• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News

June 13, 2026
in Heart
Reading Time: 3 mins read
A A
උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපි කවුරුත් කැමැති, කාටවත් ඇණයක් නොවී පාඩුවේ ඉන්නයි. හැබැයි ඇණයක් වෙන අය කොයි වගේද කියන්න දන්නවනේ. එහෙම ඇණයකට කොටුවුණු ජනප්‍රිය රංගන ශිල්පිනියක වන උදේනි නදීකා පීරිස්ගේ දස්කම් ගැනයි ‘හාට්’ අපේ මේ කතාබහ.Sri Lanka Latest News

උදේනි ඇණයක්ද ඇත්තටම?
කවුද අනේ එහෙම කියන්නේ? මම පාඩුවේ හැමෝම සමග සුහදව ඉන්න කෙනෙක්. හැබැයි ගැහුවොත් ඔළුව පාත් කරන කෙනෙක් නම් නෙවෙයි. මම කිසිම කෙනකුට ඇණයක් වෙන්න කැමැති නැහැ. මම ගැන ඕනෑ තරම් විවේචන ඇති. මට මොන දේ කිව්වත් මම සියලු දෙනා සමග සුහදව කටයුතු කරනවා. මට එහෙම එක දිගට නිර්මාණවලට සම්බන්ධ වෙන්න වුවමනාවක් නැහැ. මට කිසිම කෙනෙක් කපාගෙන ඉදිරියට යන්න අදහසක් නැහැ. මම ළඟ ඉරිසියාවක් නැහැ. මේ ක්ෂේත්‍රයේ සදාකල් රැඳිලා ඉන්න අපි කාටවත් බැහැ. මගේ දක්ෂතාව උපරිම ඉදිරිපත් කරලා ප්‍රේක්ෂකයන්ට මතකයක් ඉතුරු කරමින් සතුටින් දවසක සමුගන්නවා.
එතකොට උදේනි කාටද මේ ඇණයක් වෙන්න යන්නේ?
තවම මම ඇණයක් වුණේ නැහැ. සමහර විට ලේලිට ඇණයක් වෙයිද දන්නේ නැහැ. මගේ පුතාට රඟපාන්නේ රොෂාන් පිලපිටිය. ලේලිය පියුමි බොතේජු. එකතු වෙන්න ‘බෝල්ට් ඇණය’ සමග. ලොකු වෙනසක් දැනෙයි මේ ටෙලිනාට්‍යය නරඹනකොට. ‘බෝල්ට් ඇණයක්’ ටෙලිනාට්‍යයේ මම රඟපාන්නේ ‘සුනීතා’ කියන චරිතය. රෙදි මහන, ධෛර්යවන්ත මවකගේ චරිතයක් තමයි මම රඟපාන්නේ.


