අභාවයට යෑමට පවා බොහෝ ඉඩකඩ තිබුණි.

රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරයට මරාගෙන මැරෙන බෝම්බකාරියන් පුහුණු කරපු කව්ද මේ ජමාත් ලොක්කා රෂීඩ්

Next Post

සුපිරි කෝටිපති ජයග්‍රාහකයන්ට අගමැතිතුමන් අතින් චෙක්පත්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.