ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව ‘කාටත් ගැළපෙන බැංකුව’ යන විරුදාවලිය යළිත් වරක් තහවුරු කරගනිමින් මෑතකදී පැවති BestWeb.lk 2020 සම්මාන උළෙලේදී සම්මාන 4කින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ LK Domain Registry මගිනි. පාරිභෝගික කේන්ද්‍රීයත්වය සහ ඩිජිටල් තාක්ෂණ භාවිතය අතින් විශිෂ්ටතම බැංකුව බවට පත්වීමේ ආයතනික ක්‍රමෝපාය මුල්කර ගනිමින් සිය වෙබ් අඩවියට එක්කරන ලද නවතම විශේෂාංග හේතුවෙන් DFCC බැංකුවට මෙහිදී ‘ජනප්‍රියම වෙබ් අඩවිය’ (ජයග්‍රහණය), ‘විශිෂ්ටතම දෙමළ භාෂා වෙබ් අඩවිය’ (ලෝකඩ සම්මාන), ‘විශිෂ්ටතම සිංහල වෙබ් අඩවිය’ (කුසලතා සම්මාන) සහ ‘විශිෂ්ටතම බැංකුකරණ වෙබ් අඩවිය’ (කුසලතා සම්මාන) යන කාණ්ඩ යටතේ සම්මාන හිමිවිය.
දිවයිනේ ප්‍රමුඛතම වෙබ් අඩවි සම්මාන උළෙල ලෙස සැලකෙන මෙම සම්මාන උළෙලේදී නිර්මාණශීලීත්වය, තාක්ෂණය අතින් උසස් බව සහ පහසුවෙන් භාවිතා කිරීමේ හැකියාව වැනි සාධක රාශියක් අනුව, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලකගේ තීරණ සහ ජනතා කැමැත්ත පදනම් කරගෙන ජයග්‍රාහකයන් තෝරාගැනේ. මෙම වසරේදී ‘ජනප්‍රියම බැංකු හා මූල්‍ය වෙබ් අඩවිය’ සම්මානයද දිනා ගනිමින් මෙවර සම්මාන උළෙලේ වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ වෙබ් අඩවිය බවට පත්වීමට DFCC චෙබ් අඩවිය සමත් විය.