මේ කාලවකවානුවේ ඔබේ රංගන ස්වභාවයේ වෙනසක් අපි දකිනවා?
ඔව්. මුල්ම කාලේ නම් එකම චරිතවලට තමයි මට කතා කළේ. ‘පබා’ ටෙලිනාට්‍යයේ රඟපාන කාලේ ‘මාර්තා’ චරිතයට ප්‍රේක්ෂක ප්‍රතිචාර හොඳට ලැබුණා. හොඳ නිර්මාණයක චරිතයක් හොඳට කළොත් කොටුවීමක් වෙනවා. හැබැයි හැම හැම චරිතයක්ම මම උපරිම කරනවා. ‘රන්තිලි වැව’ ටෙලිනාට්‍යයේ මැණිකේ චරිතය මම රඟපෑවා. මැණිකේ චරිතය හරහා මම නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණා. මැණිකේ චරිතය සඳහා මට ආරාධනා එන්නේ මගේ රූප ස්වභාවය සමග ඔසරිය ඇන්දම එන පෙනුම නිසා. මේ කාලේ නම් වෙනස් චරිත රඟපෑමට මට අවස්ථාව ලැබුණා. රංගන ශිල්පිනියක් වශයෙන් අපි කවුරුත් කැමැතියි වෙනසක් කරන්න. අඩු තරේම ඇඳුමෙන් පැලඳුමෙන් හරි වෙනසක් වෙනකොට චරිතය වුණත් වෙනස්ම හැඩයක් ගන්නවා. එහෙම වෙනසක් වෙනකොට චරිත වුණත් රඟපෑමට ලොකු ආශාවක් එනවා අලුත් රංග ස්වභාවයන් එකතු කරමින්.
ඒ වෙනස ළඟදිම අපට දැකගන්න ලැබේවි?
මේ මගේ හොඳම කාලයක් රංගනය පැත්තෙන්. පසුගිය දවස්වල ජී. නන්දසේනගේ ‘කිනිසි වත්ත’ ටෙලිනාට්‍යයේ වෙනස්ම චරිතයක් රඟපෑවා. එය පාතාල කතාවක්. මගේ සැමියා ලෙස රඟපාන්නේ ආනන්ද අතුකෝරල. මට හිතෙනවා ප්‍රේක්ෂකයන් මගේ ඒ චරිතය හරහා ලොකු වෙනසක් දකීවි කියලා. එකම විදියේ චරිත රඟපානකොට අපිට වුණත් යම් එපාවීමක් දැනෙනවා.
ඔය අතරේ උදේනි විලංගුවකුත් දැම්මා?
‘විලංගුව’ ගැන කතාකළ යුතුමයි. මට වුවමනා කළා කාලෙක ඉඳලා කාලීන මාතෘකාවක් මූලික කරගෙන නිර්මාණයක් කරන්න. සැමියන්ගේ මත්පැන් පානය නිසා ගැහැනියකට අත්වන ඉරණම මූලික කරගෙන තමයි මම මේ නිර්මාණය කරන්නේ. රටේ වෙසෙන සියලු කාන්තාවන් නැරැඹිය යුතු ටෙලිනාට්‍යයක් විදියට ‘විලංගු’ හඳුන්වා දෙන්න කැමැතියි. මම මීට පෙර ‘හීන හොයන විසේකාරියෝ’ වේදිකා නාට්‍යය ජනගත කළා. මේ නාට්‍ය දෙකම මගේ රචනයක්. ‘විලංගු’ වේදිකා නාට්‍යය තව මාස කිහිපයකින් දැකගන්න පුළුවන්. එය සමාජයට හොඳ ආදර්ශයක් දෙන නිර්මාණයක් වේවි.
ප්‍රේක්ෂකයන්ට වේදිකාව රසවිඳින්න අපහසු කාලයක් නේද මේ කාලවකවානුව?
ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තියෙනවා. රටේ ආර්ථික ප්‍රශ්න තියෙනවා. ප්‍රේක්ෂක ජනතාව ප්‍රශ්න ගොඩක ඉන්නේ. ඒත් වේදිකාවට ආදරය කරන පිරිසකුත් ඉන්නවා. මම පටන්ගත්ත වැඩේ කරන්න තමයි සැලසුම. මේ දිනවල ඒ වැඩකටයුතු සූදානම් කරමින් යනවා. විලංගු ඔබ ආදරය කරන තවත් නිර්මාණයක් වේවි.
අවුරුදු ගානක් රැකගත්ත නිර්මාණය වෙනුවෙන් කොහොමද සූදානම?
