• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

‘රැස්’ ගිය හැටි දන්නවද

January 14, 2020
in Heart
Reading Time: 1 min read
A A
‘රැස්’ ගිය හැටි දන්නවද
Share on WhatsAppShare on Facebook

ජනවාරි 1 වැනිදා විකාශය වීමට නියමිතව තිබූ ‘රැස්’ ටෙලිනාට්‍ය හදිසියේම නතර කළේ ඇයි?
එයට ප්‍රධානම හේතුව තමයි යම්කිසි පුද්ගලයකු ‘රැස්’ ටෙලිනාට්‍යයේ විනාඩි 8ක පමණ කොටසක් අන්තර්ජාලයට මුදාහැර තිබීම. මේ ප්‍රශ්නය දුරදිග ගිය හේතුව නිසා තමයි ජනවාරි 1 දාට විකාශනය වීමට තිබුණු ‘රැස්’ නාට්‍ය විකාශය නොකරන්න තීරණය කළේ. ජනවාරි අට වැනිදා සිට නැවැත 8.30ට සිරස නාළිකාවේ රැස් විහිදෙනවා.
මේ කාගේ කීමට වුණා කියලද ඔබ හිතනනේ?
එය අපට තීරණාත්මකව කියන්න අපහසුයි. සිරස නාළිකාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය දැනටමත් එය පිළිබඳව පරීක්‍ෂණ පවත්වමින් යනවා. මේ සිදුවීමට සම්බන්ධ කිහිපදෙනකුගේ රාජකාරි කටයුතු තාවකාලිකව අත්හිටුවීමටත් කටයුතු කර තිබෙනවා
‘රැස්’ හරහා ඔබ සමාජගත කිරීමට උත්සාහ කළේ තවත් රැල්ලක්ද?
මට වුවමනා කළේ කවුරුත් කතා නොවුණු මාතෘකාවක් ගැන කතා කරන්න. දැන් පාසල් ඇඳුමින් සැරැසිලා පෙම් ජවනිකා කරන ටෙලිනාට්‍ය හැම තැනම දකින්න තිබෙනවා. ඉතින් මම ලබපු අත්දැකීම් සමඟ කාලයක් තිස්සේ මට හිතුණා නර්තන කලාව ගැන නිර්මාණයක් කරන්න. ඉතින් ‘රැස්’ හරහා ඉස්මතු වන්නේ පාරම්පරික නර්තන ශිල්පීන් දෙදෙනෙක් හා ඔවුන්ගේ දරුවන් අතර ඇති වන ආදර සම්බන්ධයක් හා ඒ තුළ ඇතිවන සිදුවීම් මාලාවක්. මම හිතනවා ටෙලිනාට්‍ය කලාවෙන් දුරස්වී ගිය බොහෝ ප්‍රේක්‍ෂක ප්‍රමාණයක් ‘රැස්’ හරහා නැවැත එකතුවෙයි කියලා මෙය වෙනස්ම වැඩක් නිසා.
සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍ය නිර්මාණ කළ ඔබ මෙවැනි නාට්‍යක් නිර්මාණයක් කිරීම ගැන කතා කළොත්?
සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍ය මට අභියෝගයක්. ඒ අභියෝගයම මම සාර්ථකව මුහුණ දී ඉහළ ප්‍රතිචාර මැද උසස් රසවින්දනයක් ප්‍රේක්‍ෂකයන්ට ලබා දුන්නා. ඒ මගේ පළමු ටෙලිනාට්‍ය. මම පළමුවෙන්ම ‘හිරු’ නාළිකාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට ස්තුතිය පුද කරනවා. මට ඒ අවස්ථාව ලබා දීම ගැන. ඉතින් මගේ හිතේ තිබුණා තාරුණ්‍යය වෙනුවෙන් දෙයක් කරන්න. බොලිවුඞ් ආකෘතිය සමාන නිර්මාණයක් කරන්න. ඒ ගත්ත උත්සාහයේ ප්‍රතිඵල තමයි ඔබ අද මේ දකින්නේ.
සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍යයේ ගෞතම චරිතය නිරූපණය කළ කැලුම් ශ්‍රී මෙයට තෝරා ගැනීම විශේෂ හේතුව?
