• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

බොදු දනට සෙත සදන සෙත් පිරිත්

January 14, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
බොදු දනට සෙත සදන සෙත් පිරිත්
Share on WhatsAppShare on Facebook

පිරිත් කී සැණින් සෙත සදනු වස් බුදු රජාණන් වහන්සේ විසින් දෙසා වදාළ වූ සූත්‍ර පිටකයෙහි පවතින දෙසුම් සමුදායකි.
මෙය එක අතකින් චිරාගත ආගමික පුණ්‍යෝත්සවයක් ලෙසද සැලැකේ. සැබැවින්ම මෙය දීර්ඝ කාලීනව පවත්වාගෙන එනු ලබන සංස්කෘතික උත්සවයක් ලෙසද පිළිගැනේ.
එසේම පිරිත් සජ්ඣායනය ඈත අතීතයේ සිටම ශාන්ති කර්මයක් හැටියට ශ්‍රී ලාංකික බෞද්ධ ජන සමාජය තුළ මහඟු පිළිගැනීමටද ලක්ව තිබේ.

ජීවිතයේදී මුහුණ පෑමට සිදුවන දහසකුත් එකක් විපත්තිදායක තත්ත්වයන් හමුවේ ඒවායින් මිදීමට මෙන්ම, දුක්ඛදායකව ලෙඩ රෝග සෑදුණු විට එයින් මිදීමටද පවතින තත්ත්වය තුළ ජීවිතය තව තවත් යහපත් කර ගැනීමේ අරමුණ ඇතිව ශාන්තියක් උදාකර ගැනීම සඳහාද ඈත අතීතයේ සිටම පිරිත් දේශනා පවත්වා ඇති බව මොනවට පැහැදිලි වේ.

ශ්‍රී ලාංකික බෞද්ධයෝ ඈත අතීතයේ පටන්ම මිනිස් දිවියක ඇතිවන ශරීරාබාධයන් රෝගාබාධයන් මෙන්ම ජලයෙන් ගින්නෙන් පමණක් නොව සුළඟින් ඇති වන්නා වූ විපත්ති දායක තත්ත්වයන් සේම සෘතු විපර්යාස හේතු කොට ගෙන ඇතිවන්නා වූ විපත්තිදායක තත්ත්වයන් වළක්වා ගනු ලැබුවේද පිරිත්වල බලයෙනි. පිරිතේ ආරක්ෂාවෙනි.
පිරිත අර්ථ දක්වා ඇති අයුරුද මෙහිදී සලකා බැලීම වටී. “පරිස්මත්තතෝ තායතී රක්ඛතී පරිත්ත ”යනුවෙන් දෙසා වදාළා ඇති පිරිත අනුව “මිනිසා හාත්පසින්ම ආරක්ෂා කිරීම පිරිතයි” වදාරා ඇති සැටියෙන්ම මිනිසාට සියලු අංශයන්ගෙන් ආරක්ෂාවීමට ප්‍රබල පිටුබලයක් පිරිතෙන් ලැබෙන බව පැවැසේ.

එසේම අප මේ කතා කරන “පිරිත”ට ප්‍රාග් බෞද්ධ ඉතිහාසය තරම් ඈත අතීතයේ සිටම පැවැත ඇති බවට සාධක පවතින බවද පැවැසිය හැකිය. එපමණක් නොව අපගේ තථාගතයන් වහන්සේ බෝධි සත්ත්ව සමයේ “මෝර පිරිත” සජ්ඣායනය කොට ආරක්ෂාව සලසා ගනු ලැබූ බව මයුර ජාතකය තුළින් පැහැදිලි වෙයි.

එසේම එහි ප්‍රථම කොටසට සූර්ය වන්දනාව ඇතුළත්ව තිබූ බවත්, දෙවැනි කොටසට බුද්ධ වන්දනාව ඇතුළත්ව තිබූ බවත් අටුවා ග්‍රන්ථවල පැහැදිලිව දක්වා ඇත.
බුදුන් වහන්සේ ජීවමානව වැඩ වාසය කළ සමයේ ප්‍රථම වරට පූජා චාරිත්‍රවලින් සමන්විතව පරිත්‍රාණ ධර්ම දේශනයක් පවත්වා ඇති බව පෙනේ. මෙය විසාලා මහනුවරදී පවත්වා ඇත. එයට පාදක වී ඇත්තේ එවකට එහි ඇතිව තිබූ තුන්බිය දුරලීමටය. එදා බුදුන් වහන්සේ මහා සංඝයා වහන්සේලා පිරිවරා ගෙන විසාලා මහනුවර සැරිසරමින් ඇතිව තිබූ තුන්බිය දුරලනු වස් තිස්පැයක් පුරාවට රතන සූත්‍රය දේශනා කළහ.