ඒක මම ලියපු ටෙලිනාට්‍ය පිටපතක්. මම එය රචනා කරලා අවුරුදු පහක් විතර වෙනවා. තවම ඒ වැඩකටයුතු වෙනුවෙන් සැලසුමක් කරගන්න බැරි වුණා. මොකද රූපවාහිනී නාලිකාවල තියෙන ප්‍රශ්න සමග ලොකු මුදලක් යටකරන්න අපහසු නිසා. එහෙම හිතලා ටෙලිනාට්‍ය විකාශය කරගන්න බැරි වුණොත් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ වගේම ක්ෂේත්‍රයේ අවුරුදු ගානක් වැඩකරලා නිකන් කලකිරීමක් ඇතිවෙයි. හරි ස්ථාවරයකට නාලිකාවකින් අවස්ථාව ලැබුණොත් ඒ වැඩකටයුතු ලස්සනට නිර්මාණය වෙයි. මම රඟපාපු ටෙලිනාට්‍ය දහයක් විතර තියෙනවා විකාශය කරගන්න බැරිව නිෂ්පාදකවරුන් අසරණ වෙලා.
කාලෙක ඉඳලා දැකපු සිහිනයක් ඔබේ සිනමාවේ දකිනවා?
‘වෙස්සන්තර’ චිත්‍රපටයේ මගේ චරිතය වෙස්සන්තරගේ මව. අවුරුදු පහක් විතර වෙනවා මම ඒ චිත්‍රපටයට සම්බන්ධ වෙලා. මේ දිනවල සිනමා ශාලා කිහිපයකම තිරගත වෙනවා. ආගම දහම අපේ සංස්කෘතිය ගැන ඉස්මතු වෙන විශිෂ්ට නිර්මාණයක් විදියට වෙස්සන්තර චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. කාලයක් ගෙවිලා හරි තිරගත වීම ගැන මම සතුටු වෙනවා. පාසල් දරුවන්ට අධ්‍යාපනය පැත්තෙන් නැරඹිය යුතුම චිත්‍රපටයක්. මොකද අපි කවුරුත් දන්න කතාවක් වෙස්සන්තර ජාතකය.
ඔබ රංගනයට වගේම ව්‍යාපාර පැත්තටත් නැඹුරුව වැඩ කරන කෙනෙක්?
රංගන ශිල්පිනියක් වෙලා මදි කියලා හිතලා තමයි මම මගේම දෙයක් කරන්න හිතුවේ. 2004 වර්ෂයේ තමයි මම ව්‍යාපාර පැත්තට යොමුවුණේ. විවිධ ව්‍යාපාර කළා මම. පස්සේ මම බතික් පිළිබඳ හැදෑරුවා. බතික් කියන්නේ කලාවක්. මමත් කලාකාරිනියක් නිසා ගහට පොත්ත වගේ එකට ගැළපුණා. ලිලිනා ක්ලෝතින් නමින් මගේ බතික් ව්‍යාපාරය මහරගම මේ වනවිට කරගෙන යනවා. ක්ෂේත්‍රයේ හිතවත් සියලු දෙනාගෙන් ඊට ලොකු සහායක් ලැබෙනවා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

සල්ලි එන පාරවල් එක පිට එක වැහෙන ඊසාන දිග…! මෙන්න කඩන්නේ නැතුව ගොඩයන සරල පිළියම්…! Sri Lanka Latest News

Next Post

අවුරදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මම කරපු එක වැඩක්වත් ෆේල් නැහැ…! වැඩ ඇතුළේ අපි ගහහන්නවා…! ඒත් තරහක් නැහැ…! චැනල් ගානක බෙල්ට් නැතිවෙද්දි මගේ හීනය මම අතහැරියේ නැහැ….! ලසිත කාරියවසම් I Sri Lanka Latest News
Heart

මම කරපු එක වැඩක්වත් ෆේල් නැහැ…! වැඩ ඇතුළේ අපි ගහහන්නවා…! ඒත් තරහක් නැහැ…! චැනල් ගානක බෙල්ට් නැතිවෙද්දි මගේ හීනය මම අතහැරියේ නැහැ….! ලසිත කාරියවසම් I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

Load More
Exclusive

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

2029 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බව එම පක්ෂ...

Read more
රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

පොදු අපේක්ෂකයෝ අතුරුදන් වෙයි! Sri Lanka Latest News

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.