ඔහු දක්‍ෂ නළුවෙක්. ඔහුගේ දක්‍ෂතාව එක කෝණයකින් මට කියන්න බැහැ. ගෞතම චරිතය වෙනුවෙන් සටන් කිරීමේ හැකියාව, අශ්වයන් පිටේ යෑමේ හැකියාව වගේම ප්‍රියමනාප පෙනුමක් මට වුවමනා කර තිබුණු නිසා ඔහුව තෝරා ගත්තා. ‘රැස්’ටෙලිනාට්‍ය තාරුණ්‍යයේ නර්තන කලාව ගැන කියැවෙන නිර්මාණයක්. ‘රැස්’ සඳහා දායක වුණු ශිල්පීන්ගේ සැඟවුණු දක්‍ෂතා මම එළියට ගත්තා කියලා කිව්වොත් හරි.
ඔබත් දන්න කරුණක් තමයි රංගන ශිල්පීන් තේරීමේදී රූපවාහිනි නාළිකාවට අවශ්‍ය පරිදි තමයි ශිල්පීන් තෝරගන්නේ. ‘රැස්’ ටෙලිනාට්‍යට මෙය බලපානවාද?
ඔය කාරණාව මමත් දන්නා කරුණක්. නමුත් මගේ කිසිම නිර්මාණයකට රූපවාහිනි නාළිකාවලින් බලපෑමක් එල්ලවූයේ නැහැ. ශිල්පීන් තේරීමේදී මේ නිර්මාණ සාර්ථක වීමට ප්‍රධානම හේතුව එයයි. අලුත්ම කතාවක් නිසා ඒ නිලධාරීන් දන්නේ නැහැ. මෙයට සුදුසු කවුද ඩාන්සින් කිරීමට දන්නේ කියලා. ඒ නිසා මට පූර්ව නිදහස ලබා දුන්නා නිර්මාණයට ගැළපෙන පරිදි ශිල්පීන් තෝරාගැනීමට.
පියුමි හංසමාලි නිරූපණ ක්‍ෂේත්‍රයේ ඉන්න දක්‍ෂ රංගන ශිල්පිනියක්. ඇයත් ටෙලිනාට්‍යයක සම්බන්ධ වන පළමු අවස්ථාව මෙය?
පියුමි හංසමාලි මේ ටෙලිනාට්‍යයේ මලිනා චරිතය නිරූපණය කරනවා. ඇය මම කරතිබෙන නිර්මාණ දැක තිබෙනවා. ඇය ගැන විවිධ අය විවිධ අදහස් ප්‍රකාශ කර තිබුණත් ඇය සමඟ වැඩ කරන්න පහසුයි. කලා ශිල්පිනියක් විදියට ඇය ඇයගේ චරිතය වෙනුවෙන් උපරිම කැපවුණු බව මට දන්නවා. ඒ විතරක් නෙවේ ඇයට මම මේ ටෙලි නාට්‍යයට ආරාධනා කළාට පසු ඇය දෙවරක් නොහිතා මගේ ආරාධනය පිළිගත්තා එය මට සතුටක්.
ඔබ දැන් රංග ශිල්ප ශාලිකාවකුත් ආරම්භ කර තිබෙනවා. ඉදිරියේදී නාටක රංගන ශිල්පීන්ට ලොකු පිටිවහලක් වෙයි?
මම මේ ක්‍ෂේත්‍රයට ආවේත් තිස්ස ගුණවර්ධන, යසපාලිත නානායක්කාර වගේ ප්‍රවීණ ශිල්පීන් යටතේ හැදෑරීමක් කරලා. අලුත් ළමයින් රඟපෑමට කාලයක් ගන්නවා. ඒත් ඔවුන්ට රඟපාන්න බැහැ.
මගේ මේ ප්‍රශ්නය මගේ නිර්මාණවල සම්බන්ධ කරගන්න සමහර අලුත් පිරිසක් මම දැක්කා. හැමෝටම රඟපාන්න බැහැ. ඒ නිසා කලාරෝ රංග පාසලක් මම ආරම්භ කළා. හැදෑරීමක්, දැනුමක් ඇතිව මේ ක්‍ෂේත්‍රයේ අලුත් පරපුරට ඉදිරියට යෑමට එය උදව් වේවි. මගේ නිර්මාණවලට විතරක් නෙවේ වෙනත් නිර්මාණකරුවන්ගේ නිර්මාණවලටත් හැදෑරීමක් ඇතිව යනකොට කිසිම කෙනෙක්ට ප්‍රශ්නයක් නැහැ. රඟපෑම ගැන හැදෑරීමට අවශ්‍ය අයට මම සමඟත් එකතුවෙලා වැඩ කරන්න පුළුවන්.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

බොදු දනට සෙත සදන සෙත් පිරිත්

Next Post

දරුවන් චණ්ඩි කරවන හතුරෝ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.