මෙය බුදුන් වහන්සේගේම මැදිහත් වීමෙන් දේශනා කරනු ලැබූ “ප්‍රථම තිස්පෑ පිරිත” වශයෙන් බෞද්ධ ඉතිහාසයට එක්ව තිබේ.
ඒ අතර දීර්ඝායු කුමරුවන් පිළිබඳ පවතින කතා පුවතට අනුව ප්‍රථමවරට දේශනා කළ සති පිරිතක් ගැනද සඳහන් වේ. මෙයද ධම්මපදයේ කතාවේ මොනවට පැහැදිලි කර තිබේ. මෙම “සති පිරිත” දේශනා කරනු ලැබ ඇත්තේ දීර්ඝායු කුමරුවා ආරක්ෂා කොට ගෙන, කුමරුට ආයු සම්පත් සලසාදීමේ අරමුණ ඇතිවය. මෙම පිරිත් දෙසුමට මහා සංඝයා වහන්සේලා දොළොස් නමක් බැගින් සහභාගි වූ බවද පැවැසේ. මෙකී පිරිත් දෙසුම මුල් දින සවස් කල අරඹා එය අවසන් කර ඇත්තේ ඊට පසු දිනය.

අපගේ සිරි ලංකාදීපයේ පිරිත් දෙසුම ආරම්භ වී ඇත්තේ විජය කුමරුගේ ලංකා ගමනත් සමඟය. මහා වංශයේ සඳහන් වන ආකාරයට එදා බුදුන් වහන්සේ ලබාදෙනු ලැබූ උපදෙස් මත පිහිටා සක් දෙවිඳුන්ගේ ආරාධනයෙන් උපුල්වන් දෙවියන් පැවිදි වෙස් ගෙන අවුත් විජය කුමාරයා ලංකා ගමනට සූදානම් වූ අවස්ථාවේදී ඔහු ඇතු`ඵ පිරිසට පිරිත් පැන් ඉස අත්වල පිරිත් නූල්ද බැඳ ආරක්ෂාව සලසමින් ආශීර්වාද කර තිබේ.

එසේම දුටුගැමුණු රජුගේ රාජ්‍ය පාලන සමයෙහි පිරිත වෙනුවට ධර්මයම සජ්ඣායනය කරවා ඇති බව මහාවංශයෙහි සඳහන් වෙයි. තව දුරටත් එහි සඳහන් වන ආකාරයට රුවන්වැලි සෑයේ ධාතු නිධානෝත්සවයේදී ධර්ම සජ්ඣායනයක් සිදුකර ඇති අතර එය මෙහෙයවා ඇත්තේද දුටුගැමුණු මහ රජතුමාය.
තවද එක්තරා අවස්ථාවක දුටුගැමුණු මහ රජතුමා අසනීප වූ දිනයෙක මහා සංඝයා වහන්සේලා එක්ව අභිධර්ම පිටකයේ “චිත්ත යමකය” සජ්ඣායනය කර ඇති බව සුමංගල විලාසිනියෙහිද දැක්වේ.
“ධර්ම මෙපන සුත්තංක වත්තං නාම අත්ථි ජාතක වත්තං නාම අත්ථි ගාථා වත්තං නාම අත්ථි” යන වදන් වැලට අනුව, එදා අනුරාධපුර යුගයේදී ධර්ම දේශනා එක් ශෛලියකින්ද ජාතක දේශනා තවත් ශෛලියකින්ද ගාථා දේශනා තවත් ශෛලියකින්ද දේශනා කර ඇති බවද පැහැදිලි වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පිරිත් සජ්ඣායනයක් උත්සවාකාරයෙන් පවත්වා ඇත්තේ ක්‍රි.ව.362-409 කාලයේදීය. චූල වංශයේ සඳහන් කර ඇති අන්දමට එය සිදුව ඇත්තේ පළමුවන උපතිස්ස රජ සමයේය. එදා රට තුළ පැවැති දුර්භික්ෂය සන්සිඳුවනු වස් “ගංගා රෝහණ සූත්‍රය” හෙවත් රතන සූත්‍රය දේශනා කරන ලද බව පැවැසේ. මෙම රතන සූත්‍රයේ බලය කෙසේවීද යත් සූත්‍ර දේශනාව අවසන් වෙත්ම දුර්භික්ෂය නිම කරමින් රටට මහා වැසි ඇද වැටී තිබේ.
තවද හත්වැනි අග්බෝධි රජ දවසේදී එනම් ක්‍රි.ව. 658-674දී රට තුළ මතුව තිබූ දුර්භික්ෂය මෙන්ම පැතිර යමින් තිබූ වසංගත රෝගී තත්ත්වයෙන් රට මුදා ගැනීමට මහා දානමය පුණ්‍ය කර්මයක් පවත්වා, පිරිත් සජ්ජායනයක් සිදුකර තිබේ.

