ලබන මාර්තු 1 දිනට ප්‍රථම සියලුම රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීමට ආණ්ඩුව තීන්දු කර ඇත.
මෙහිදී බාහිර/අභ්‍යන්තර හෝ වයස 35ට අඩු/35ට වැඩි හෝ දේශපාලන පක්ෂ බේදයකින් තොරව මෙසේ රැකියා ලබා දීමට සැලසුම් කොට ඇති බව දැනගන්නට තිබේ.
මීට අමතරව දැනට 373ක් වන ජාතික පාසල් සංඛ්‍යාව දින 90ක් ඇතුළත 500 දක්වා ඉහළ නැංවීමටත්, පොරොන්දු වූ පරිදි වසර 2ක් ඇතුළත එම ප්‍රමාණය 1000 දක්වා ඉහළ නැංවීමටක් ආණ්ඩුව තීන්දු කර ඇත.










