සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෝටිපති කප්රුක,සංවර්ධන වාසනාව හා ශනිදා යන ලොතරැයිපත් හරහා බිහිවූ සුපිරි කෝටිපති ජයග්‍රාහකයින් පස් දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම 2021.03.12 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලදී.
එහිදී “කෝටිපති කප්රුක” 689 වන වාරයේ සුපිරි ජයමල්ල රු. 75,208,420ක මුදල දිනාගත් වංචාවල ප්‍රදේශයේ ආර්.එම්.ඒ.බණ්ඩාර මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කෙරුණි. එසේම “කෝටිපති කප්රුක” 687 වන වාරයේ සුපිරි ජයමල්ල රු. 80,903,270ක මුදල දිනාගත් පේරාදෙණිය ආර්.එම්.ඒ.එන්.විජේබණ්ඩාර මහතාටද අදාළ චෙක්පත ප්‍රදානය කෙරුණි.
තවද ශනිදා 3507 වන වාරයේ සුපිරි ජයමල්ල රු 42,416,959ක මුදල දිනාගත් ලුණුවිල ජී.පී.ඩී.ශාන්ති මහත්මියටද, ශනිදා 3543 වන වාරයේ රු.35,613,515ක මුදල දිනාගත් පුස්සැල්ලාව ප්‍රදේශයේ එම්.බද්මිණි මහත්මියටද එහිදී චෙක්පත ප්‍රදානය කෙරුණි.