එසේම එදා ආනන්ද හිමියන්ගේ රුව නුවර වටා වැඩම කරවූ බවද එම පෙරහර අවසානයේ ත්‍රෛනිකායික සංඝයා වහන්සේලා ලවා මහා පිරිත් සජ්ඣායනයක් පැවැත්වූ බවද එසේ කළේ රට තුළ උග්‍රව පැවැති රෝග භය සහ දුර්භික්ෂය දුරුකරලීමට බවද එය සිදුකරනු ලැබුවේ පස්වැනි කාශ්‍යප රජතුමා බවද එය කළේ දහවැනි සියවසේ දී බවද මහාවංශයේ දැක්වේ.
තවද ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් ලෝවා මහා ප්‍රාසාදයෙහි පිරිත් දෙසුමක් පවත්වා අනුරාපුර රාජධානියේ වීදි සංචාරය කළ බවද හතරවැනි සේන රජ සමයේ සිදුකළ මෙම පුණ්‍යකර්මය කරන කොටගෙන මහා වැසි ඇතිවූ බවද වංශකතාවල පැහැදිලි කර ඇත්තේය.

ඒ අතර සත්වැනි මිහිඳු රජු සිය මිහින්තලා පුවරු ලිපිය මගින් භික්ෂුන් වහන්සේලා උදෑසන හීල වැළඳීමට පෙර “කරණීය මෙත්ත සූත්‍රය” සජ්ඣායනය කළ යුතු බව අවධාරණය කර තිබූ බවද කියැවේ.
එසේම අතීතයේ පිරිත් සජ්ඣායනය අංශ නවයකට බෙදා වෙන්කර තිබී ඇත.
එම අංශ නවය
සුත්තං – සූත්‍ර දේශනා,
ගෙය්‍යං – ගෘහ සූත්‍ර,
වෛය්‍යාකරණං – ගාථා නොවූ දේශනා,
උදානං – ප්‍රීති වාක්‍ය පවත්වමින් වදාළ දේශනා,
ඉතිවුත්තං – වුත්ත හෙතං යනාදී ලෙස වදාළ දේශනා,
ජාතකං – ජාතක දේශනා, අබ්භූතං
ධම්මං – ආශ්චර්යය එළවමින් වදාළ දේශනා,
වෙදල්ලං – සතුට ලබමින් වදාළ දේශනා,
ගාථාං – ගාථා පමණක්ම ඇති සූත්‍ර නම් වේ.

එදා මහා පරාක්‍රමබාහු රජතුමා පිරිත් සජ්ඣායනය සඳහාම “පංචසන්තනී” නමින් විශේෂිත මන්දිරයක් ඉදිකරන ලද බවද නිශ්ශංක මල්ල රජ සමයේදී ද පිරිත් සජ්ඣායනය සඳහා නිශ්ශංකලතා මණ්ඩපය නමින් අලංකෘත මන්දිරයක් ඉදිකරනු ලැබූ බවද චූලවංශයේ සඳහන් වේ. ඒ අනුව ඈත අතීතයේ සිටම පිරිත් සජ්ඣායනය කරවීම සඳහා සුවිශේෂී පිරිත් මණ්ඩප ඉදිකරවා ඇති බව මෙයින් මොනවට පැහැදිලි වෙයි.
නන්දන ශ්‍රී දොරකුඹුර

SendShareShare
Previous Post

මාර්තු 1 ආණ්ඩුව උපාධිධාරීන්ගෙන් වැඩ පටන් ගනී

Next Post

‘රැස්’ ගිය හැටි දන්නවද

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.