සුහද හදක් ඇති දේශීය බැංකුව සෙලාන් බැංකුව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය (SME) වෙනුවෙන් සංවිධානය කරනු ලබන වෙබ් සම්මන්ත්‍රණ (Webinar) මාලාවෙහි නවතම වැඩසටහන පසුගියදා පවත්වන ලදී. “කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා බදුකරණ ක්‍රියාවලිය හා කොවිඩ් 19 කාලසීමාව තුළ ලබාදුන් සහන” යන තේමාව යටතේ මෙම වෙබ් සම්මන්ත්‍රණය සංවිධානය කර තිබිණි. SME ක්ෂේත්‍රය පිළිබඳ සෑම විටම වැඩි අවධානයකින් කටයුතු කරන සෙලාන් බැංකුව, රටේ ආර්ථික ක්‍රියාවලියට එමගින් ලැබෙන සවිබලය පිළිබඳව ඉහළ තක්සේරුවක් ඇති බැංකුවකි. එම ක්ෂේත්‍රයෙහි නිරත ව්‍යාපාරිකයින්ගේ දැනුම වර්ධනය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන සෙලාන් බැංකුව නිරන්තරවම මෙවැනි වැඩසටහන් හරහා හොඳම විසඳුම් ලබාදීමට සැලකිලිමත් වේ.
ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් සමාගමේ බදු සේවා ජ්‍යෙෂ්ඨ උපදේශිකා හා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් දීපානි හේරත් මහත්මිය මෙම සම්මන්ත්‍රණය මෙහෙයවන ලදී. බදුගෙවීමට දායක වීමේ වැදගත්කම හා හිඟ බදු මුදල් පිළිබඳ තොරතුරු ලබාගැනීමට අදාළව SME ගනුදෙනුකරුවන් වෙත දැනුම ලබාදීම මෙම වෙබ් සම්මන්ත්‍රණය මගින් ඉලක්ක කර තිබිණි.